Showing posts with label ෂෙල්ටන් ප්‍රේමරත්න. Show all posts
Showing posts with label ෂෙල්ටන් ප්‍රේමරත්න. Show all posts

යමු දෙන්නා...!

'හිතක පිපුණු මල්' චිත්‍රපටිය සංගීත ලෝලීන් වන අපට මහරු මිණකි!

එහි අඩංගු ගී වල විවිධ හැඩතල ඇත: කථා කල යුතු බොහෝ දේ ඇත!!

ෂෙල්ටන් ප්‍රේමරත්නයක් විවිධ අවස්ථාවලදී තුමූම පළකල අදහස් හැරුණු කොට මේ ගී සම්බන්ධයෙන් යම් මට්ටමක හෝ කතිකාවක් ඇති නොවුණේ මන්ද යන්න  විමැසිය යුතු කාරණයකි.

එකකට එකක් වෙනස් හැඩතල වලින් යුතු ඒ ගී කට්ටලය මෙසේ වේ:
  • ආශා දහසක් දෑසේ ලියැවේ ලියැවේ - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ - ජෝතිපාල, රංජනී පෙරේරා
  • චංචල නූපුර කිංකිණි ජාලේ - ධර්මසිරි ගමගේ - සුජාතා අත්තනායක
  • කමලාසණී වන්දනී - ධර්මසිරි ගමගේ - පී. වී. නන්දසිරි
  • කිරි සයුරින් මතුවූ කිරි බුබුලක් - වික්ටර් රත්නායක, විමල් ජේ. සාගර ඇතුළු පිරිස
  • මා මිනි මාමිනි මා දෙයියා - දොස්තර ආර් ඒ ස්පිට්ල් - විමල් ජේ. සාගර ඇතුළු පිරිස
  • පුංචි පුංචි පුංචි පැංචි කාලේ – ධර්මසිරි ගමගේ - එම්. එස්. ප්‍රනාන්දු (ධර්මසිරි ගමගේ)
  • රැඟුම් ගැයුම් වැයුම් / No West No East - ධර්මසිරි ගමගේ / ගරු මර්සලින් ජයකොඩි පියතුමා -    නන්දා මාලිනී / ඩැල්රීන් ආනෝල්ඩා
  • වෙන්නිල් උලිකුම් - දෙමළ ගීයක් 'චංචල නූපුර' තනුවටම - යෝගා බාලචන්ද්‍රන් - සුජාතා අත්තනායක
මේ සමූහයෙන් අප හද බැන්දාවූ  'මා මිනි මාමිනි මා දෙයියා..' ගැන අද කථා කරමු.

සතුන් 'විද' දඩයමෙන් ජීවත් වූ (ව්‍යාධ - වැදි) වැදි ජනයාගේ ඇදහීම් වඩාත් කිට්ටු වන්නේ ආර්‍යයනට වඩා ද්‍රවිඩ හා යක්ෂ ගෝත්‍රිකයන්ගේ වත් පිළිවෙත්වලට බව පොත් පත්හි සඳහන්ය. සිංහල යාතුකර්මවල මෙන් බෙර, බොහෝ අවස්ථාවලදී භාවිතා නොවූවද යටිබඩට තට්ටු කරමින් නැටීම ඔවුනට ආවේණික යැයිද සඳහන්ය.

වැදි සංස්කෘතිය පෙරළා බැලීමට අතීතයේ උනන්දු වූ සුදු මහත්වරුන් අතරින්  දොස්තර ආර් ඒ ස්පිටල් මහතාට වැදගත් තැනක් හිමිවේ. ඉහත අප කී 'හිතක පිපුණු මල්' සිත්තමේ අපූරු වැදි ගීයට පද සැපයෙන්නේද ඒ මහතාගේ උනන්දුවට පින්සිදුවන්නටය.

එකටෙක යා නොදෙන වැදි ගී කිහිපයක පද අමුණා නිමැවූ 'මා මිනි මාමිනි මාදෙ‍යියා' ගී පද වැල, කර්ණ රසායන ගීයක් බවට පෙරලන්නේ ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ය.

