හැන්දෑව : දවසේ මෙහෙවර නිමවන්නන්ට ක්ෂේම භූමියකි. තවකෙකුට ගොදුරු සොයන කණිසම ඇරඹෙන වෙලාවය. රාත්‍රී වැඩමුරයට පිටත්වන්නන්ට එලියට බහින්නට කාලයයි. ස්වාමීන් වහන්සේලාට 'විකාල භෝජනය' නවන්වන්නට සුදුසු කාලයයි.
'සැන්දෑවේ රන් වලා - සයුරේ ගිලී පාවෙලා
අඳුරේ පහන් දැල්වෙනා මොහොතේ - ඔබ ඇයි මග තනිවෙලා....'
ගෙවල් මායිම්, උස් තාප්ප වලින් වෙන් නොවුණු මා කුඩා කල, සැඳෑ ඉරු රැස් බොහෝ වෙලාවක් යනතුරුම ගෙයි ජනෙල් වලින් ඇතුල්ව, බිත්ති වල බොඳවුනු හෙවණැලි මතුකලා මතකය. සෙමින් සෙමින් කහපැහැයෙන් තැඹිලි පාටටත් එයින් රත් පැහැයටත් හරෙමින් ඒවා බිත්ති දිගේ ඉහලට යනු මා බලා සිටියේ දුකිනි. දවස තිස්සේ අප හා උන් හිතවතා අප හැරයනවා නේදෝ වැනි හැඟීමක් මා පෙලීය. අදද ඒ හැඟීම හිතේ කොණක නැතිවාම නොවේ. එහෙත් ඔහුටද විවේකයක් ඇවැසිය...
"හිරු දිය ගොඩ ගිනියම් කරලා
ලොව වටේම රවුමක් දුවලා
හති අරිවී මුහුදේ ගිලිලා හැන්දෑවේ"
බලාපොරොත්තු, අලුත් අරමුණු, සැලසුම්, සමග නැගෙන උදා හිරු රැස්, දහවලේ සටනේ යෙදෙන චණ්ඩ හිරු රැස්, හැමදාමත් මට සුවපහසු හැඟීමක් ඇති කරයි. දවස පුරා විඳි බලාපොරොත්තු කඩවීම්, නින්දා, අසාර්ථක සැලසුම්, සැඳෑ හිරු රැස් සංකේතවත් කලාවත්ද?
'... වෙහෙස වෙලා ගෙයි හිමියෙක් ගෙදරට එන්නා
ඒ බව දුටු සොඳුර ඇවිත් ඔහු පිලිගන්නා
ඔහු දරු දෙන්නා ගත එල්ලෙන්නා
ආදර පෙන්නා සිඹ සනසන්නා...'
හිතවතුන්, හුරු පුරුදු පරිසරය සියල්ලන්ගෙන් ඇත්ව වාසය කරනා ඇත්තන්ට පසුතැවිල්ලට, කන්ද කෙන්ද කර සිතීමට රත් පැහැ සැන්දෑ අහස නොමද රුකුල් සපයයි...
'ඇන්ද රතු වලා සිතුවම් හකුළුවා තියා - සිතරු තෙම සැඳෑ අඳුරට ඉඩ තබා ගියා
සීත සඳ නැගේ පෙරඹර කව්ළු දොර අයා - ඔබ තාම නෑ දයාවියේ මට ආදරෙයි කියා...'
නිදා ගන්නට කාලය ඇවිත් නැත. අනෙක් අතට නැවත ක්‍රියාශීලී වන්නට බැරි තරමටම දෛනික රාජකාරි වලින් ගතෙහි ජවය පිරිහී ඇත. දවස පුරා දුටු විසූක දස්සන වලට තවත් ඒවා එකතු කිරීමට නම් හැන්දෑව කවුලුවක් නොවේ... රන්වන් වලා හිත රිදවමින්ම නේක රටා මවයි....
'... හැන්දෑකරේ අඹ මල් වට බඹරු නටන්නා
නින්ද නැතත් මං තනියෙන් හීන දකින්නා...'
