සිරිමා(වෝ) බණ්ඩාරණායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමෙන් පසු පුවත් පත් කාටූන් ශිල්පීයෙකු මෙබඳු කාටූනයක් ඇඳ තිබුණා මතකය. ඒ සිසිර කුමාර මානිකාරච්චි ලියූ "සත් වසක සාපය" පොතේදැයි හරියටම මතකයක් නැත. එහෙත් ඒ වැකිය නම් මෙසේය; "ලඳුනි මට සමාවන්න - මා ඔබට ද්‍රෝහි වූවා නොවේ..." මෙහි ඇති උත්ප්‍රාසයනම් මේ වැකියේ නිමැවුම් කරුවා හෙවත් අද සටහනේ කථා නායකයාට සිරිමා බණ්ඩාරණායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට විරුද්ධව පෙත්සමක් අත්සන් කිරීම නිසා කුප්‍රසිද්ධ අසූව දශකයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩ තහනමකට ලක්වීමට සිදුවීමය. ගැඹුරු හඬකින් කියූ ඒ පාඨය මතකයේ කිඳා බැස ඇත්තේ ඒ වැකියේ රිද්මය නිසාද හඬ නිසාද යන්න නොදනිමි; හින්දි චිත්‍රපටියක ප්‍රචාරක පටයේ අඩංගු වූ ඒ සම්පූර්ණ වැකිය නම් "ලඳුනි මට සමාවන්න - මා ඔබට ද්‍රෝහි වූවා නොවේ පියෙක් නැති දියණියකට පියෙකු වූවා පමණි" යන්නය. ඒ ගැඹුරු ස්වරයේ හිමිකරුනම් බණ්ඩාර කේ විජයතුංගයන්ය.
කේ ඩී කේ ධර්මවර්ධන, බණ්ඩාර කේ විජයතුංග හා ප්‍රේමකීර්ති යන ත්‍රිත්වයම අකාලයේ අප හැර යාම, සූර්‍යශංකර් මොල්ලිගොඩයන්ගේ වියෝවෙන් කම්පාවූ සුනිල් ශාන්තයන්ගේ "සුමිහිරි සුවඳැති මල් ඇයි මෙතරම් හනිකට පරවෙන්නේ" සිහි නොකරත්ද? ප්‍රසිද්ධව ඇති, නිවේදක හා ගී රචනා කුසලතාවයන්ට අමතරව, බණ්ඩාර කේ විජයතුංගයන් චිත්‍ර ශිල්පියකු ලෙසත්, ප්‍රචාරක නිලධාරියකු ලෙසත් , කවියෙකු ලෙසත් වෙසෙස් කුසලතා දක්වා ඇති බව කල්‍යාණී විජයතුංග මැතිනිය විසින් එළිදක්වා ඇති "සුලඟ වගේ ඇවිදින්" ගීත එකතුවේ එයි. බණ්ඩාරයන් ගැන නූතන සහෘද පරම්පරාවනට දැනගැනීමට මංපෙත් සලසමින් ඔහුගේ ගීත එකතුවක්, ඔහුගේ වතගොතද සමගින්ම එසේ ප්‍රකාශයට පත් කර තිබීම ගැන කල්‍යාණී විජයතුංග මැතිනියට බෙහෙවින් කෘතඥ වෙමි. මහැදුරු සුනිල් ආරියරත්නයන් විසින් බණ්ඩාරයන් එහි හඳුන්වා දී ඇත්තේ "ප්‍රේමාවනාද්ධ ගීත රචකයා" නමිනි.
බණ්ඩාරයන් විසින් රචිත ගීත ගොන්නෙන් සෑහෙන ප්‍රමාණයක් රසවිඳ ඇති මට, ඔහුව හැඳින්වීමට මගේම වචනයක් සොයද්දී මගේ ශබ්දකෝෂයේ දිලිඳු ස්වභාවය මැනවින් පසක්විය.
