මදෑ ඉතින් "දල්වව් බැති ආදර පෙම් - ජාතිය පොබයා ලෝ තුල්" කිය කියා හිටියා. කාලේ තාලෙට හැඩනොගැසෙන්නාට වෙන්නේ අලාභයක්ම කියල ඒකාලේ සිංහල පොතක අන්තිමට වගේ තිබ්බ "හණමිටිය" කවි පන්තියේ උගන්නල තිබ්බ. පොඩි රීමිස් පාරක් දාලා රවීන්ද්‍ර රූපසේන ගයාපු මේ ගීය මේ වැඩේට කදිම ආරම්භයක්. "හෝස්-පවර්" අස්සයො ඇරුණම වෙන සතුන්ගෙනුත් ගන්න පුලුවන් කියල තේරුණේ "විද්‍යාව"ට පින්සිද්ධ වෙන්න. එකෙක් මදිනම් දෙන්නෙක් දාලත් අදින්න පුලුවන් "පවර්" එක වැඩි කරගන්න...ජහ් මහ් මගෙ වයිර පුතා...
මේ ගමනට කියපු සතා...
තණකොළ දෙනවා දිය නාවාලා...
වැඩි දුර නෑ හනික යමන්...
මගෙ මේ රේස් කරත්තේ....
මේ පෙරේද ගත්තේ
මේ ගම පැත්තේ
ඒකයි බලා සිටින්නේ.....
ඔය කාර් එක වාගේ වියදම නෑනේ
වයිරා තමයි අදින්නේ....
ජය මගුල් පරස්තා
කොයික වුණාදෙන්
මේකෙන් මගේ ගමන්....
තාර පාරේ වැල්ලේ....
මඩ වගුරේ හෝ
කළුගල් ලෑව පාරේ ඔහේ දුවාවී....
මහ රෑ තිස්සේ - හෝ වැස්සේ
වයිරා මගේ දුවාවී....
වැඩේට හරියයි මෙය මාගේ
මොනවටද කැලේ මෝටර්....