ස්මරණයන් විස්මය ජනකය. යම් සංවේදනයක් නැවත හමුවීමේදී ඒ වටා බැඳුනු අනෙකුත් මතකයන්ද එලෙසම උඩු සිතට ඒම, සිතුවිලි කාලාවරෝධ නොවේ යැයි සිතීමට අප පොළඹවයි. ලෙඛනාරක්ෂාගාරයක ඇති ලියකියවිලි මෙන් සෙවුමක් එනතුරු ඒ පෙරැලීමට බලා සිටී.
ගීත සාහිත්‍යයෙහි රස හව් විඳිනා ජනයාගෙන් ගුවන් විදිලිය බහුල වූ කාලයෙහි ඔවුහු හාත්පසින් ඇසෙනා ඒ ගී අසා පමණක් නොඉඳ ඒවායේ වාදනයන්ද කල් යල් බලා ප්‍රචාරය කරවූහ. කණ්ඩායම් ගී රස පැමිණෙනා බව හඟවන්නට "මුතු වාගේ බබලනවා" ගීයෙහි රිද්මයද, දිවා ගී තීරය හඟවන්නට "කන්දේ රන් සඳ උන්නා" හි අනුවාදනයද ඔවුහු පෙරා වෙන්කර අප දෙසවනෙහි රැඳවූහ. යටාරෝ ගීත මංජරිය වෙනුවෙන් රුක්මණී දේවියගේ "නිලම්බරේ කැලුම් පිරී.." ගීයෙහි ගිටාර් වාදනයද, තවත් එබඳු වැඩ සටහනක් සඳහා ඉන්ද්‍රානි සේනාරත්නයක්ගේ "ආවේ ආවේ බයෙන් බයෙන් මා..." ගීයෙහි වාදන ඛන්ඩයද මේවාට තවත් උදාහරණය.
සවනත වෑහෙන නානා ගීත අතුරින් යථෝක්ත ගී ම එවැනි උදෘතයන් සැකසීම සඳහා සංගීතඥයන් පෙළඹවූ කාරණාව සංගීත විෂයෙහි අල්පශෘත වූ මටනම් නොතේරේ. තේරෙන එකම දේනම් දශක තුනක් හතරක් ස්මෘති ගබඩාවෙහි රැඳි සිටීමට හැකි යමක් ඔවුන් පෙරා වෙන්කර ඉදිරිපත් කල බවය.
අහන්න බලන්න මේ කටහඬත්, පසුබිම් වාදනයත් ඔබට හුරුද කියා..
ඒ නිවුණු කටහඬක් ඇත්තා ගැන මෙතැනින් දැනගත හැකිය.
ඒ ඛන්ඩයෙහි පසුබිම් වාදනය පෙරා වෙන්කර ඇත්තේ "හඳට අඬන කිරි දරුවෝ" නම් ගීයෙනි. සිංහල සිනමාවේ අදටත් නොබිඳිය හැකි වාර්ථාවක් වන පාසැල් සිසුන් සමූහයක් විසින් කල චිත්‍රපටිය වන නිම් වලල්ලෙහි ඇතුලත් ගීයකි එය.
1970 දී පමණ තිරගත වූ එම චිත්‍රපටියේ රසාලිප්ත තවත් ගීයකි:
"නිසයුරු මුතුලැල් සැලෙන වෙලාවේ
නුරා බඳුන් සතුටින් පුරවා
සිනා මැදින් එය ලවන් සිපිද්දී
මල් කුමරුන් මල් සොයා ඇදේ.."
මහින්ද අල්ගම විසින් රචිත එම ගීයටද, අද අප රස විඳිනා පහත ගීයෙහිද සංගීතයද, එකල පාසැල් සිසුවකු වූ රංජිත් ලාල් ගෙනි. සුනිල් ආරියරත්නයන්ගේ මුල්ම චිත්‍රපට ගී රචනයද වන්නේ "හඳට අඬන කිරි දරුවෝ..." ගීයයි. එකල "අලුත් පරපුර" වූ ඔවුනගේ භාව ප්‍රකාශනයට ඔවුන් යොදාගත් මාධ්‍යය වූයේ ගැට ගැසූ කොණ්ඩයවත් තමන්ට නැගී සිටිමට පසුබිම සැකසූ දෙමව්පියන් ඇතුලු මුලු මහත් සමාජයටම වෛරී මත වපුරන පුවත් පත් සාකච්ඡාවත් නොවේ. ඔවුන් ඒ සඳහා යොදාගත්තේ නිර්මාණකරණයයි.
මේ ගී රචනාවලවල ප්‍රකාශනයත් රිද්මයත් ඒ තරුණ සංගීත වේදියා මැනවින් හඳුනාගෙන සිටියා වැන්න. එකිනෙකට වෙනස් ගී රචනා හඳුනා, ඒ සඳහා කදිම තනු යෙදූ එතුමාට අපගේ ඉමහත් කෘතවේදිත්වය පුද කරමු.

හඳට අඬන කිරි දරුවෝ...
නොනිමි ගැටළු සාගරයේ
සිතුම් පැතුම් රැළි මාලා
ආසාවේ වෙරළ වැතිර
නිරන්තරව හඬා වැටේ
බලාපොරොත්තුව වැළලූ
සොහොන් බිමේ කොත මුදුනේ
නැවුම් දුඹුල් ප්‍රාර්ථනා
විහඟ සෙනග ලැගුම් ගනී
දියේ ගිලී මිය ගිය හිරු
උනා දැමූ සළු පිලි මිස
නෙත සනහන දසුනක් නැත
දෑස දකින තෙක් මානේ
බොඳවී ගිය නිම් වලල්ල
ජීවිතයයි අනාගතේ....
Read More!
නොනිමි ගැටළු සාගරයේ
සිතුම් පැතුම් රැළි මාලා
ආසාවේ වෙරළ වැතිර
නිරන්තරව හඬා වැටේ
බලාපොරොත්තුව වැළලූ
සොහොන් බිමේ කොත මුදුනේ
නැවුම් දුඹුල් ප්‍රාර්ථනා
විහඟ සෙනග ලැගුම් ගනී
දියේ ගිලී මිය ගිය හිරු
උනා දැමූ සළු පිලි මිස
නෙත සනහන දසුනක් නැත
දෑස දකින තෙක් මානේ
බොඳවී ගිය නිම් වලල්ල
ජීවිතයයි අනාගතේ....