"කල්පිතයක් මැද තනිවූ පමණින් මුව ගොලු ලාගෙන හිඳිනු එපා" ඔහු ඉල්ලන්නේය. අපි ඔහුගෙන් ඒ වචන ණයට ඉල්ලගෙන පුනුරුච්චාරණය කරමු. ගෙදර හබ නිසා ගෙදරින් පිටවූ ප්‍රේම් මුව ගොලු නොලා හිඳිමින් අනෙක් පාර්ශවයේ දුක් ගැනවිල්ල ගැන මෙසේ ලිවීය.
"මා එක්කලා අමණාපව වී දබර - දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර".
එහිදී බණ්ඩාරයන් මේ ලියන්නේ තමන්ගේම සිතිවිල්ලයි
එසේ නැත්නම් සිහින් පටලයකින් දෑස වැසී ගියේ ඇයි?
මහැදුරුතුමන්ගේ "ප්‍රේමාවනද්ධ" වචනයෙහි තේරුම මුලින් දැන නොසිටියා කියා පාඩුවක් වී නැත - බණ්ඩාරයන් ඇසුරෙන්ම ඒ තේරුම් ගනිමි.
හිත රිදවා ඈතකට යන්න මාන බලන ඇයටය මේ...
ඔහුගේ ගී රසිකයනට "කවදා කොතැනකදෝ -කෙලෙසකදෝ - අතීත ආත්මයක මා ඔබ දුටුවේ..." කියමින් තැවෙන්නට කාරණා නැත, ඒ "මාද ඔබම විය - ඔබම මාද විය" ලෙසින් ඔහු අපම වී ඇති හෙයිනි.
එක ලෙස වටිනා මිණි මුතු පිරි මංජුසාවකින් කැමතිම කිහිපයක් තෝරාගැනීම හිත රිදෙන කාරණාවකි. දුෂ්කර ක්‍රියාවකින් පසු, මා කැමතිම බණ්ඩාරයණ්ගේ නිතර නෑසෙන ගී කිහිපයක් ඔහුට ගෞරවයෙන් මෙලෙස සිංහල වෙබ් අවකාශයේ සටහන් කර තබමි.
සිතට නිවනක් නැති හැටි...
තරු මල් පලගත් අහස බලා හිඳ - දෙනෙත් පියූ සඳ
මීදුම මැද්දෙන් - ඔබේ මුහුණුවර මැවී පෙනෙයි මට....
ජීවිතයක රන් සිහින නාය ගිය - කඳුරැල්ලක් මැද්දේ
ආදරයක එක සිහින සිතාරෙක - හඬ පමණක් රැව්දේ
ඒ හඬ එක් වී දහස් වාරයක් - දෝංකාර වෙද්දී........
අතීතයේ එක් සිහින සැඳැවක - දෙවැට දිගේ එද්දී
දුටුවෙමි ඔහුගේ සිහින මනාලිය - විලස ඉවත යද්දී
ඒ රුව එක්වී දහස් වාරයක් - හිතෙහි ජනිත වෙද්දී.........
සංගීතය හා ගායනය වික්ටර් රත්නායක
වෙන හදක් කුමටද...?
සඳ මුතු මල්දම් සිරස පැලඳගෙන
ඉඳු සැව් දෙබැමින් අනඟ හීය ගෙන
මම එමි ඔබ වෙත හෙට දිනයේ...
සත් සමුදුර වුව තරණය කර එමි
ගිනිගත් කතරට වුවුද නොබා එමි
ඔබ යන මග මා සෙවනැල්ලක් ලෙස
සසර පුරුදු ලෙස දෙපා නගන්නෙමි...
ජීවිතයට අන් පැතුමක් නොමැතිය
යායුතු අන් කිසි මගකුත් නොමැතිය
එකම පැතුම සහ එකම මගද මට
ඔබ ගැන සිතනා සිතුවිල්ලයි...
සුජාතා අත්තනායක / ඔස්ටින් මුණසිංහ
නොමියෙන සෙනෙහස....
මිණිමුතු නැහැ මට ඔබ සරසන්නට
ඇත්තේ හදවිල පිපි සුදු මල...
දසයොදුනක දුර සුවඳින් මත්කල
සිය පෙති රන් දැල හද පිපි මල...
තරුමල් අතු අග දිළි සැණකෙළි දින
ඔබ මගෙ දෙනෙතට නව දසුනක් වින...
