කථිකයා මැදි වියද පසු කල අයෙකි. දුඹුරු පැහැ ලියුම් කවර මිටිය තබා තිබූ ටීපෝව පසු කල ඔහු මනාල යුවල පසෙකින් සිට ගත්තේය. ආරිය ඇඳුමේ කර වාටියේ දෙපස දෑතින් සීරුවට අතගෑවේ මහා බැරැරුම් කථාවක් කීමටය...
ඔහු කථාව පටන් ගත්තේ මෙලෙසය...
"විගස වාහනයෙන් හනිමූන් යමු.... "
සභාව සිනාසුනි. මගේ ආච්චී කම්මුලේ අත තබාගත්තාය. එකල වයස අවුරුදු හයක් හෝ හතක් පමණ වූ මට ඒ කථාවෙන් මතක තිබෙන්නේ එපමණි.
දැරියක් කායිකව වැඩිවියට පත්වූ පසු සමවයස් පිරිමි ළමයෙකුට වඩා මානසිකව පරිණත බවක් දැක්වන බව මගේ අත්දැකීමය. දරුවන් තදබල ලෙස තමා සන්තකයේ තබා ගන්නා මැද පාන්තික පවුල් තුල අද දවසේ මෙසේ දැරියකට මනසින් මුහුකුරා යාමට ඉඩක් ලැබේදෝයි සැක සහිතය. පොදු ක්‍රියාකාරම් ඇත්තේද අඩු වැඩි ලෙස අදහස් වලින් සමාන වූ සමාජ ජාල තුලමය.
උත්සව සම්භාෂණ තවදුරටත් මිනිසුන් මුහුවීමේ අවස්ථා නොකිරීමට ඡායාරූප ශිල්පීනුත් සංගීත කණ්ඩායමුත් පැහැදිලි ලෙසම වගකීම භාරගෙන ඇත. අනෙක් පසින් බාල වයස්කාර විවාහයන් ගැනද බෙහෙවින් අසන්නට ලැබේ. එහි ඇත්තේ අර කථිකයා කී ලෙස "විගස වාහනයෙන් හනිමූන් යාමේ අවශ්‍යතාව පමණක්මද?
යුවතියක් විවාහයට පෙර බලාපොරොත්තු පුරවාගෙන සිටී...
ජාති කුළ මල කුමක් වුවද ඒ බලාපොරොත්තු ජීවිතයේ සොඳුරු පැත්ත හා බැඳී පවතී....
සුදු ඔසරිය ඇඳලා - සුදු මුතු පොට බැඳලා...
සුදු මල් පියවිල්ලේ සුදට සුදු - කවදද මා යන්නේ...
රෑ හීනෙන් දකිනා ඔබේ රුව - හදවත ඇඳගනිමි...
උදෑසනින් බිඳෙනා සිහින ලොව - තනිවම ඉකිබිඳිමි....
රන් මිණි අබරණ හෝ පටසළු - නැත මට දායාදේ...
කඳුලක රස දැනෙනා හදක් ඇත - වෙන්වූ නමින් ඔබේ...
අනුලා බුලත්සිංහල
එළෙසින්ම විවාභිමුඛ අප රට තරුණයාටද දැනෙනා වගකීම්ද සුළුවෙන් තැකිය හැකි නොවේ.
අවාසනාවකට ඒ ගැන කථා කරන්නෝද දුලබය. පැහැදිලි ජීවිකාවක් අරඹා නැති, අව්වට වැස්සට හෙවණක් දෙමාපියන්ගෙන් දායාද ලෙස නොලද තරුණයාට ඒ දෑ මහත්ම වූ පීඩනයකි.
ඒවා සම්පූර්ණ වනතෙක් සිටියහොත් ඔහුට තම සිත් ගත්තී හා එක් වන්නට මේ කපේදී බැරිවෙනු ඇත.
දෙමාපියන් තම වර්ථමානයද ඉවතදා දරුවන් වෙනුවෙන් උපයා තබන්ට වෙහෙසෙන්නේ මේ නිසාද?
රන්වන් රන් කෙත - සිපගෙන හමනා - පවන් පහස විඳලා
රන්වන් රන් - ආදර කඳු මුදුනේ - අළුත් ගෙයක් හදලා
කැන්දන් යන්නේ කවදද මා....
රන්වන් රන් හිරු - පායන දවසේ - ඉසිරු කුසුම් පිපිලා
රන්වන් රන් රත්තරන් ලඳේ පෙම් සිහින වැලක එතිලා
කැන්දන් යන්නට එන්නෙමි මා....
