මහනුවර රාජධානිය ඇද වැටෙනා කාලය වනවිට හතර කෝරළය ලංකා රාජධානියෙහි වැදගත් අනුදිසාවක් වී තිබිණ. කැප්පෙටිපොල දිසාවගේ ජන්ම භූමිය වූ ගලබොඩ කෝරළයත්, පරණකුරු කෝරළයත්, ඉඳිගොඩ කෝරළයත්, බෙළිගල් කෝරළයත් ඈදාගනිමින් නිමැවෙන හතර කෝරළය වර්ග සැතපුම් තුන්සිය හැත්තෑවකින් පමණ සමන්විතය.
හතර කෝරළයේ මහදිසාව යුද මෙහෙයුම් නියමුවා වන්නට පමණක් නොව දළදා පෙරහර බඳු විශේෂ උත්සව මෙහෙයවන්නට තනතුරෙන්ම වරම් ලැබුවාහු වෙති. එපමණක් නොව ඉර හඳ මහ කොඩිය, ඩවුන්දය, පච්ච ලන්සය, කෙටේරිය හා රන් සවරම් බැඳි ලෝහිත කොඩිය දැරීමටද බලාධිකාරිය ලැබුවාහු වෙති.
එබඳු බලයක් දරා සිටි එවකට හතර කෝරළයේ මහදිසාව වූ මොල්ලිගොඩ, බ්‍රිතාන්‍ය ප්‍රතිපත්තීන්ට දැඩි ලෙංගතු කමක් පළකරසිටියේ, ඌවේ කැරැල්ලට සමගාමීව ඊට හතර කෝරළ වැසියන් පොළඹවා ගැනීමද සූක්ෂමව මැඩලීය.
1815 දී තම දිසාවට අයිති ඉර-හඳ කොඩියද සමගින්ම මොල්ලිගොඩ, නිවටව, නියාලුව බ්‍රිතාන්‍ය කඳවුර තුලටම ගොස් තම යටත් බව කියා පෑය!
ඉරේ මහිම හිරු මඬලේ - සිංහල මල් පිපීයන්
සඳේ මහිම සඳ මඬලේ - සිංහල මල් පිපීයන්
නිරතුරු මල් පිපීයන්....
නිරතුරු මල් පිපීයන් - නිවහල් මල් පිපීයන්
පොරණේ පිපි මල් සුවඳයි සුවඳයි සුවඳයි
තවමත් සුවඳයි..... තවමත් සුවඳයි
පොරණේ පිපි මල් සුවඳයි සුවඳයි සුවඳයි
රට වෙනුවෙන් දැය වෙනුවෙන් කළ පින් සුවඳයි
කළ පින් සුවඳයි....
ඉරේ මහිම ඉරු මඬලේ - සිංහල මල් පිපීයන්
සඳේ මහිම සඳ මඬලේ - සිංහල මල් පිපීයන්
නොපිපුණු මල් පිපීයන්.....
නොපිපුණු මල් පිපීයන් - නිවහල් මල් පිපීයන්...
දියත සුවඳ විහිදී යන සිංහල මල් පිපීයන්
සොඳුරු සුවඳ උතුරා යන සිංහල මල් පිපීයන්
තව තව මල් පිපීයන්....
තව තව මල් පිපීයන් - නිවහල් මල් පිපීයන්...
ආශ්‍රිත ග්‍රන්ථ
· Flag Tradition of Sri Lanka - Nimal De Silva
· කෑගලු වාර්ථාව - එච් සී පී බෙල්
Read More!