Showing posts with label කරුණාරත්න අබේසේකර. Show all posts
Showing posts with label කරුණාරත්න අබේසේකර. Show all posts

රූප් තෙරා මස්තානා - Your beauty intoxicates me..!!

අද නං අමාරුවෙන් එළියට පැන ගත්තෙ... මොකද කරන්නෙ අද?
මටත් ප්ලෑන් එකක් නෑ...
එහෙමනම් යමු ෂොපින් පාරක් දාන්න...
යමු....

මේක කොහොමද...
ම්ම්ම්... බලන්න ෆිටෝන් කරන් එන්න...
හරි... කොහොමද...??
ම්ම්ම්ම්... ලස්සන ටිකක් වැඩියි වාගේ....
හපොයි ඉරිසියද???
ටිකක්...!

--------------------------

උදේ ඉඳන් එල්ලන් ඉඳපු  මුදු මාල තැළි පිළි ගලවල දැම්මම හම්මේ.... නිවන් නිවන් ගියා වාගෙයි...
ඒ වුණාට ඒව එක්ක පින්තූර වලට ලස්සනට හිටියා ඔයා...
ඔව්.. ඩ්‍රෙස් කල කෙනා හොඳට කලා වැඩේ...
වොෂ් එකක් දාගෙන එන්න එහෙමනම් ඉතිරි ටිකත් බලන්න....................
හපොයි තියන හදිසියක්.......!!

---------------------------

අනේ මේ.... අරන් ආව රෙදි මදි වගේ... චූටියා ටිකක් දවසක් තියාගනී වෝඩ් එකේ මෙයාලා... ඉක්මණට ගිහිල්ලා අරගෙන එනවද තව රෙදි ටිකක්...
හරි හරි අරන් එන්නම්... අමාරුද ගොඩක්? හොඳටම තෙහෙට්ටු පාටයි... මූණ සුදු මැළි වෙලා...
ඔව්... සෑහෙන්න මහන්සි වෙන්න වුණා... දැන් ටිකක් ඇලවෙන්න ඕන...  තව ටිකකින් බේබි රූම් එකට යන්න ඕන කිරි දෙන්න ආයේ... ඔයා ඇඳුම් ටික අරන් එන්න ඉක්මණට...
හොඳයි... ඒත් ඇයි මේ අතේ කට්ටක් ගහලා...ප්ලාස්ටරේකුත් දමලා...?
ඒවා කියන්නම් පස්සේ.... ඉක්මණට ගිහින් එන්න....

-----------------------------

ස්කෑන් එකකට ගන්න වෙයි කියල කියනව ඩොක්ටර්... දැන් ඉතින් ඕක තියාගෙන ඉඳලත් වැඩක් නෑනේ... ඔන්නොහෙ අයින් කරල දාමු අනේ... මේ වේදනාව මට සැරින් සැරේ විඳින්න බෑ...
අනේ මන්දා... හැම තැනම කැපුම් අන්තිමට ඇඟේ...
ඒ වගේද මේ වේදනාව...?
සිහි නැතිකරලලුද කරනව කියන්නේ කරන්න වුණොත්...?
ඇයි සිහිය නො එයි කියල බයද ආයෙත්...?
මොනව කියනවද මන්ද... ඉන්න මම වීල් චෙයා එකක් අරන් එන්නම්... ඔහොම යන්න බෑනේ...

-----------------------------

අයියේ අක්කට ටිකක් අමාරුයි වාගේ.... දැන් සුමාන දෙකක් වුණානේ අයි සී යූ එකේම... ටිකක් කම්ප්ලිකෙට් වෙලා වාගේ රිමූව් කරන්න කරපු මුල් ඔපරේෂන් එක...
මට ඔතැනට එන්න හිතෙන්නෙ නෑ නංගී.. අක්ක හිටියැයින් බාගයයි... සේලයින් එකක්වත් දෙන්න කට්ටක් වත් ගහන්නෙ කොහොමද ඔය සරීරෙට දැන්..
ඒකට කමක් නෑ බලල එන්න... එයාට ආත්ම ධෛර්‍යය එනව ඔයා හිටියම... උදේ පොඩි දුවයි මිණිපිරියි ආවමත් හිනාවෙලා හිටියා...

