Showing posts with label අනුල බුලත්සිංහල. Show all posts
Showing posts with label අනුල බුලත්සිංහල. Show all posts

රසකාමිනියෝ....!

දෑතින් අල්ලාගෙන සිටි දියණියත් පුතනුවනුත් ඈ වම් පසට ගත්තේ වේගයෙන් විත් ලඟින්ම නැවතුණු වාහනයක් නිසාය...
-------------------------------------------------------
"හලෝ සචිත්‍රා....... ඔයා කොහෙද මෙහේ...?"
-------------------------------------------------------
මානව සම්පත් කළමණාකරණයේ  තම දක්ෂතා මැනවින් ප්‍රගුණ කර, අන්තර්ජාතික මට්ටමින්ම ඒවා තම ආදායමට සරිකරගත් සචිත්‍රාගේ සැමියා ඇයට හමුවන්නේ ඇය ගුරු විද්‍යාලයේ පුහුණුවන කාලයේදීය. ගුරුවිද්‍යාලය තම නිවස අසලම පිහිටි හෙයින් සචිත්‍රා ඒ දුර ගෙවා දැමුවේ පා ගමනිනි. මිහිකත නොනැලවූවද, මග මල් නොගැන්වූවද ඇගේ දිගූ කේෂ කල්‍යාණිය පිට මැද කෙළිදෙලෙන් කල් ගතකලේ ආයාචනත්මකවය. දිනක් සචිත්‍රා එසේ විද්‍යාලයට යන මග මෝටර් සයිකලයක ටයරයක් සිදුරුවී ඇගේ දෛවයත් කැටුව ඈ එන මග බලා සිටියේය.
------------------------------------------------------------------------------------------------------------
"කොච්චර කාලෙකින්ද මුණගැහුණෙ.... ඉතින් ඉතින් සචිත්‍රා කෙට්ටු වෙලා ටිකක්... කොණ්ඩෙට මොකද වුණේ... හරි ඔක්කොටම ඉස්සෙල්ල පොඩි දෙන්නටත් එක්ක බොන්න යමක් ගමු..."
------------------------------------------------------------------------------------------------------------
තම පළමු උසස්වීම සඳහා සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙනදා සුමිත් පාරට බැස්සේ වෙනදාටත් වඩා කලිනි. නුවුමණාදේම වන්නාසේම, ටයරය සිදුරුව ගියේ අලුත්වැඩියාව කරගත යුතු ස්ථානයට බොහෝ දුරිනි. දාඩිය මුගුරු දමමින් බයිසිකලය තල්ලු කල සුමිත් මදක් විඩාහරිනූ පිණිස නැවත්වූයේ ඒ අපුරු රුසිරිය නෙත ගැටිණි. මදක් ගෙල හරවා බැලු බැල්මෙන්ම ඔහු හද සිදුරුව ගියේ මුහුණ දුන් අබග්ගයද අමතකවය.
------------------------------------------------------------------------------------------------------------
"කොයි කාලෙද ලංකාවට ආවෙ...  ලොකු දුව හම්බවෙච්චි ගමං නේද ගියේ ඔයාලා...?"
------------------------------------------------------------------------------------------------------------
 "සියලු සතුට දෙන දෑ දිනක නිමවේ" යන්න සුමිත් අල්ලගෙන සිටියේ වැරදි අන්තයෙනි.  සචිත්‍රා තම මන තුටු කරනා විෂයක් නොවීම, සිඟිති පුතුගේ ආගමනයත් සමග තවත් සීග්‍රවනු සුමිත්ට ඉවසිය හැකි කාරණයක් නොවිණි. සිතෙහි සංහිඳියාව බිදීයාමට ඒ හැටි වෙලාවක් යන්නේ නැත.  සුමිත්‍ ව්‍යාපෘති සහායිකාවට ලංවන්නේ පිටතින් සතුට සෙවීමටය. තම සිත් ගත් මියුලැසිය හැරපියා ඒ කහ පැහැයෙන් යුතු ඡවී කල්‍යාණියට කිට්ටුවන්නේද තම ලෙයින් මසින් වැදූ දරුවන්ද අමතක කරලමිනි. කාලයේ අභියෝගයනට මුහුණ දුන්නද සචිත්‍රා පෙර මෙන්ම ප්‍රියමනාප ලෙසින් සිටින්නට උත්සාහ ගත්තද, සුමුදු සයනයන්හි සිනිදු ඇතිරිළිවලින් පලා ආ සිතුම් සියොතුන් ඈ පසුකර ඉගිලුණි.
-------------------------------------------------------------------------------------------------------------
"ඔයාගෙ හිත මෙච්චර හයියයි කියල ටියුෂන් යන කාලෙ මම නම් හීනෙකින්වත් හිතුවෙ නෑ...!"
------------------------------------------------------------------------------------------------------------
වනස්පතියක් බදා එහි වෙලී ඇති ලතාවෙක් මෙන් උන් සචිත්‍රා රූපාන්තරනය වුණාද, එසේ නැතිනම් කලාද යන්න හරි හැටි දන්නේ සුමිත්ම පමණකි. ඈ තිරණයක් ගත්තාය.
------------------------------------------------------------------------------------------------------------
"දැන් ඉතින් මේ කඩිමුඩියේ කොහෙද යන්නේ....."
------------------------------------------------------------------------------------------------------------
සුමිත් අහසින් පොළවට එනවිට පළිඟුව බිඳී තිබුණි. එහෙත් ඔහුට සචිත්‍රාගේ නවාතැන්පලෙහි තවමත් දොර විවෘතව ඇත. එහෙත් ඒ බදු ඔප්පුවකට යටත්ව ඉන්නා නිවැසියකුට හිමි වරප්‍රසාද මත පමණි. ඇගේ සිත එතරම්ම කාරුණික වීම ගැන දරුවන් දෙදෙනා මතු දිනකදී ඇයට බෙහෙවින්ම ස්තුතිවන්ත වනු ඇත.
------------------------------------------------------------------------------------------------------------
"හොඳයි හොඳයි එහෙමනම් යන්න... ගෙදර කට්ටියට කෑම ලෑස්ති කරන්නත් එපායෑ නේද?.... ඉස්සරනම් මෙහෙම යමක් බොන්න එන්න කියන්නවත් අපි බයයිනෙ.... ඔයා මෙහෙම කථා කල එක ගැන සතුටුයි... සුමිත්ව මතක් කලා කියන්න...!
--------------------------------------------------------------------------------------------------------------