විහඟ තුඩක - සංගීතය මුමුණන - මතක ගීත අහලා
මියුරු කල්පනා - ලොවක් මවන්නෙමි - හිතක සුවඳ විඳලා
කැන්දන් යන්නේ කවදද මා
හිතක හැඟුම් පොදි - දෝතට අරගෙන - ඔබ දෑතේ තබලා
අලුත් බතක රස - විඳගන්නෙමි මම - ඔබේ අතින් උයලා
කැන්දන් යන්නට එන්නෙමි මා...
කැන්දන් යන්නේ කවදද මා....
අමරදේව - චන්ද්‍රිකා
විවාපත් යුවලට හතර වරිගයෙන් ලැබෙන පිටුබලය කෙසේ වුවත් දේසනා නම් නිමක් නැතිය.
විටෙක දෙමාපියන් දරුවන් විවාපත් කරදී ඔවුනගේ ජීවිතය ඔවුනට ගෙනයන්නට ඉඩ දෙනවාට වඩා ඔවුනගේ ජීවිතද මෙහෙයවන්නට පටන් ගනී.
යෝධ ඇලේ බැස්ම සේ මේවා මුලදී පටන් ගන්නේ සුලුවෙන්ය: අවසන් වන්නේ නයගරා ඇල්ලෙනි.
අලුත ගෙනා මනමාලී - හරි ලස්සන හැඩ වැඩ ගම්බද කෙල්ලකි -
අලුත ගෙනා මනමාලී....
නැන්ද මාම ගොඩක් - සතුටින් පිළිගත්තෙ - දෙපැත්තෙම නෑ මිතුරන්
ප්‍රිය සම්භාෂණෙන් පසු - මංගල සබේ සිට - දැක්වූ කථාවලටත් සවන් දුනි -
අලුත ගෙනා මනමාලී....
පුංචි මාම නැගී සිටිමින් - අවවාද රැසක් දුනි - දේශණයෙන්
දරු මල්ලො - ගොඩක් ලැබෙවා නව යුවලට - කිව්වම කට කොණකින් සිනාසුනි -
අලුත ගෙනා මනමාලී....
නෑසියන් පිටවූ - සැනෙකින්ම නැන්දම්ම ඇවිත් - ඉඳගත්තේ ලඟින්
දරු මල්ලෝ දෙකක් - හොඳටෝම අපිට ඇති - නේද දුවේ කියමින් වැලඳගති -
අලුත ගෙනා මනමාලී...
රෝහණ බැද්දගේ - නීලා වික්‍රමසිංහ
බාල වයස්කාර නොවේනම්ද, විවාපත් වන්නට අදහසක් තිබේනම්ද එයට ඒ හැටි සුනංගු නොවීම කොයි දේටත් හොඳයැයි සිතේ.
සිතුවිලි සංකීර්ණ වී මිණුම් දඬු සංකීර්ණ වීම සහකරුවෙක් සහකාරියක් සොයාගැනීම, තෝරාගැනීම අපහසු කරවන්නකි.
තරුණ කාලයේ හිතේ ඇතිවන ප්‍රේමණීය හැඟීම් ඒවාට සුදුසු කල්හීම දැරිය හැකි නම් මනාය.
කල් නොයවා ඔබ ගන්නා තීරණ නිසා තවෙකෙකුගේ හිත රිදිය හැක.
ඒත් මේ ඔබගේ ජීවිතයයි...
කිරි පබළු ගෙල මුතු පලඳා - හෙට මම දීගෙක යනවා
ගමම සතුටු වෙයි ඔබ පමණක් ඇයි - මා හා අමනාපෙන්
මල් වැට අද්දර පොකුණු ඉවුරු පිට - ගෙදරට නොපෙනෙන මානේ
සතර පෝය දින මහවැලි ගංතෙර - බොඳවී ගිය සඳපානේ
ලිපියක ලියැවුණු අකුරු කීපයක් - මැදි වී දුටු පෙම් සීනේ
සිත් නෙත් අතරට හසුවී එළඹුණි - මේ අවසානේ
පළඟැටි රෑණක් අඬන විලාසෙන් - අඳුරට ඉඩදී ඇහැරී
වැඩි බර පැත්තට හිත හරවාගෙන ඉන්නට සිදුවිය ඉහිරී
හෙට පිය සැමියකු අතිනත ගන්නට - මොහොතක් එළඹෙයි මිහිරී
ඔබ සැනසෙව්වොත් ගමක් තරහවෙයි - අසරණනේ ඔබෙ සොඳුරී
රංජනී පෙරේරා

This comment has been removed by the author.