-----------------------------

මහත්තය දවස් කීයක් තියාගන්නද වැඩේ කරන්න ඕන...??
ලොකු දුව එන්නේ අනිද්දාලු... එදාට වෙනකල් තිවුණම ඇති... මේ.. මේ... මම ෆොටෝ එකක් දෙන්නම් ඒ වාගේ තියෙන්න හදන්න හැකිද?
මහත්තය මේක ෆියුනරල් පාලර් එකක්... බියුටි පාලර් එකක් නෙමේනේ.... මහත්තය ඉන්නෙ ගොඩක් දුකින් තමා... ඒත්... මේ කාගෙත් ඉරණම මහත්තය...

------------------------------

"කායෝයං කුණපෙ ජාතෝ - කුණපෙ කුණපෙ රතො
ඉන්ද්‍රජාලක රූපොච බාලානමභිපත්ථිතො
අමෙජඣපොත්ථකොවායං  චිත්තිතො බාල නන්දිතො
වත්තිංස විධ කොටඨාසෝ - කෙස ලොමාදිකො අයං"

"මේ ශරීරය මුතුවකින් මැණිකකින් රනකින් රිදියකින් නිමියේ නොවෙයි....
උත්පල පදුම පුණ්ඩරිකාදීන් මෙන් අභ්‍යන්තරයෙහි සුචිපවිත්‍ර තැනක උපන්නෙත් නොවෙයි...
මවුකුස නැමැති කුණපයෙහි පණුවකු මෙන් උපන්නේය....
එසේ උපන්නා සරාගී පුරුෂ නැමැති කුණපය තෙමේ තමාට වඩා අන් කුණපයෙහි ඇලුම් කරන්නේය...
ඉන්ද්‍රජාලයෙහි පෙනීගිය රූපයක් බඳුවූ අස්ථීර වූ මේ රූපය අඥාන ජනයෝ ස්ථීරසාර දෙයකැයි ප්‍රාර්ථනා කෙරෙති....
මෙසේ මේ ශරීරය කෙසලෝමාදී වූ දෙතිස් කුණප කොටසින් යුක්ත ඇතුලෙහි කසළ පුරා පිටත සිතියම් කළ ප්‍රතිමා රූපයක් වැන්න...
එසේ පිළිකුල් වූ ශරීරය අඥාන ජනයන්ට සන්තොෂ එළවන්නේය....."

- නන්දි වාණිජ වස්තුව - සද්ධර්මාලංකාරය - පූජ්‍යාචාර්‍ය ජයබාහු ධර්මකීර්ති මහා ස්ථවිර







Read More!

මේවාට පි‍ටුපෑවද ආදරේ....?

පෙර පෙර කඳුළු කැටි දැන දැන තියන සෙනේ
තිරසර ගතිය ගැන මම සිහි කරමි පණේ
ජය පැරදුම දෙකම ඔබ හට එකද අනේ
මහ මෙර සෙලවෙතත් නොසැලේ සුදන ගුණේ

කුළුණු ගුණේ සුදන සෙණේ  - හිත උණුවන තරම අනේ
මේවාට පි‍ටුපෑවද ආදරේ - වෑවේද මේවාට පි‍ටුපෑවද ආදරේ

ඔබේ හද විමණේද කරුණාව මැවුණේ
දු‍ටු විට වත ඔබේ - සෝ දුක නිවුණේ
සෝ දුක නිවුණේ....

බේර බේර කඳුලු කැටී - වේදනාවෙ අඬමි වැටී
සීනේකි මායාවකි ආදරේ
වෑවේද මේවාට පි‍ටුපෑවද ආදරේ....

ඇට ක‍ටු මස් මාගෙ සටනක යෙදිලා
ඔබ ගුණ කියනු දැනේ - ඇඟ ලේ මිදිලා
සටනක යෙදිලා....

සුර්‍ය රජුගෙ ගගන ගැබේ
තීරසාර ගතිය ඔබේ
මේවාට පි‍ටුපැවද ආදරේ.....