  ඉද්ද මල් දෙනිය වත්තෙන් ඉද්ද මල් නෙලා
  පිච්ච මල් කඩා කන්දෙන් මාලයක් හදා
  හැන්දෑවේ මං එනකොට දූට ගේනවා
  ඉන්න නාඬලා එනකල් ඉන්න නාඬලා....

  පුංචි දුවේ බලන්න බිම් තඹුරු පිපීලා
  රූං කියනවා බඹරුන් රොනට ඇවිල්ලා
  පුංචි දූට අහන් ඉන්න සින්දු කියනවා
  පුංචි දූට අහන් ඉන්න සින්දු කියනවා....

  ආං ඉගිලුනා ඈතට කොණ්ඩ කුරුල්ලා
  පේර අත්ත උඩ ඉඳගෙන කොණ්ඩෙ බඳිනවා
  පුංචි දූට බලන් ඉන්න කොණ්ඩෙ බඳිනවා
  පුංචි දූට බලන් ඉන්න කොණ්ඩෙ බඳිනවා....

Read More!

කැන්දන් යන්නේ කවදද මා.....!

කථිකයා මැදි වියද පසු කල අයෙකි. දුඹුරු පැහැ ලියුම් කවර මිටිය තබා තිබූ ටීපෝව පසු කල ඔහු මනාල යුවල පසෙකින් සිට ගත්තේය. ආරිය ඇඳුමේ කර වාටියේ දෙපස දෑතින්  සීරුවට අතගෑවේ මහා බැ‍රැරුම් කථාවක් කීමටය...

ඔහු කථාව පටන් ගත්තේ මෙලෙසය...
"විගස වාහනයෙන් නිමූන් මු.... "
සභාව සිනාසුනි. මගේ ආච්චී කම්මුලේ අත තබාගත්තාය. එකල වයස අවුරුදු හයක් හෝ හතක් පමණ වූ මට ඒ කථාවෙන් මතක තිබෙන්නේ එපමණි.