අද ඉටු කරන්නට බැරි වූ දෑ සිතට පෙලගැසී එන්නේ දියෙහි එබූ රබර් බෝලයක් මෙනි. මා මෙන්ම, මගෙන් රිදුම් ලැබූ අයද, හෙට දිනයේ ඒ පෑරුණු තුවාල වලට සහනයක් ලැබේදෝයි බලා සිටිනු ඇත...
'...සැන්දෑ අහස වගේ - සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ - මා රිදවන්නද සිතුවේ...'
සිත් රිදවී දෙනෙත් වල මතුව ආ රත්පැහැ අතුරුදන්ව, කාන්තිය විහිදෙන කාල සීමාව, හැන්දෑවේම, නොපමාව මතුව ඒනම් කොපමණ අපූරුද?
'සැන්දෑවේ රන් වලා - සයුරේ ගිලී පාවෙලා
අඳුරේ පහන් දැල්වෙනා මොහොතේ - ඔබ ඇයි මග තනිවෙලා....'
ගෙවල් මායිම්, උස් තාප්ප වලින් වෙන් නොවුණු මා කුඩා කල, සැඳෑ ඉරු රැස් බොහෝ වෙලාවක් යනතුරුම ගෙයි ජනෙල් වලින් ඇතුල්ව, බිත්ති වල බොඳවුනු හෙවණැලි මතුකලා මතකය. සෙමින් සෙමින් කහපැහැයෙන් තැඹිලි පාටටත් එයින් රත් පැහැයටත් හරෙමින් ඒවා බිත්ති දිගේ ඉහලට යනු මා බලා සිටියේ දුකිනි. දවස තිස්සේ අප හා උන් හිතවතා අප හැරයනවා නේදෝ වැනි හැඟීමක් මා පෙලීය. අදද ඒ හැඟීම හිතේ කොණක නැතිවාම නොවේ. එහෙත් ඔහුටද විවේකයක් ඇවැසිය...
"හිරු දිය ගොඩ ගිනියම් කරලා
ලොව වටේම රවුමක් දුවලා
හති අරිවී මුහුදේ ගිලිලා හැන්දෑවේ"
බලාපොරොත්තු, අලුත් අරමුණු, සැලසුම්, සමග නැගෙන උදා හිරු රැස්, දහවලේ සටනේ යෙදෙන චණ්ඩ හිරු රැස්, හැමදාමත් මට සුවපහසු හැඟීමක් ඇති කරයි. දවස පුරා විඳි බලාපොරොත්තු කඩවීම්, නින්දා, අසාර්ථක සැලසුම්, සැඳෑ හිරු රැස් සංකේතවත් කලාවත්ද?
'... වෙහෙස වෙලා ගෙයි හිමියෙක් ගෙදරට එන්නා
ඒ බව දුටු සොඳුර ඇවිත් ඔහු පිලිගන්නා
ඔහු දරු දෙන්නා ගත එල්ලෙන්නා
ආදර පෙන්නා සිඹ සනසන්නා...'
හිතවතුන්, හුරු පුරුදු පරිසරය සියල්ලන්ගෙන් ඇත්ව වාසය කරනා ඇත්තන්ට පසුතැවිල්ලට, කන්ද කෙන්ද කර සිතීමට රත් පැහැ සැන්දෑ අහස නොමද රුකුල් සපයයි...
'ඇන්ද රතු වලා සිතුවම් හකුළුවා තියා - සිතරු තෙම සැඳෑ අඳුරට ඉඩ තබා ගියා
සීත සඳ නැගේ පෙරඹර කව්ළු දොර අයා - ඔබ තාම නෑ දයාවියේ මට ආදරෙයි කියා...'
නිදා ගන්නට කාලය ඇවිත් නැත. අනෙක් අතට නැවත ක්‍රියාශීලී වන්නට බැරි තරමටම දෛනික රාජකාරි වලින් ගතෙහි ජවය පිරිහී ඇත. දවස පුරා දුටු විසූක දස්සන වලට තවත් ඒවා එකතු කිරීමට නම් හැන්දෑව කවුලුවක් නොවේ... රන්වන් වලා හිත රිදවමින්ම නේක රටා මවයි....