ගීය අසමින්ම එහි පදවැලත්, පදරුතත් යම් පමණෙකින් විමසමු.
[මෙහිදී අපට උදව්වන්නේ 'සඳරුවන් ලොකුහේවා' මහතා ලියූ "බින්තැන්නේ වැද්දෝ" හා ජාතික අධ්‍යාපන ආයතනයෙන් මුද්‍රණය කල "ජනකවි - 1" යන කෘති ද්වයයි.]

 
[මුල් ගීය - මෙහි අග කොටස සම්පූර්ණයෙන්ම නැත]


[මියුරු ගී වෙබ් අඩවියෙන් උපුටාගත් පසු පටිගත කිරීමක් - පද සංයෝජනය තරමක් වෙනස්කර ඇති වුවද අග කොටස සම්පූර්ණයෙන්ම ඇත.]

දඩයම් යාදින්නක්, වන සැරියක්, නායකයා පිළිගැනීමක් ආදී වැදි ගී කිහිපයක කොටස් වලින් මේ ගීය සමන්විතය.

මා මිනි මා මිනි මා දෙයියා - දෙයියා දෙයියා - දෙයිය දෙයිය දෙයිය
- තාලය ඇල්ලීමේ තානම් පදය

කාබෙන් පා බල යක්ගම වේ - යමු දෙන්නා
- යක්-ගම (යක්කම) නම් නෑ යකුන් පිදීමේ යාතුකර්මයයි. සම්පූර්ණ පදයේ අර්ථය පැහැදිළි නැතත් දඩයමේ යාමට පෙර නෑ යකුන්ගෙන් ඒ සාර්ථක වෙන පිහිට පතා  දෙන්නාත් සමග යමු යැයි කීවක් සේ හැඟෙයි!

බිමින් යන්නට බොල් පිනි බැරිනම්
බැරිනම් - බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම්
වඩනා මීමා ලණු බැඳ ගන් - යමු දෙන්නා....

මීමා පිටේ යමු දෙන්නා - ගෝ බිඳු කැලේ යමු දෙන්නා....
- පොළවේ පිනි නිසා සීතල නම් දඩයම් මීමා ලණුවෙන් බැඳ ඌ පිට 'තලගොයින් දඩයමේ' [ගෝ බිඳු] යමු යැයි පෙම්වතා පෙම්වතියට කියයි

ගෝයා පුච්චා කමු දෙන්නා - ගෝ කුර පුච්චා කමු දෙන්නා
ගෝ ටොඹු පුච්චා කමු දෙන්නා - ගෝ බඩවැල් ටික තට දෙඤ්ඤා

ගෝ බඩවැල් ටික තට දෙඤ්ඤා...
ගෝ අකුමා ටික මා කඤ්ඤා....
- තලගොයා පුච්චා කමු, කුර සහිත ගාත් පුච්චා කමු, වල්ගයත් [ටොඹු] පුච්චා කමු
[ඉනික්බිති හොඳම හරිය වන] අක්මාව මම කන්නම්, තිට බඩවැල් ටික දෙන්නම් [පෙම්වතාගෙන් පෙම්වතියට විහිළුවකි!]

වැල් කොබ්බෑ වැල දුන්න නමාගෙන - එන්නේ ඔලගල මා ලොකුවෝ....

