"මොකද්ද මේ හැමදාම කියන කථාව...
ඒ දේ අතීතයේ වුනා... දැන් මට ආයේ ඒ අතීතයට ගිහින් ඒක නිවැරදි කරන්න බෑ..."
"ඔව් ඇත්ත... නමුත් ඇයි මට හැමදේම එළිදරව් කලේ නැත්තේ ... මම මෙච්චරම ආදරේ බවත් දනගෙන... එක්කෝ මගේ ආදරේ ඔයාට වටින්නේ නෑ... මේක නිකම් සම්මුතියක් විතරයි..."
"ඒවා ඒහැටි මතක තියාගන්න තරම් දේවල් නෙමෙයි මට... අනික මේ අවුරුදු ගනනාවකට උඩදී වුනු දෙයක් මතක් කර කර මොකක්ද්ද මේ හැමදාම කරන කන්දොස්කිරියාව..."
"හ්ම්ම්... මමනම් අහලා තියෙන්නේ කෙනෙක් ගේ ප්‍රථම ප්‍රේමය අමතක කරන්න බැහැයිලු කවදාවත්..."
"වෙන්න ඇති... නමුත් ඒක එහෙම පරිපූර්ණත්වයට පත්වෙච්චි ප්‍රේමයක් නෙවෙයි.... ඒක අකාලයේ ඇතිවෙලා අකාලයේ පරවෙච්චි ප්‍රේමයක්... කී සැරයක් කියන්නද මේක...?මොකද්ද මේ ආයේ ආයේ කියවා කියවා විඳින සතුට...?
"ඔයා හිතනවද ඒක සතුටක් කියලා... ඒකෙන්ම පේණවා ඔයාට මගේ ආදරේ ගැන තියන තක්සේරුව... මම ලෝකයක් කියලා හිතාගත්තට ඔයාට තවත් අවස්ථාවක් විතරයි නේ...?"
"ඕන දෙයක් හිතාගන්න... මම මැරුණහමවත් තේරුම් ගන්නේ නෑතෑ...
මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ ...
ඔබ නිසොල්මනේ එපා හිඳින්න...
ඔබේ නිහඬ බව මට බැහැ දරාන ඉන්න...
අනේ තව ටිකකින් හිනාවෙලා කතාකරන්න...
ඔබේ නිහඬ බව මට බැහැ දරාන ඉන්න...
විරසක සුසුම්... මහගෙයි පුරා ඇසෙන්නේ....
කවුලුදොරින් ගෙට එන...
නිදිනැති අටවක සඳ..
තනියහනේ සරදම් රටා වියන්නේ...
විසකටු ඇනී...
ආතුර වූ සිතට ඔබේ...
ඔබ මට කියාදුන්න සෙත් කවියක් කියන්න...
නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුනේ...
සින්දුව අහන්න ...
ඕන්නම් බාගන්න ... හිතේ තියන දෙයක් ලියලම යන්න
ම් ම් ම් මම ආස සින්දුවක් අයියේ.....
ReplyDeleteබත් හැලිය ඉදිනකම් විතරයි ලු නේද මේ වගේ හබ තියෙන්නේ..
අතීතය අතීතයටම එකතු වුනාවේ...
ඒක තමයි හොද
නිවරදි මිනිසුන් කොයි දෙසද ඉපදුනේ......
ඔන්න ඉස්සර කාලේ වාගේ උණු උණු කමෙන්ට්...!
ReplyDeleteමම හරිම ආස සුන්දර ගීතයක් අයියේ..විරසක උන දෙන්න දෙමාල්ලන්ට වැඩිවෙලා තරහා වෙලා ඉන්න බෑලුනෙ..මේ ගීතයට යොදාගෙන තියෙන පූර්විකාවනම් නියමයි
ReplyDeleteදිල් නංගී...ප්‍රස්නයක් අහන්නද... ඔබ හිතූ හැටියට කව්ද පිරිමියා කව්ද ගැහැණිය ඒ දෙබසේ...
ReplyDeleteෂා.........!! මේක නම් මගේ ප්‍රියතම ගීතයක්.
ReplyDelete"ඕන දෙයක් හිතාගන්න... මම මැරුණහමවත් තේරුම් ගන්නේ නෑතෑ.."
ඔන්න ඕක කියන්නේ පිරිමියා. [අත්දැකීමෙන්ම කියන්න පුළුවන් මට නම් ඔය වාක්‍ය ගැන] :D
පිරිමි තමයි හිත් කුහක(කීවට සමාවෙන්න) ඒනිසා පිරිමියා වෙන්න ඕනි හාර හාර අහන්නේ.. ගැහැණුන්ට හිත් හදා ගන්න ලේසියිලු.(මටත් ලේසි)
ReplyDelete(කාගෙන් වත් ඈහුව දේකට පැනල උත්තර දුන්නට සොරි ම සොරි)
බොලේ හැබෑටම ගෑහැනුන් දෙදෙනෙකුම දෙකක් කියාපි... දෙන්නම කියන්නේ අත්දැකීමෙන්ලු... දැං මොකද කරන්නේ...?
ReplyDeleteතිස්ස අයියා..........
ReplyDeleteදන්නවනේ මාතර ............
කවුද හරි ?
හැබැයි වත් අක්කා කියන එකෙත් සාධාරණ හේතු තියෙනවා. කුහක කම නිසාම වෙන්න පුලුවන් ඔය කියන එක හාර හාර අහන්නේ, ඒ නිසා වත් අක්කා හරි. මට වඩා අත්දැකීමුත් බහුල ඇති නෙව. ඒ කියන දේ වරදින්න විදියක් නැහැ. :D
ReplyDeleteසිංදුව නම් හරිම ලස්සනයි අය්යෙ,
ReplyDelete(ඒත් එතනින් එහාට නම් එක වචනයක්වත් කියන්න මම නම් කට ඇරියෙවත් නෑ ඔන්න..)
@ Ansh Lucky Sri Jay
ReplyDeleteනලා අයියව බේරුවද? අමාරුවෙ දැම්මද මන්ද? අත්දැකීම් නම් බොහොම හිඟයි....ඒත් පිරිමි කෙලින්ම කියන්නෙ නැහැ නෙව. ඉතින් එයාල හිතන්නෙ අපිත් දේවල් හන්ගනව කියල.
ම්ම්ම්... බලපෑම් මත වුනු සිත් වෙනස් වීමක්... ඇයි පිරිමි කුහකයි කියලා හිතන්නේ...? හොඳයි කුහක නිසාද හාර හාර අවුස්ස අහන්නේ...?
ReplyDeleteනැතිව. පිරිමි හිතනවා . එයා දැන් මාව බැන්දල හිටියට හිතින් හරි පරණ පෙම්වතාට ආදරේ කරනව ඈති කියල. තමන්ගෙ භාරයාව හිතින් හරි වෙන කෙනෙක් ගැන හිතනවට පිරිමි බයයි. ඒක් තුහත තමක්.
ReplyDelete@වත්: ප්‍රස්න දෙකයි...
ReplyDeleteඑක... ඒක නෙවෙයිද ආදරේ කියන්නේ...