බැරිවුණු විටදී පිහීටට පැමිණී
දෙවියකු වැනී ඔබ ලඟ තනි නැසුණී
මගෙ තනි නැසු
ණී ....


Read More!

පෙම් සුවඳයි මංගල සිරිදෙයි...



 
පෙම් සුවඳයි මංගල සිරිදෙයි 
සිරි බර පෙම් මල් උයනේ 
සැලළිහිණි ගිරා කැල ප්‍රේම කථාවෙන් 
නැලවෙති තුරු සෙවණේ....

පෙම් ගඟුලේ දිය බුං ගසලා
අපි කිමිදෙමු නාමු ප්‍රියේ....

මුළු ලොව ඇති හොඳ පාට එකට ගෙන  
මම ඔබෙ රුව අඳිමි හඳේ 
ඕ මම ඔබෙ රුව අඳිමි හඳේ....

පෙම් සුවඳයි....

අර සමනළයයි රතුරෝස මලයි
වගෙ පෙම් කඳ අපි දෙන්නා.....

පැණි බොන්න හිතයි ඉල්ලන්න ගොතයි
එය දෙනතුරු ඉවසන්නා
එය දෙන තුරු ඉවසන්නා... 

පෙම් සුවඳයි.... 

 
 

[පසු සටහන: මේ ගීය 1955 මාර්තු 04 තිරගත වූ අසෝකා චිත්‍රපටියෙනි... දැන් මේ ගීතයට අඩ සියවසකට ආසන්නය... රසය තවමත් නොඅඩුව තිබේ... තනුව හින්දි හෝ ද්‍රවිඩ තණුවක් බවත්, ගී පද රචකයා අසෝකා චිත්‍රපටියට ගී ලියූ කරුණාරත්න අබේසේකර, හර්බට් එම් සෙනෙවිරත්න හෝ පියසේන කොස්තා යන අයගෙන් කෙනෙකු විය හැකි බවත් මහාචාර්‍ය සුනිල් ආරියරත්නයක්නේ මතයයි. ප්‍රවීන ගුවන් විදුලි නිලදරුවකු වූ අශෝක තිලකරත්නයන්ට අනුව මේ කරුණාරත්න අබේසේකරයන්ගේය. පී එල් ඒ සෝමපාලයන්ගේ මධුර සංගීතය සංයෝජනයත් මේ ගීය අපේ ගීයක් බවට හැරවීමට ඉවහල් වී ඇත. ගීත දොලහක් අඩංගු වූ අසෝකා චිත්‍රපටියේ, 'පෙම් ගීතේ සංගීතේ නාදේ නගී....' (සත්‍යවතී), 'පෙම් පහන නිවී පෙම් මල් පරවී....' (ජී එස් බී රාණී / මොහිදීන් බෙග්), 'තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ....' (මොහිදීන් බෙග්) ගීතත් අදද එකසේ ජනප්‍රියය. අවුරුදු 13 දී පාසලේදී මේ ගිය ගයා විශාරද සනත් නන්දසිරියනට වූ හදිය මෙතැනිනුත්, අසෝකාට රඟපෑ පුෂ්පා ජෙනට්ගේ අද දවසේ විස්තර මෙතැනිනුත් කියවා දැනගත හැක.

"කන්තොරුවෙ බ්ලොග් බලන අපි වගේ උන්ට උඹේ මේ සින්දු කොහෙ බාන් අහන්නද. ඒ නිසා කතා නැතිව සින්දුව විතරක් දාන එකා කොටියම කාපිය." - ලෙස කලින් ගීයක් පමණත් දැමූ සටහනක, හෘදයංගම ප්‍රතිචාරයක් යෙදූ ඉන්දික උපශාන්ත වියුණු සටහන් කරුට උපහාරයක් පිණිස ඉහත පසු සටහන එකතු කරන ලදී. ]
Read More!

වලාකුලක් මෙන් ඇතට පාවුණ...

"මොකෝ බං උඹලට වෙලා තියෙන්නේ... ආ...?

ප්‍රශ්ණයක් තියනවානම් කථාකරලා විසඳා ගනින්කෝ...!
ඇයි සද්ද නැතුව ඉන්නේ...?

