"අඩුක්කු ගන්න උන්නැහේ"ගෙන් පටන්ගෙන "ළමා බණ්ඩාර දෙයියන්"ගෙන් නිමවන "සිංහල දේව පුරාණය" කෘතියේ දෙවිවරුන් දෙසිය හතළිස් දෙදෙනෙකුගේ ලැයිස්තුවක් ඇත. කවුරු හෝ හිතවතකුගේ උදව්වක් ලැබ අපහසුවකින් ගොඩ ආ කල "අම්මප යකෝ උඹ නම් දෙයියෙක්" යනුවෙන් යක්ෂයාත් දෙවියාත් කළවමේ යොදාගෙන කෘතවේදීවීමට තරම් අප ජනයා නිර්මාණශීලීය.
මේ දෙවි දේවතා ලැයිස්තුවේ අපූරු නම් ඇති දෙවි දේවතාවුන් වෙති. "පට්ටියගෙදර කටුගහ බණ්ඩාර දෙයියෝ" (ඌව - කටුගහ), "බූතරුවන් බණ්ඩාර දෙයියෝ", "වතුරේගම දේවාලයේ රටගිය මුදියන්සේ" (දකුණ - වතුරේගම), "වැලිතර වැලිවත්තේ මුත්තා හාමුදුරුවෝ" (දකුණ - වැලිතර) හා "වඳුරු මා දේවී" එයින් කිහිප දෙනෙකි.
අදද 'වන සිවුපාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත' යන්න අවලංගු තර්කයක් නොවේ. යමෙක් දේවත්වයකට පත්වීමට අසමාන ගුණ බල තිබීමත්, ඒ ගුණ හා බල වලින් පිහිටක් ලබන පිරිසකුත්, ඒවා අගයන ජන සමූහයකුත් ඇවැසිය. සංකීර්ණ නොවූ සමාජ වටපිටාවක් තුල අර කී අසමාන ගුණ බල දේවත්වයකට නංවා සංස්කෘතියෙහි ඔබ්බවා තිබීම සම්බන්ධයෙන් අප පැරැණ්නන්ට ස්තුති පූර්වක විය යුතුය. කෘතවේදිත්වය නොපෙන්වන මිනිසුන් අප රටින් බැහැරව සිටිද්දීද මට කොතෙකුත් හමුවී ඇත. විටක් තැන්හී ඒ ඔවුනගේ අචාර ධර්ම පද්ධතිවල ඇති අඩුපාඩුවක්ම නොවූවද සංස්කෘතිකමය වශයෙන් ඇති වෙනස්කමකි.
මෙකි නොකී සියලු දෙවි දේවතාවන් අතර "විස්කම් දෙවියන්" ලෙසින් අප රට අද්‍යතනයේ වැඳුම් පිදුම් ලබන දෙවි කෙනෙක් ගැන දැනගන්නට අවස්ථා ලැබෙන්නේ අඩුවෙනි. හින්දු ආගමට
අනුව විශ්වකර්මයා සියලුම නිමැවුම් වලට අධිපතිය. එහෙමත් නැත්නම් මිනිසා
අතින් නිර්මාණය වන සියලු නිර්මාණයන්හි මූල බීජයය. ලෝකුරුවන්, වඩුවන්,
රන්කරුවන්, ගල් කැටයම් කරුවන් හා වාත්තු ශිල්පීන් විස්වකර්මයාගේ
දරුවන්ගෙන් මූලෝත්පාදවූ කර්මාන්ත ගුරුකුල යැයිද හින්දු සාහිත්‍යයේ වේ.
හස්තිනාපුර, ද්වාරක හා ඉන්ද්‍රප්‍රාසාද යන නගරද විශ්වකර්මයාගේ නිර්මාණයන්
බව කියැවේ. හින්දු දේව කථා, රාමයනය හා මහාභාරතය කෙසේ හෝ කෙළවරකින් සම්බන්ධ
කරගන්නා බැවින් ඒවායේ නොපැටලුනු තතු, ඒ පිළිබඳ වියත් විමැසුම් වල නියැලෙන
විද්‍යාර්ථීන්ගෙන්ම (සැබෑ වුවමනාවක් තිබේ නම්) අසා දැනගන්නවානම් යෙහෙකි.