දැරියක් කායිකව වැඩිවියට පත්වූ පසු සමවයස් පිරිමි ළමයෙකුට වඩා මානසිකව පරිණත බවක් දැක්වන බව මගේ අත්දැකීමය. දරුවන් තදබල ලෙස තමා සන්තකයේ තබා ගන්නා මැද පාන්තික පවුල් තුල අද දවසේ මෙසේ දැරියකට මනසින් මුහුකුරා යාමට ඉඩක් ලැබේදෝයි සැක සහිතය. පොදු ක්‍රියාකාරම් ඇත්තේද අඩු වැඩි ලෙස අදහස් වලින් සමාන වූ සමාජ ජාල තුලමය.

උත්සව සම්භාෂණ තවදුරටත් මිනිසුන් මුහුවීමේ අවස්ථා නොකිරීමට ඡායාරූප ශිල්පීනුත් සංගීත කණ්ඩායමුත් පැහැදිලි ලෙසම වගකීම භාරගෙන ඇත. අනෙක් පසින් බාල වයස්කාර විවාහයන් ගැනද බෙහෙවින් අසන්නට ලැබේ. එහි ඇත්තේ අර කථිකයා කී ලෙස "විගස වාහනයෙන් හනිමූන් යාමේ අවශ්‍යතාව පමණක්මද?

යුවතියක් විවාහයට පෙර බලාපොරොත්තු පුරවාගෙන සිටී...
ජාති කුළ මල කුමක් වුවද ඒ බලාපොරොත්තු ජීවිතයේ සොඳුරු පැත්ත හා බැඳී පවතී....

සුදු ඔසරිය ඇඳලා - සුදු මුතු පොට බැඳලා...
සුදු මල් පියවිල්ලේ සුදට සුදු - කවදද මා යන්නේ...

රෑ හීනෙන් දකිනා ඔබේ රුව - හදවත ඇඳගනිමි...
උදෑසනින් බි‍ඳෙනා සිහින ලොව - තනිවම ඉකිබිඳිමි....

රන් මිණි අබරණ හෝ පටසළු -  නැත මට දායාදේ...
කඳුලක රස දැනෙනා හදක් ඇත - වෙන්වූ නමින් ඔබේ...

අනුලා බුලත්සිංහල

එළෙසින්ම විවාභිමුඛ අප රට තරුණයාටද දැනෙනා වගකීම්ද සුළුවෙන් තැකිය හැකි නොවේ.
අවාසනාවකට ඒ ගැන කථා කරන්නෝද දුලබය. පැහැදිලි ජීවිකාවක් අරඹා නැති, අව්වට වැස්සට හෙවණක් දෙමාපියන්ගෙන් දායාද ලෙස නොලද තරුණයාට ඒ දෑ මහත්ම වූ පීඩනයකි.
ඒවා සම්පූර්ණ වනතෙක් සිටියහොත් ඔහුට තම සිත් ගත්තී හා එක් වන්නට මේ කපේදී බැරිවෙනු ඇත.
දෙමාපියන් තම වර්ථමානයද ඉවතදා දරුවන් වෙනුවෙන් උපයා තබන්ට වෙහෙසෙන්නේ මේ නිසාද?

රන්වන් රන් කෙත - සිපගෙන හමනා - පවන් පහස විඳලා
රන්වන් රන් - ආදර කඳු මුදුනේ - අළුත් ගෙයක් හදලා
කැන්දන් යන්නේ කවදද මා....

රන්වන් රන් හිරු - පායන දවසේ - ඉසිරු කුසුම් පිපිලා
රන්වන් රන් රත්තරන් ලඳේ පෙම් සිහින වැලක එතිලා
කැන්දන් යන්නට එන්නෙමි මා....

විහඟ තුඩක - සංගීතය මුමුණන - මතක ගීත අහලා
මියුරු කල්පනා - ලොවක් මවන්නෙමි - හිතක සුවඳ විඳලා
කැන්දන් යන්නේ කවදද මා

හිතක හැඟුම් පොදි - දෝතට අරගෙන - ඔබ දෑතේ තබලා
අලුත් බතක රස - විඳගන්නෙමි මම - ඔබේ අතින් උයලා
කැන්දන් යන්නට එන්නෙමි මා...
කැන්දන් යන්නේ කවදද මා....

