රබන් ගහන්ට කීප දෙනෙක් වුවමනාය.... කොපමණ නාද රටා දැනන් හිටියත් හදාරා තිබුණත් එක්වී පිලිවෙලට රබානට නොගැහැවෝතින් එය රබන් ගැහීමක් නොව තඩි බෑමක්ම වන්නේය... මුලු අවුරුදු උත්සවයම ගොඩ නැගෙන්නේ මේ සමුහිකත්වයේ පදනම එක් අතෙකින් දරාගෙනමය... සයිබර් මිතුරන්ගේ අවුරුදු උත්සවයකුත් එපරිද්දෙන්ම සාර්ථකව නිමකෙරුණු බවක් දක්නට ලැබුණි... විවිධ මතිමතාන්තරව එල්බ ගත් ඇත්තන් රාසියක් සාමුහිකව එක් අරමුණකින් එය සාර්ථක කරගන්නට කටයුතු කලේය... න්‍යායන් වලින් ප්‍රායෝගිකත්වය ගොඩනැගෙන්නේද ද, ප්‍රායෝගික ක්‍රියාකාරකම් හරහා න්‍යායන් ගොඩ නැගෙන්නේද, යන්න සැලකිය යුතු කාරණාවකි...
අත්දැකීම් ජීවිතයට හෙමින් හෙමින් එකතු වන්නට හැර යම් යම් න්‍යායන්හි ප්‍රායෝගිකත්වයන් උරගා බැලීම ජීවිතයට වටී... එසේ නොවුවහොත් අත ඇති සුලු දැනුමෙන් සියල්ල විග්‍රහ කිරීමට ගොස් පොතේ ගුරෙක් වන්නට පුලුවන... ගණිතයෙහි කොටසක් වන සම්භාවිතාව පිලිබඳ "න්‍යාය" හරිහැටි මා උගත්තේ පෙරෙල්මාන්ගේ "ගණිත විනෝදය" පොතේ ඇති කදිම කථාවකිනි... ගණිතය හදාරන දක්ෂ විශ්ව විද්‍යාල සිසුවෙකු බීම හලකදී සම්භාවිතාව ගැන අනෙක් අයට කියාදෙන්ට පටන් ගනී... ඒ කොපමණ දුර දිග යන්නේදැයි කිවහොත්, ඉදිරියේ ඇති මාවතේ, සියයක පිරිසක් එක්වර ගමන් කිරීමට ඇති ඉතා අඩු සම්භාවිතාව ගැන, රූබලයකට තමන්ගේ බයිසිකලය ඔට්‍ටු තබයි... හදිසියේම ඇසෙන තූර්‍ය වාදනයත් සමගම ගමන් ගන්නා පෙරහරක් නිසා සිසුවා බයිසිකලය පරදී.... ඈතින් සිටිනා මහැදුරෙක් තම කටහඬ අවදි කරයි... "දරුවා බොහොම දුර දිග ගියා නේද...? සම්භාවිතාව හරියන්නේ සාධාරණ හා සමාන අවස්ථාවලදී බව අමතකවුණා නේදැ" යි හේ පැරදුණු සිසුවාගෙන් විමසයි...
යම් යම් පොදු දෑ වල නියැලීමේදීත් සංවිධානය කිරීමේදීත් තම තම පුද්ගල න්‍යායන් කොපමණ රැඩිකල් වුවද "මිනිස්සු මෙහෙම හිතාවි නේ...?" විමසා කටයුතු කරන්ට සිදු වේ... රටේ ලෝකේ සම්මතයනට ගරු කරන්නටද සිදුවේ... සඳ තරණය කල ගගන ගාමීන්ටත්, ක්ෂුද්‍ර ලෝකය අන්වීක්ෂයන් හරහා දැකගන්නා විදැදුරන්ටත් අප ඉන්නා ලෝකය ගැන දෙයාකාරයක වැටහීමක් ඇත්තේය...
අලුත් අවුරුද්ද යෙහෙන් ගෙවන්ට, රබාන වටේ සැවොම එක්ව සුරල් වයන්ට, නුවණ පහලවේවා....
අතුල සිනිඳු සුදු වැල්ලේ පතල සිහිල් සෙවණැල්ලේ...
ලකල කොමළ ටිකිරි ලියක්....
රබන් වයන්නා...
ලකල කොමළ ටිකිරි ලියක් රබන් වයන්නා...
ලෝල සිතින් දුලා දෑස කොණින් බලා...
දැතෙ ගිගිරි සලා සලා රබන් වයන්නා....
ලකල කොමළ ටිකිරි ලියක් රබන් වයන්නා...
