යුග්ම තාරකා දිලිසෙන ලස්සන දෑසේ...

යුග්ම තාරකා දිලිසෙන ලස්සන දෑසේ...
පුංචි වසන්තයක් හැංගිලා..

සවන් මැදින් සීණු හඬක් හදට රිංගලා
අවිහිංසක ලොවක් නැංවිලා..

හිමාලයද ටජ්මහලද ඕනේ..

සූකිරියෙන් මාළිගාද ඕනේ...
ඇත්තෙන් මොනවද ඔයාට ඕනේ..
තරහ ගන්න එපා හිච්චි නෝනේ...

අංජනමක් බලව ගන්න ඕනේ...
හොරේ මොකද අල්ලගන්න ඕනේ...
සැනසීමක් ලබාදෙන්න ඕනේ..
ඇහැ පියාන නිදාගන්න ඕනේ...


ඕන්නම් බාගන්න....


1964 තිරගතවූ දෝස්ති චිත්‍රපටිය ඇසුරෙන් 1971 දී නිපදවූ 'කළණ මිතුරෝ'චිත්‍රපටියේ ගීයකි....

29 comments :

  1. තිස්ස අයිය නම් මහ කම්මැලියෙක් වෙලා. සින්දුව විතරක් දාලා මාරු වෙනවා මේ දවස්වල..නරකද සින්දුව එක්කම ඒකෙ වටිනාකම වැඩිවෙන්න කතාවක් ලිව්වනම්..එතකොට සින්දුවේ ගතිය තවත් වැඩියි..

    මම අහලා නම් තිබුනේ නෑ.. අම්මෝ බලන්නකෝ බටර් පාර...

    //හිමාලයද ටජ්මහලද ඕනේ..
    සූකිරියෙන් මාළිගාද ඕනේ...
    ඇත්තෙන් මොනවද ඔයාට ඕනේ..
    තරහ ගන්න එපා හිච්චි නෝනේ...//

    ReplyDelete
  2. හිමාලයද ටජ්මහලද ඕනේ..
    සූකිරියෙන් මාළිගාද ඕනේ...
    ඇත්තෙන් මොනවද ඔයාට ඕනේ..

    යකෝ කාටද මංද මේව දෙන්න පුලුවං.

    ReplyDelete
  3. පට්ට......................
    හදට රිංගලා කොටස නම් මරු...

    ReplyDelete
  4. තිස්ස අය්යට මතක් වෙන සින්දු. ඔන්න මේ සින්දුවත් මමනම් අහල තියනව හොඳේ. මේ සින්දුවෙ පද රචනය , සංගීතය ගැනත් කිව්වනම් හරිම අගෙයි .

    ReplyDelete
  5. අහලා නැති සිංදුවකට කමෙන්ට් කරන් කොට සිංදුව පලමුව ඇසිය යුතුය...නැතිනම් අඩුම ගනේ ඒක ගායනය කරන්නේ ගෑණියෙක්ද පිරිමියෙක්ද කියාවත් දැන් සිටිය යුතුය....මං නම් මේ පාඩම දැන් ඉගෙන ගත්තා :)

    ReplyDelete
  6. හ්ම්ම්... ඇති යාන්තන්..
    ඇවිල්ල, :)

    ReplyDelete
  7. ලස්සන ගීතයක්. මෙහෙම දාල පැනල යන්නෙ ඇයි? මේකට නේද? රැවටුනේ තිස්ස මල්ලි.