අතීතයේ අප රටද නොයෙක් වර්ග වල ශිල්පීන් විසින් අනෙකුත් රටවලට නොදෙවෙනි අයුරින් නිර්මාණ කර ඇතද විශ්වකර්ම දෙවි වන්දනාවක් පෙනෙන්නට තිබී නැත. නිර්මාණකරණයේදී බාහු බලය හා මනැස් බලය සියලු දෙවිවරුන් අභිබවා යන්නෙකැයි අපේ යක් නෑයන් සිතුවාවත්ද? ආර්‍යයනට අනුග්‍රහ පෙන්වූ මහාවංශ කථාකරුවන් කියනා පරිදි එක් රජ කෙනෙක් "ඔබ මේ චෛත්‍යය ගොඩ නගන්නට යන්නේ කවර හැඩහුරු කමින්දැ" යි උළු වඩුවකු විචාල විට විශ්වකර්මයා උළුවඩුවාට ආවේශ වී ඉනික්බිති වඩුවා ජලය පිරවූ බඳුනක ජල තලයට අල්ලට ගත් ජලය ස්වල්පයකින් දමා ගැසූවිට පැණ නැගි දිය බුබුල රජුට පෙන්වා ඒ ආකාරයෙන් සදනා බව කීයේලු.
මෑත යුගවලදීත් දේවේන්ද්‍ර, සුරේන්ද්‍ර, ආදී වාසගම් වලින් හැඳින්වූ දක්ෂ නිමැවුම් ශිල්පීන් අප රට සිට ඇත. අප ලක ජල විදුලි බලයේ පියා යැයි හඳුන්වන කීර්තිමත් ඉංජිනේරුවරයකු වූ ඩී ජේ විමලසුරේන්ද්‍ර මහතාගේ පියාද අතිදක්ෂ කැටයම් කරුවෙක් බව කියැවේ. වරක් බ්‍රිතාන්‍ය රාජකීයකුගේ ලංකාගමනය සිහිවනු වස් එතුමා ඇත්දළින් කල නුපුබුදු පොල් මලක අනුරුවක් පරිත්‍යාග කර ඇත. රාජකීයයා ඉතා සතුටට පත්වූවිට ජේෂ්ඨ දේවසුරේන්ද්‍ර විසින්පුවක් පොල් මල පහලින් ඇති බොත්තමක් ඔබන ලෙස ඉල්ලා ඇත. එය එබූවිට පොල් මල දිගහැරී පීදුණු පොල් මලක් ලෙස දිස්වී ඇත. ඒ සියල්ල ඇත්දල වලින් නිමවා කැටයමින් අලංකාර කර තිබී ඇත.
ආනන්ද කුමාරස්වාමි මහතාද ඇම්බැක්කේ දේවසුරේන්ද්‍ර මුහන්දිරම් ලවා රූපාවලියේ දැක්වෙන විස්තරය අනුව අපූරු විස්කම් දෙවි රූපයක් අන්දවා ඇත.
රූපාවලි විස්තර අනුව ශ්ලෝකය මෙසේය:
"සින්‍දුුරම් පඤ්ච-වක්ත්‍රම්, දශ-භුජ-සහිතම්,
පුස්තකම්, ලේඛ්‍ය, ඛණ්ඩම්,
ඛට්වාඞගම්, බීජපුරම්, වර-මාථ කලශම්,
කුණ්ඩකම් අක්ෂමාලම්
නාගම් පශං වහන්තම්, වරද-භය හස්තම්,
පීත යජ්ඤො-පචිතම්
විජ්ඤොතජ්ඤාත-මුක්තිම්, සුදර්ශන මහා
විශ්වකර්‍මම් නමාමී"
එහි තෙරුමද මෙසේ දක්වා ඇත.
"තිලක පහකින් යුත් මුහුණක්ද, අත් දයක්ද ඇති පොතක්,
පන්හිඳක්, වෑයක්, සිදරන් ගෙඩියක්, පැන් කළයක්, හා
අක වැලක් ගෙන නාගයකු පලඳා තේජස,
පරෝපාකාරය දක්වන මුද්‍රා ඇති, රන් පූන නූලක් පැලඳ සිටින, ශෝභන, ශ්‍රේෂ්ඨ, කීර්තිමත්,
ප්‍රඥාවත් විශ්මකර්මයින්ට මම නමදිමි"
අද දවසේ වෛකල්පික සායනික ක්‍රමයක්යැයි සැලකෙන බලි ශාන්තිකර්ම වලදී රූප සෝභාවින් අග තැන්පත් විස්කම් බලිය අපට හමුවේ. හින්දු සාහිත්‍යයේ පද්මාසන මත වැඩසිටියද අප විස්කම් දෙවිඳුන් වැඩ සිටින්නේ දෙපයින් සිටගනිමිනි. භූ පද්මයට පසෙකින් වෘෂභයකු සිටියි [අනාගත නිමැවුම් කරුවන්ට නොකල යුත්තක් ගැන අනතුරු ඇඟවීමක් කලාදෝයි නොදනිමි!]. සියළුම බලි රූප අභිබවා අතිශයින් සෝබමානව හා සියුම්ව නිමවා, රූ කම් කල විස්කම් බලිය වියත් දොලහක් උසින් හා වියත් හතරක පළලින් යුක්තය.
