රන් වීණාවක සත්සර රැව්දෙන නව යෞවන වයසයි....

රන් වීණාවක
සත්සර රැව්දෙන
නව යෞවන වයසයි....
මල් කෙමි පිපිරී
රන් මධු ඉහිරී
ඉහිරෙන බව පවසයි.....

දැතට හකුලා - සතර දිගන්තය
ජීවන උයනට - වඩින වසන්තය
අනන්ත රස කළඹයි........

හිතේ තියා උන් - ළයට තුරුල් කර
විසිතුරු අරුමැසි - සිහින කතන්දර
රහස් වැලක් කොඳුරයි........

රිදී විමානෙන් - සිතුම් පැතුම් හල්
ඇදී ඇදී යයි - යොදුන් ගනන් දුර
සුපුන් සඳක් වතලයි......



"අපරාධය හා දඬුවම" මට අනුව පිටසක්වල ජීවීනගෙන් උදව් පදව් ලබාගත් චිත්‍රපටියකි...

ප්‍රේමසිරි කේමදාසටත්, ඔගස්ටස් විනියාගරත්නම්ටත්, කරුණාරත්න අබේසේකරයනටත් පිටසක්වල ජීවීන් ආවේස වුණු සැටියකි..

මා ඉමහත් ප්‍රියකරන "මිහිරෙන් මා දිනු බාල ලඳුන්.." ගීයද ඇත්තේ මෙහිය....
"මිහිරෙන් මා දිනු..." ගීයෙහිත් "රන් වීණාවක.." ගීයෙහිත් ඉතා ලඟින් යන බටනලා වාදනයකි...

චිත්‍රපටියේ තේමාව කුමක් වුවද එකෙනකට වෙනස්ම පරාසයක ගී නිමැවුණේ පිටසක්වල බලවේගයකින් බව නිසැකය..

"අද රෑ අද රෑ අද විතරයි..
හෙට රෑ හෙට රෑ එයිද සැකයි
චංචල ලෝකය අමතක කරලන...
ආ....ආ.... ආ.... ආ...ආදරේ...."

ඒ දින කිහිපය පමණක් මෙලොව රැඳී ඔබලා ආපසු ගියේ මන්ද?
බලා හිඳිමි නැවත එනතුරු..."

සම්පූර්ණ චිත්‍රපටයම ජාලයට එක්කල මහත්මාට ඉමහත් ස්තූතිය

43 comments :

  1. තිස්‌ස මේ ගීතය තෝරාගැනීම ම නෙවෙයි කාරණය

    පිටසක්‌වල ජීවීන් කථාව

    ඒ වදන් යුගලය හොඳටම ඇති ඔබේ අදහස්‌ කැටිකොට දක්‌වන්නට

    කේමදාසයන් විසින් සැනසුම කොතනද සඳහා හැදූ //ආදරයේ රන් විමනේ මැණික්‌ හඳක්‌ පායාලා // මේ ගීතයේ නිවුන් සහෝදරිය ලෙස මම දකිනවා

    මේ ගීත යුගලයෙන්ම ලතා වල්පොල ව කේමදාස මාස්‌ටර් විසින් පිටසක්‌වලට රැගෙන ගිය බවයි මගේ නම් අදහස

    ඒ කාලයේම ඇහුණු අනෙකුත් ගී අතර මේ දෙකේ වෙනස බොහොම පැහැදිලිව තේරුණා



    ReplyDelete
    Replies
    1. විසිවැනි දසමස්ථානයටම හරි!!

      "ආදරයේ රන් විමණේ.." එක්ක පට-නොලැවෙන අවස්ථා අල්පයි

      Delete
  2. මොකද මන්ද, මාතලන් චිත්‍රපටයේ ඇරුනම ලතාගේ චිත්‍රපට ගීත ගායනයට මගේ හිත යන්නේ නැහැ. ඇගේ උච්ච ස්වරය වෙන්න ඇති. මේක සුජාතා අත්තනායක කිව්වා නම් කැමති වෙන්න තිබ්බා.

    ReplyDelete
    Replies
    1. වෙනස් රස වින්දනයක්!

      Delete
    2. සුජාතාට සහ ටී එම්ට මාලගිරාවිය මාලපොටක් ගෙන සින්දුවට ජනාධිපති සම්මාන ලැබුනම ගිහින් කේමදාසට කිව්වලු, මාස්ටර් මම මෙච්චරකල් සින්දු කියල නොලැබිච්චි ජනාධිපති සම්මානෙ ලැබුනෙ වචනයක්වත් නොකිය නිකම්ම හූම් හූම් කියාපු සින්දුවටනෙ කියල.