    ReplyDelete
  8. මේ සින්දුව හොඳට ගැලපෙන්නේ රවිගේ මේ ලිපියට .http://ranrandil.blogspot.com/2012/12/147.html

    ගෑනු කෙනෙක් කියන එකනේ මේකේ අබිරහස ..අනේ මන්දා මේක නම් අනික් පාර්ශවයේ ඇස්ට්‍රා මාගරින් පාරක් වගේ දැක්ක ගමන් හිතුනේ . චිත්‍රපටිය බලලත් නැහැ . පුර්විකාවක් ඇත්තෙත් නැහැ . අම්ම කෙනෙක් ළමයෙක්ට කියන එකක්ද .
    නැත්නම් අයා කෙනෙක් පුංචි නෝනට කියන එකක්ද ..නැත්නම් හදිස්සියට ගායකයෙක් සොයා ගන්න බැරි වෙලාද .

    ReplyDelete
  9. කොහෙන්ද අප්පා අර ‍ෆොටෝ එක හොයාගත්තේ.?? මං එකපාරටම හිතුවේ නළඟන ෆිල්ම් එක කියලා.. :)

    ReplyDelete
  10. මෙන්න සිංදුව......
    ඔන්න තිබුන තැන.....
    ඕනනං බාගන්න...
    නැත්නම් නිකං ඉන්න......

    පුහ්...මෙයාගෙ ගනන්.....


    ReplyDelete
  11. ආයෙත් මෝඩ ප්‍රශ්නයක්... මේකේ අවස්තා සම්බන්ධය නම් තේරෙන්නේ නෑ.. අම්ම දුවටද? නෝනා මහත්තයට ද? කෙල්ල කොල්ල ටද? එපා වෙනව සිංදුවේ ආතල් එක ගන්න එක පැත්තක දාල ප්‍රෙහෙලිකා විසඳන්න එපෑ.. කම්මැලි මුවා!!

    ReplyDelete
  12. මම අහල නොතිබුන ගිතයක්..

    ReplyDelete
  13. මේවා අධිරාජ්‍යවාදි කුමන්ත්‍රණ. අපිට සිංදුව විතරක් වැඩක් නෑ. විස්තරෙත් ඕන. ඊළඟ එකේ විස්තරේ නැති වුනොත් මම **** තානාපති කාර්‍යාලේ ළඟ මාරාන්තික උප වාසයක් කරනවා... :D

    ReplyDelete
  14. ඈබං තිස්ස කතා පොඩ්ඩක් එක්ක දැම්මනං පංකාදු පහයිනොවැ

    ReplyDelete
  15. ඇත්තටම අවස්ථා සම්භන්දයක් එක්කම දැම්මනම් මරු..!

    ReplyDelete
  16. චිත්‍රපට ගීයක් වගේ
    කලින් අහල නම් නැහැ
    විස්තරයක් තිබුණනම්?

    ReplyDelete
  17. සින්දුව කලින් අහල තිබ්බෙ නෑ... ලතා වල්පොලද ගායිකාව.... අර කිව්වත් වගේ පසුබිම් කතාවක් නැතුව කිසිම ගතියක් නෑ තිස්ස.... කවුරු කාට කියනවද කියල හිතාගන්න බෑ.... අර හිච්චි නෝනේ කතාව නිසා තවත් ගෑණු පරාණයකටයි කියන්නෙ කියල නම් හිතෙනව.... තමුන්ගෙ දුව ආදරයෙන් බැඳිල ඉන්නව කියල ඉව වැටිච්චි අම්ම කෙනෙක්ද එහෙමත් නැත්නම් එහෙම දෙයක් ඉව වැටිච්චි යෙහෙළියක්ද කියන්නෙ...?

    ReplyDelete
  18. මේක මරු... හිකි හිකි හිකි....
    පැතුම් හේරත් මහත්ත්තයගෙ කොමෙන්‍ටුවෙ අන්තිම පේලිය ඩුප්ලිකේට්...
    කම්මැලි මුවා.... ! හී හී හී