අඟර නැටුම් නටන නංගිට - රූබර බෙර පද ගචාපෝ
රූබර නැටුම් නටාපෝ - වල් අත්තෙන් නටාපෝ
චොඳ චොඳ නැටුම් නටාපො - අපටත් වෙත්තිල බෙදපෝ
මෙත්තට ආවා බොල දෙයියෝ
තං තදිනානේ තදිනානේ
තං තදිනානේ තදිනානේ
- වැල් කොබ්බෑ වැලකින් සැදු දුන්නක් රැගෙන ඔලගල රැහේ නායකයා දැන් මෙතනට එනවා
නංගිට නටන්ට ලස්සන බෙර පද වයාපන්
අතු මිටියක් ගෙන සොලවමින්  ලස්සනට නටාපන්
හොඳින් නටනා ගමන් අපටත් බුලත් දීපන්



ආශ්‍රිත කෘති:
ලංකාවේ සංගීත සම්භවය - සී ද එස් කුලතිලක - ඇස් ගොඩගේ ප්‍රකාශන (1974) 2007
• ජනකවි - 1 - ජාතික අධ්‍යාපන ආයතනය - 1994
• බින්තැන්නේ වැද්දෝ - සඳරුවන් ලොකුහේවා - සරසවි ප්‍රකාශන - 2009


සංස්කරණය - 1
'හිතක පිපුණු මල්' චිත්‍රපටියේ අනෙකුත් ගීත:
Read More!

"Good 'Morning' Stanley...!!



නිමිත්ත: උපේන්ද්‍ර සොයුරා ලියූ සටහන හා එයට රවීන් සොයුරා එක්කල සටහන්...

වාසනාව වැඩ ඉන්නේ.... 
විමන් තුලද දෙවියන්නේ.... 
නැහැ එය ලොව වැජඹෙන්නේ.... 
උත්සාහෙන් මිනිසුන්නේ.... 

පිපෙනා සුවඳ සිතිවිලි හදවතේයා ....
පූජා කරන්නේ දාඩිය වෙතේයා ....
බිම කල සිතට මහ සතුටක් දැනේයා.... 
මිනිසුන් තරම් බලයක් ලොව නැතේයා ....

පුතේ දුවේ මේ අහන්න ....
නොවහල් දෙනෙතින් බලන්න.... 
සුමග දිගේ පෙරට යන්න.... 
යා හැකි දුර පා නගන්න.... 

ජය ලද වෙලේ ආඩම්බර නොවේවා.... 
වැරදුනු කලේ වත මුකුලිත නොවේවා.... 
දුක සැප දෙකේදිම හසරැලි නැගේවා.... 
සිතුවිලි තරුව එඩිතර වී දිලේවා.... 

පුතේ දුවේ මේ අහන්න.... 
නොවහල් දෙනෙතින් බලන්න ....
සුමග දිගේ පෙරට යන්න ....
යා හැකි දුර පා නගන්න.... 

ඕන්නම් බාගන්න....

ගී පද රචනය: ආර් ප්‍රේමදාස ශූරීන් 
තනුව: ෂෙල්ටන් ප්‍රේමරත්න සංගීතවේදියානන්
ගායනය: රාජ්‍ය සංගීත කණ්ඩායම
Read More!

මා ඔබ හඳුනා ගත්තේ ඒ සුන්බුන් අළලා...


තෑගි ගන්නට ලැයිස්තු හදන කාලයත්, ඒ එක්කම ආටෝරාසියක් ආර්ථික ප්‍රස්නත් සාදා දෙන, අවුරුද්දේ දෙකන්සෙන්ම ඩා බිඳු වැගිරෙන කාලය පැමිණ ඇත. ඉන්න හිටින්නට ගෙයක් දොරක් හදාගන්නා කාලයේ මට වැඩිහිටියෙක් උපදෙස් දුන්නේ ගඩොල්, හුණු වැනි දේශීය ගොඩනැගිලි අමුද්‍රව්‍ය මිලදී ගැනීමටද සුදුසු අලුත් අවුරුද්දට පෙර කාලයය කියාය. මිල ඉහල යනතුරු අට්ටි ගසා නොසිට ඉක්මණින් මුදල් කරගැනීමට විකුණන බැවින් සාධාරණ මුදලකට දෙපක්සයටම අසාධාරණයක් නොවන පරිදි ඒ කාලයට ඒවා මිලදී ගත හැක. ප්‍රායෝගික උපදෙසකි.