අනෙක ඇයි ඕක පිරිමින්ට විතරක් පොදු හැඟීමක් කියලා හිතන්නේ... ගැහැණුන් කිහිප දෙනෙක් සමග හාදකම් ඇතිකරගන්නවා, පිරිමින්ට වඩා, කියලා ගැහැණුන්ම හිතන නිසාද...?
ඒක ආදරේ නෙමෙයි අයියා.........
ReplyDeleteදෙවෙනි ප්‍රශ්නෙ තේරුන්නෙ නැහැ නෙ
@වත්: තමන් ආදරේ කරන කෙනා වෙනකෙනෙක් ගැන හිතන එක බලා ඉන්න පුලුවන් එක එතකොට ආදරේ...? බැරි එක කුහක කම...? එහෙමද...?
ReplyDeleteදෙවෙනියට අහුවේ ගැහැනුන් සම්බන්ධ කම් එකකට වඩා වැඩෛ ගනනක් ඇතිකරගන්න බව ගැහැණුන්ම අනුමාන් කරනවාද කියලයි... නැතිනම් ගැහැණියත් පිරිමියාගෙන් ප්‍රස්න කලයුතුයි නේද...? (ගැහැණිය කුහක නැත යන පිලිතුර භාර නොගනිමි... තවමත් සංවාදය යන නිසා)
1)තමන් ආදරේ කරන කෙනා වෙනකෙනෙක් ගැන හිතන එක බලා ඉන්න පුලුවන් එක එතකොට ආදරේ...? බැරි එක කුහක කම...? එහෙමද...?
ReplyDeleteසැබෑ ආදරේ මීට එහා ගිය දෙයක්. මම දන්න කෙනෙක් ඉන්නව තමන් ආදරේ කරන ගැහැණිය වෙන කෙනෙක්ට ආදරේ කරනව බලා ගෙන ඉන්නව.ඔහු දන්නව වුවමනානම් ආයව තමන් පැත්තට හරව ගන්න පුලුවන් කියල. ඒත් ඔහු දන්නව තමන් ලග ඉන්නවට වඩා සතුට්න් ඈය ඔහු ලග ඉන්නව කියල. ඈගේ සතුට වෙනුවෙන් තමන්ගේ ආදරේ දරා ගෙන ඉන්නව.
2)මම කීවෙ ගැහැණියට ඉක්මනට හිත හදා ගන්න පුලුවන්. ඈය පරන දේවල් ගැන හිතනව ගොඩක් අඩුයි.
අනිත හිත පිරෙන්න ඉතිරෙන්න ආදරේ ලැබෙන කොට මොටද පරණ දේවල් පස්සෙ යන්නේ. සැමියාට වඩා වෙන කවුද.
හැබැයි පිරිමි එහෙම නෙමෙයි. පරණ මල් වල සුවද විටින් විට ස්මරණය කරනව. ඉතින් එයාල හිතනව ගැහැණියත් එහෙමයි කියල.
ආදරේ හැමවෙලේම ආත්මාර්ථකාමී වෙනව නම් ඒ සැබෑ ආදරේ නෙමෙයි... මුලු ජීවිත කාලෙම ආදරේ නිසා විදවන අය මම දැකල තියනව.
ReplyDeleteබහුතරයක් පිරිමි...ආදරේ නිසා දුක් විදිනව.
ගැහැණිය හරි ගේසියෙන් හිත හදා ගන්නව කියල මම හිතනව..
@වත්: හහ් හහ් හහ්... ඔන්න උත්තරේ ඔයාම දුන්නා....
ReplyDelete"බහුතරයක් පිරිමි...ආදරේ නිසා දුක් විදිනව.
ගැහැණිය හරි ලේසියෙන් හිත හදා ගන්නව කියල මම හිතනව.."
මෙන්න ආදරය ගැන....
This comment has been removed by the author.
ReplyDeleteදන්නවද??..උම්මග්ග ජාතකයේ උදුම්බරා දේවිගේ ප්‍රශ්ණය මතක් වුණා....මම හිතන විදිහට සැකය කියන දේ පිරිමියාට වැඩියෙන් හෝ ගැහැනියට වැඩියෙන් හෝ ඇතිවෙන දෙයක් නෙවි...ඒක මේ ලෝකෙ මනුෂ්‍ය වර්ගයාටම පොදු දෙයක්...වැදගත්ම දේ තමයි සැකය ඇතිවෙන තැන හඳුණා ගැනීම....අතීතය කුමක් වුවත් වර්තමානය, විශ්වාසය හා ආදරය මතින් ගොඩනගාගෙන අනාගතය දෙස බැලීමයි වටින්නේ...
ReplyDeleteඔබ මට කියාදුන්න සෙත් කවියක් කියන්න...
නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුනේ...
සුලා..
ම්....තව එකක්...උක්ත ගීතයට තිසා මහතා විසින් යොදාගෙන ඇති පින්තූර කතාව,පූර්විකාව හෝ පදවැලට වඩා යමක් කියාපානවා...ඒකනේ මම් කියන්නේ මෙ උන්නැහැ ඉන්ද්‍රජාලිකයෙක් කියලා.....
ReplyDeleteසුලා.......
මම නම් හිතන්නේ අතීතය ගැන දුක්වෙන්නේ ගැහැණිය. මොකද ගැහැණියක් හැම වෙලාවෙම අතීතය මත්තෙම ඉන්න නිසා
ReplyDeleteදෙයියනේ කියලා අපි නම් තාම තනිකඩයෝ... පවුල් ජීවිතයක් කියලා වචනයක් පේන තෙක් මානේක නැහැ.ඒක හින්දා අපි නම් තාම විස කටු දන්නෙත් නැහැ. බත් ඉදෙන කතා දන්නෙත් නැහැ. කවුලුදොරින් ගෙට එන නිදිනැති අටවක සඳ තනියහනේ මොනවා අදිනවද කියලා දන්නෙත් නැහැ හොඳට නින්ද යන හින්දා.. ඒ හින්දා අපේ අම්ම පොඩි කාලේ කියලා දුන්නා වගේ ලොකු අයගේ කතා වලට කට නොදා ඉන්නම්...
ReplyDeleteමෙන්න මේ සින්දුවෙම හොඳ quality එකේ එකක්. හොඳ ගීතයක් හොඳ තත්ත්වයෙන් අහනකොට ඒකේ රසය වැඩියි මන් හිතන්නේ.
මහ වැස්සක් බිමට හලා...
[ මම කරපු වැඩේ වැරදිනම් කියන්න තිස්ස අයියේ.. මම අයින් කරන්නම්. ]
මේව දැක්කම කොහොමද පැත්තකට වෙලා කට පියාගෙන ඉන්නෙ? මාත් පැනල උත්තර දෙනව ඔන්න.
ReplyDeleteමේ මට හිතෙන හැටි....
1. අයිය ඔය ලියල තියෙන විලාශය ඒ වචන කියාපු හැටියෙන්ම නම්; සංවාදෙ මුලින්ම පටන් ගන්නෙ පිරිමියා.
"හැමදාම - කන්දොස්කිරියාව - කී සැරයක් කියන්නද මේක...? - මම මැරුණහමවත් තේරුම් ගන්නේ නෑතෑ."