ReplyDeleteහැමදාමත් මේ දෙස් දෙවුල් අහන් ඉන්නයැ
ReplyDeleteතීයෙන ටික ඉස්මන්ට දාලා දැම්මම ඉවරයි නෙව :-)
අහෝ! මාගෙ කමෙන්ටුවට කිමෙක් වීදැ?
ReplyDeleteකමෙන්ට් එකක් දැම්මහම ඒක ඩබොල් ඩබොල් වැටිලා.. ඉතිං ඒ හන්දා මං එකක් මැකුවා.. දැන් කමෙන්ට්ස් දෙකම මැකිලා.. :-(
//ඒවා සම්පූර්ණ වනතෙක් සිටියහොත් ඔහුට තම සිත් ගත්තී හා එක් වන්නට මේ කපේදී බැරිවෙනු ඇත//
ReplyDeleteඒක හැබෑවක්මය....
සිටු කුමාරියේ නුඹට සීතල අගුනයි.................... කපුගේ
//විටෙක දෙමාපියන් දරුවන් විවාපත් කරදී ඔවුනගේ ජීවිතය ඔවුනට ගෙනයන්නට ඉඩ දෙනවාට වඩා ඔවුනගේ ජීවිතද මෙහෙයවන්නට පටන් ගනී//
ගිරය මැද පුවකය...
වරදක් කලත් සිතකික් නොවේ.............සනත් නන්දසිරි
//විවාපත් වන්නට අදහසක් තිබේනම්ද එයට ඒ හැටි සුනංගු නොවීම කොයි දේටත් හොඳයැයි සිතේ//
එහෙම නැත්නම් මෙහෙම වන්නට පුලුවන....
කවුරුත් එන්නැති කවුරුත් දන්නැති මල්පෙති ඉහිරුනු මල්පාරේ................කපුගේ
//තරුණ කාලයේ හිතේ ඇතිවන ප්‍රේමණීය හැඟීම් ඒවාට සුදුසු කල්හීම දැරිය හැකි නම් මනාය//
??????????????
පෙම් ලොවදී දුටු ඔහුමද මේ - ඔහුටද මා අන්ධ වුනේ.....නන්දා
//සිතුවිලි සංකීර්ණ වී මිණුම් දඬු සංකීර්ණ වීම සහකරුවෙක් සහකාරියක් සොයාගැනීම, තෝරාගැනීම අපහසු කරවන්නකි//
ඒක ඇත්ත එතකොට මෙහෙම වෙන්ට පුලුවන්..
මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා....අමරදේව
//කල් නොයවා ඔබ ගන්නා තීරණ නිසා තවෙකෙකුගේ හිත රිදිය හැක//
හ්ම්..
සුභ ප්‍රාර්ථනා කියමන්.......කපුගේ
අනේ මන්ද?
//ජීවිතය ඔබගේය ?
ගමයා: මචං සිරා ඌණ පූරණය ඈ!
ReplyDeleteඅගෙයි අගෙයි පෙර කල සේම රසවත් ගීත කතාවක් .පලවෙනි සින්දුව නම් බොහොම ප්‍රිය කල එකක්. දෙවන්න නම් එත්‍රම් පුරුදු ගතියක් දනෙන්නෙ නැහැ.
ReplyDeleteඅලුත ගෙනා මනමාලි ''හරිම අපුරු ගිතයක්. කාලෙකින් ඇහුනෙ..
අවවාද නම් ඉතින් ඉස්මුරුත්තට නේ. අපි නම් ඉතින් අවවාද මෙ කනින් අසා අනික් කනින් පිටකරන ඇට්ටර ජෝඩුවක් වෙච්ච අපි අපිට උවමනා ලෙස ගත්තු සමහර තිරණ කොච්චර හොඳද කියල හිතෙනවා.
හැබැයි ඉතිං අර කථිකයා ඒ වෙලාවේ හැටියට කරපු කතාව හොදයි.. හැක්..
ReplyDeleteබින්දි: 'ගීත කථා' - ගුවන් විදුලියෙත් ගියා කාලයක්. අපේ දරුවනුත් ඇට්ටර වුණොත් දරන්න පුලුවන් වේදැයි හිතමින්
ReplyDeleteදේශක: ඔව් - කාලය කාටත් වටිනව නේ ;-)
ලස්සණ සිංදු ගොඩක්. ඔයා මෙච්චර ගොඩක් සිංදු මතක තියාගන්නේ කොහොමද?
ReplyDeleteඅනේ මන්දා.පලවෙනි සින්දුව මගේ කියල හිතුනා.
ReplyDeleteමේක කතාව නම් නොකියාම බෑ.
