රට වෙනුවෙන් දැය වෙනුවෙන් කළ පින් සුවඳයි..!

මහනුවර රාජධානිය ඇද වැටෙනා කාලය වනවිට හතර කෝරළය ලංකා රාජධානියෙහි වැදගත් අනුදිසාවක් වී තිබිණ. කැප්පෙටිපොල දිසාවගේ ජන්ම භූමිය වූ ගලබොඩ කෝරළයත්, පරණකුරු කෝරළයත්, ඉඳිගොඩ කෝරළයත්, බෙළිගල් කෝරළයත් ඈදාගනිමින් නිමැවෙන හතර කෝරළය වර්ග සැතපුම් තුන්සිය හැත්තෑවකින් පමණ සමන්විතය.

හතර කෝරළයේ මහදිසාව යුද මෙහෙයුම් නියමුවා වන්නට පමණක් නොව දළදා පෙරහර බඳු විශේෂ උත්සව මෙහෙයවන්නට තනතුරෙන්ම වරම් ලැබුවාහු වෙති. එපමණක් නොව ඉර හඳ මහ කොඩිය, ඩවුන්දය, පච්ච ලන්සය, කෙටේරිය හා රන් සවරම් බැඳි ලෝහිත කොඩිය දැරීමටද බලාධිකාරිය ලැබුවාහු වෙති.

එබඳු බලයක් දරා සිටි එවකට හතර කෝරළයේ මහදිසාව වූ මොල්ලිගොඩ, බ්‍රිතාන්‍ය ප්‍රතිපත්තීන්ට දැඩි ලෙංගතු කමක් පළකරසිටියේ, ඌවේ කැරැල්ලට සමගාමීව ඊට හතර කෝරළ වැසියන් පොළඹවා ගැනීමද සූක්ෂමව මැඩලීය.

1815 දී තම දිසාවට අයිති ඉර-හඳ කොඩියද සමගින්ම මොල්ලිගොඩ, නිවටව, නියාලුව බ්‍රිතාන්‍ය කඳවුර තුලටම ගොස් තම යටත් බව කියා පෑය!

ඉරේ මහිම හිරු මඬලේ - සිංහල මල් පිපීයන්
සඳේ මහිම සඳ මඬලේ - සිංහල මල් පිපීයන්
නිරතුරු මල් පිපීයන්....
නිරතුරු මල් පිපීයන් - නිවහල් මල් පිපීයන්

පොරණේ පිපි මල් සුවඳයි සුවඳයි සුවඳයි
තවමත් සුවඳයි..... තවමත් සුවඳයි
පොරණේ පිපි මල් සුවඳයි සුවඳයි සුවඳයි
රට වෙනුවෙන් දැය වෙනුවෙන් කළ පින් සුවඳයි
කළ පින් සුවඳයි....

ඉරේ මහිම ඉරු මඬලේ - සිංහල මල් පිපීයන්
සඳේ මහිම සඳ මඬලේ - සිංහල මල් පිපීයන්
නොපිපුණු මල් පිපීයන්.....
නොපිපුණු මල් පිපීයන් - නිවහල් මල් පිපීයන්...

දියත සුවඳ විහිදී යන සිංහල මල් පිපීයන්
සොඳුරු සුවඳ උතුරා යන සිංහල මල් පිපීයන්
තව තව මල් පිපීයන්....
තව තව මල් පිපීයන් - නිවහල් මල් පිපීයන්...





ආශ්‍රිත ග්‍රන්ථ
· Flag Tradition of Sri Lanka - Nimal De Silva
· කෑගලු වාර්ථාව - එච් සී පී බෙල්

26 comments :

  1. මට බොහොම කුතුහලයක් තියෙන මාතෘකාවක් තමා ඔය පැරණි පත්තු, කෝරළ සිස්ටම් එක.. සහ ඉංගිරිසින් ක්‍රමයෙන් මේ සිස්ටම් එක වෙනස් කරමින් දිස්ත්‍රික්ක හා පළාත් සිස්ටම් එකක් ගොඩනංවපු විදිය.. තිස්ස අයියා දන්නවද මේ ගැන සවිස්තරාත්මකව කියවන්ට තැනක් හෝ පොතක් ගැන එහෙම?