ඔයවගේ වචන සෙට් තියෙන්නෙ එයාලටනෙ! (exceptional cases ඇරුනම)
2. මට නම් පිරිමි අරෙහෙමයි ගෑණු මෙහෙමයි කියල පොදුවේ කියන්න අමාරුයි. ආදරයට ලිංග බේදයක් දාල, 'පිරිමි ආදරය කරන්නෙ මෙහෙමයි' 'ගැහැණිය මෙහෙමයි' කියන්න මට නම් බෑ. මං ඔය කියන දේ වෙච්චි දෙගොල්ලොම දැකල තියෙනවා.
3. මගේ පොතේ හැටියට නම්
"ආලෙ බිඳුණු දා කුමකට කඳුළු හෙලනු සකී
ආල වඩන යන තේරුම බෝසත් කම සකී"
තමා.
හික්ස්
වෙනදාටත් වඩ අද තිස්ස අයියගෙ තියෙන විශේෂත්වය තමා මං නම් දකින්නෙ දාල තියෙන රූපෙ!
පූර්විකාවත්, ගීතයත්, පිංතූරෙත් තනි තනිව ගත්තම එන අදහසට වඩා බොහොම ගැඹුරු, තාත්වික සහ වටිනා පණිවිඩයක් මේ තුනම එකට කලවම් කරල දීමෙන් අයිය දෙන්න හදනව කියලයි මටන්ම් තේරුණෙ.
කෙටියෙන් කියනවනම් අයියෙ
෴පට්ට෴
@ සුලා: ගතේ දාහය නිවන සුලඟ වාගේම අඩුපාඩුවක් නැතුව හිතේ හැම අහු මුල්ලකම තාපය නිවන ආශ්වාදනීය සුලඟ, කොහොමද මෙච්චර ඉක්මණට මගේ හිත තේරුම් ගත්තේ....?
ReplyDelete@ දිල්: අතීත මතකයන් අහුලන්නීට අතීතය වැදගත් නොවී කොහොමද...?
@මින්දද: අපොයි නෑ මල්ලියේ බෙදා හදා ගන්න තමා එකතු වෙන්නේ මෙතන හැමෝම... ස්තූතියි
අයියේ ඒක මාත් හරිම ආස සිංදුවක්.ම්ම්ම් මාත් අර කතාවට ටිකක් හොට දාන්නම් හොදේ...
ReplyDeleteමට හිතෙන්නේ කතාව හාර හාර අවුස්සන්නේ ගැහැනු කෙනා කියලා.
@freedom: හ්ම්ම්ම්... බෝසත් කම...? එහෙමනම් දාන පාරමිතාවත් පුරන්න වෙනවා...? රූපෙන් හිතුනේ මොකද්ද...?
ReplyDelete@මම: වෙලාවකට මට හිතෙනවා නංගියේ හැමෝම කරන්නේ තමන් හොඳින්ම දන්න "මම" ව (ඔයාව...?) මේ තත්වයට දාලා බලලයි උත්තර දෙනේ කියලා...? එහෙම නෙවෙයි ද...?
ස්තූතියි අයියෙ හැමදාමත් වගේ හොඳ දෙයක් හිතන්න දෙයක් දුන්නට
ReplyDeleteජය෴
ඔය වාද විවාද ඕනතරම් තියෙන්නේ... තව අටුවාටීකා මොටද දෙබස් ගැන.
ReplyDeleteහැබැයි රූපයේ කම්මල්කරුවා තලන්නේ යකඩින් වුනත් නිමාවන මල්වැලකට නොවැ.
ඉදිරිපත් කිරීම කවදත් වගේ පංකාදුයි සොයුරේ.ජය!
@ තිස්ස අයියා,
ReplyDeleteඅඬන්න ඉන්න මිනිහගෙ ඇහැට ඇඟිල්ලෙන් ඇන්න වගේ. හපොයි!!!!
ඔතන බෝසත්කම කියන්නෙ කෙළින්ම දානය තමා.මටත් උනේ ඔය රොඩී රැහේ නායක ඇත්තට වෙච්චදේ වාගෙ එකක් තමා. (හුලවාලි බලල ඇතිනේද හැමෝම?)
කෙළින්ම, අයිති කරගැනීමේ ආශාව අතාරිනව කිසිම ලෝබ කමක් හිතේ නැතිව. ඒකනෙ ඉතින් දානය කියන්නෙ! හැබැයි වැඩේ අන්තිම අමාරුයි.
:'(
පිංතූරෙ;
යකඩෙ උනත් ඒක නිකං තියෙද්දි කිසි ප්‍රයෝජනයක් නෑ. වැඩක් ගන්න නම් ඒක තලල වැඩ දාල ගන්න ඕන. අනික මෙතන හදන්නෙත් බොහොම කලාත්මක දෙයක් නොවැ.
ඒකයි "නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුනේ..."යි කිව්වම මදැයි. අපි අනිත් අයටත් පොඩි ඉඩක් දෙමු...
හපොයි අදනං භයානක මාතෘකාවක් නොවැ තෝරගෙන තියෙන්නෙ. මේ ගැන කතාකොරන්න ගොහිං කොහෙන් පටං අරං කොහෙං කෙලවර වෙයිද දන්නෙ නෑ...
ReplyDeleteආදරය නිසා වැඩිපුරම දුක්විදින්නෙ ගැහැණිය හෝ පිරිමියාය නැත්තං ලේසියෙන් හිතහදාගන්නෙ ගැහැණිය හෝ පිරිමියාය කියලා හරියටම ඉරිගහලා වෙන්කරන්න බෑ. මේ කොටස් දෙකටම අයිති ගැහැණු පිරිමි දෙපක්ෂයම මට මුණගැහිලා තියෙනවා. බොහෝවිට ඒක තීරණය වෙන්නෙ ඒ පුද්ගලයාගෙ චරිත ස්වභාවය මතයි...
හැබැයි ඉතිං මාත් තිස්ස අයියාගෙ කතාවට එකගයි. දාන පාරමිතා පුරන්න අපි රහත්වෙලායැ. ඉරිසියාව කියන්නෙ ආදරෙත් එක්කම එන දෙයක්. ඒක කුහකකමක් නෙවෙයි...
@ Buratheno,
ReplyDeleteමං ඔය කීවෙ මට හිතෙන හැටිනෙ. ඒක බහුතරයකට හරි යන්නෙ නෑ. හැමෝම ඔහොම උනොත් අලි ජංජාලයක් නොවැ වෙන්නෙ.
හැමවිටම වගේ ආදරය කියන්නෙ අයිති කරගැනීම සම්බන්ධ වෙන දෙයක්. ආදරය පටන්ගත් වෙලේ ඉඳල ඉස්සර වෙන්නෙ අයිතිය. තමන්ගෙ අයිතිවාසිකමට පළුද්දක් වෙනව කියල හිතෙන හැමවෙලාවෙම ඉරිසියාව, ලෝබ කම ඇතිවෙනව. (කුහක කම කියන වචනෙ ගැලපෙනව කියල මට නොහිතෙන හින්ද ඒක මෙතනට දාන්නෙ නෑ.)ආදර සම්බන්ධතාවයක් පවතින්නෙ ඔය දේවල් උඩ, යුග ජීවිතයක් ගත කළත් නැතත්.
