"මේං මේ පින්තූරය මට දෙනවද?"
හදිසි ප්‍රස්නයෙන් ඈ කළබල වූයේ නැත....
"ඇයි මම ලස්සනද ඒකේ...? ම්ම්ම්... හොඳයි මම එවන්නම්කො හිමින් සැරේ..."
"කෝ අරක...?" නොඉවසිලිමත් සිතකට සතියක් දෙකක් මහ කාලයකි
"නෑ මං ඒත් මේ කල්පනා කලේ........."
"කල්පනා කරන්න කීවේ නැහැනේ.... පින්තූරේ එවන්නනේ කීවේ"
"නෑ ඉතින්... ඕක එවන්න කියල ඇල්බම් එක අතට ගත්ත වෙලාවේ මමත් මගෙ පින්තූර ටික පොඩි කාලෙම ඉඳල එක පෙළට තියල බැලුවා....."
මේ පඳුර වටේ තැලීම් ඔහුට ඉහිලුම් නොදේ... "මොන විකාරයක් කියවනවද...!!!" නොරිස්සුමට විවේකයක් නැත....
"නෑ ඉතින්... මමම දැක්ක ඉතින් මම වෙනස්වෙල ඉන්න හැටි.... ඔය ඉල්ලපු පින්තූරේ ඉන්න මම නෙමේනෙ ඉතින් දැන් මේ ඉන්නේ... 'ඒ මම' ආයේ කවමදාවත් ඉතින් ඔයාට හම්බ වෙන එකක් නෑ..."
සංවාද මාධ්‍යය විසන්දි කිරීමට තරම් බලවත් ආවේග සිතක් පහලවුවද ඒ පිළිතුරෙහි ගැබ්ව ඇති අසුභ සංඥාව තේරුම් ගැනීමට ඔහුට යාන්තමින් හැකියාවක් තිබුණි
අසාමාන්‍ය නිහැඬියාව ඇයටද ප්‍රස්නයකි... " නැද්ද හොඳයි.....??"
"ඔව්... ඒකත් හරි....."
"නෑ නෑ මම ඒක එවන්නම්... මම මේ නිකම් හිතුන දෙයක් කීවේ..."
"එක්කෝ එපා එහෙමනම්...."
කොයිකටත් සිනහ තලන ඈ "ඉතින් ආයේ තරහ ගියාද...?" අහන්නේද සිනහ තලමිනි....
සිනහවට යටින්, අනෙකා සියුම් උගුලක හසුකර, කෙලෙස් තැවීමට තරම් ඒ සිත ප්‍රඥාවන්තය..
දමනය වූ අනෙක් සිත ඉනික්බිති ඒ සිනාවෙන් කෝප නොවිණි....
ඡායාරූපයද කවදාවත්ම හුවමාරු නොවිණි.....
යා දෙකය රත නොරත - පෑහීම නැත එකට
මායාව ලුහු බඳිනු පමණා....
මායාව ලුහු බඳිනු පමණා....
ජීවිතයෙ මරු කතර - තොප සොයන සැප නොමැත
මොහොතකට සැප ලෙසට පෙනෙනා....
මිරිඟුවෙහි මායාව පමණා....
ඡායාව ලෙස නොහැර - ලුහු බඳින කෙලෙසුනට
නැත එයින කිසිම පිළිසරණා....
එපමණය, මිණි කඳුලු නගනා...
මග නොදැන ගණඳුරෙහි - යන කටුක මෙම ගමන
නතර වෙද කොයි ලෙසක කෙදිනා...
නැත තවම තොප විසින හැඳිනා....
yaa dekaya noratha ratha
මෙච්චර විසාල වපසරියක උපමා, වදන් තියාගෙන ඇයි තිස්ස බ්ලොග් එකක් විකරක් ලියන්නෙ.අපුරු පොතක් ලියන්න.හැම දෙනාම එය වැලඳ ගනීවි.
ReplyDeleteඔබ ඕබේ තරම නොදැනද,එහෙම නැත්නම් ඔය කරම ප්‍රමාණවත් කියා සිතන නිසාද......
// "නෑ නෑ මම ඒක එවන්නම්... මම මේ නිකම් හිතුන දෙයක් කීවේ..." //
ReplyDeleteහා හා මාත් ඒක එවන්නම්...:D
ස්තුතියි
ReplyDeleteජීවිතය නම් එසේමය . ගිය අවුරුද්දේ පින්තුර අද දකින විට එදා අදට වඩා තරුණ බව සිතේ. දියණියන්ගේ ළදරු මුහුණු ළමා මුහුණු දක්වාද ළමා මුහුණු පුර්ව යොවුන් වියේ සුන්දර බව කෙමෙන් උකහා ගන්නා අයුරුද බලා සිටීම සතුටකි.