පවන් පහර හිසට වැදී තෙදින් වරල පෙරට අදී
නුවන් බඳන ඔමරි ලියක් රබන් වයන්නා....
තාල මිහිරි නගා නගා රබන් වයන්නා....
සවන පිනන මන බන්දන සිහින ලොවක රස කැන්දන
මියුරු හඬින් සුහුරු ලියක් රබන් වයන්නා...
ගීත රාව නගා නගා රබන් වයන්නා....
අතුල සිනිඳු සුදු සුදු වැල්ලේ...
පතල සිහිල් සෙවණැල්ලේ...
ලකල කොමළ ටිකිරි ලියක්
රබන් වයන්නා...
සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...
ගීතය ගායනය: අමරදේව ශූරීන් හා වෙදැදුරු නන්දදාස කෝදාගොඩ ඇතුලු පිරිස ගෙනි...
චිත්‍රය: සිළුමිණ පුවත්පතේ පලවූ කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ හයවසරේ උත්තරා විශ්ව සෞන්දරා දැරියගේය...

ඔබ හා පවුලේ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!
ReplyDeleteසහෘද කැලටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!
දවසේ සම්ප්‍රදායක් මූලික කරගෙන ඔබ ඉදිරිපත් කල පූර්විකාව පංකාදුයි.
මුලින්ම ඔබ ඇතුලු පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!!!!
ReplyDeleteදෙවනුව ඔය සම්බාවිතාව අදටත් මට එපා කරපු දෙයක් :DDDD
තුන්වනුව එක් කරපු ගීතය අදතමයි ඇහැව්වේ මුලින්ම .. ගොඩක් ස්තුතයි ඒකට
ලකල කොමල ටිකිරි ලියක් රබන් වයන්නා නේද?
ReplyDelete@ගල්මල්: බොහොම තුති..!
ReplyDelete@වැප්: ඔබ සැමටත් එසේම වේවා...
@කතන්දර සූරීන් : ඔබ හරි වාගේ මටත් හිතෙන්නේ...!!
හදමු නේද එහෙමනම්...
@කතන්දර සූරීන් : හරි ඕං හැදුවා මහතුන්...
ReplyDeleteබොහොම ස්තූතියි...
තාම(?) පංචේන්ද්‍රිය යසට දුවනවා නෙව..?
අයියට සහ පවුලේ හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!
ReplyDeleteමේ සිංදුව මම අදමයි ඇහුවේ.........
ස්තූතියි තිස්ස, අපි වගෙ කතරේ තනි වී ඉන්නා උදවියගෙ සිත් මොහොතකට හෝ පහන් කලාට.
ReplyDeleteඔබටද ඔබේ පිය බිරිඳ සහ දරුවන්ටද සුබ නව වසරක් පතමි ඉත සිතින් !!!
සේයා මල්ලී මේ පැත්තේ ආවාමදෝ...?
ReplyDeleteඔබටත් සියලු නෑ නොනෑයන්ටත් සුභ අලුත් අවුරුද්දක් මල්ලී..
ඒක නෙව රවී මහත්තයෝ මේ දවස් කිහිපය ගත කරන්නේ හරිම අපහසුවෙන්...
ඔබේ වචනවලට බොහෝ තුති...
සුබ නව වසරක් වේවාඅ...
නන්දදාස කෝදාගොඩ මහත්තයා ගැනත් කියවෙච්ච දේට වඩා නොකිය වෙච්ච දේ බොහෝමයි නේද..?
ReplyDeleteමේ පැත්තේ අයියා පෝස්ට් දාන හැමදාම එනවා කමෙන්ට් කරන්න ලියන්න දෙයක් හිතාගන්න බැරුව ආපහු යනවා.
ReplyDeleteහික් හික්.. කිවුවත් වගේ මට කියලා කටගන්ට හම්බවුනේ නෑ නොවැ.. මේං පෝස්ට් එකක් ඇවිල්ලා.. අවුරුදු එහෙම කොහොමෙයි..?? මට නං ඉතිං අවුරුදු සමරන්ට වෙලාවක් ලැබුනෙ නෑ, දිගටම වැඩ නොවැ.. යාන්තං ඔන්න අද තමා නිවාඩුවක් ලැබුනෙ..
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක්!!
ReplyDeleteමේ වගේ නන්දගෙ සිංදුවක් තියෙනව නේද? අවුරුද්දට කියන එකක්ද කියල මතක නෑ, ඒත් ඔය ලකල කොමල ලියන් ගැන තමයි කියැවෙන්නෙනං!!
මේ සිංදුව නම් මේ ඇහුවාමයි . .
ReplyDeleteලස්සන අවුරුදු ගීයට ස්තුතියි .
ReplyDelete..නොරටක සිටිමි..