අද ඔබෙ දෝතට මගේ දායාදය
ජීවිතයක් කැටි කල මේ ගීතය...
දඹරන් පටසළු වෛරොඩි රතුකැට
සොඳුරියෙ කුමටද විසිතුරු මාළිග....
නොමියෙන සෙනෙහස අද අප බැඳි කල
බිලිඳු හඬෙක හෙට තව සම්පත් ඇත...
විජේරත්න රකාගොඩ / ජයතිස්ස අලහකෝන්

"මහ වන පියසෙක අඳුරු ගුහාවෙක - යම් දිනයක ඔබ සඟවා තබනෙමසිතක හටගන්නා ඉරිසියාවක් මීට වඩා කාව්‍යම ලෙස ඉදිරිපත් කල හැකිද? ඔහු ගී ලියා ඇත්තේ කාල තරණයෙහි යෙදෙමින් අපේ සිත්වලට අවේශ වී යැයි සිතමි. නැත්නම් අපේ සිත්හි පතුල මෙසේ අතගාන්නට තරම් ඔහුට කෙසේ හැකිවිණිද?
ඉරු රැස් බිඳකුදු ඔබෙ රුව දුටු සඳ - ඉරිසියාවෙන් පිරවෙයි මා හද"
"සඳ උතුරා ගංගාවේ - ඔබේ රුව දෝ මැවුණේ",ඇගේ වතත් සොබා සිරියත් මෙසේ වෙන්කල නොහැකි ලෙස බැඳ දමන්නට මගෙන් අවසරයක් නොලබාම ඔහු එඩිතර වී ඇති සැටියක්!!
--------------------------------------------------------
"මානවිකාවෙනි හෙට හිරු කිරණට ටිකිරි සිනාවක් මුසු කරවනු මැන"
"කල්පිතයක් මැද තනිවූ පමණින් මුව ගොලු ලාගෙන හිඳිනු එපා" ඔහු ඉල්ලන්නේය. අපි ඔහුගෙන් ඒ වචන ණයට ඉල්ලගෙන පුනුරුච්චාරණය කරමු. ගෙදර හබ නිසා ගෙදරින් පිටවූ ප්‍රේම් මුව ගොලු නොලා හිඳිමින් අනෙක් පාර්ශවයේ දුක් ගැනවිල්ල ගැන මෙසේ ලිවීය.
"මා එක්කලා අමණාපව වී දබර - දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර".
එහිදී බණ්ඩාරයන් මේ ලියන්නේ තමන්ගේම සිතිවිල්ලයි
"ඉන්දීවරියේ හඬනු එපා - පියෙකුගෙ සෙනෙහස ඔබට අහිමි නැත - මා නෙත් කඳුලින් පිරෙන තුරාමේ සටහන තබනාතුර කෝදුරුවෙක්වත් ඇසෙහි ගැටුණාදෝ?
මෙළොවට ඔබ ආ පළමු දිනේදී - කිරුළු පැළැන්දෙමි දිවිකතරේ
ඒ අභිමානය සිඳෙනු බිඳෙනු නැත - නැවතත් හමුවන තුරු සසරේ
සිරුරින් ඔබ ලඟ නොසිටිය පමණින් - පියකු නොමැති යයි සිතනු එපා
සදා කාලයෙන් සදා කාලයට - ඔබේ උරුමයයි ඔබේ පියා".
එසේ නැත්නම් සිහින් පටලයකින් දෑස වැසී ගියේ ඇයි?
මහැදුරුතුමන්ගේ "ප්‍රේමාවනද්ධ" වචනයෙහි තේරුම මුලින් දැන නොසිටියා කියා පාඩුවක් වී නැත - බණ්ඩාරයන් ඇසුරෙන්ම ඒ තේරුම් ගනිමි.
"සබඳ කමක් නැති දෙදෙනෙකු වෙමු අපි - මා තේරුම් ගනු ඔබට නොහැකි නම් - ඔබ තේරුම් ගනු මටද නොහැකි නම්",
..........................................................................................................................