ඇත්ත අපි රහත් වෙලා නෑ තමයි.
ඔය වගේ දාන පාරමිතාවකට කෙනෙක් යන්නෙ එක්කො එයාට අයිතිය ලබා ගන්න බැරි නිසා වෙන කරන්න දෙයක් නැති කමට නැත්නම් ඇත්තටම කෙළෙස් ප්‍රහීන කිරීමේ මාර්ගයේ යද්දි. ඔය පස්සෙ කියන වර්ගයේ කෙනෙක් මටනම් තවම මුණ ගැහිල නෑ.
ඉතින් දන් දෙන හැමෝම (සුළු පිරිසක් උනත් එයිනුත් 100%ක්ම) එහෙම කරන්නෙ එයාව ලබා ගන්න බැරි වීම නිසා තමයි. ඒ කියන්නෙ අවස්ථාවක් තිබුණ නම් එයත් ඔය වගේම ඉරිසියා කරනවා, හාර අවුස්සනව, එයා ගැන විශ්වාසයක් නැතිඋනාම.
ඒ කියන්නෙ මගේ දැක්මට අනුවනම් දෙන්නෙක් අතරෙ ඔයවගේ දේවල් ඇතිවීම අස්වාභාවික නෑ. කොයි කා අතරත් සිද්ධවෙන දෙයක්.
ඒක ඇතිවෙන්නෙ දෙන්න අතරෙ තියෙන අවිශ්වාසය නිසා. ඒක අඩු කරගන්නවනම් ඔහොම ප්‍රශ්න ඇතිවෙන්නෙ නෑ.
@රොයිලි: අනේ අප්පේ... මේ තියෙන වැඩ රාජකාරි අස්සේ අපිවත් බලලා යන්න එනවට ඉස්තූතියි අප්පා...
ReplyDelete@ගල්මල්: හරියටම හරි.... ඕන්න මිතුරේ කවි සිතක අරුමය....
අපේ මේ නගාලා ඔබට වහ වැටිලා නෙව... ඔබ ගැනමයි වරුණාව..."හරි හොඳයි ඒ අයියා..." ඕං කියන කතා...අපි කලුද අප්පා...?
@freedom: අපට ඕන හැටියට මල්වැලක් හදාගන්න කුලුගෙඩි පහර දීලා දීලා... නිහඩ වෘතය රකින්න ගත්තහම....? මොන දෙයියන්ට කියන්නද...?
@Buratheno: මලයා එක්ක සියයට දෙසීයක් එකඟයි... මගේ කල්පනාවත් ඔබතුමාගේ වගේමයි....ඉරිසියාව නැති ආදරේ නිකං සකර මොටං වගේ නේ...නිකංම් දියවෙලා යන... හිටියත් එකයි ... නැතත් එකයි....
@freedom : ඔබගේ ත්වෙනි කමෙන්ට් එක නම් අනර්ඝයි... හොඳ නිර්වචනයක්... හා පවතින ඇත්ත... හැබෑටම ඔබත් විවාහ වෙලාද නොවීද මේ කියන්නේ... නොවී කියනවානම්... ඔබ බුද්ධිමත්.... විවාහ වෙලා කියනවනම් ඔබ යතාර්ථවාදියෙක්...
මට මෙන්න මෙහෙම දේකුත් හිතට ආවා. ඕකට හේතුව අවිශ්වාසය විතරක්ම නෙවෙයි නේද.?? අපි හැමෝම කැමතියි අනෙක් එක්කෙනාගෙ ආදරය උරගාලා බලන්න. හරියට අර monthly/ annual system testing වගේ. සැරින් සැරේ ඔය වගේ නානාප්‍රකාර හේතු දාලා ගැටුම් ඇතිකරගන්නෙ ඒ වගේ testing procedure එකකට නෙවෙයිද..??
ReplyDeleteපලි: මමනං හරි ආසයි ඉදලා හිටලා වලි දාගන්න. එතකොට ආදරේ අලුත් වෙනවා.. :)
@Buratheno: ඒයි කොලුවෝ... කව්ද උබට අවසර දුන්නේ... මගේ හිතේ තියන දේවල් ප්‍රසිද්ධියේ මෙහෙම කියන්න...?
ReplyDeleteඋඹ telepathy develop කරනවාද රැජිනි ගාව ඉඳන්....?
@තිස්ස අයියා:
ReplyDelete"Men of my age flock together; we are birds of a feather, as the old proverb says..." (Plato's Republic)
:)
සුනිල් එදිරිසිංහ මහතා දන්නවනම් සිරාවටම කඳුලක් හෙලයි මේ පූර්විකාව කියෝලා.
ReplyDeleteබත් හැලිය ඉදෙනකම් උනත් තියෙන මේ පරන කුනු ඇවිස්සීමේ කලාව සිරාවටම වදයක් . ..
උඹ මේ කරන බ්ලොග් සහෘදයන්ගේ හිත්වල ඉතිරිවෙලා තියෙන හරි .. . .අනාගතයේ ඉතිරි වෙයි හරි කියලා හිතෙන කුනු අයින් කරන සත්කාරයේ අගය නම් කියන නිම කරන්න බෑ බන් . .
ReplyDelete@තිස්ස අයියා:
ReplyDeleteහපොයි අප්පේ! ගල්මල් කොරල් තුමා ගැනම කියන එක වැරදියි නේන්නම්!!!!
ඔබතුමා කළු නැහැ නොවැ.
"මේ ඔය හැමෝටමයි කියන්නෙ 'හරි හොඳයි මේ අයියත්' ඈ......
දැන් හරි නේදෝ?????
බි.පෙ.සි.
/නිහඩ වෘතය රකින්න ගත්තහම....? මොන දෙයියන්ට කියන්නද...?/
ව්‍යංගාර්ථය හප්පා ව්‍යංගාර්ථය
/හැබෑටම ඔබත් විවාහ වෙලාද නොවීද මේ කියන්නේ/
ඇයි හත් දෙයියනේ දාන පාරමිතාව පුරල, දීල දැම්මට පස්සෙ කා එක්ක විවාහ වෙන්නද??? (තව කරුමක්කාරයෙක් සෙට් වෙනකන්...) අයියත් අහන්නෙ මරු කතානෙ....
@Buratheno:
අනේ ඉතිං ඔය testing procedure එක ගැනනම් මට මතක් උනේ නැත. ඇත්තම කියනවනම් දැනං හිටියේ නැත. හැබැයි ඉතින් පොඩ්ඩක් හරි හිත තුවාල උනොත් නම් සුණේ සුං නේද?
"හිතක් බිඳුණු පසු කොතෙක් කළත් ඔසු පළක් නොවේ ළඳුනේ" කියල තියෙන්වනෙ කවුද මන්ද...
/Men of my age/
හොඳා හොඳා දෙන්නටම අයිය කියන්නද මාම කියන්නද? අයිය කියන්නද මාම කියන්නද? අයිය කියන්නද මාම කියන්නද?...