'... හැන්දෑකරේ අඹ මල් වට බඹරු නටන්නා
නින්ද නැතත් මං තනියෙන් හීන දකින්නා...'
අද ඉටු කරන්නට බැරි වූ දෑ සිතට පෙලගැසී එන්නේ දියෙහි එබූ රබර් බෝලයක් මෙනි. මා මෙන්ම, මගෙන් රිදුම් ලැබූ අයද, හෙට දිනයේ ඒ පෑරුණු තුවාල වලට සහනයක් ලැබේදෝයි බලා සිටිනු ඇත...
'...සැන්දෑ අහස වගේ - සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ - මා රිදවන්නද සිතුවේ...'
සිත් රිදවී දෙනෙත් වල මතුව ආ රත්පැහැ අතුරුදන්ව, කාන්තිය විහිදෙන කාල සීමාව, හැන්දෑවේම, නොපමාව මතුව ඒනම් කොපමණ අපූරුද?
කිරණින් සොමි සඳ බබලන - මවමින් රස සිතුවම්
සැනසුම් සුවයෙන - සිතු පොබයන - සැඳෑ මිහිර මනරම්
රන් තරු කැට මාලයයි - නිල් තරු කැට මාලයයි
සඳ කොමලිගේ බඳ වට දිලි - රුවන් වලා සේලයයි
රන් ස්වරයෙන කන් පිනවන - කීර කොවුල් රාවයයි
කිරණින් සොමි සඳ බබලන - මවමින් රස සිතුවම්
සැනසුම් සුවයෙන - සිතු පොබයන - සැඳෑ මිහිර මනරම්
සිත් නලවන - මත් කරවන - පත් අසිරිය - දෙන හැඟුම්
නෙත් අලවන - අත් ලෙළවන - ලක් මිහිරිය - වන රැඟුම්
සිඳු රළ පෙළ දෙන ගිගුම් - බමන බඹර නගනගුම්
හඬ පසතුරු - දෙන නිරතුරු - ලෙස විසිතුරු - ලොව රැඳී
කිරණින් සොමි සඳ බබලන - මවමින් රස සිතුවම්
සැනසුම් සුවයෙන - සිතු පොබයන - සැඳෑ මිහිර මනරම්
අනේ මම අහල නැ වගේනෙ අයියා...
ReplyDeleteරුක් අත්තන මල මුදුනේ බමරු නටන සැන්දෑවේ ...
ReplyDeleteඅපුරු සිතුවිලි පෙළක්. අපි පොඩි කාලයේත් එසේමය.හිරු නගින උදයේ දිග සෙවනැලි, මධ්‍යහ්නයේ පෑගුණ හිස හිරු අවරට යද්දී නැගුන සංකාකුල බව කෙසේ අමතක වන්නද. බසින හිරුගේ කහ පාට එලිය කවදත් මට ගෙනාවේ කණගාටුවක් මුසු හැඟීමක්. හේතුවක් නැතත් සවස් කාලයේ ජනේලයෙන් එලිය බැලුවහොත් යටගිය දවස සේම සංකාවක් පහල වන්නේ ඇයිදැයි නොතේරේ.
ග්රිශ්මයේ පහ පහමාර වෙද්දී හිරු ඇවිත්ය . බැස යන හිරු නම් අහසේ නෙක රටා අඳින අයුරු අදද රස විඳිමි. වසරේ මාස හයක් පමණ අඳුරු වූ අහසක් යට හිරුගේ අගය වැඩියෙන්ම දැනේ.
උඩ අකුරෙන ලියල තියෙන සිංදු
ReplyDeleteඔක්කොම අහල තිබ්බට
මේක මතකේ නෑ ඇහුව කියල
රෑ බෝවි එන හැන්දෑ යාමේ..
ReplyDeleteරතු වි හිරු මුහුදට වැටුනා...
ඒ මොහෝතේ ගිනිගත් නගරෙක...
අප දෙදෙනා උන් හැටි දැනුනා...
පොඩ්ඩක් රෑ උනාම මෙහෙමත් වෙන්වලු
ඇන්ද රතු වලා සිතුවම්... කියන සින්දුව මාත් ආසම සින්දුවක්.