බලා ඉන්නවුණට 'මෙච්චර කල් රෙදි නැතිව හිටියාද' සිතෙන තරමට රෙදි පිළි තෑගි ලෙස ගැනීමට අලුත් අවුරුදු කාලයේ උනන්දුවක් ඇත. මම එහි වරදක් නොදකිමි.  ඒ ලැබෙන තෑග්ගක් 'අම්මා අවුරුද්දට දුන් කමිසය / කලිසම' යැයි සිතමින්, ඒ හැඟීමෙන්ම ඇඳුම දිරාපත් වනතුරුම භාවිතා කල හැකි බැවිනි. එසේ වුවුද මෙසේ යහපත් සිතින් ඤාති මිත්‍රාදීන් වෙත දීම සඳහා තෑගි ගන්නට උනන්දු වෙන අහිංසක මිනිසුන් අතර තෙරපෙමින් තම නුසුන් ආශාවන් සන්තර්පණය කරගැනීමට සැරි සැරූ අපූරු පුද්ගලයෙක් මහරගම පොලීසිය විසින් අල්ලා ගැනීමට සමත්ව තිබූ බවක් පුවත්පතක සඳහන්ව තිබිණි! අඳෝමැයි - අන් අරමුණක යෙදී උන් මිනිසුන් අතර නොමිනිස් ගති සොබා විහිදන්නට මිනිසුන් පෙලඹෙන මනෝ භාවය කවරක්ද??

හද ගී පොතටද ඒ පටන් ගත්දා සිට යම් යම් තෑගි ලැබී ඇත. කාංසිය නිවාගැනීමටත් මා කැමති සිංහල ගීත ජාල ගත කොට එක තැනක තබා ගැනීමට තිබූ වුවමණාවත්, නිතර ප්‍රචාරය නොවන රසවත් සිංහල ගී, සුලු මට්ටමකින් හෝ නැවත ඉස්මතු කොට දැක්වීමත් අරමුණු කොට ගෙන පටන් ගත් මේ කටයුත්ත වියතුන්, රසවතුන් හා දානපතීන් ගේ ආගමනය හේතු කොටගෙන මෙතුවක් කල් දක්වා කරගෙන ආ හැකි විය.

මේ කටයුත්තේදී මා මුලින්ම ඉතාමත්ම සතුටට පත්වූ දිනය නම් හෂිත අබේවර්ධනයන්ගෙන්  සුනිල් ශාන්තයන් ගයන 'හමල් මරූ - ජහස් සුයු - හස්සන් දල්ලා' ගීයට අර්ථකථන සැපයුණු දාය. බොහෝ ඇසූ පිරූ තැන් ඇති හෂිත, සීගිරි ගී පිළිබඳ ලියවුණු පරණවිතාණයන්ගේ සියලුම පොත් පත් වාගේ පරිහරණය කොට ඇති බවක්ද පසුව කීවා මතකය. තේරුමක් නොදැන පෙමින් බැඳුණු ඒ ගීයේ අපූරු සංකල්පනාව පහදා දීම හද ගී පොතට ලැබුණු මුල්ම තෑග්ගයි.

අහසින් කඩා පාත්වූවා මෙන් ඊලඟට ලැබුණේ  තාමත් චිරි චිරි හඬ දෙන ග්‍රැමෆෝන් ගී ගොන්නකි. ඒ බුරාතීනෝ නමින් තමන්ව හඳුන්වාගන්නා කෙනෙකුගෙනි. නමක් ගමක් බ්ලොගයක් නැති වුවුද බොහෝ බ්ලොග් අතර සැරි සරමින්, දන්නා යමක් වරෙක උපහාසාත්මකවත්, වරෙක ප්‍රහසනාත්මකවත්, වරෙක අතිශය වියත් බවකිනුත් බෙදාහදා ගැනීමට බුරාතීනෝ රුසියෙකි. පැ‍රැණි ගී අතර සැරි සරන්නෙකුට ඒ වාගේ තෑග්ගක වටිනා කම මිල කල හැකිද?