සිතින් ගම රට ගියෙමි..
ඔබත් එලෙසයි සිතමි ..
..කිරෙන් පැණියෙන් පිරි ..
සුබ අලුත් අවුරුද්දක් ..
ඔබටත් පතමි.!
Chamila
මමත් පළවෙනි පාරට ඇහුවෙ....
ReplyDeleteතිසා උඹටත් පවුලේ හැමටත් උදාවූ අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා....!
සුභ අලුත් අවුරුද්දක් තිස්ස අයියා...සිංදුව නම් අදමයි ඇහුවේ... මේකේ තියෙන ගොඩක් සිංදු ඉස්සෙල්ලම අහන්නේ මේකෙන් ම තමා... ලියල තියෙන සටහනේ අන්තිම ටික මටත් මේ දවස් වල අම්බානට තේරිලා තියෙන්නෙ... රටේ ලෝකේ සම්මත වලට සලකල මිනිස්සු හිතන දේවල් ගැන ඊට කලින් අපි හිතල වැඩ කරන එකේ රඟ වෙඩිමක් ගන්න එකේ දි තරම් වෙන කොහෙදිවත් මනුස්සයෙකුට දැනෙන්නෙ නැතුව ඇති... අවුල තියෙන්නේ සමාජෙ ද මගෙ ද කියලයි මම මේ දවස් වල හිතන්නේ... සිංදුවටත් අදහසටත් බොහෝම පිං.
ReplyDeleteඉන්දික : ආයිබෝං..
ReplyDelete"රන් ගිරි ගිරි ගිගිරි ගිගිරි ගිගිරි වළලු පය නොලා...
කොමළ ලන්දු ගයන සින්දු සවන පිනන අම වෙණා..."
මේකද?
දුකා: මචෝ මම හිතන්නේ අර "ලකල කොමල ටිකිරි ලියක්" කෑල්ල කියන්නේ මහැදුරු කොඉදාගොඩ කියලයි...
Chamila: කියලා වැඩක් නෑ චමිල, ඔබටත් එසේම වේවා..
දුමී: එසේම වේවා මචෝ...
පැතුම් මල්ලී: ඒක තමා යුද්දේ...
මොකක් හෝ පොතක තිබ්බා මාර පරාජයෙන් සනිටුහන් වෙන්නේ තමන්ගේම විතර්කය හා කල සටන කියා...
ගුණ්දාස කපුගේ ගේ සින්දුවක මෙහෙම තියෙනවා..
"සසර පුරා සරණ තුරා දුවන පනින දඟලන සිත දමනය කර සුවපත් වෙයි නුවණක් ඇත්නම්..."
මල්ලීට වරදින එකක් නෑ...!!
මේ සින්දුව අදමයි ඇහුවේ....මේ සින්දුව අදමයි ඇහුවේ කියලා කියලම මට දැන් ඇති වෙලා. මේකට එන්න පටන් ගත්ත දවසෙ ඉදලම කිව්වෙ ඕකමයි. අදත් ඉතින් කියන්න වෙන්නෙ ඒකම තමා. මට බොරු කියල පුරුද්දක් නෑ නෙව. :D
ReplyDeleteඅවුරුද්දට සුභ පතන්න දැන් පරක්කු වැඩිද මන්දා.....
කමක් නෑ ඔන්න එසේම වේවා.....
හහ් හහ් හහ්..සුභ පතන්න කවදාවක් පරක්කු නෑ මලේ...!
ReplyDeleteබොහොම ස්තුතියි තිස්ස අයියා... මේ සිංදුව කලින් අහලා නෑ මයෙ හිතේ... සුබ ම සුබ අලුත් අවුරුද්දකුත් පතනවා එහෙනම් පරක්කු වෙලා හරි...!
ReplyDeleteබොහෝම කාලෙකින් මේ පැත්තෙ ආවෙ. තරමක් කලබලකාරී ගතියකින් ගෙවුනු සති කීපයක් නිමා වුණා......හැමෝටම සුභම සුභ නව වසරක් වේවා!!! ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවක් නොවේ ය කියල හිතනවා :)
ReplyDeleteමේක නම් මචෝ මම කලින් අහලා නැති සින්දුවක්...සින්දුවටත් වඩා උඹේ ලියැවිල්ල සිත් ගත්තා. මහා වාද විවාද කෙස් පැලෙන තර්ක විතර්ක වලට වඩා විශාල විප්ලවයක් බොහොම සරල ප්‍රායෝගික ක්‍රියාවකින් දෙන සියුම් උත්තේජනයකින් කරන්න පුළුවන්ය කියන අදහස සමග මාත් එකඟ වෙනවා.