;-)
අයියා කියන්න අයියා කියන්න වැරදිලාවත් මාමා කියන්නනං එපා නගේ... අරහෙම ලිවුවට ඉතිං මමනං තාම ජීවිතයේ තුන්වෙනි දශකයේ මුල්හරියෙ ඉන්නෙ (තිස්ස අයියට වඩා අවුරුද්දක් දෙකක් බාලයි)... :)
ReplyDeleteපලි: මමත් ලොක්කා වගේ කියෙවුවට මටත් දාන පාරමිතාව පුරන්න වෙයිද දන්නෙ නෑ මේ තියෙන තත්ත්වය හැටියට. දැනට අනාගතේ ගැන වැඩිය නොහිතා ඉන්න තමයි ට්‍රයි කොරන්නෙ..
අර හිතක් බිඳුණු පසු සිංදුව කියන්නෙ දයාරත්න පෙරේරාද..?? මට හරියටම මතක නෑ..
ReplyDeletehttp://www.infolanka.com/miyuru_gee/2000/n383.ram
ReplyDeleteදැනුයි හම්බ උනේ. කියන්නෙ සෝමසිරි මැදගෙදර.
අයියත් ඇදල ගත්තොත් ගන්නේ මැන්ටල් මාතෘකාම තමයි..
ReplyDeleteමම මෙ තාම කල්පනා කරනවා...
ඔකට පිරිමි පාර්ෂවයෙන් කල්පනා කරනවද..?
විරුද්ධ පාර්ෂවය පැත්තෙන් කල්පනා කරලා බලනවද..?
පොදුවෙ කල්පනා කරනවද..?
ම්හු..මාර ඇණයක්නේ...?
මට බෑ ඔවා ගැන කල්පනා කරන්න.
ඔවාට උත්තර බැඳ බැඳ ඉන්නවාට වඩා කැමති කෙනෙකුට කැමති දෙයක් හිතා ගන්න කියලා මම නිකං ඉන්නවා.
(තේරුන කෙනෙක් ඉන්නවා නම් තේරුම් ගනියි. කිවුවෙ මොකක්ද කියලා.
@දුකා: ඔහ්... උඹේ ජොබ් එකට මම අතගැහුවා නේ... මේක මට වඩා හොඳට කරන්නේ උඹ..
ReplyDelete@freedom: හ්ම්ම්... හිස දී දුගියාටා.... දාන පාරමී...
හොඳයි මෙහෙම කරමු... Burathenoට "මාමා"... මට "සුදු අයියා" ..OK..??
@Buratheno: අපොයි.... පරණ සිංදු ගොන්නක් ම කිසිම ලෝබයක් නැතිව මට දුන්නා වාගේ නෙමෙයි... ඔබ මෙන්ම යහගුණවත් ඇඹේණියකගේ සරණය ලැබේවා....
@මාරයා: උඹ ආස්සරේ කරන්න.. උඹ ලියන ඒවා කියවන්න ගිහින් තමා අච්චර හොඳට හිටපු අපටත් මෙහෙම වුනේ....
@Buratheno:
ReplyDeleteකලත් monthly/annual system test
නොවේවා destuctive stress test
නොකරන් burning test
වලකන්නට බැරි වුනාට පැටවෙන load test
වොනවා නේද හිත් පොජ්ජ cocrete
ජීවිතය සුන්දරයි live it and let live
"හිතක් බිඳුනු පසු" ගීතය තියෙනවද කොහේද, සොයා බලා කියන්නම්.
(super glue!)
තිසා:
කවුද කළු? පක්ෂීන් සුදුය, කපුටා ද පක්ෂීයෙකි එහෙව් එකේ...
රවා මලයා කිව්වා සුදු-අළු-කළු මතකයි නේද...
රත් වූ කිණිහිරය මතින් දෘඩතරවූත් තල්යමය වූත් වානේ කැබැල්ලකින් නිමැවෙන සුන්දරවූ ලියවැල් දැක්කාද....සොයුරු සොයුරියනේ....
ReplyDeleteමමත් පිං කොලා නෙව මෙතරම්......
අර කිව්වැහේ දුකාගෙ අඩවිය පැත්තෙ ගියානම් ඕන පදම් නිධාන කතා,ඥාණ කතා..ආදී මෙකී නොකී සියළුම කතාවන් සොයාගත හැකි වනු ඇත.....!
සුලා
බීඳුණු කළට අමතක කළ නොහැකිනම් ඉතින්......
ReplyDeleteබිඳෙන බඳුන් කුමකට සුරකිම්ද ආදරෙන්.....
සිංදුව මතකයි නෙව...
සුලා...
@සුලා:
ReplyDeleteසොයුරේ හරිම ලස්සනයි දකින්නට
"මමත් පිං කොලා නෙව මෙතරම්......"
@සුලා:
ReplyDeleteලියකම සැදිනි..
සිතක් පහන් වුනි...
දරා ගත නොහී...
අන්සිත තැවුණී....
ඔව් අයියේ ඒක ඇත්ත.මොකද මාත් ඕකට උත්තරේ හෙව්වේ මාව පාවිච්චි කරලා.හැබැයි අයියේ ඒක එහෙම උනා කියලා පිරිමි එහෙම නෑ කියලා කියන්නත් බෑ නේ
ReplyDeleteමම මේ සින්දුව දකින හැටි වෙනස්. මම දකින්නේ ජීවිතයේ දුක් පීඩා වලින් තැවී ගිය තරුණියක් වෙතින් ආදරය ඉල්ලන තරුණයකුගේ ගීයක් විදියට. ඇය උත්තරයක් ලබා දීම ප්‍රමාද කරනවා. ඇයට පොරොන්දු රැසක් දී ඒ උත්තරය ගන්නට කරන උත්සාහයක් ලෙසයි මම මේ ගීතය දකින්නෙ
ReplyDeleteහැබෑටම් එහෙම දකින්නත් පුලුවනි නේ...? මම දැම්ම පූර්විකාව ඔස්සේ හැමෝම ගියා මට හිතෙන්නේ... නමුත් විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ කියන එක කොහොමද ගලපන්නේ එතකොට...?
ReplyDeleteතිස්ස අයියේ දැන් නම් ලියන්න හිටපු දේවල් මතක නැහැ ඔන්න හැබැයි මේ සිංදුව නම් අහලා තියනවා මම.
ReplyDeleteබොහෝම දවසකින් තමා එන්න නම් ලැබුනේ සතියක්ම කලන්තෙ හැදිලා වගේ ඉන්න උනානෙ ..
මම මේ අහන්න හැදුවෙ කෝ දැන් අර ආදරණීය සහෝදරයා එහෙම මොකෝ මේ පැත්තෙ ඇවිත් නැත්තේ.අනේ මංදා මේ කියලා තියන දේවල් දකින්න නම් ඕනේ ඒ සහෝදරයම තමා:P
පට්ට.
ReplyDeleteරිප්ලයි කමෙන්ට් එක විදිහට ස්තූතියි කියන්න එපා අයියේ!
තේරුමක් නැති දේවල් වලට නැති කරන්න තරම් කාලය ඔය ගොල්ලන්ට තියන එක ගැන මට වෙලාවකට පුදුමයි.
ReplyDeleteගෑනු , පිරිමින්ට වඩා සංවේදීයි. පිරිමි කුහකයි.. ඔව් ඒක ඇත්ත.සහතික ඇත්ත.