      Delete
    3. මම අහල තියෙන්නෙ ටිකක් වෙනස් විදිහකට - ඕකට සම්මානය ලැබුණෙ ටී එම්ට විතරලු - මං ගැන වගක්වත් නෑ කියල තමා දොස් කියල තියෙන්නෙ ඉන්දික

      Delete
  3. අපරාධය හා දඬුවම කියලා සිත්තරපටියක් ආවද? හුට්ට පටස්! දන්නෙත් අදයි.

    ඔන්න වයසක ඩෑල් ආස්සරේ කරන එකේ වාසිය. පෙර නෑසූ පරණ කතා අහන්ට පුළුවන්. :-D

    උපේක්සා දැරිවි කිවුවා වගේ ලතාගෙ උච්ච හඬ නිකං මැච් වෙන්නැති මැච් වෙන්නැති ගතියක් දැනෙනවා තමා. මියුසික් නම් අනිවා පිටසක්වලින් ගෙනාපුවා තමා.

    ReplyDelete
    Replies
    1. ඔන්න සිත්තරේ සම්පූර්ණැයෙන්ම තියෙනව ලින්ක් එකේ..
      ශ්‍රියාණිලගෙ නම් එහෙම යන්න අන්තිමට - කොහොමද ස්ටාර්ස්ලා ඒ කාලේ...
      සම්පත් ශ්‍රී නන්දලෝචන බලාගන්න, ක්‍රිස්ටීන් ප්‍රනාන්දුගෙ සින්දු අහගන්න ඔන්න පිචෑර් එක...
      කාටද හෑබෑටම වයසක ඩෑල් කීවේ ඈ??????

      Delete
    2. අපරාධය හා දඬුවම කියල සිත්තරපටියක් ආවද? x2

      Delete
  4. පිළිගන්න නැවතත් තිස්ස දොඩන්ගොඩ ඔබ සමග වේදිකාවේ .....
    බොහොම ස්තුතියි තිස්ස අය්යේ ...

    ReplyDelete
  5. ලතාගේ තවත් පැරණි සිංදුවක් විතරයි තිස්ස, ඒත් රහ වින්දා, ස්තුතියි. ගීයේ පින්තූරේ ඉන්න කෙල්ල නම් ලස්සනයි, සම්බන්ධයක් තියේද රූපෙට?

    ReplyDelete
    Replies
    1. මේක හරිම අඩුවෙන්ම ඇහෙන ගීයක්
      ගුවන් විදුලියෙත් ඩිජිටල් තාක්ෂණයට ගෙන නැහැ තවම

      රූපෙට නම් සම්බන්ධයක් නෑ ඒත් - දැකපු ගමන් ඈගේ සිරියාව කොමළ මූණේ සිහිය නැතුව වාගේ ඒක මෙතැන දමන්ට හිතුනානේ ;-)

      Delete
  6. තදින් සිත් බැඳගත් ගීයක්. අදටත් අහන්න ආසා හිතෙන, නියම ලාංකිකත්වය පෙන්වන, ස්වතන්ත්‍ර නිර්මාණයක්. අගය කියා නිමකළ නොහැකියි. අපේ තාරුණ්‍යයේ ප්‍රේමය කැටිකොටගෙන තිබීම නිසා, අදත් මේ ගීත අපේ මනසේ රැඳී තිබෙනවා.

    ඔබට බොහොම ස්තුතියි මා අතීතයට රැගෙන ගියාට.

    ReplyDelete
    Replies
    1. විචාරක මහත්තයලට මේ ගතිය එක මිටට අහුවෙනවා...
      මටත් ඒ හැඟීමෙන් මිදෙන්න බෑ මේවා ඇහෙනකොට...

      Delete
  7. බුරා කියුවා වගේ වයසක ඩයල් අඳුනන එකේ හොඳකුත් තියෙනවා.. :)

    ReplyDelete
    Replies
    1. චැහ් මේ, බුරා යෝජනා කරනවා, මම සම්මත කරනවා වගේ වැඩක් නොවැ :-(

      Delete
  8. මිහිරියි.... සුමධුරයි... අගෙයි...!!
    කාලෙකට පස්සෙ අහන්න ලැබුණ මේ ගීතයත් එක්ක ම තවත් ගීතයක් මතකයට නැඟුණා..