"කෙලෙසද දෑතට දෙපයට ලා ඇති - විලංගු ගලවා නිදහස් වන්නේ - හමුවෙමු සුවබර තවත් සැඳෑවක",
.........................................................................................................................
"ඔබ වෙනුවෙන් සැදු දහසක් මාළිග - මහ වන වදුලක සැඟව ගියාදෝ"
හිත රිදවා ඈතකට යන්න මාන බලන ඇයටය මේ...
"සත් සමුදුරු තරණය කොට දුරු රටකට වඩින්නියේ - මගේ සිතයි මගේ හදයි - ඔබත් සමග රැගෙන යන්න
එරට නුහුරු පරිසරයක - විලාසිනියේ ඔබ තනිවේදෝ - එවිට සිතනු මැනවි ලියේ - ඔබේ තනියට හිතක් ඇතේ - ඔබේ තනියට හදක් ඇතේ
එරට මහරු විසිතුරු මැද - මෙරට ඔබට අමතක වේදෝ - එසේ වුවොත් නොපැතු ලෙසේ - මට ඉන්පසු සිතක් නැතේ - මට ඉන්පසු හදක් නැතේ"
ඔහුගේ ගී රසිකයනට "කවදා කොතැනකදෝ -කෙලෙසකදෝ - අතීත ආත්මයක මා ඔබ දුටුවේ..." කියමින් තැවෙන්නට කාරණා නැත, ඒ "මාද ඔබම විය - ඔබම මාද විය" ලෙසින් ඔහු අපම වී ඇති හෙයිනි.
එක ලෙස වටිනා මිණි මුතු පිරි මංජුසාවකින් කැමතිම කිහිපයක් තෝරාගැනීම හිත රිදෙන කාරණාවකි. දුෂ්කර ක්‍රියාවකින් පසු, මා කැමතිම බණ්ඩාරයණ්ගේ නිතර නෑසෙන ගී කිහිපයක් ඔහුට ගෞරවයෙන් මෙලෙස සිංහල වෙබ් අවකාශයේ සටහන් කර තබමි.
සිතට නිවනක් නැති හැටි...
තරු මල් පලගත් අහස බලා හිඳ - දෙනෙත් පියූ සඳ
මීදුම මැද්දෙන් - ඔබේ මුහුණුවර මැවී පෙනෙයි මට....
ජීවිතයක රන් සිහින නාය ගිය - කඳුරැල්ලක් මැද්දේ
ආදරයක එක සිහින සිතාරෙක - හඬ පමණක් රැව්දේ
ඒ හඬ එක් වී දහස් වාරයක් - දෝංකාර වෙද්දී........
අතීතයේ එක් සිහින සැඳැවක - දෙවැට දිගේ එද්දී
දුටුවෙමි ඔහුගේ සිහින මනාලිය - විලස ඉවත යද්දී
ඒ රුව එක්වී දහස් වාරයක් - හිතෙහි ජනිත වෙද්දී.........
සංගීතය හා ගායනය වික්ටර් රත්නායක
වෙන හදක් කුමටද...?
සඳ මුතු මල්දම් සිරස පැලඳගෙන
ඉඳු සැව් දෙබැමින් අනඟ හීය ගෙන
මම එමි ඔබ වෙත හෙට දිනයේ...
සත් සමුදුර වුව තරණය කර එමි
ගිනිගත් කතරට වුවුද නොබා එමි
ඔබ යන මග මා සෙවනැල්ලක් ලෙස
සසර පුරුදු ලෙස දෙපා නගන්නෙමි...
ජීවිතයට අන් පැතුමක් නොමැතිය
යායුතු අන් කිසි මගකුත් නොමැතිය
එකම පැතුම සහ එකම මගද මට
ඔබ ගැන සිතනා සිතුවිල්ලයි...
සුජාතා අත්තනායක / ඔස්ටින් මුණසිංහ
නොමියෙන සෙනෙහස....
මිණිමුතු නැහැ මට ඔබ සරසන්නට
ඇත්තේ හදවිල පිපි සුදු මල...
දසයොදුනක දුර සුවඳින් මත්කල
සිය පෙති රන් දැල හද පිපි මල...