    ReplyDelete
    Replies
    1. රීසර්ච් ටොපික් දෙයියෙක් නෙවෑ... ;-)
      දන්නා හැටියට කෝරළය යටතේ පත්තුවත්, පත්තු යටතේ නින්දගම් (සන්නසකින් ම දුන්නම පරවේණි වේ), විහාරගම්, දේවාලගම් නෛතිකව ඇතිය කියා දනිමි.
      එතනින් එහාට සොයමු!

      Delete
    2. මමත් බලන් ඉන්නවා ඔන්න ඒ ගැන දැන ගන්න. ආගිය කතා ලියු හසිත යමක් නොදැන ඉන්න විදිහක් නැහැ

      Delete
    3. ප්‍රාජෝලා බුරාලාගෙන් වැඩ ගන්න ඕන ගොඩක් අපි
      මේ ලෝනා දේවරාජා ගැන කීමම වටිනවා
      ලඟ ඇති පොත් පත් කීපෙක මේ වාගේ ආශ්‍රිතයන් තිබේ
      ආනන්ද තිස්ස කුමාර ගේ සිංහල සන්නස් හා තුඩපත් [ඒකනම් ලඟ තිබේ] සහ ලක්දිව අක්තාණි ප්‍රධාන විධි
      ලෝනා දේවරාජා ගේ Land Grants Given by Kirthi Sri Rajasinghe to the Kandyan Nobility
      කෑගලු වාර්ථාව

      Delete
  2. රට වෙනුවෙන් දැය වෙනුවෙන් කළ පින් සුවඳයි... කළ පින් සුවඳයි...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කළ යුතු දෑ බොහොමයි.... යුතු දෑ බොහොමයි.... :-(

      Delete
  3. ජාතිවාදි සින්දුවක්! ;) හරි මිහිරි සංගීතෙ. මේ මොකක් හරි චිත්‍රපටියක ගීතයක්ද?

    ReplyDelete
    Replies
    1. සිත්තරේක නෙමේ
      මිහිරියි තමා
      සින්දුවක්
      :-)

      Delete
  4. ජාතිවාදී සින්දුවක් * 2 :) සිංහල මල් පිපියන් කියා යොදා ගැනීම හෙලා දකිමු. අනික අද දවසේ.. හැක්..

    තාම අහන්න බැරි උනා. කතාව හා පද ටික බැලුවම sarcastic ප්ලොට් එකක් වගේ.. මොනවා උනත් පද ටික නම් ලස්සනයි.. :)

    ReplyDelete
    Replies
    1. ඩෝල්ටන් මහත්තයගෙ නෙව
      උන්න්නැහැ [ඒ කාලෙම] සුරපුර වැඩියේ උන්නැහේගේ පිං මහිමෙට

      Delete
  5. හා හා කට කට...
    ඕවා මේ වෙලාවේ දාල සහජිවනේ අවුල් වෙයි...
    වෙන ජාතියක මලක් නම් කමක් නැහැ, පිපෙන්න කියන්නේ "සිංහල මල්" හොඳට හිටියි...

    ReplyDelete
    Replies
    1. :-) :-) :-)
      කොස්වතු කන්දේ රොසලින් නැන්දගෙ ඉහේ මලක් පිපිලා..!

      Delete
  6. //පච්ච ලන්සය // Green Lance? හතර කෝරලයේ? Lance කියන එක සිංහල භාෂාවට සෑහෙන කාලයකට ඉස්සර එන්න ඇති නේද? Latin ප්‍රභවයක් ඇති නිසා පෘතුගීසි කාලයේ වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. විකිපීඩියා බැලුවහම ප්‍රභවය අයිබේරියන් ( ස්පාඥ්ඥ හෝ පෘතුගීසි ) වගේ. පච්ච දකුණු ඉන්දියානු නේද?

      (මෙය සම්පූර්ණයෙන්ම මගේ භාෂා පිලිබඳ ඇති පිස්සුව මත ඇසූවකි. දේශපාලන, ජාතික , ආගමික හෝ ලෝකයේ රටවල් පිහිටීම මත ඇසූවක් නොවේ. මා කැමති විෂයයන් ගැන මට ඒ කිසිවක් ගැන සැලකීමක් නොමැත )

      Delete
    2. ඔය කියන ලන්සය හා යුරෝපීය නයිට්වරුන් ගේ ලන්සය අතර සම්බන්‍ධයක් නැහැ නේ ද? ඒ දෙක දෙකක්. පැරැණි සාහිත්‍යයේත් ලන්ස ගැන සඳහන් වෙනවා නේ ද? මට මතක නම් එහෙමයි...