අමරදේව - චන්ද්‍රිකා

විවාපත් යුවලට හතර වරිගයෙන් ලැබෙන පි‍ටුබලය කෙසේ වුවත් දේසනා නම් නිමක් නැතිය.
විටෙක දෙමාපියන් දරුවන් විවාපත් කරදී ඔවුනගේ ජීවිතය ඔවුනට ගෙනයන්නට ඉඩ දෙනවාට වඩා ඔවුනගේ ජීවිතද මෙහෙයවන්නට පටන් ගනී.
යෝධ ඇලේ බැස්ම සේ මේවා මුලදී පටන් ගන්නේ සුලුවෙන්ය: අවසන් වන්නේ නයගරා ඇල්ලෙනි.

අලුත ගෙනා මනමාලී - හරි ලස්සන හැඩ වැඩ ගම්බද කෙල්ලකි - 
අලුත ගෙනා මනමාලී....

නැන්ද මාම ගොඩක් - සතුටින් පිළිගත්තෙ - දෙපැත්තෙම  නෑ මිතුරන්
ප්‍රිය සම්භාෂණෙන් පසු - මංගල සබේ සිට - දැක්වූ කථාවලටත් සවන් දුනි - 
අලුත ගෙනා මනමාලී....

පුංචි මාම නැගී සිටිමින් - අවවාද ‍රැසක් දුනි - දේශණයෙන්
දරු මල්ලො - ගොඩක් ලැබෙවා නව යුවලට - කිව්වම කට කොණකින් සිනාසුනි - 
අලුත ගෙනා මනමාලී....

නෑසියන් පිටවූ - සැනෙකින්ම නැන්දම්ම ඇවිත් - ඉඳගත්තේ ලඟින්
දරු මල්ලෝ දෙකක් - හොඳටෝම අපිට ඇති - නේද දුවේ කියමින් වැලඳගති - 
අලුත ගෙනා මනමාලී...

රෝහණ බැද්දගේ - නීලා වික්‍රමසිංහ

බාල වයස්කාර නොවේනම්ද, විවාපත් වන්නට අදහසක් තිබේනම්ද එයට ඒ හැටි සුනංගු නොවීම කොයි දේටත් හොඳයැයි සිතේ.
සිතුවිලි සංකීර්ණ වී මිණුම් දඬු සංකීර්ණ වීම සහකරුවෙක් සහකාරියක් සොයාගැනීම, ‍තෝරාගැනීම අපහසු කරවන්නකි.
තරුණ කාලයේ හිතේ ඇතිවන ප්‍රේමණීය හැඟීම් ඒවාට සුදුසු කල්හීම දැරිය හැකි නම් මනාය.
කල් නොයවා ඔබ ගන්නා තීරණ නිසා තවෙකෙකුගේ හිත රිදිය හැක.
ඒත් මේ ඔබගේ  ජීවිතයයි...

කිරි පබළු ගෙල මුතු පලඳා - හෙට මම දීගෙක යනවා
ගමම සතු‍ටු වෙයි ඔබ පමණක් ඇයි - මා හා අමනාපෙන්

මල් වැට අද්දර පොකුණු ඉවුරු පිට - ගෙදරට නොපෙනෙන මානේ
සතර පෝය දින මහවැලි ගංතෙර - බොඳවී ගිය සඳපානේ
ලිපියක ලියැවුණු අකුරු කීපයක් - මැදි වී දු‍ටු පෙම් සීනේ
සිත් නෙත් අතරට හසුවී එළඹුණි - මේ අවසානේ

පළඟැටි රෑණක් අඬන විලාසෙන් - අඳුරට ඉඩදී ඇහැරී
වැඩි බර පැත්තට හිත හරවාගෙන ඉන්නට සිදුවිය ඉහිරී
හෙට පිය සැමියකු අතිනත ගන්නට - මොහොතක් එළඹෙයි මිහිරී
ඔබ සැනසෙව්වොත් ගමක් තරහවෙයි - අසරණනේ ඔබෙ සොඳුරී

රංජනී පෙරේරා
Read More!
 
Blogger Wordpress Gadgets