'හිතක පිපුණු මල්' චිත්‍රපටිය සංගීත ලෝලීන් වන අපට මහරු මිණකි!
එහි අඩංගු ගී වල විවිධ හැඩතල ඇත: කථා කල යුතු බොහෝ දේ ඇත!!
ෂෙල්ටන් ප්‍රේමරත්නයක් විවිධ අවස්ථාවලදී තුමූම පළකල අදහස් හැරුණු කොට මේ ගී සම්බන්ධයෙන් යම් මට්ටමක හෝ කතිකාවක් ඇති නොවුණේ මන්ද යන්න විමැසිය යුතු කාරණයකි.
එකකට එකක් වෙනස් හැඩතල වලින් යුතු ඒ ගී කට්ටලය මෙසේ වේ:
සතුන් 'විද' දඩයමෙන් ජීවත් වූ (ව්‍යාධ - වැදි) වැදි ජනයාගේ ඇදහීම් වඩාත් කිට්ටු වන්නේ ආර්‍යයනට වඩා ද්‍රවිඩ හා යක්ෂ ගෝත්‍රිකයන්ගේ වත් පිළිවෙත්වලට බව පොත් පත්හි සඳහන්ය. සිංහල යාතුකර්මවල මෙන් බෙර, බොහෝ අවස්ථාවලදී භාවිතා නොවූවද යටිබඩට තට්ටු කරමින් නැටීම ඔවුනට ආවේණික යැයිද සඳහන්ය.
වැදි සංස්කෘතිය පෙරළා බැලීමට අතීතයේ උනන්දු වූ සුදු මහත්වරුන් අතරින් දොස්තර ආර් ඒ ස්පිටල් මහතාට වැදගත් තැනක් හිමිවේ. ඉහත අප කී 'හිතක පිපුණු මල්' සිත්තමේ අපූරු වැදි ගීයට පද සැපයෙන්නේද ඒ මහතාගේ උනන්දුවට පින්සිදුවන්නටය.
එකටෙක යා නොදෙන වැදි ගී කිහිපයක පද අමුණා නිමැවූ 'මා මිනි මාමිනි මාදෙයියා' ගී පද වැල, කර්ණ රසායන ගීයක් බවට පෙරලන්නේ ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ය.
ගීය අසමින්ම එහි පදවැලත්, පදරුතත් යම් පමණෙකින් විමසමු.
[මෙහිදී අපට උදව්වන්නේ 'සඳරුවන් ලොකුහේවා' මහතා ලියූ "බින්තැන්නේ වැද්දෝ" හා ජාතික අධ්‍යාපන ආයතනයෙන් මුද්‍රණය කල "ජනකවි - 1" යන කෘති ද්වයයි.]
[මුල් ගීය - මෙහි අග කොටස සම්පූර්ණයෙන්ම නැත]
[මියුරු ගී වෙබ් අඩවියෙන් උපුටාගත් පසු පටිගත කිරීමක් - පද සංයෝජනය තරමක් වෙනස්කර ඇති වුවද අග කොටස සම්පූර්ණයෙන්ම ඇත.]
දඩයම් යාදින්නක්, වන සැරියක්, නායකයා පිළිගැනීමක් ආදී වැදි ගී කිහිපයක කොටස් වලින් මේ ගීය සමන්විතය.
මා මිනි මා මිනි මා දෙයියා - දෙයියා දෙයියා - දෙයිය දෙයිය දෙයිය
- තාලය ඇල්ලීමේ තානම් පදය
කාබෙන් පා බල යක්ගම වේ - යමු දෙන්නා
- යක්-ගම (යක්කම) නම් නෑ යකුන් පිදීමේ යාතුකර්මයයි. සම්පූර්ණ පදයේ අර්ථය පැහැදිළි නැතත් දඩයමේ යාමට පෙර නෑ යකුන්ගෙන් ඒ සාර්ථක වෙන පිහිට පතා දෙන්නාත් සමග යමු යැයි කීවක් සේ හැඟෙයි!
බිමින් යන්නට බොල් පිනි බැරිනම්
බැරිනම් - බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම්
වඩනා මීමා ලණු බැඳ ගන් - යමු දෙන්නා....