තරුමල් අතු අග දිළි සැණකෙළි දින
ඔබ මගෙ දෙනෙතට නව දසුනක් වින...
අද ඔබෙ දෝතට මගේ දායාදය
ජීවිතයක් කැටි කල මේ ගීතය...
දඹරන් පටසළු වෛරොඩි රතුකැට
සොඳුරියෙ කුමටද විසිතුරු මාළිග....
නොමියෙන සෙනෙහස අද අප බැඳි කල
බිලිඳු හඬෙක හෙට තව සම්පත් ඇත...
විජේරත්න රකාගොඩ / ජයතිස්ස අලහකෝන්
ලියැවිල්ල කියැව්වා, සිංදු ටික අහන්න ඕනෑ ගෙදර ගිහින්......... එක වෙන්න හිතුනු නිසා කඩිමුඩියේ කොමෙන්ටුවක් ලිව්වා........... :)
ReplyDelete'මිනි මුතු නැහැ මට ඔබ සරසන්නට' කියන එක ලස්සනට ඇහුනා. අද දවසම ප්‍රීතියෙන් හිටපු හන්දා වෙන්ට ඇති ලස්සන සිංදු ටිකක් තියෙන්නේ...:)
ReplyDeleteඑළකිරි වගේ සිංදු ටික....
ReplyDeleteටැංකූ වේවා.තනිකම ඉක්මනින් දුරු වේවා.රසබර හදවත සැමදා පවතීවා...!
ඉතාමත් නිහතමාණී,සුන්දර,අති දක්ෂයෙක් ගැන මතකය අවදීකිරීම ගැන ඔබට ස්තූතියි.ඔහුගේ සමකාලීනයෙකු වු,මට මිතුරෙකුද වු,අමරබන්ධු රූපසිංහයන් ගැන සටහනක් ලිවීමට සිතාසිටිනා මොහොතක මෙය තවත් උත්තේජකයක් විය.බන්ඩාරයන් සමග අත්දැකීම් මිහිරිය.ඔහු අපූරු මිනිසෙකි.
ReplyDeleteඒ වගේම තිසා බංඩාර කේ විජේතුංගයන් සිංහල ගායන ලොවේ දැවැන්තයන් එක් කරවන ගීත ලියන්නටත් දුර්ලබ වාසනාව ලැබූ කෙනෙක් නේද...
ReplyDeleteඅමරදේවයන් හා වික්ටර් රත්නායකයන් එක්ව ගැයූ " ඇයගේ ඇකයේ ඔබ හිස රඳවා "( මේ ඒ ගීය ගැන හද ගී පොතේ සටහන )
අමරදේවයන් හා සනත් නන්දසිරි එකව ගැයූ " විකසිත නයනින් මා හිනැහෙන කල " වැනි ගීත....
...............
ඒ විතරක් නෙමෙයි ගීත වල අර්ථය සහ මාතෘකා ගත්තම ඉතා විශාල විවිධත්වයක් ඇති ගී ලියපු කෙනෙක් නේද...
" ඩිං ඩොං බේබි සිං අ සෝන්ග්.." වගේ ගීයකුත් "සඟවා ගනු මැන ඔබෙ රුව " වැනි ගීයකුත් ඒක ගීත රචකයකුගෙන් ලියවෙනව අඩුයි නෙ..
......................
[ තවත් සටහනක් හද ගී පොතේ ලිව්වා බණ්ඩාර කේ විජේතුංගයන්ගේ ගීතයක් එක්ක...නමුත් ඒ සමග පළකල චායාරූපය සකස් කිරීම සහ පළකිරීම ගැන මගේ ඇති විරෝධය නිසා මම ඒ ගීතය ගැන මෙතන සඳහන් කරන්නෙ නෑ... ]
......................
බංඩාර කේ විජේතුංගයන් ගේ ගී පද වලින් මට ඉතාම මිහිරි යැයි හැඟෙන ගීතය...
මිහිදුම් සළු තිර පැළඳි නමුණුකුල
සෙවනැල්ලේ මුළු ලොවින් සැඟව ගමු
නිකෙලෙස් හද බැඳි විකසිත ආදර
තේමා ගීතය එක්ව ගයන්නට..