බලි ශාන්තිකර්ම වලදී විස්කම් දෙවිඳුන් අගැයෙමින් ගැයෙනා ගීයක් මෙලෙසය.
සුරත පොත කඩු සමග පන්හිද - නෙළුම් කල තව කටුයුතේ...
වමත කලසද කෙන්ඩි ත්‍රිශුලවි - සමග පාෂාවකි අතේ...
නැවත අඹමින් අභය හස්තය - සියල් හරණින් සැදි ගතේ...
නගිත ගවයෙකු දේව විස්කම් - බලිය මේ ලෙස බබලතේ....
නොහැර
ගත ගුම්
පැහැය
බබලා
සුසැට භරණින් සැදෙමිනා...
පතර
භූ පද්මයක
පිට හිඳ
සැදී දෙව් විමනක යුතා...
නිතර
දඬු මඩු
කම්
ගෙවල් කර
එයින් පැමිණුන දොස එතා....
මෙවර
විස්කම්
දෙවිඳු
සිරි දී
රකිති නිතියෙන් සෙත් පතා.....
විවිධාකාරයේ කර්මාන්තවල, නිර්මාණකරණයේ, යෙදෙමින් දෑ දියුණුවට උරදෙන සියලු සොයුරු සොයුරියනට විස්කම් දෙවිඳුගේ බැල්මාරක්ෂාව ලැබේවායි පතමි!
ඇසුරුකලා:
• සිංහල දේව පුරාණය - කේ එන් ඕ ධර්මදාස / එච් එම් එස් තුන්දෙනිය - රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව
• මධ්‍යකාලීන සිංහල කලා - ආනන්ද කුමාරස්වාමි - ජාතික කෞතුකුකාගාර දෙපාර්තමේන්තුව
• බලි යාගය - විනි විතාරණ - ජාතික අධ්‍යාපන ආයතනය
Read More!
මේ දෙවි දේවතා ලැයිස්තුවේ අපූරු නම් ඇති දෙවි දේවතාවුන් වෙති. "පට්ටියගෙදර කටුගහ බණ්ඩාර දෙයියෝ" (ඌව - කටුගහ), "බූතරුවන් බණ්ඩාර දෙයියෝ", "වතුරේගම දේවාලයේ රටගිය මුදියන්සේ" (දකුණ - වතුරේගම), "වැලිතර වැලිවත්තේ මුත්තා හාමුදුරුවෝ" (දකුණ - වැලිතර) හා "වඳුරු මා දේවී" එයින් කිහිප දෙනෙකි.
අදද 'වන සිවුපාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත' යන්න අවලංගු තර්කයක් නොවේ. යමෙක් දේවත්වයකට පත්වීමට අසමාන ගුණ බල තිබීමත්, ඒ ගුණ හා බල වලින් පිහිටක් ලබන පිරිසකුත්, ඒවා අගයන ජන සමූහයකුත් ඇවැසිය. සංකීර්ණ නොවූ සමාජ වටපිටාවක් තුල අර කී අසමාන ගුණ බල දේවත්වයකට නංවා සංස්කෘතියෙහි ඔබ්බවා තිබීම සම්බන්ධයෙන් අප පැරැණ්නන්ට ස්තුති පූර්වක විය යුතුය. කෘතවේදිත්වය නොපෙන්වන මිනිසුන් අප රටින් බැහැරව සිටිද්දීද මට කොතෙකුත් හමුවී ඇත. විටක් තැන්හී ඒ ඔවුනගේ අචාර ධර්ම පද්ධතිවල ඇති අඩුපාඩුවක්ම නොවූවද සංස්කෘතිකමය වශයෙන් ඇති වෙනස්කමකි.