      Delete
    3. I beg to differ Lord Bur,

      ලන්සයත් හෙල්ලක්, Lance ත් හෙල්ලක්. (තෝමරය කියනව මායා රංජන්)

      ඉන්දු ආර්යන් ප්‍රභවයක් ( a bit unlikely, don'y you think?) නිසා ඒ දෙක යුරෝපයේ හා ලංකාවේ වෙනස්ව ඇතිවුනා නොවේනම් පෘතුගීසීන් ගෙන් ආවයි කියල conjecture කරන්න තමයි වෙන්නෙ

      Delete
    4. green 'spear' කියල තමා ලන්සයට කියල තියෙන්නේ. කෙටි හෙල්ලයට, කෙටේරියට තමා 'javelin' නිමල් මහත්තය පාවිච්චි කරල තියෙන්නේ. කෙටේරියට ඉලුක්කොලේ කියලත් කියල තියනව.

      Delete
    5. හතර කෝරල් කවියෙ එන්නේ මෙහෙමයි
      "කොඩියකුත් රතු බැඳපු සවරන් සදන යුධයට පෙරමුණේ
      කොතවියත් සහ පච්චලංසේ දවුන්ඩේකුත් සමගිනේ
      කොඩියකුත් තව පිහිටි ඉරහඳ මාන පස මේ සමගිනේ
      මෙම සිරිත් ඇති සතර කෝරළෙ දිසාවේ යති පෙරමුණේ"

      Delete
    6. ඉලුක්කොලේ කියන්නෙ තෝමරයට කියලයි මෙන්න මෙතැන නම් සඳහන් වෙන්නෙ...

      ඉපැරණි සිංහල අවිආයුධ සහ සන්නාහ ක්‍රම

      Delete
    7. එතකොට ලන්සය වචනය ආවේ lance වලින් නෙමෙයිද?

      Delete
    8. මට ලන්සය හා කුන්තය පටලැවිලා ද මන්දා ප්‍රාජේ.. එහෙන් මෙහෙන් පරණ පොත් ටිකක් ඇදලා බැලුවා, පැරැණි සාහිත්‍යයේ ලන්ස ගැන කියැවෙන්නෙ නෑ, කුන්ත ගැන තමා කියැවෙන්නෙ..

      Delete
    9. එහෙමනම් ලන්සය lance වලින් එන්න ඇති නේද? කුන්තය mace ද?

      Delete
  7. මොල්ලිගොඩ සුද්දගේ කත් ඇදලා.ඉතින් රදළයොම ඔහොම කරනකොට "සිංහල මල්" පිපෙන්නේ කොහොමැයි ?

    ලස්සන සින්දුවක් තිස්ස අයියා .මේ හතර කොරළයේ කොඩියේ ඉන්න සතා මොකාද ?සිංහයෙක් නේද?

    ReplyDelete
  8. මේ පදවැල් ලියවිලා තියෙන්නේ සුද්දන්ගෙන් බැට කැම ගැන ඉස්මතු කරන්නත් පාවා දීම් ඉස්මතු කරන්නත් මට හිතෙන්නේ.

    "නිරතුරු මල් පිපීයන් - නිවහල් මල් පිපීයන්"

    මං හිතන්නේ ඒ කාලේ වෙන වෙන ජාතින් අතර මහ ලොකු ගැටුම් තිබුණේ නැනේ.. එක එක කාලේට ලියවෙන පද ඒ කාලේ පසුබිමත් එක්ක ගලපාගෙන භාවිතා කලාම ජාතිවාද ගැටලු පැන නඟින එකක් නැහැ මම හිතන්නේ... අදටත් මේ කියන "නිවහල් මල්" පිපෙනවද මන්දා...

    ReplyDelete
  9. පද රචකයා, ගායකයා,සංගීතවේදියාගේ නම් ද සඳහන් කරයි නම් සුදුසු බව සිතමි. ඔබට දීඝායු !

    ReplyDelete

 
Blogger Wordpress Gadgets