වන ගැබ වන පල නෙලා ගෙනෙන්නම්
වන මල් දහරින් මාල ගොතන්නම්
පෙම් රකුසන්ගෙන් ඔබ සුරකින්නම්
තුරු සෙවනැල්ලට මල් අතුරන්නම්
මිහිදුම් සළු තිර...
ඕනෑ නැත අන් කිසිවක් මිහිමත
පාරාදීසය මෙහි පිරී ඇත
මානවිකාවෙනි හෙට හිරු කිරණට
ටිකිරි සිනාවක් මුසු කරනු මැන
මිහිදුම් සළු තිර...
ඇත්තෙන්ම විචිත්‍ර පදපේලි අතර තනිවුනෙමි. පදපෙලේ මේ කොටස බොහෝ සේ දැනුනා.
ReplyDeleteසත් සමුදුර වුව තරණය කර එමි
ගිනිගත් කතරට වුවුද නොබා එමි
ඔබ යන මග මා සෙවනැල්ලක් ලෙස
සසර පුරුදු ලෙස දෙපා නගන්නෙමි...
@සපා: මිහිදුම් සළු තිර පැළඳි නමුණුකුල... කැමැති සිංදුවක්, බොහෝම ස්තුතියි.
"සබඳ කමක් නැති දෙදෙනෙකු වෙමු අපි - මා තේරුම් ගනු ඔබට නොහැකි නම් - ඔබ තේරුම් ගනු මටද නොහැකි නම්",
ReplyDeleteනීලා වික්‍රමසිංහ ගයන මේ ගීතයෙහි මා දන්නා තරමින් සත්‍ය සිදුවිමක් අලලා රචනා වු ගීතයක්.එනම් බන්ඩාරටත් නීලාටත් දෙදෙනාගේම පුද්ගලිකත්වය අලලා රචනා වු ගීතයක්.
එවාගේම මම අතිශයින් ප්‍රිය කරන ගීතයක්
බොහොම ස්තුතියි අයියා අතිතාවර්ජනයට....
තිස්ස, සාපා කියනවා වාගේ මගේත් ප්‍රියතම ගීයක් මිහිදුම් සළු තිර පැළඳි නමුණුකුල... කොපමණ ඇහුවත් එපා නම් වෙන්නෙ නෑ. කල්‍යාණි මිස් මට ලඟකදී හමු උනා. ඇය තාම සුන්දරයි. දුව ඉන්දීවරී අම්මා සේම සොඳුරු යුවතියක් වෙන්නට ඇති. ඈ අපි පාසැල් යනවිට අවුරුදු හත අටක දැරියක් ව අනුලාවේ අප හා නැලවුණු හැටි තාම මතකයි. බණ්ඩාර කේ විජයතුංගයන් අපට කිසිදා අමතක නොවෙන කලා කරුවෙක්. මේ සටහන ඔහුට උපහාරයක්ම වේවා!
ReplyDelete"රජ දැක්මට අවසරද?"
ReplyDeleteකතනය "බන්ඩාර"
මොකෑ බන් මට මේ සින්දුව අහන්න ගැජට් එක පේන්නෙ නැත්තෙ?
'තරුමල් පලගත් අහස බලහිඳ' ගීතය, අපි එක්ක බෙදාගන්නවා කියලා කාලයකට උඩදී අයිය දුන්න පොරොන්දුව, මට අමතක වෙලා තිබුණෙ.එ් පොරොන්දුව යළි මතක් කරමින් එ් ගීතයත් අනෙක් ලස්නස ගීතත් අපි එක්ක බෙදා ගත්තට අයියට තුති.
ReplyDeleteමට මතක හැටියට ඔහු චිත්‍රපටිවලටත් හඬ සැපයුවා. මණික් සන්ද්‍රසාගරගෙ චිත්‍රපටියකට් ඔහු හඬ දුන් බව මට මතකයි..
ReplyDeleteකමෙන්ටුවක් නොදැම්මට හොරෙන්ම කියෝලා සින්දුත් අහලා ගියා කලින්ම . අහන්නට සැලැස්සු ගී වලට වඩා නිල් පැහැයෙන් දැක්වූ ගී කීපයට මගේ පළමු මනාපය.
