• අමුතු සිංදු...


සිංහල ගීතාවලියේ මා රස විඳි අමුතු ගී කිහිපයක්, මෙසේ සටහන් කිරීමට සිත් විය... සාමාන්‍ය රිද්මයන්ගෙන් බැහැරයමින් නිර්මාණය වී ඇති මේ ගී, කුඩා කල මාගේ සිතට ඉමහත් ආනන්දයක් හේතු ප්‍රත්‍ය රහිතවම, ජනනය කලේය... වචනාර්ථයන් හරි හැටි නොදන්නා ඒ කාලයේ, මගේ හිතට ඒවා එකතු කලේ, ඒවායේ තණු යැයි සිතමි... මෙහි ඇති සමහරක් ගී, අලුත් ඒවා වුවද සිංහල ගීයට එකතු කරන "අමුතු"රසය නම් චිරාත් කාලයක් පවතිනු ඇත... ඔබත් රස විඳින්න...

1. ඔහොයියා අවුල් නාද සපිරිවර්දනේ දින දින - රෝහන බැද්දගේ ගේ අපූරු නිර්මානයක්...

2. මාමිණි මාමිණි මා දෙය්යා - සිතක පිපුණු මල් චිත්‍රපටියට ශෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ සංගීතයෙන් ඔහුගේම සොයුරු විමල් ජේ සාගරයන් ගැයූ, වැදි ගී ආස්‍රයෙන් නිමැවුණක්

3. කහමළියේ අන්නර කහමලියේ - ලයනල් රංවලයන්ගේ ගීයකි... ජනගී ඇසුරෙන් නිමවුණු මනස්කාන්ත ගීයක්

4. තෙන් තෙදිනානේ - මරේ කවි නමින් ප්‍රචලිත කව් වලින් මධුර ජවනිකා නාටකය උදෙසා දයානන්ද ගුණවර්ධනයන් විසින් නිමැවූ ගීයකි....

5. බිංකුන්ඩෝ බොල ‍තෝත් නටාපිය - කමල් අතුකෝරාල නැමත්තෙක් ගායනා කරන මේ ගීය කුඩා කල මගේ මුවඟ ලෙලදුන්නෙකි....

6. බොන්දූරේ - සිංහල ගීයක් නොවූවද එකල සිංහල ගීත රසිකයන් අතර බොහෝ ප්‍රසිද්ධ වූ ගීයකි... මුල් ගායනය සුනිල් ශාන්තයන්ගෙනි... මේ ගායනය අයිවෝ ඩෙනිස් ගෙන්...

7. පුංචී නංගී දැන් තාත්තා අතේ - අහලම බලන්න...

8. තුරු වදුලු තුලේ - ජී එස් බී රාණී විසින් ගායනා කරන ලද අමුතුම තනුවකින් හෙබි ගීයකි

9. වීර මලේ රොන් ගෙනියන්නේ බමරා - ධීර තජානා යන හින්දි ගීයේ අනුවර්තනයකි...

10. පුන්‍ය වන්ත තුම් ලංකේන්ද්‍ර ස්වාමී - ශ්‍රී වික්‍රම නාට්‍යයේ ගීයකි... ගායනය වික්ටර් රත්නායකයන් විසින් ද ගයනු ලබයි...මේ ගායනය මිහිදු ප්‍රියංකරයන්ගෙනි...

11. දඬුබස්නාමානයේ තේමා ගීය - දලදා මැදුරේ රහසිගතව ගායනා කරන කෝල්මුර කවි ආස්‍රයෙන් නිමවූ තණුවකි... ජයන්ත චන්ද්‍රසිරියනට ඔවුන් විසින් සැබෑ කෝල්මුර කවි අසන්නට මෙයින් පසු ආරාධනාවක් කලබවද මම අසා ඇත... තණුව කේමදාස මාස්ටර් ගේය...

12. ඔයිරයිරේ ඔයිරාමා - ටී එම් ජයරත්නයන් විසින් ගායනා කරන මෙය හැබෑම කොල පෑගිල්ලකදී කරන්නාවූ ගායනයන්ට බෙහෙවින් සමානය... ශක්ති ගායක කණ්ඩායම විසින්ද මේ හා සමාන ගීයක් නිර්මාණය කොට ඇත...

13. දුදනොද තෙද බල - සුනිල් ශාන්තයන් විසින් ගායනා කල වස් කවියකි... ඔහුගේ අකල් මරණය සිදුවූයේ මෙය ගායනා කිරීමෙන් පසුවයැයි එකල රාවයක් තිබුණි....

Read More!

1 comment :

  1. Meke link eka wada karanne na.aluth link ekak denna
    nuwanmihiraj@gmail.com

    ReplyDelete

 
Blogger Wordpress Gadgets