ReplyDeleteපිරිමි, ගෑනුන්ට වඩා සංවේදීයි. ගෑනු කුහකයි.. ඔව් ඒකත් ඇත්ත.සහතික ඇත්ත.
ඉස්සෙල්ලා ආවේ කිකිළිද බිත්තරේද කියන ප්‍රශ්නේට උත්තර දීලා ඉන්න කෙනෙක් ඉන්නවනං විතරක් ඔය ප්‍රශ්න දෙකේදී වාද කරගන්න එක හොඳා ...
කාලයත් නිහඬතාවයත් බොහොම ප්රශ්නවලදී උත්තර දීලා තියෙනවා මගේ ජීවිතේ..
සමහර වෙලාවට සුළු දේකින් සැලෙන මගේ පෘථග්ජන හිත නිහඬතාවයත් එක්කම , කාලයත් එක්කම පියවි සිහියට එන්නේ යථාර්ථය පැහැදිලි කරගෙන සමබරව හිතන්න පුළුවන් තරමට කල්පනාව අදිවෙලා...
හිත රිදුනාම කොතැනත් එහෙමයි !..
ඉතිං හොඳ වෙලාවට බත්හැලිය ඉදෙනකං හැලි වලං පෙරලගන්නැතුව මගේ නිහඬතාවයට ඉඩදීලා ඉන්න තරම් අවබෝධයක් තියෙන කෙනෙක් මා ළඟින් ඉන්නේ..
අද ගීතයනම් හොදට අහල තියෙන එකක්. කාලෙකින් නේ එහෙම අත්දැකීමක් ලැබෙන්නේ හද ගී පොතින්.
ස්තුතියි ඔබට...
-ජය
@ dinesh,
ReplyDelete"තේරුමක් නැති දේවල්" කියන එකෙන් ඔබ අදහස් කරන්නෙ මොකද්ද කියල කියනවද තරහ නැතුව?
@freedom:
ReplyDeleteමමත් ඔය ප්රශ්නය dinesh ගෙන් අහන්න හදලත් නිකං හිටියා. ඉස්සරනං ඔය වගේ වාදවලට පැටලෙන්න හරි ආසයි. ඒත් දුකාගෙ අර විනෝදාංශ ගැන තිබ්බ ලිපිය කියෙවුවට පස්සෙ මටම හිතුනා ආයෙමත් ඒ වගේ වැඩකරන්නෙ නෑ කියලා... :)
@dinesh:
මචං මෙතනට එන හැමෝම වගේ කිසි වැඩක් පලක් නැතුව නිකම්ම ගෙදරට වෙලා ඉන්න අයනෙ. ඉතිං අපට ඕනතරං වෙලාව තියෙනවා නාස්ති කරන්න. අනෙක ඉතිං අපි නාස්ති කරන්නෙ අපේ කාලයනෙ... :)
ps: ඊයෙ මේ වගේම කතාවක් තියෙන tamil ෆිල්ම් එකක් බැළුවා. Sillunu Oru Kadhal. ලස්සන කතාව. ඔයගොල්ලන්ටත් බලන්න ඕනෙනං අන්න baiscopelk.com site එකේ දාලා තියෙනවා සිංහල sub-titles එක්කම. මමත් එතනින් තමා ගත්තෙ...
http://www.baiscopelk.com/?p=2785
"නමුත් විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ කියන එක කොහොමද ගලපන්නේ එතකොට...?"
ReplyDeleteඇයි ඉතින්, ගෑණු ළමයගෙ මහ ගෙදර අය මේ නිසා විරසක වෙලා කියල හිතන්න පුළුවන්නෙ?
මේක මම දකින හැටි විතරයි! ඒ වගෙම මට මේ සින්දුවත් මතක් වෙනවා
මහ වරුසාවට පසුව නැගෙන සද - වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත - ඒ එළියට වැඩියෙන් එළියයි
සෝමතිලක ජයමහ ගේ අමරණීය සින්දුවක්.
අතොරක් නැතිව හඬ තලන රැහැයියන්ගේ හා ගෙම්බන්ගේ නාදයන් අභිබවා හූ හඬ තලමින් සීඝ්‍රගාමී දුම් රියක් තම ගමනේ යෙදිනු අසා සිටියෙමි….සාලය මැද බිත්තියේ එල්ලෙන හෝරා යන්ත්‍රය දෙස බැලුනේ කීවෙනි වතාවටදැයි සෙවීමට නොවෙහෙසුණෙමි…..එසේම “ටික්..ටික්” හඬින් අනවරත ගමනක යෙදෙන හෝරා යන්ත්‍රය අද මට වද දෙන තරමක්..! ඒ බදුල්ල බලා දුවන සීඝ්‍රගාමී තැපැල් දුම් රිය බැවි අත් දැකීමෙන් දනිමි…හිතට වද දෙන මේ මූසල පාළුව හද පෙලන හේතුව ගැන සිතමින් දරු දෙදෙනාගේ කාමරයෙන් සාලයට වන්නෙමි…
ReplyDeleteඅළුත සුද මැඳි බිත්තියෙන් හමන නැවුම් සුවඳ ආඝ්‍රාණය කළ මම,ඉදිරිපස ජනේල විවරය වසා සිටිඅ ලියවැලින් හැඩකළ ග්‍රීල් ආවරණය අල්ලා ගතිමි…මනාව හැඩතල මතුකරමින් නිමවා තිබූ ලියවැල ඔස්සේ දබරගිල්ල ඔහේ දිවයූයෙමි..අචේතණික වූ කිණිහිරයත්,ඊමත ගිනියම් වූ වානේ කූර,සචේතනික මනෝ භාවයක් හිමි නිර්මාණකරුවාගේ අතවූ මිටි පහරෙන් හැඩවෙමින් මැවෙනා අගනා නිර්මාණයත් මා සිත මුදු මෙළෙක් කලෙන් උදෑසන ඔහු හා සිදුවුණු උණුසුම් සංවාදය අකුරක් අකුරක් පාසාගෙන නැවත විමසා බැලීමට සිතීමි…
මීට හත් වසරකට පෙර මිතුරියකගේ විවාහ මංගල උත්සවයකදී හමු වූ ඒ පාංශු දේහධාරී පුද්ගලයා රජයේ ආයතනයක ලිපිකරුවෙකු ලෙස මට හඳුන්වා දෙන ලද්දේ මිතුරිය විසිනි..එවෙලෙහි ඔහු කෙරෙහි විශිෂත්වයක් නොදැක්වූවද අහම්බයකින්දෝ මනාල යුවල සමග එකට හිඳ චායාරූපයක් ගැනීමට සිදු වීමෙන්ද එහිදී අත්විඳින්නට වූ මිතුරියන්ගේ කවටකම් හේතුවෙන් හදෙහි යම් කෝල බවක් දැනුනද එතැනින් එහාට ඒ ගැන වැඩි දුර නොතැකීමි…කෙසේ නමුත් ප්‍රියමනාප කඩවසම් පුද්ගලයකු වූ ඔහුගේ රුව මා මනසේ සිත්තම් නොවූවායැයි කීම මුලාවකි…
කාළයාගේ ඇවෑමෙන් මිතුරියගේ අනුබලයෙන් ඔහු හා මගේ සිත්යාවීමෙන් දෙමව්පියන්ගේද ආශීර්වාද මැද විවාහ වීමත්,කැදැල්ලට පැටවුන් දෙදෙනෙකුගේ සම්ප්රාප්තියත් යන සිද්ධි දාමය සළරූ පෙළහරක් සේ අදද මට සිහියට නගාගත හැක…විවාහයට පෙර අපි අපගේ ප්‍රේම ලෝකයේ ගිලීහුන් එක් සැඳෑවක ඔහුගේ බිඳීගිය එක් ප්‍රේම වුර්තාන්තයක් ගැන සඳහන් කළද ඒගැන ඊට වඩා යමක් සිතීමට හෝඉ විමසීමට පසුබට වූයෙමි…මන්ද..සුන්දර හදවතක් හා රූප සම්පත්තියක් හිමි මේ මිනිසා මගේ කරගැනීමට මා කෙරෙහි වූ ලෝභය නිසාමයැයි හඟිමි…
ඉදිරියට----------->
සුලා….