ReplyDeleteනොමියෙන සෙනෙහස ගිතය නම් හොඳා නේද බඳින්න කලින් කියන්න. හැබැයි පස්සේ ඉතින් විසිතුරු මාලිගා කෙසේ වෙතත් පර්චස් දහයක් හරි අරන් ගේ පොඩ්ඩක් වත් හැදුවේ නැත්තන් අනේ අපි දන්නේ නැහැ
සිසිර කුමාර මානික්කාරච්චි ලියූ පොත් තමයි සිරි ලංකා - ඉල්ලංකා, සාගරයක් මැද අමන රටක් ඇත, අපේ පොතේ ඔහොම නැතේ වගේ ඒවා.
ReplyDeleteසත්වසක සාපය කියන්නේ 1977 (ඡන්දෙට පෙර, ඒ කියන්නේ ප්‍රජා අයිති කේස්වලට කලින්) යුඇම්පී එකෙන් ගහපු මඩ කාටූන් පොතක්. ඒකේ චිත්‍ර ඇන්දේ ඔසී දියලගොඩ වගෙයි මතක. ප්‍රොජෙක්ට් එක මැනේජ් කෙරුවේ තිලක් රත්නාකර.
මේ චිත්‍රපට වෙළඳ පාඨ ලිව්වේත් බණ්ඩාර විජේතුංග ම නේද?
ReplyDeleteඔවුන් දෙදෙන එක් කළේද සංගීතයයි, වෙන් කළේද සංගීතයයි - අභිමාන්
ඔබත් මමත් ඇවිදින්නේ එකම වෙරළක, පිහින්නේ එක මුහුදක - බඹරු ඇවිත්
එක් වැසිබර අඳුරු රැයක් තෙක් ඇය පියකරු වතුසුදු මලක්’ -එයා දැන් ලොකු ළමයෙක්
යුක්තිය රජයන ලොවකට මා රැගෙන යන්න උතුමාණෙනි! - උතුමාණෙනි
වැඩක් නෑ කියල. එතුමා රේඩියෝ එකේ කරපු චිත්‍රපට වෙළෙද දැන්වීම් වල එතුමා ගැඹුරු කටහඬින් කියූ මේ පාඨ අද ඊයෙ ඇහුව වගේ මතකයි. මං එතකොට ඉස්කෝලෙ යන කාලෙ.
Deleteඅද නම් සින්දු ඇසෝට්මන්ට් එකක්ම..
ReplyDeleteස්තුතියි තිස්ස..
තිස්ස අයියේ මොකෝ සද්ද නැත්තේ?
ReplyDeleteගීතයක් රස විඳිනකොට ඒකෙ පසුබිමත් දැනගත්තහම දැනෙන්නෙ පුදුම මිහිරක්. ඒ පුදුම මිහිර ලබා දෙන එකට බොහොම පින්.
ReplyDeleteමේ ලිපියට අදාළ නැති වුනත් මට ආසයි වසන්තා සන්දනායක හෝ දයා හේමන්තා ගායනා කරපු හරි හර කඳ සුරිඳුනි ඔද තෙද ඇති - පුතු වී දිනු යුවලගෙ සිව පාර්වතී කියන සිංදුව හොයාගන්න. සීඩී කඩේකවත් නෙට් එකේවත් නෑනෙ.
බණ්ඩාර කේ. විජේතුංගයන් ගැන තොරතුරු හොය හොයා හිටියේ. දුර්ලභ තොරතුරු ටිකක් ඔබ සොයාගෙන. මොකද ඔහු ගැන හෝ ඔහුගේ හරිහැටි ඡායාරූපයක්වත් net එකේ නැහැ. තව තොරතුරු තියේනම් මගේ මේල් එකට එවනවානම් ගොඩක් ස්තුතියි. ayolanka@gmail.com
ReplyDeleteමේ සින්දු එකක්වත් අහන්න බෑනෙ. ලින්ක් වැඩ කරන්නෙ නෑ
ReplyDelete