ReplyDeleteසින්දුව චිත්‍රපටයක ද .
ගමයා: එහෙම ලියන්න තරං විසය දැනුමකුත් බාසා දැනුමකුත් නෑ ආයුබෝවන්ඩ.. මේක ඉතින් අනෙක් අයගෙ උදව්වෙනුත් අඩු පාඩු හදං කෙරෙන වැඩක්නෙ...
ReplyDeleteපළිපාන මැ: ඔව්ව ඔය කියනවට කියන කථා නෙව :-)
නලීන්: ජය!
බින්දි: සතුටම දුකක් වෙන එකනෙව කාරිය බින්දි!
ඒත් ඉතින් මෙහෙම දේකුත් කියවෙනව
"නෙළුම් මලේ - එක පෙත්තද තියෙන්නේ - තියෙන්නේ?
ගිළිහෙද්දෙන් එක පෙත්තක් - තවත් එහි තිබේ රොත්තක්
ගිළිහුණු පෙත්තකට මොටද අඬන්නේ - අඬන්නේ?"
අපරාදෙ ෆොටෝ එක එවුවනං ඒක දිහා බලල හරි සතුටුවෙතහැකිනෙ ඒ කාලෙ ගැන හිතල.
ReplyDeleteහරිම ආදරණීය දෙබස් ..ජීවිතේ ගෙවිල යනව නොදැනීම .
ReplyDeleteතෝරාගන තියන පිංතූරේත් කදිමයි .
අප්පා ඔව් ඔව් එයාලා අපිට හිස් තැන් පුරවන්න දීලා පස්සේ "අහ් උඹ එදා මෙහෙම කිව්වා නේහ්?" කියලා ආපහු බූමරැන්ග් එවන්න හරි දස්සියෝ . . හික් හික් හික් . . උඹ යාන්තම් බේරිලා . . :D
ReplyDelete"නෑ ඉතින්... මමම දැක්ක ඉතින් මම වෙනස්වෙල ඉන්න හැටි.... ඔය ඉල්ලපු පින්තූරේ ඉන්න මම නෙමේනෙ ඉතින් දැන් මේ ඉන්නේ... 'ඒ මම' ආයේ කවමදාවත් ඉතින් ඔයාට හම්බ වෙන එකක් නෑ..." -
ReplyDeleteතිස්ස ඔන්න හිතන්න එපා යන්නෙ කොහෙද මල්ලෙ පොල් කමෙන්ට් එකක් කියල.
ඒත් අර උඩින් තියෙන උපුටාගත් කොටස තමයි බුදු දහමේ හරය.
මට හොඳට මතකයි මං මේ සින්දුව නිතර අහලා තියෙනවා පොඩි කාලෙ.. ඒත් ඒ කොහෙන්ද ඇහුවෙ කියන එක මතකෙට එන්නෙම නෑ නෙවැ.. හරි පුදුමයි!
ReplyDeleteප්‍රසා: කෝ කීවට අහනවෑ...
ReplyDeleteගිම්: මේ අනෙකා... අසුභ දේ සුහයි සුභයි කියලම ගන්න කියනවනේ
දුකා: කුම් කියම්ද - කියම්ද කුම්?
ස. ලං. : කෝ මේ කට්ටිය ඒක කීවට ගානක් ගන්නේ නෑනෙ සලං මහත්තයෝ
බුරා: හැන්දෑවට හතර හමාට්ට විතර ලමා ගී නැති දවසට නාට්‍ය ගී කියල ඔව්වා යනව මතකයි
පසුම්බියේ ජායා රූ කවුළුවෙන් ඒ රුවම එබිකම් කරන බව දැන දැනම මේ ගෑනු ළමයා පින්තූරේ එව්වේ නැත්තේ ඇයි?
ReplyDeleteමහගම සේකරගේ 'හෙට ඉරක් පායයි' කාව්‍ය සංග්‍රහයේ දී මේ පද වැලට තවත් ඛණ්ඩයක් අඩංගු වෙනවා. මට මතක හැටියට ඒක මෙහෙමයි.
ReplyDeleteමරණයෙහි කඳු මුදුන කෙළවරට ඇත පැමිණ
යනු කිමෙක තව දුරට නොදැනා
මෝහය ම අත් වැලට රැගෙනා
ඔය ෆොටෝ පලහිලව්ව නම් වෙන්නේ ඔය විදියටම තමා... එක්කෝ ඕනෑ නෑ.