    ReplyDelete
  19. මට අර නර්ස් නෝනගේ පින්තූරය දැක්කම මතක් වුණේ සාති (1968)චිත්‍රපටය ..ඒ ඇයි කියලා නම් මට තේරුණෙත් නෑ තිසා.නීලා ලියනගෙදර ගැන පුළුවන් නම් තව විස්තර ටිකක් කියමුකෝ බලන්න. ඈට තියෙන්නේ නූටාන්ගෙ මුහුණුවර කියලයි මට හිතෙන්නේ.
    යුග්ම තාරකා සැගවුනු දෑසේ ....
    ....අපූරු වචන පෙළක්. ඒ වුණත් අර ඇරඹුමේදී වචනවල දැවටුණු ප්‍රේමණීය බව කෝරස් එකට යනකොට කෙළිලොල් සැහැල්ලුවකට පරිවර්තනය වෙලා. ඒකට නම් මම කැමති නෑ.
    කොහොම වුණ්ත් ජීවීතයේ මුල් වරට අහන්න්ට ලැබුණු ගීතයක් ..ඒ පිනට නොවක් තුති.

    ReplyDelete
  20. ඉතිහාසය හා තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න පිවිසෙන්න සිංහ පීඩියාවට
    http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  21. කන්තොරුවෙ බ්ලොග් බලන අපි වගේ උන්ට උඹේ මේ සින්දු කොහෙ බාන් අහන්නද. ඒ නිසා කතා නැතිව සින්දුව විතරක් දාන එකා කොටියම කාපිය.

    ReplyDelete
  22. අංජනමක් බලව ගන්න ඕනේ...
    හොරේ මොකද අල්ලගන්න ඕනේ...
    ඒකනෙ මටත් ඔහොම හිතුනා.
    මැණික්

    ReplyDelete
  23. ම්..ලස්සන සින්දුවක් තිස්ස..අහලා තිබුනේ නෑ මීට කලින්..
    ස්තුතියි..

    ප/ලි: හද ගී පොත නිකම් ගී පොතක් වෙලා කියලා දූෂමාන ආරංචියක් පැතිරෙනවා..ඇත්තද කතාව?

    ReplyDelete
  24. අයියේ
    මට දවසක් වාහනේ යද්දි සින්දුවක් ඇහුවා,
    ඒකෙ කියවුනේ වයස වැඩි පිරිමි කෙනෙක් ගේ හා පොඩි ගැහැණු ළමයෙකුගේ ආදරයක් ගැන. ඒ දෙන්නාගේ දශක දෙකක වයස පරතරය ගැන කතා වෙනවා, ඒ නිසා පිරිමි කෙනා කියනවා හොදින් ඉන්න කියලා.
    මෙහෙම තේරුමක් තියන සින්දුවක් දන්නවද අයියේ. අවාසනාවකට තේරුම ඇරෙන්න ගායකයා හෝ සින්දුවේ කෑල්ලක් අල්ල ගන්න බැරි වුනා

    ReplyDelete
  25. නියම සින්දුවක්නේ.
    යුග්ම තාරකා දිලිසෙන ලස්සන දෑසේ..

    ReplyDelete
  26. කෝ මේ තිස්සයා.. අලුත් අවුරුද්ද ලබල දවස් 3ක් ගිහිලලත් වැඩට ගිහින් නැද්ද කොහෙද..

    ReplyDelete
  27. දෝස්ති චිත්‍රපටිය තාම නරඹා නැතත් (කවදා හෝ බලන්නට බලාපොරොත්තුවෙන් සිටිමි ) එහි එන . "ගුඩියා, හම් සේ රූථි රහෝගි " ( බෝනික්කිය, මා සමඟ තරහින් කොතෙක් වේලා නොනිදා පසුවන්නේද? ) කියන ගීතයේ ආදේශක ගීතය විය යුතු යැයි සිතමි. :)
    මයියා කියූදේ සමඟ එකඟ වෙමි. ගීතයක් යනු හුදෙක්ම වචන පමනක්ම නොවේ! එහි අර්ථයට බලපාන තව බොහෝ දේ ඇත. :D

    ReplyDelete

 
Blogger Wordpress Gadgets