යුග්ම තාරකා දිලිසෙන ලස්සන දෑසේ...

යුග්ම තාරකා දිලිසෙන ලස්සන දෑසේ...
පුංචි වසන්තයක් හැංගිලා..

සවන් මැදින් සීණු හඬක් හදට රිංගලා
අවිහිංසක ලොවක් නැංවිලා..

හිමාලයද ටජ්මහලද ඕනේ..

සූකිරියෙන් මාළිගාද ඕනේ...
ඇත්තෙන් මොනවද ඔයාට ඕනේ..
තරහ ගන්න එපා හිච්චි නෝනේ...

අංජනමක් බලව ගන්න ඕනේ...
හොරේ මොකද අල්ලගන්න ඕනේ...
සැනසීමක් ලබාදෙන්න ඕනේ..
ඇහැ පියාන නිදාගන්න ඕනේ...


ඕන්නම් බාගන්න....


1964 තිරගතවූ දෝස්ති චිත්‍රපටිය ඇසුරෙන් 1971 දී නිපදවූ 'කළණ මිතුරෝ'චිත්‍රපටියේ ගීයකි....
Read More!

රන්දෝ මං නුඹ හන්දා...

කන්දේ රන් සඳ උන්නා...
හැංගී රන් තරු උන්නා...
රන්දෝ මං නුඹ හන්දා...
කන්දේ පාමුල උන්නා....

සැලෙනා කහ මල් ඉත්තෙන්...
පෙණුනා
නුඹෙ අත රන්වන්....
හඬනා බඹරුන් තැන් තැන්...
ඇසුණා නුඹෙ ගී ලන්දෙන්....
දු‍ටුවා මං නුඹ නින්දෙන්....
එනවා බැහැගෙන කන්දෙන්....
පිපුනා මදු මල් බැද්දෙන්....
හැඬුවා මොණරුන් සද්දෙන්

බැන්දෙ ගෙවැට කවුරුන්...
ඉන්නේ තනියට කවුරුන්....
ගන්නේ ආදර කවුරුන්....
දුන්නේ මට දුක කවුරුන්....
හැංගී රන් සඳ යන්නා....
හැංගී රන් තරු යන්නා...
රන්දෝ මං නුඹ හන්දා...
ගම දා යන්නට යන්නා....


Read More!
 
Blogger Wordpress Gadgets