ReplyDeleteඑක දවසක් රේඩියෝ එකේ ගිය සින්දුවකට පස්සේ සාමාන්‍යයෙන් රේඩියෝ බණ විතරක් අහන අපේ ආච්චී කාටද බණින්න පටන් ගත්තා.
පස්සේ බැලින්නම් මෙන්න මේ සින්දුවයි ඒකට හේතුව.
අනේ තාම ආවෙ නැහැනෙ, ආවෙ නැහැනෙ, ආවෙ නැහැනෙ
මල් දුන්නෙන් වඩින ඉලංදාරියා
ගායනය - චන්ද්‍රාණි ගුණවර්ධන
http://kathandara.blogspot.com/2011/04/blog-post_08.html
!!!
//කිරි පබළු ගෙල මුතු පලඳා - හෙට මම දීගෙක යනවා
ReplyDeleteගමම සතුටු වෙයි ඔබ පමණක් ඇයි - මා හා අමනාපෙන්//
ඕකටනම් මට මල...ඒ දවස්වල.
බූට් එක තිබ්බට මදිව තව ඔච්චම් කරන්නත් එනවා..
''I know what I am doing'' ඔහොමලු දැන් ළමයි කියන්නෙ .
ReplyDeleteතිස්ස අයියට දැන් තිස්ස මාමා කියන්න කාලේ හරි වගේ... ඇඩ්වාන්ස් උපදෙස් දෙන්න පටන් අරන්.. :D ඉස්සර අපේ තාත්තා ඔය මංගල සභා වල කතා කරනවා.. කතාව පටන් ගන්නේ ඇත්ත වශයෙන්ම කියන වචන දෙකෙන්.. ඔය බෝරින් කතා අස්සේ අපිට තියෙන එකම විනොදාන්සේ තමයි තාත්තගේ කතාවේ ඇත්ත වශයෙන්ම වචනය කීපාරක් කියනවද කියල ගනින එක... :D
ReplyDeleteසින්දු නැතුවත් ලිවිල්ල අපූරුයි.. අද සිංදු අහන්න වෙන්නෙ නෑ. ආපහු එන්න වෙනවා.
ReplyDelete//විගස වාහනයෙන් හනිමූන් යමු..// මොකක්ද දන්නෑ මිනිහට තිබ්බ හදිස්සිය.
ReplyDeleteදැන් මේ සිංදු ඇහෙන්නෙ නැති එකයි කරුමේ. මෙන තරම් වටින සිංදු ද
ReplyDeleteපොකූ: අනේ මන්ද අනායාසයෙන් රස විඳින නිසා වෙන්න ඇති. දැනුම ලබාගන්න කියල අධ්‍යාපන ආයතන වලින් උගන්වන දේවල් මෙහෙම වැටුනෙ නෑනේ ඔලුවට
ReplyDeleteසොසී: කුලක....
කසූ: ලක්සන සින්දුව ඒකත්
සුනි: ඔව් බොරුවට නිකම් අකමැත්තෙන් වගේ... කැමැත්තෙන් ඔය යන්නෙ
බි: "ඔව් මම කරපු දේ වැරදුනා - ඉතින් මොකද?" ඊලඟට කියනව
පැහේ: මඩවල පැතුම්!
සලං: නොගියොත් එන්න බැරිය. ගොහින් එන්න
ප්‍රා: ඔය වි-වා-හ-ය කෙටි කරල කියාපු හැටිනෙ
දර: අනේ මන්ද දයානන්ද මහත්තය. අපෙ කන් ඇහීමත් අඩුවෙලාද මන්ද
කැන්දන් යන්නේ කවදද මා ගීතය මුලින්ම අසනවිට මාත් පාසල් වයසේ. ඒ මිහිරි ගීත අද අපිට නෑසෙන්නේ අපේම කරුමෙටද? ඔය අවවාද අනුසාසනා කොතරම් ඇහුවත් අපි හිතුවක්කාරයි ඒ වයසෙදි, අදටත් අපේ දරුවන් එහෙමත් එහෙම තමා. කාලේ වෙනස් උනත් ඒ දේවල් එහෙමම තමා. ගොඩක් ස්තූතියි සටහනට.
ReplyDeleteඔව් දැන් ඉතිං කාලේ හොඳා මඟුල් ගෙවල්වල කතා පවත්තන්ට... :D
ReplyDeleteකාලෙකට පස්සෙ ලියන්නට ඒම ගැන සතුටුයි.මම කලින් නිතර බ්ලොග් එකට ආව.අළුත් සින්දු බලනන.නැති නිසා මම හිතුව අතෑරලදාල කියල.
ReplyDelete