Showing posts with label ඩබ්ලිව් ඒ අබේසිංහ. Show all posts
Showing posts with label ඩබ්ලිව් ඒ අබේසිංහ. Show all posts

දිනක් එතේ මිතු දමින් සිනාසෙන...

රි ග ම රි ස නි ධ ප ම ග නි ග
රි ග ම ග රි ස නි ධ ම ධ ස නි

හිනැහී ඉමු මිතුරෝ...
අපි හිනැහී ඉමු මිතුරෝ...

මලක් වගේ පිණි සලා පිපී එන
දොලක් වගේ රැළි නගා සිනාසෙන
හිනැහී ඉමු මිතුරෝ...
අපි හිනැහී ඉමු මිතුරෝ...

රි ග ම රි ස නි ධ ප ම ග නි ග
රි ග ම ග රි ස නි ධ ම ධ ස නි

නෙතින් නෙතට තුටු කඳුලු ගලායන
හදින් හදට මෙත් හැඟුම් උදාවෙන
පියෙන් පියට මල් කැකුලු පිපී එන
දිනක් එතේ මිතු දමින් සිනාසෙන

විසල් ලොවේ සමණලුන් නියාවෙන
සුපුල් පැතුම් ගගනතට පියාඹන
කුසුම් සමේ ජීවිතය සිනාසෙන
ලොවක් එතේ සුව සිහින සෑබෑවන

හිනැහී ඉමු මිතුරෝ...
අපි හිනැහී ඉමු මිතුරෝ...

මලක් වගේ පිණි සලා පිපී එන
දොලක් වගේ රැළි නගා සිනාසෙන
හිනැහී ඉමු මිතුරෝ...
අපි හිනැහී ඉමු මිතුරෝ...

Read More!
 
Blogger Wordpress Gadgets