මගේ මතකය නිවැරදි නම් මීට දෙවසරකට පමණ පෙර ඔහුත් මාත් කොටුව දුම් රියපලහිදී දුම් රියක් එනතුරු බලා සිටිදිනක ඇය පළමුවෙන්ම මා නෙත ගැටුණි..සෙනග පීරාගෙන විත් “ආ..ජයේ දැක්ක කල් "යැයි මා සැමියා සමඟ දොඩමළුවනුද ඊට ඔහු කුළුපගව ප්‍රතික්‍රියා දක්වනුද බලා සිටියෙමි..ඔහුගේ පාසැල් සමයේ මිතුරියක් ලෙස හඳුන්වාදුන්නද ඊට වඩා යමක් දෙදෙනා අතර තිබූ බව ගැහැණු ඉවට දැනුණු බව නම් නොකිවමනාය…
ReplyDeleteගමන අතරවාරයේදී ජයේ විසින් ඒ කවුරුන්දැයි හෙළිකරණු ලදුයෙන් විදුලියක් මෙන් හිතේ ඇතිවුණු ඊර්ශ්‍යා සහගත හැඟීම මුළු ගත සිත දවාලූයෙන් එදින මම නිවසට පැමිණියේ හිතේ කහටක්ද සඟවාගෙනය…වීදුරු කැටපත අභිමුව හිටගත් මම ප්‍රතිබිම්භනය වූ මගේ රුව හා මීට ස්වල්ප වෙලාවකට පෙර මා දුටු ඇගේ රුව සන්සන්දනය කරන්නට වීමි..කෙතෙක් සිතුවද ඈ මට වඩා රුවින් වැඩි යැයිද,ජයේ ඈ කෙරෙහි තවමත් ඇල්මක් දක්වන්නේයැයිද යයි සිතීමට සිත බලකෙලෙන් මඳ ඉසිඹුවක් ලැබෙන තෙක් එම පාපී වූ සිතිවිලි දාමයන් හදවත ගැඹුරේම නිදන්ගත කෙලෙමි…
ගෙවීගිය දෙවසරක කාලය තුල හත් අට වතාවක් ජයේ සහ මා අතර හටගත් සංවාදයන් තුලදී ඔහුව රිදවීමට එක් ආයුධයක් ලෙස අර කිවූ නිධන් ගත කළ ඊර්ශ්‍යා සහගත සිතිවිල්ල යොදාගතිමි…ඒ බෝහෝ අවස්ථාවල සිනාහාවෙන් හා විහිළුවෙන් මෙගේ රිදවුම් බැහැර කළද අද දින සිදුවූ සිදුවීමෙන් ඔහු කෝපයට පත්වූ බවක් දුටුවෙමි…නිවසින් නික්මයාමට පෙර ඔහු කියූ වදන් පෙළ මා බියගැන්වූ තරම..!
විශාලව අතුපතර විහිදීගිය කොට්ටම්බා ගසත් මල් පීදීගෙන එන රට අඹ ගසත් යෝධ සෙවනැළි සේ මහද බියගන්වන්නට වූයෙන් නැවතත් ලාම්පු එළියෙන් රටා මැවුණු වතුසුදු මල් වැටිය දෙස බැල්ල්ම හෙළිමි…ඇත්ත වශයෙන්ම..විවාහයෙන් පසු ගෙවීගිය වසර හත තුළ ඔහු මට නුදුන්නේ කුමක්ද..???මගේ සිත මේ සැරසෙන්නේ කුමකටදැයි සිතෙහි වූ නිදන්ගත ඊර්ශ්‍යා සහගත සිතිවිල්ල හාරා හගිස්සවන්නට වීමි…ආදරය,කරුණාව,ගවුරවය ,රැකවරණය කප්පරකට ඔහුකෙරෙන් නොලදිම්ද..???එහි කිසිදු අඩුවක් හෝ යන්තමින් හෝ මට හෝ මගේ දරුවන්ට හෝ දැනුනේද..??..හදේ ගැඹුරුම ඉසව්වෙන් ආ පිළිතුරෙන් මම විපිළිසර වීමි…නැත… ඔහුගේ ලෝකය මා හා ඔහුගේ ලෙයින් උපන් මේ දරුවන්මය..මොහොතකට හෝ මේ සොඳුරු මිනිසා කෙරෙහි අහිතක් හිතා ලැබූ කාළකණ්නි සතුට හෝ විඳවීම ගැන මම මටම චෝදනා කෙළෙමි…වතුසුදුමල් යාය සිප හමා ආ ඔහුගේ ජීවන සුවඳ මුසු වාතය හිත් පුරා විඳ හුස්මක් හෙලා හදවතේ තිබූ කහට සියල්ල හෝදා පියා දැමූවෙමි…උණුසුම් දෑතක් මගේ බඳවටා එතෙනුද කණ අද්දරින් පටන්ගත් සිහින් කිතියක් සිරුර පුරා විහිදයනුද එකවර දැනුණෙන් ඒ සාංසාරික බැඳීම හැඳින්නෙමි..
“නෝනේ….ම්ං උඹට ආදරෙයි බං”
“හ්ම් මං ඒක දන්නවා” පිළිවදන් දෙමින් ඔහුගේ පුළිලුරතලයට වාරු උනෙමි..ඈත අහසේ පායා තිබූ අටවක සඳ පළුවෙන් විහිදුණු කණාමැදිරි ආලෝක තරංගවල කාන්තියෙන් මගේ දෑස් පියවෙනුද අසීමිත වූ සෙනෙහසකටද මැදි වෙනුද අත්වින්දෙමි…..
සුලා….
(සමාවෙන්න..! බොළඳ වැඩියි වගේ නේද???කමක් නැහැ බැඳීම් බොළඳවන තරමට සුන්දරයි..)
෴සුලා෴
ReplyDeleteමට දැන්මම විවාහ වෙන්න හිතුන.........
හරිම ලස්සනයි.......
වචන නැහැ....
පට්ටම පට්ට සුලා... බොළඳ වැඩියි..?? ඉතිං ආදරේ බොළඳයි නේන්නං.. ඒකනෙ ඒක මෙච්චර සුන්දර.. :)
ReplyDeleteඔන්න ඕක තමා වැරැද්ද.. වෙන දේකට රණ්ඩුවුනත් අන්තිමට ගහන්න පොයින්ට් නැතිවෙනකොට පරණ ලව්කේස් ඇදලාගන්න එක..