![]() |
හින්දු ආගමික විශ්වකර්මයා |
අතීතයේ අප රටද නොයෙක් වර්ග වල ශිල්පීන් විසින් අනෙකුත් රටවලට නොදෙවෙනි අයුරින් නිර්මාණ කර ඇතද විශ්වකර්ම දෙවි වන්දනාවක් පෙනෙන්නට තිබී නැත. නිර්මාණකරණයේදී බාහු බලය හා මනැස් බලය සියලු දෙවිවරුන් අභිබවා යන්නෙකැයි අපේ යක් නෑයන් සිතුවාවත්ද? ආර්‍යයනට අනුග්‍රහ පෙන්වූ මහාවංශ කථාකරුවන් කියනා පරිදි එක් රජ කෙනෙක් "ඔබ මේ චෛත්‍යය ගොඩ නගන්නට යන්නේ කවර හැඩහුරු කමින්දැ" යි උළු වඩුවකු විචාල විට විශ්වකර්මයා උළුවඩුවාට ආවේශ වී ඉනික්බිති වඩුවා ජලය පිරවූ බඳුනක ජල තලයට අල්ලට ගත් ජලය ස්වල්පයකින් දමා ගැසූවිට පැණ නැගි දිය බුබුල රජුට පෙන්වා ඒ ආකාරයෙන් සදනා බව කීයේලු.
මෑත යුගවලදීත් දේවේන්ද්‍ර, සුරේන්ද්‍ර, ආදී වාසගම් වලින් හැඳින්වූ දක්ෂ නිමැවුම් ශිල්පීන් අප රට සිට ඇත. අප ලක ජල විදුලි බලයේ පියා යැයි හඳුන්වන කීර්තිමත් ඉංජිනේරුවරයකු වූ ඩී ජේ විමලසුරේන්ද්‍ර මහතාගේ පියාද අතිදක්ෂ කැටයම් කරුවෙක් බව කියැවේ. වරක් බ්‍රිතාන්‍ය රාජකීයකුගේ ලංකාගමනය සිහිවනු වස් එතුමා ඇත්දළින් කල නුපුබුදු පොල් මලක අනුරුවක් පරිත්‍යාග කර ඇත. රාජකීයයා ඉතා සතුටට පත්වූවිට ජේෂ්ඨ දේවසුරේන්ද්‍ර විසින්
ආනන්ද කුමාරස්වාමි මහතාද ඇම්බැක්කේ දේවසුරේන්ද්‍ර මුහන්දිරම් ලවා රූපාවලියේ දැක්වෙන විස්තරය අනුව අපූරු විස්කම් දෙවි රූපයක් අන්දවා ඇත.
රූපාවලි විස්තර අනුව ශ්ලෝකය මෙසේය:
![]() |
දේවසුරේන්ද්‍ර මුහන්දිරම් විසින් අඳින ලද විස්කම් දෙවිඳු |
පුස්තකම්, ලේඛ්‍ය, ඛණ්ඩම්,
ඛට්වාඞගම්, බීජපුරම්, වර-මාථ කලශම්,
කුණ්ඩකම් අක්ෂමාලම්
නාගම් පශං වහන්තම්, වරද-භය හස්තම්,
පීත යජ්ඤො-පචිතම්
විජ්ඤොතජ්ඤාත-මුක්තිම්, සුදර්ශන මහා
විශ්වකර්‍මම් නමාමී"
එහි තෙරුමද මෙසේ දක්වා ඇත.
"තිලක පහකින් යුත් මුහුණක්ද, අත් දයක්ද ඇති පොතක්,
පන්හිඳක්, වෑයක්, සිදරන් ගෙඩියක්, පැන් කළයක්, හා
අක වැලක් ගෙන නාගයකු පලඳා තේජස,
පරෝපාකාරය දක්වන මුද්‍රා ඇති, රන් පූන නූලක් පැලඳ සිටින, ශෝභන, ශ්‍රේෂ්ඨ, කීර්තිමත්,
ප්‍රඥාවත් විශ්මකර්මයින්ට මම නමදිමි"
අද දවසේ වෛකල්පික සායනික ක්‍රමයක්යැයි සැලකෙන බලි ශාන්තිකර්ම වලදී රූප සෝභාවින් අග තැන්පත් විස්කම් බලිය අපට හමුවේ. හින්දු සාහිත්‍යයේ පද්මාසන මත වැඩසිටියද අප විස්කම් දෙවිඳුන් වැඩ සිටින්නේ දෙපයින් සිටගනිමිනි. භූ පද්මයට පසෙකින් වෘෂභයකු සිටියි [අනාගත නිමැවුම් කරුවන්ට නොකල යුත්තක් ගැන අනතුරු ඇඟවීමක් කලාදෝයි නොදනිමි!]. සියළුම බලි රූප අභිබවා අතිශයින් සෝබමානව හා සියුම්ව නිමවා, රූ කම් කල විස්කම් බලිය වියත් දොලහක් උසින් හා වියත් හතරක පළලින් යුක්තය.
බලි ශාන්තිකර්ම වලදී විස්කම් දෙවිඳුන් අගැයෙමින් ගැයෙනා ගීයක් මෙලෙසය.
![]() |
විස්කම් බලිය |