ඉඳහිට මුණගැසුණු පැරැණි කලාකරුවන් කිහිපදෙනෙකුන් හා තවත් පිරිසකුත් එකතු කර ඔවුනගේ සුභ සාධනය පිණිස යම් කටයුත්තක් කිරීමට කලෙක සිතක් ඉපිද තිබුණි. මේ පිලිබඳ ඒ හැකියාවන් ඇති අයගෙන් විමසා බලද්දී ලැබුණු ප්‍රතිචාර, ඊලඟට හද ගී පොතට ලැබුණු  තෑගියි. දුකා කලයුතු දැ 100% ක්ම වාගේ  ඇතුලත් සම්පූර්ණ සටහනක් ඉක්මණින්ම සදා එවා තිබුණි. නාලිනී රණසිංහයන් වෙනුවෙන් දායකත්වය දැරීමට නෙතු  ඉක්මණින්ම කැමතිවිය. ඒ, ඒ අවස්ථාව වෙන කාහටවත් යාවී දෝ යැයි මෙන් හදිසියකිනි. අතුල සෝමසිරි  හා කේ. සේන සඳහා දායකත්වයට කැන්ගරු දේශයේ රවී සොයුරා එක පයින්ම කැමති විය.  ශාලා ගාස්තු ගැන සංවාදයේ යෙදී සිටිනාතුර 'ආකාස කුසුම්' එක්වරම පවසා සිටියේ ඈ ඒ බාරගන්නා බවය. මගේ විශ්මිතය දු‍ටු ඈ එක් වරම ඇසුවේ 'ඇයි මදිද?' කියාය.  ඒ ඇගේ ත්‍යාගශීලිත්වයයි. බොහෝ කටයුතු සාර්ථකව නිමවා ගැනීමට හැකි යැයි පෙනෙනා මානයේ සිදුවූ යම් යම් කාරණා නිසා ඒ කර්තව්‍යය කල්දමන්නට සිදුවිය. වඳින්නට යන දේවාල සමහර අවස්ථා වල ඉහේ කඩා වැටෙනා බව ප්‍රස්ථා පිරුලකද සඳහන්ව ඇත.

ආයෙත් අලුතින්ම තැග්ගක් හම්බවිණි . ඒ තිසර ගෙනි. විමල් ජේ ශ්‍රියාරත්නයන්ගේ 'කන්දේ රන් සඳ උන්නා' ගීය ගැන සටහන පලකලාට පසුව ඒ කියවූ තිසර මා වෙත එවූයේ මා බොහෝ කලක් සොයමින් උන් ශ්‍රියාරත්නයන්ගේ 'සකුන්තලා' ගීයයි. ගීය රසාලිප්ත වුවුද සමහර පද ගායනයේදී ගීලී ඇති බවක් හැ‍ඟේ. මෙය විසඳා දුන්නේ  ඊ-මේල් කවිකාරියයි. ඇගේ වැඩුමල් සොයුරා හා ශ්‍රියාරත්න මහතා අතර ඇති මිත්‍රත්වය නිසා ගයන්නාගෙන්ම ගී පද වැල් අසාගන්නට මට හැකි විය. ඔහු හා දුරකථනයෙන් කල සංවාදය සැබැවින්ම අපූරුය. සරල තෘප්තිමත් විනෝදකාමී පුද්ගලයකු වන ශ්‍රියාරත්න මහතා හා කල ඒ සංවාදය වෙනමමම සටහනකට ගොනු කල යුත්තකි.