ReplyDelete@nimanthi මගේ ගෙදරට ඇවිත් අනුන්ව වර්ණනා කරනවානේ...
ReplyDeleteමොකද කලන්තේ..? කාට්ටිය ගෙදර ආවානේ..?
@ඔව් මුචා... නිකන්ම ස්තූතියි කිව්වහම පීචං වාගේ නේ...
@dinesh සමාවෙන්න සහෝදරයා ඔයාගේ කාලය කා දැමුවාට
@යෝගී: කුමන්ත්රණකාරයා... !!! කුමන්ත්‍රණ කරලා දැන් හොරගෙඩියා වගේ කමෙන්ට් දාලා මාරුවෙනවා නේ...අල්ලගන්නම් කෝ මම...
@freedom: ඇයි මේ බ්ලොග් ලියන එකයි කමෙන්ට් දාන එකයි...?
@Buratheno: සිත්තරපටියට මග පෙන්නුවාට පිං...
@මිගාර: හරි නේන්නං... ඒ අවුලත් ගොඩ... එහෙම විවිධ විදිහට හිතන්න පුරුදු වුනහම අනුන්ගේ දුකක් කරදරයක් තේරුම් ගන්නත් පුරුදු වෙනවා නේද...? මම අර යාලු කරගන්න පාවිච්චි කරන සින්දුවක් තමයි ඔබ දාලා තියෙන්නේ...
@සුලා: පිටි අල්ල මදිවුනා... අත්ලත් මදිවුනා.. ලඟ තිබුනු ටිෂූ එක පිහිටට ආවා....අවසානයි සුලා... මට ඉරිසියාවේ බෑ.... මොන බොලඳද බං... උඹේ සිත් ගන්නා තැනැත්තිය නම් හැබෑම වාසනාවන්තියක් වේවි....
හැබෑම නේන්නම්! 'සුදු අයියෙ'(හීහ් හුහ් හූ....)
ReplyDeleteඅනේ ඇත්තට ඔහෙලට ගෙවල් දොරවල් වල වැඩපල නැද්ද මේ විකාර බල බල ඉන්නෙ. වැඩකට ඇති දේවල්ද මේවා.
@dinesh:
ReplyDeleteමලේ නුඹ පුදුම වෙලා කොමන්ට් කරලා මේ බ්ලොග් එකෙන් පිටමං වෙන්න කලියෙන් වෙන්න ඇති මා නුඹේ ලියමන කියෙව්වේ (හරියටම 3:50:38pm ට ). අවාසනාවට මට වචන පේලියක් කොටාගන්න බැරිවුනා නොවැ.
නුඹ ගැන තරහක් නම් නැහැ මලේ, මගේ ප්‍රශ්ණය නුබේම වචන වලින්:
"තේරුමක් නැති දේවල් වලට නැති කරන්න තරම් කාලය තියන එක ගැන මට පුදුමයි"
ඒ ටික හදලා ගත්තාට පසුව නුබේ මෙ වචන ටික ඉතිරි වුනා "ඔය ගොල්ලන්ට.. වෙලාවකට" ඉතිං නුඹට ඕන විදියට ඒ ටික අරගනින් මලේ.
නුඹට ලොකු දර්ශණයක් තියෙනවා මලේ, නුඹ ඒක ප්‍රදර්ශණය කාලා නොවැ.
@සුලා, සොයුරේ කතාව ඉස්තරම්.
ReplyDeleteසුලා මහත්තයො, ලියමුද බ්ලොග් එකක්!
ReplyDeleteඅපිට කෑගැස්සෙන්න ලියල ඉවර වෙලා බොළඳද කියලත් අහනවනෙ!!!
ආදරේ ඉතිං බොළඳයි නොවැ. බොළඳ නැතෙයි කියනවනම් ඉතින් කුහක කමට බොරු කියන උදවිය තමා. (අර වයසට ගියාම තරුණ උදවිය ආදරේ කරනව දරා ගන්න බැරුව බනින ඇත්තො වාගෙ අය)
@තිස්ස මහත්තයෝ....
ReplyDeleteඋඹ මගේ හිතේ අනෙක් පැත්ත නෙව....
-----------------------------
@හිතවතී වත්සලා....
ඇත්තටම ..! අනේ වාසනාවන්....
----------------------------
@Bratheno,
ස්තූති වේවා සහෝ....
----------------------------
@ගල්මල්-Coral,
හැමදාමත්වගේ...හිතවත් කම් ඉස්තරම්...
-----------------------------------
@freedom,
ස්තූත්යි නගේ....නගා උනාට මටනම් මල්ලියෙක් ගානයි...
මේ...
සුලා..
@සුලා: හැමදාම වගේ අදත් කියන්න තියෙන්නෙ උඹ මාව කුල්මත් කලා කියලම තමයි.
ReplyDelete@dinesh : අනේ මල්ලියෙ, මූල්‍යමය වටිනාකමක් නම් දෙන්න අමාරුයි තමා. දින, පැය, විනාඩි, තත්පර වලට රුපියල්, ඩොලර් වලින් වටිනාකම් නියම කරන ලෝකයෙ තවත් එක ජීවියෙක් හැටියට උඹ කියාපු දේ ගැන තරහක් නැහැ කොල්ලො. ඒ වුනාට රුපියල්, ඩොලර් වලින් මිල කළ නොහැකි දේවල් වල මහා විශාල වටිනාකමක් දකින අපි වගේ වැඩකට නැති එවුනුත් ඉන්නවනෙ මලේ. අනේ අපි ගැන අනුකම්පා කරන්න තරම් කාරුණික වෙයන් කොල්ලො.
@Buratheno:
ReplyDeleteසොමසිරි මැදගෙදර මහතා ගයන "සිතක් බිඳුණු පසු" ගීතය මා upload කරා.
මෙතැනින් ගන්න පුලුවනි:
http://www.mediafire.com/?4qwzowm2ndd
සින්දුව ගැන කියන්න ආපු දේත් කියන්න අමතක වුනානෙ. මගෙත් ආසම සින්දුවක්, ඊටත් වඩා තෝර ගත්ත පිංතූරය බොහොම අගෙයි. ගීතයත් පූර්විකාවත් එක්ක මම ඒක ගලපන්නෙ මේ විදියට.
ReplyDeleteකිණිහිර මත ඒ මේ අත හරවමින් කුලු ගෙඩියෙන් පහර දෙමින් කරන මහා අරගලයක අවසානයේ දකින්න ලැබෙන්නෙ සිත පහන් කරන, කුලු ගෙඩියකින් තබා නිය පිටින් පහරක් ගහන්න ලෝබ හිතෙන තරමෙ සුන්දර නිමැවුමක්.
ඔන්න මං ගත්තා.. තැන්කූ තැන්කූ..
ReplyDeleteමං හරිම ආස කරන සින්දුවක්.. ඒ වගේම පහලින් තියෙන කමෙන්ට් ටික..හිතන්න දේවල් ඉතිරි කරනවා..
ReplyDelete