මීමා පිටේ යමු දෙන්නා - ගෝ බිඳු කැලේ යමු දෙන්නා....
- පොළවේ පිනි නිසා සීතල නම් දඩයම් මීමා ලණුවෙන් බැඳ ඌ පිට 'තලගොයින් දඩයමේ' [ගෝ බිඳු] යමු යැයි පෙම්වතා පෙම්වතියට කියයි
ගෝයා පුච්චා කමු දෙන්නා - ගෝ කුර පුච්චා කමු දෙන්නා
ගෝ ටොඹු පුච්චා කමු දෙන්නා - ගෝ බඩවැල් ටික තට දෙඤ්ඤා
ගෝ බඩවැල් ටික තට දෙඤ්ඤා...
ගෝ අකුමා ටික මා කඤ්ඤා....
- තලගොයා පුච්චා කමු, කුර සහිත ගාත් පුච්චා කමු, වල්ගයත් [ටොඹු] පුච්චා කමු
[ඉනික්බිති හොඳම හරිය වන] අක්මාව මම කන්නම්, තිට බඩවැල් ටික දෙන්නම් [පෙම්වතාගෙන් පෙම්වතියට විහිළුවකි!]
වැල් කොබ්බෑ වැල දුන්න නමාගෙන - එන්නේ ඔලගල මා ලොකුවෝ....
අඟර නැටුම් නටන නංගිට - රූබර බෙර පද ගචාපෝ
රූබර නැටුම් නටාපෝ - වල් අත්තෙන් නටාපෝ
චොඳ චොඳ නැටුම් නටාපො - අපටත් වෙත්තිල බෙදපෝ
මෙත්තට ආවා බොල දෙයියෝ
තං තදිනානේ තදිනානේ
තං තදිනානේ තදිනානේ
- වැල් කොබ්බෑ වැලකින් සැදු දුන්නක් රැගෙන ඔලගල රැහේ නායකයා දැන් මෙතනට එනවා
නංගිට නටන්ට ලස්සන බෙර පද වයාපන්
අතු මිටියක් ගෙන සොලවමින් ලස්සනට නටාපන්
හොඳින් නටනා ගමන් අපටත් බුලත් දීපන්
ආශ්‍රිත කෘති:
• ලංකාවේ සංගීත සම්භවය - සී ද එස් කුලතිලක - ඇස් ගොඩගේ ප්‍රකාශන (1974) 2007
• ජනකවි - 1 - ජාතික අධ්‍යාපන ආයතනය - 1994
• බින්තැන්නේ වැද්දෝ - සඳරුවන් ලොකුහේවා - සරසවි ප්‍රකාශන - 2009
සංස්කරණය - 1
'හිතක පිපුණු මල්' චිත්‍රපටියේ අනෙකුත් ගීත:
Read More!

- ආශා දහසක් දෑසේ ලියැවේ ලියැවේ - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ - ජෝතිපාල, රංජනී පෙරේරා
- චංචල නූපුර කිංකිණි ජාලේ - ධර්මසිරි ගමගේ - සුජාතා අත්තනායක
- කමලාසණී වන්දනී - ධර්මසිරි ගමගේ - පී. වී. නන්දසිරි
- කිරි සයුරින් මතුවූ කිරි බුබුලක් - වික්ටර් රත්නායක, විමල් ජේ. සාගර ඇතුළු පිරිස
- මා මිනි මාමිනි මා දෙයියා - දොස්තර ආර් ඒ ස්පිට්ල් - විමල් ජේ. සාගර ඇතුළු පිරිස
- පුංචි පුංචි පුංචි පැංචි කාලේ – ධර්මසිරි ගමගේ - එම්. එස්. ප්‍රනාන්දු (ධර්මසිරි ගමගේ)
- රැඟුම් ගැයුම් වැයුම් / No West No East - ධර්මසිරි ගමගේ / ගරු මර්සලින් ජයකොඩි පියතුමා - නන්දා මාලිනී / ඩැල්රීන් ආනෝල්ඩා
- වෙන්නිල් උලිකුම් - දෙමළ ගීයක් 'චංචල නූපුර' තනුවටම - යෝගා බාලචන්ද්‍රන් - සුජාතා අත්තනායක