තෑගි දීම නොයෙක් ආකාරයෙන් කල හැක. ඇවසි වන්නේ හොඳ හිතක් පමණි. ඒ නිසා අලුත් අවුරුද්දට රෙදි කඩ ගානේ පොදි කන ජනී ජනයා ගැන කිසි ලෙසකින් හෝ අහිතක් මා සිතට නොනැඟේ. බරපතල මතවාද හරස්කොට ඒ මිනිසුන්ගේ අහිංසක වුවමනාව අඩු තක්සේරු කරන්නට මට සිත් නොදේ. හද ගී පොතට විත් 'නන්නාඳුනනා මාගේ අකුරු' වෙත තිලිණ පුද කල ඔබද එසේමය. තමන්ගේ දැනුම කාලය ශ්‍රමය හෝ ධනය යහපත් අරමුණක් වෙනුවෙන් යෙදවීමට ඔබද නොමසුරුය. ඒ ගැන බොහෝ සෙයින් කෘතඥ වෙමි. මහරගම පොලීසියෙන් අල්ලාගත් නන්නාඳුනන්නාටද අවුරුදු කන්න ගෙදර එන්න ලැබේවායි පතමු.

රන් මුදුව ගං දියේ කිඳුණා මතකය වළලා...
මා ඔබ හඳුනා ගත්තේ ඒ සුන්බුන් අළලා...
සකුන්තලා සකුන්තලා...

ශාපය මිනිසුන්ගේ ඊ පහර ලෙස වැදී....
මා පසු පස එද්දී සුළි සුලඟ ලෙස ඇදී...
දේදුණු පවුරෙන් ඈතට නොයා මෙන් රිදී...
ආදර ගඟ ගලනු දුටිමි සිනිඳු ‍රැළි දිදී...

ඇස් ඇතිනම් ලොව ඇති පුදසුන් පෙනේ නිතී...
දුෂ්මන්තට කිසිදා ඔබ අමතක නොවුණී...
බොහෝදුර ගොස් අතරමංව ලොවේ පෙම්වතුන් ....
අදත් කියති මේ ආදර  බසම සිය මුවින්....

ගීතය අහන්න... ඕන්නම් බාගන්න...

Read More!

යුග්ම තාරකා දිලිසෙන ලස්සන දෑසේ...

යුග්ම තාරකා දිලිසෙන ලස්සන දෑසේ...
පුංචි වසන්තයක් හැංගිලා..

සවන් මැදින් සීණු හඬක් හදට රිංගලා
අවිහිංසක ලොවක් නැංවිලා..

හිමාලයද ටජ්මහලද ඕනේ..

සූකිරියෙන් මාළිගාද ඕනේ...
ඇත්තෙන් මොනවද ඔයාට ඕනේ..
තරහ ගන්න එපා හිච්චි නෝනේ...

අංජනමක් බලව ගන්න ඕනේ...
හොරේ මොකද අල්ලගන්න ඕනේ...
සැනසීමක් ලබාදෙන්න ඕනේ..
ඇහැ පියාන නිදාගන්න ඕනේ...


ඕන්නම් බාගන්න....


1964 තිරගතවූ දෝස්ති චිත්‍රපටිය ඇසුරෙන් 1971 දී නිපදවූ 'කළණ මිතුරෝ'චිත්‍රපටියේ ගීයකි....
Read More!

රන්දෝ මං නුඹ හන්දා...

කන්දේ රන් සඳ උන්නා...
හැංගී රන් තරු උන්නා...
රන්දෝ මං නුඹ හන්දා...
කන්දේ පාමුල උන්නා....

සැලෙනා කහ මල් ඉත්තෙන්...
පෙණුනා
නුඹෙ අත රන්වන්....
හඬනා බඹරුන් තැන් තැන්...
ඇසුණා නුඹෙ ගී ලන්දෙන්....
දු‍ටුවා මං නුඹ නින්දෙන්....
එනවා බැහැගෙන කන්දෙන්....
පිපුනා මදු මල් බැද්දෙන්....
හැඬුවා මොණරුන් සද්දෙන්

බැන්දෙ ගෙවැට කවුරුන්...
ඉන්නේ තනියට කවුරුන්....
ගන්නේ ආදර කවුරුන්....
දුන්නේ මට දුක කවුරුන්....
හැංගී රන් සඳ යන්නා....
හැංගී රන් තරු යන්නා...
රන්දෝ මං නුඹ හන්දා...
ගම දා යන්නට යන්නා....


