මිහිරි මධුර ස්වරය නිසා නොබෝ කලකින්ම, ඇයව බොහෝ චිත්‍රපට අධ්‍යක්ෂක වරුන් විසින්, ඔවුනගේ නිර්මාණ සඳහා තෝරාගන්න ලදී.පසු කාලීනව මිනර්වා නාට්‍ය කණ්ඩායමේ නිර්මාණ සඳහා, ඈ බොහෝ සෙයින් තම දායකත්වය පලකලාය.
ඉතා සෝචනීය ලෙස 1978 සැප්තැම්බර් මස 28දා ඇය හදිසි රිය අනතුරකින් මියයනවිට, අවුරුදු 9 ක ගැටයකු වූ මට, එම පුවත අසා මගේ මෑණියන් බොහෝ සෙයින් කම්පා වුනා හොඳින් මතකය. මුලින්ම ලංකාවේ ගීත කෝකිලාවිය ලෙස විරුදාවලි ලැබූයේ රුක්මණී දේවියයි.
ඇයගේ ගීත ස්වල්පයක් සහෘද මනස තුටු පහටු වනු පිණිස මෙසේ ගොනු කොට තබමි.
හිතවත් සොයුරු නුවන් තිලංගගේ ඉල්ලීම පරිදි 2012 - අගෝස්තු සංස්කරණය කරන ලදී.
[ගීත වල නාමයන් සිංහලෙන් ඇති බැවින් සීඩී / ඩීවීඩී තැටිවල වාදනයේදී තිරයේ නාමයන් දිස් නොවීමට පුලුවන]
0 ප්‍රතිචාර :
Post a Comment