එහෙම හිටියම අනික් මනුස්සයා මොනවද හිතාගන්නේ... උඹලා බබ්බුද...??

කොන්ද පණ ඇතිව ඔතනින් ඉස්සරහට යන්න බැරි කාරණය මොකද කියලා කියන්න බැරි මොකෝ...??

එක අතකට උඹලා ඔය නපුංසක වත දිගටම ‍රැකපල්ලා..!
ඒක හොඳයි...!! ජීවිතේ ඉස්සරහට හැබෑ ප්‍රස්න එනකොට ඒවාට මූණ දෙන්න බැරිව ලැජ්ජාවට පත්වෙනවට වඩා ඒක හොඳයි...

හැබැයි හිතන්න එපා පු‍තෝ හැම දේම සරල රේඛාවක යන්නේ කියලා... ඉස්සරහා දොරෙන් දොට්ට දැම්මා කියලා හිතාගත්තට, කාලයක් ගත වෙලා උඹලට පස්ස දොරෙන් ගිහිල්ල හිඟන්න වෙන්නෙත් ඕකමයි.... උන්ට හිතේ තියන හයියෙන් අංසුවක් වත් උඹලට නෑ...!!

උන් සේරම දරාගෙන ඔය ලෝකෙට හිනාමූණ පෙන්නනගෙන ඉන්නේ කොච්චර අමාරුවෙන්ද කියලා උඹලා දන්නවද...?

හරි... උඹලා උඹලගේ කොටු කරගත්තු ලෝකේ පහසුවෙන් හිටපල්ලා...
තනතුරු, නමේ අගට එන කෑළි, අයිශ්වර්‍යා, ඕවයින් තාවකාලික ආතල් එකක් අරන් හිටපල්ලා...
හැබැයි උන් කවදා හරි උඹලට වඩා ජීවිතයේ හැබෑ සැනසිල්ල අත්විඳිනවා...
මට හොඳටම ෂුවර්...!!!

උඹලම අද පාටියේ බිල ගෙවපල්ලා... මං යනවා යන්න...."


වලාකුලක් මෙන් ඇතට පාවුණ නිම් නැති අඹර දිගේ....
පිහා‍ටුවක් ලෙස ගිලිහී විසිරුණ පියඹන කවුඩකුගේ...
නැගී බිඳුණ රළ වරළස වාගේ බොරවී ගලන ග‍ඟේ...
ඔබේ සිතින් මා සදහට අමතක කරළනු මැනවි ප්‍රියේ...
අමතක කරළනු මැනවි ප්‍රියේ...

කැලෑ මලක් ලෙස දෙපයට පැගුණ ගොරහැඩි මිනිසකුගේ....
කුණා‍ටුවක් මෙන් වියරුව විසිරී පැන ගිය වනය දිගේ....
හිඟා කකා ඔබ ගෙමිදුල වෙත ආ යාචක ලඳක වගේ...
ඔබේ සිතින් මා සදහට අමතක කරළනු මැනවි ප්‍රියේ...
අමතක කරළනු මැනවි ප්‍රියේ...

රන් මිණි දද බැඳි සුවිසල් මැදුරුද පොළවට සමවන්නේ...
ගුම් හඬ දීගෙන දිව යන දිය ‍රැළි වැලි මත වියැලෙන්නේ...
සිතන දෙයම නොව නොසිතන දෙය වන ලොවකය අපි ඉන්නේ...
ඔබේ සිතින් මා සදහට අමතක කරළනු මැනවි ප්‍රියේ...
අමතක කරළනු මැනවි ප්‍රියේ...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...


ටී ජී ඩබ්ලිව් ද සිල්වාගේ "මහ රෑ හමුවූ ස්ත්‍රිය" නවකථාව ඇසුරෙන් 1966 දී නිපදවූ චිත්‍රපටයට, කරුණාරත්න අබේසේකරයන් රචනාකොට, රොක්සාමි මාස්ටර් යෙදූ සංගීතයට, ජී එස් බී රාණීයන් ගායනා කල ගීයක්....

Read More!
 
Blogger Wordpress Gadgets