Read More!

ආලේ මිහිර පෙන්නා... | හෙලේ වලේ ලෝ එලමා...

මින් අවුරුදු දහයකට දොලහකට පමණ පෙර යුරෝපීය රටක පුහුණුවක් සදහා යාමට මට අවස්ථාවක් ලැබුණි... මාස එකහමාරක පමණ කාලයක් ගතවන ඒ පුහුණුවට මගෙන් පසු යාමට ලැබුනේ අලුතින් පත්වූ මගේ කලමණාකාරවරයාටය... රාජ්‍ය සේවයේදී විදේශීය පුහුණු වලට ඇති පොරය දන්නේ රාජ්‍ය අංශයේ සේවය කල අයම පමණි... යන්නාවූ රට ආර්ථික වශයෙන් ලංකාවට වඩා ඉහල තැනක ඇත්තක් නම් මේ පොරය ඉතාම උග්‍රවේ...

මෙවැනි බොහෝ පුහුණු පාඨාමාලා අවසානයේ සංස්කෘතික දැක්මක් අනිවාර්‍ය වේ... සහභාගී වන්නන්ද තමතමනට ආවේණික සංස්කෘතිකාංගයක් එලිදැක්වීමද කලයුතු වන අවස්ථාද සුලභ වේ... ඊලඟට පුහුණුව සඳහා යායුතුව තිබූ මගේ කණිෂ්ඨ සගයාද පසෙකට තල්ලු කොට, මේ ගමන ගොස් පැමිණි කලමනාකරු, ගමන් විස්තර විමසනාතුරේදී මෙවැණි කථාවක් අප හමුවේ තැබීය... "බලන්නකෝ මේ හැම රටකම මිනිස්සුන්ට ඒගොල්ලන්ගේ කියලා ඉදිරිපත් කරන්න යමක් තියනවා.. අපිට මොකුත් නෑනේ...!"
------------------------------------------------------------------------------------------------------
1950 අග භාගයේ චිත්‍රපට ගීතය අරක්ගෙන තිබුණු ඉන්දියානු ආවේශයට නොබියව මුහුණ දුන් තවත් එක් අසහාය කලාකරුවෙක් නම් ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ය... 1958 "එකමත් එක රටක" චිත්‍රපටියේ සිට 1994 "යුවතිපති" චිත්‍රපටය දක්වා චිත්‍රපට දහතුනකට පමණ හේ නොබියව ස්වතන්ත්‍ර තණු නිර්මාණය කලේය... පලමු, දෙවනි චිත්‍රපට ගී ජනප්‍රිය නොවුනද 1959 දී "The Fabulous Señorita" (හින්දි - "අල්බේලා" - රාමචන්ද්‍ර 1951) ඇසුරෙන් නිපදවුනු "ගැහැණු ගැට" චිත්‍රපටයේ එන "ආලේ මිහිර පෙන්නා..." නැමැති මේ ගීය අදද බොහෝ කන්කළුය... මා මේ ගීයට තවත් ප්‍රිය කරණ තවත් හේතුවක් නම් මේ ගීය ෂෙල්ටන් ප්‍රේමරත්නයන් විසින්ම සර්පිනාව වයමින් ගායනාකරනවා මා අසා තිබීමය... පසුබිමින් ඇහෙන සතුන්ගේ නාද පලමු වරට අත්හදා බැලීමක් ලෙස ගීයට එක්කල බව ඔහු එදා කීවේය... එච් ආර් ජෝතිපාලයන් හා ඇන්ජලීන් ගුණතිලකයන් ගේ බොහෝ සොඳුරු තාරුණ්‍යයේ කටහඬද මේ ගීයට මුසු වී ඇත්තේය... ගීයේ පද නිර්මාණය සිසිරකුමාර මානික්ක ආරච්චි කලාකරුවාණන්ගෙනි...