    ධර්මදාස වල්පොල මහත්මයා ගයන " සිරිකත එන මඟ ළා තණ ගොබ මත පිනි කැට අතුරාලා.........." කියන ගීතයෙයි මේ ගීතයෙයි මොකක්දෝ බැඳීමක් මට දැනෙනවා...
    ඒකත් කේමදාස මාස්ටර්ගේමයි... මේ චිත්‍රපටයෙම ද මන්දා...

    මේ ගීත එකිනෙක බැඳිලා මතකයට නැඟෙන විට ඇතිවන හැඟීම නම් අපූරුයි...

    ගොඩක් ස්තුතියි මේ සිහි ගැන්වීම් වෙනුවෙන්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩිනලි - ඔබ සුපිරි රසිකාවියක්! දෙකක් නෑ..
      සිරිකත එන මග කලකට ඉහත මා පල කලා මෙහි..
      බන්දුල මහත්තයා ඒකේ අපූරු කමෙන්ටුවක් දමා තිබ්බා මතකයි!
      සිරිකත එන මග - ගුවන් විදුලි ගීත නාටකයක ගීයක්

      අපරාදය සහ දඬුවම චිත්‍රපටියේ ගීත හතරයි
      - මිහිරෙන් මා දිනූ බාල ලඳුන් - වික්ටර්
      - රන් වීණාවක සත්සර රැව්දෙන - ලතා
      - අද රෑ අද රෑ අද විතරයි - ක්‍රිස්ටීන්
      - චංචල සංකා අතරින් - ජෝති

      Delete
  9. හැමදාම වගේ අදත් අපූරු සින්දුවක්..මිහිරෙන් මා දිනු බාල ලඳුන් මමත් කැමතිම ගීයක් (හද ගී පොතින් පළවෙනියට ඇහුවත්)

    ReplyDelete
    Replies
    1. සෑහෙන කාලයක් සොයලයි සම්බ වුණේ රූ නෝනේ!

      Delete
  10. මගේ කම්පීතරේ මේ සින්දුව ප්ලේ වෙන්නේ නැහැනේ...
    කිව්වත් වගේ අර රූපේ ඉන්න ගෑල්ලමෙයා හරි සිරියාවයි...

    ReplyDelete
    Replies
    1. අහ් ඒ මොකෝ?
      බ්‍රව්සර් එක මාරු කරල බලමුද?

      ඒකනේ සිරියාවේ කලබල ඔච්චර ;-)

      Delete
    2. ඊයේ බ්‍රවුසර් එක මාරු කලත් හරි ගියේ නැහැ, අද ආපහු පරණ එකෙන්ම ඇහුවම අහන්න පුළුවන් උනා...
      මේවා ඉතින් තිස්ස ස්පෙෂල්...
      කලින් අහපු බවක් මතක නැහැ...

      Delete
  11. කාලෙකට පස්සේ පරණ සිත්තර පටියක් බැලුවා. ඒ කාලේ මනාලියෝ ඇඳගෙන තියෙන්නේ තනියම. සින්දුව වෙනම ඇහුවට වඩා සුන්දරයි ශ්‍රියානිගේ රූපයයි ලතාගේ හඬයි එක්කහු වුනහම.

    ReplyDelete
    Replies
    1. ඔන්න වැඩේ...!
      කොච්චර ලේසිද - ප්‍රී ෂූට් මොකුහ් නෑ - සින්දුවක් කිය කිය ඇඳගත්තා!
      බවලතෙකුටම අහුවෙන්න ඔනෑ මෙව්වා..

      Delete
  12. මේ වගේ ගීතයක් ගැනවත් මේ නමින් චිත්‍රපටියක් ගැනවත් මිට පෙර අසා තිබුනේ නැහැ.මේ වගේ සින්දු ඉතින් තිස්ස අයියාගෙන්/සින්දු ඇනෝගෙන් තමයි අපිට අහලා දැනගන්ට තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මනෝජ්ව තුන් හතර ගමනක් හෙව්ව කථා කරන්න...
      නෙළුම් යායෙදී
      බැරි වුණා...

      Delete
    2. එන්න බැරි වුනානේ එදා තිස්ස අයියා.නොවැරදීම අපි ඊලග වතාවකදී හමු වෙමු.

      Delete
    3. තිස්ස එදා ආවද? හපොයි හමු වෙලා කතා කරන්න ඕන කමින්ම හිටි කෙනෙක්. දාන ලස්සන් සින්දු සහ ලිපි වලට මම හරිම කැමතියි.

