රබන් ගහන්ට කීප දෙනෙක් වුවමනාය.... කොපමණ නාද රටා දැනන් හිටියත් හදාරා තිබුණත් එක්වී පිලිවෙලට රබානට නොගැහැවෝතින් එය රබන් ගැහීමක් නොව තඩි බෑමක්ම වන්නේය... මුලු අවුරුදු උත්සවයම ගොඩ නැගෙන්නේ මේ සමුහිකත්වයේ පදනම එක් අතෙකින් දරාගෙනමය... සයිබර් මිතුරන්ගේ අවුරුදු උත්සවයකුත් එපරිද්දෙන්ම සාර්ථකව නිමකෙරුණු බවක් දක්නට ලැබුණි... විවිධ මතිමතාන්තරව එල්බ ගත් ඇත්තන් රාසියක් සාමුහිකව එක් අරමුණකින් එය සාර්ථක කරගන්නට කටයුතු කලේය... න්‍යායන් වලින් ප්‍රායෝගිකත්වය ගොඩනැගෙන්නේද ද, ප්‍රායෝගික ක්‍රියාකාරකම් හරහා න්‍යායන් ගොඩ නැගෙන්නේද, යන්න සැලකිය යුතු කාරණාවකි...
අත්දැකීම් ජීවිතයට හෙමින් හෙමින් එකතු වන්නට හැර යම් යම් න්‍යායන්හි ප්‍රායෝගිකත්වයන් උරගා බැලීම ජීවිතයට වටී... එසේ නොවුවහොත් අත ඇති සුලු දැනුමෙන් සියල්ල විග්‍රහ කිරීමට ගොස් පොතේ ගුරෙක් වන්නට පුලුවන... ගණිතයෙහි කොටසක් වන සම්භාවිතාව පිලිබඳ "න්‍යාය" හරිහැටි මා උගත්තේ පෙරෙල්මාන්ගේ "ගණිත විනෝදය" පොතේ ඇති කදිම කථාවකිනි... ගණිතය හදාරන දක්ෂ විශ්ව විද්‍යාල සිසුවෙකු බීම හලකදී සම්භාවිතාව ගැන අනෙක් අයට කියාදෙන්ට පටන් ගනී... ඒ කොපමණ දුර දිග යන්නේදැයි කිවහොත්, ඉදිරියේ ඇති මාවතේ, සියයක පිරිසක් එක්වර ගමන් කිරීමට ඇති ඉතා අඩු සම්භාවිතාව ගැන, රූබලයකට තමන්ගේ බයිසිකලය ඔට්‍ටු තබයි... හදිසියේම ඇසෙන තූර්‍ය වාදනයත් සමගම ගමන් ගන්නා පෙරහරක් නිසා සිසුවා බයිසිකලය පරදී.... ඈතින් සිටිනා මහැදුරෙක් තම කටහඬ අවදි කරයි... "දරුවා බොහොම දුර දිග ගියා නේද...? සම්භාවිතාව හරියන්නේ සාධාරණ හා සමාන අවස්ථාවලදී බව අමතකවුණා නේදැ" යි හේ පැරදුණු සිසුවාගෙන් විමසයි...
යම් යම් පොදු දෑ වල නියැලීමේදීත් සංවිධානය කිරීමේදීත් තම තම පුද්ගල න්‍යායන් කොපමණ රැඩිකල් වුවද "මිනිස්සු මෙහෙම හිතාවි නේ...?" විමසා කටයුතු කරන්ට සිදු වේ... රටේ ලෝකේ සම්මතයනට ගරු කරන්නටද සිදුවේ... සඳ තරණය කල ගගන ගාමීන්ටත්, ක්ෂුද්‍ර ලෝකය අන්වීක්ෂයන් හරහා දැකගන්නා විදැදුරන්ටත් අප ඉන්නා ලෝකය ගැන දෙයාකාරයක වැටහීමක් ඇත්තේය...
අලුත් අවුරුද්ද යෙහෙන් ගෙවන්ට, රබාන වටේ සැවොම එක්ව සුරල් වයන්ට, නුවණ පහලවේවා....
අතුල සිනිඳු සුදු වැල්ලේ පතල සිහිල් සෙවණැල්ලේ...
ලකල කොමළ ටිකිරි ලියක්....
රබන් වයන්නා...
ලකල කොමළ ටිකිරි ලියක් රබන් වයන්නා...
ලෝල සිතින් දුලා දෑස කොණින් බලා...
දැතෙ ගිගිරි සලා සලා රබන් වයන්නා....
ලකල කොමළ ටිකිරි ලියක් රබන් වයන්නා...
පවන් පහර හිසට වැදී තෙදින් වරල පෙරට අදී
නුවන් බඳන ඔමරි ලියක් රබන් වයන්නා....
තාල මිහිරි නගා නගා රබන් වයන්නා....
සවන පිනන මන බන්දන සිහින ලොවක රස කැන්දන
මියුරු හඬින් සුහුරු ලියක් රබන් වයන්නා...
ගීත රාව නගා නගා රබන් වයන්නා....
අතුල සිනිඳු සුදු සුදු වැල්ලේ...
පතල සිහිල් සෙවණැල්ලේ...
ලකල කොමළ ටිකිරි ලියක්
රබන් වයන්නා...
සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...
ගීතය ගායනය: අමරදේව ශූරීන් හා වෙදැදුරු නන්දදාස කෝදාගොඩ ඇතුලු පිරිස ගෙනි...
චිත්‍රය: සිළුමිණ පුවත්පතේ පලවූ කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ හයවසරේ උත්තරා විශ්ව සෞන්දරා දැරියගේය...
Read More!