"හෙලවෙන කොට වැල් පාලම...", "යුද්දෙට මං ගියා..." ඇතුලු ගීත ඇති හෙන්රි ජයසේනයන්ගේ "හුණු වටයේ කථාවේ සංගීතයද ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේය... මේවායින් බොහෝ කලකට පසුව වුවද පද රචනය කොට තණු නිමවා කාංචනා සඳමාලී විසින් ගයන්නා කරවන්නට යෙදුන "හෙලේ වලේ ලෝ එලමා..." ගීතයද, ෂෙල්ටන් ප්‍රේමරත්නයන්, රුසියාවට ශිෂ්‍යත්වයක් ලැබ ගොස් ආපසු පැමිණ "ස්වර හතරක් තියාගෙන අපේ සංගීතයෙන් මොකක්ද කරන්න පුලුවන්...?" යැයි ඇසූවනට මුවින් නොබැන දුන් පිලිතුරු වලට තවත් ජීවමාන සාක්කියකි...

ආලේ මිහිර පෙන්නා සියොතුන් නාද දෙන්නා...
මලිති ගිරා ළිහිණින් පෙම් ගී ගයන්නා...
මල් පිපිලා තුරුලිය මාරුතේ සැලෙන්නා...
හෝ....ඕ...

ආලේ මිහිර පෙන්නා සියොතුන් නාද දෙන්නා...
පොකුණු ජලේ සියපෙති පිපීලා දිලෙන්නා...
පිල් විදහා මොණරුන් ඒ බලා නටන්නා...
හෝ....ඕ... ම්ම්ම් ම්ම්ම්....

මුව පැටවුන් හා රඟන නිදැල්ලේ....
ඕ කුරුලු කතා ඇසේ අසල කැදැල්ලේ...
ගිජිඳුන්ගේ ආලෙන් වනමල් සිනාසේ...
ආදරේ රසේ ඒ තමා ලොවේ...
ආලේ මිහිර...

නාඹර ප්‍රේමේ ජයකොඩි බන්දා...
ඒ ප්‍රේම කිරුල ඔබේ හිසේ පලන්දා...
ජීවාභිෂේකෙන් සැනසී විනෝදෙන්...
විඳිමු ජීවිතේ ඒ අමා සුවේ...
ආලේ මිහිර....

---------------------------------------------------------------------------------

හෙලේ වලේ ලෝ එලමා.... ලේ ලකඩි ලේලෝ....
හෙලේ වලේ ලෝ එලමා.... ලේ ලකඩි ලේලෝ....
හේලයියා හේලා... හේලවලේ හේලා....
හේලයියා හේලා... හේලවලේ හේලා....

ඕරුද ලොකු මෝරූ... දඟලපි ලඟ පාරූ....
ඇදපන් දැල මාරූ... නොදොඩන් කයිවාරූ...
අඟුලෝ සාවාලයෝ කකුලුවෝ වට්ටාලයෝ...
හුංගොද ලොකු සාලයෝ... ඉන්නවා තව කීලයෝ..

හෙලේ වලේ ලෝ එලමා...

හුරුල්ලෝ ක‍ටුවල්ලෝ... තොණ්ඩයෝ කාරල්ලෝ....
බෝල්ලු කිරලාවෝ... ඉන්නව ලොකු දැල්ලෝ....
හුලුන්නෝ කන්නාවෝ... කලන්දෝ කට්ටාවෝ...
මරින්නෝ අයිරාවෝ... නගරයො පොරකෑවෝ...

හෙලේ වලේ ලෝ එලමා...

කොළඹ යවන මාලූ... ඔහෙ ඇදපන් යාලූ....
මඩියත් තදවීලූ... බරටම දැනුනේලූ....
ගින්නටි හඳපානෝ... කෑහැකි සිරිමානෝ...
හොයි ඇදපන් බෑනෝ.... මණ්ඩඩි අතපානෝ....

ගීත අහන්න... .
Read More!
 
Blogger Wordpress Gadgets