      Delete
    4. ආව ආව අජිත් මහත්තයා.. තමුන්නැහැ බොහොම බීසී මූඩ් වීමට අමතරව මම ඩිංගිත්තක් කලින් ගියා...

      Delete
  13. අර උඩින් බුරා කියපු දේ ඇර වෙන කියන්න කිසිම දෙයක් ඔළුවට එන්නේ නෑ නේ..

    ReplyDelete
    Replies
    1. බුරා මොළ සෝදන්ට දක්සපාල කෙනෙක්!

      Delete
  14. අනර්ඝ හොයාගැනීමක් නෙව. කාලෙකින් ඇහුවෙ.
    මට නම් මේ ගීතයේ වැඩිපුරම හිතට ඇල්ලුවේ නෙවිල් ප්‍රනාන්දු (ලොස් කැබැය්යෙරොස්) මහත්තයගේ ගිටාර් වාදනය. කේමදාස මාස්ටර්ගේ ඒ කාලයේ චිත්‍රපට ගීත බොහොමයක තනුව කේමදාස මාස්ටර් හැදුව නමුත්, සංගීත සංයෝජනය (orchestration) බාර දුන්නේ නෙවිල් ප්‍රනාන්දු මහත්තයාට ("නෙවිල් සහ නොයෙල්", ෂෙල්ටන් වීරරත්න). සුළං කුරුල්ලෝ, දුලීකා, රන් වීණාවක වගේ ගීත මේ විදිහට නිර්මාණය වුණ ගීත. මේ ගීතවල මුල් පටිගත කිරීමේදී ගිටාරය වාදනය කළේත් නෙවිල් ප්‍රනාන්දු. ඒ හැම ගීතයකම කේමදාස ලකුණ වගේම නෙවිල් ප්‍රනාන්දු ලකුණත් එක ලෙස තියෙනවා.

    ReplyDelete
    Replies
    1. පුදුමාකාර කාලයක් මමත් හෙව්ව නිමල් අයියෙ
      ගුවන් විදිලියෙත් නැහැල්ලු (ඩිජිටයිස් කරාපූ

      භාව ප්‍රකාශනයට ඉඩ කඩ සීමා සහිත වෙනතරමටම ප්‍රකාශනයන් සියුම් හා තියුණු වෙනවද?
      අවුරුදු හතළිහක් පණහක් පරණ වෙලත් අපට නෙවිල්ව අදත් ඇහෙනව...
      2060 විතර වෙනකොට මොනව ඇහේවිද?

      Delete
  15. නෙලුම් යායේදී අඳුනා ගෙන කතා කරන්න ලැබුනේ නෑ තිස්ස ඉක්මනට ගිය නිසා

    ReplyDelete
    Replies
    1. මං උන්නෙ තමුන්නැහැ ඉන්නෙ නොරට කියල..
      හැඩ රුව ගැන හාං කවිසියක් නෑ
      හීන්දෑරි උස පැහැපත් කෙනා තමුන්නැහැද නිල් ටී කමිසයක් ඇඳන් උන්නු?

      Delete
    2. හ්ම්ම්.. ඔබතුමාට වම් පැත්තෙ aisle එකෙන් එහා.

      ආස තරම් නොරට ඉන්න ලැබිලා නෑ.
      ගිය ඔක්කොම වාරයන් එක්කහු කරාම යන්තම් මාස දෙකක් පන්න ගත්ත හැකි

      Delete
  16. මේ අපරාධය දඬුවම චිත්‍රපටිය හා දොස්තයෙව්ස්කිගේ නවකටහ්ව අතර කිසිම සම්බන්ධයක් නැහැ නේද? මට අර ලින්ක් එකට යන්න බැහැ. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ.. ඒ දෙක අතර සම්බන්ධයක් නෑ
      සිත්තරේ එතැනින් අයින් කරලා වාගෙයි ;-)

      Delete
  17. ඔබේ "හඳ ගී පොත" මං කියවන්නෙ බොහොම කල් ඉදලා, හරියට බැලුවොත් අවුරුදු 7ක ඉදලා.. හොයා ගන්න අමාරු රසවත් ගීත රසවත් ඉදිරිපත් කිරිමත් එක්ක ගැලපුනාම පරිපූර්ණයි. ඔබට ස්තුතියි,, ඔබේ ලියමන් මගෙ ජිවිතේ ඉතාම හුදකලාවෙන් ගෙවුනු කාලයක් සැහෙන්න එළිය කලා..

    ReplyDelete

 
Blogger Wordpress Gadgets