ReplyDeleteදැං මිනිස්සුන්ට සැඳෑ මිහිර විඳින්න අවස්ථාවක් කොයින්ද.
ඇයි හත් දෙයියනේ 'සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට'!! ඒක එහෙම අමතක කරල දාන්න පුළුවන්ද. අම්ම තාත්ත අමතක කළත් සෝමතිලක ජයමහව අමතක කරන්න පුළුවන්ද. නිකං පව් වැඩ කරන්න එපා තිස්ස අයියා.
ReplyDeleteතනිකම කියන එක දවසේ වැඩියෙන්ම දැනෙන වෙලාව නේද ඉර බැහැගෙන යන හැන්දෑ වෙලාව...
ReplyDeleteතනිකම ගැන ලියපු ගීත රචකයන්ගෙන් මගෙ නම් අංක එක සුනිල් සරත්...
ඒක හින්දම හැන්දෑවත් තනිකමත් දෙකම හිතේ පතුලටම වදින ගීතය මටනම් සුනිල් සරත් ගෙ.. "සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්"
සැන්දෑ අහසේ
ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා
ඈත අතීතෙන්
පියවර නඟමින්
කණ වැල අල්ලන්
කවුදෝ එනවා
බලාපොරොත්තුව
සිතට තුරුලු වී
ඈ එන පෙර මඟ බලා හිඳිනවා
දුකට මිහිර දෙන
පාළුව තනිකම
මා වට දැවැටී කඳුළු සලනවා
අදත් එදා මෙන්
නුපුබුදු සුවඳක්
ඒ අතරේ මා
ළයට දැනෙනවා...
මරු
Deleteතනෝජා / නිශ් : මේක ගොඩක් පරණ සින්දුවක් - මම කුඩා කාලයේ අහපු - බොහොම අමාරුවෙන් සොයාගත්තේ
ReplyDeleteබින්දි / සපතේරු : තමුන්ට දැනෙන හැඟීම් ඒ විදිහටම දැනෙන තවත් අය ඉන්නව කියල දැනගත්තම මුල් හැඟීමේ තිබ්බ ගුණ නැතිවෙල ගිහින් සොම්නස් හැඟීමක් එනව. එහෙව් අයට 'හැන්දෑවට ලියවුණු ගී' තවත් මතක් වෙන එක අහන්න දෙයක්ද? ඒ ගී දෙකටම මම කැමතියි.
සපා ඔය සැන්දෑ අහසේ හිරුට මුවාවෙන් තාලයටමයි මේකත් ;
සොඳුරිය ඔබගේ - උවන මලක් නම්
නිශා කලෙහි - ඔබ සෙව් බඹරිඳු මා
මයියා: සින්දුවක්ද, කවියක්ද, ඔබේම පබැඳුමක්ද? මොකවුණත් අපූරුයි - ගිනිගත්තේ නගරයද හදවත්ද?
ප්‍රසන්න:
දවසේම දුවනවා - හීනෙනුත් දුවනවා!
වැඩබැරිවු දාසලා - දක්ස වූ පාලලා
ඔක්කෝම දුවනවා - එක රොත්තේ දුවනවා
හතර රියනේ වැටී - ගමනෙ ගිම් නිවනවා!
ඇනෝ: ඔබ කවුරු වෙතත් නොම්මර එකේ විනෝදකාමියෙක්!
තිසා සැන්දෑ අහසේ තාලයටම ගැයෙනව කියපු අනිත් ගීතයෙත් නිශාව ගැන කියවෙන නිසා මේ කෑල්ලත් එකතු කරන්නම්....
ReplyDeleteහින්දුස්ථානි රාගධාරී සංගීතයේ තියෙනව එක් එක් රාග වලට අනන්‍ය ගාන සමය කියල එකක්...( ජනූ නඟා ආවනම් දෙයි නියමෙට මම ඉතින් ඕ ලෙවෙල් විතර්යි සංගීතෙ ).. ඒ කියන්නෙ ඒ රාගය ආශ්‍රයෙන් තැනෙන ගී ගායනා කරන්නෙ දවසේ සුදුසුම වෙලාව... ඒ වෙලාවෙදි ඒ ගීත ගැයෙන / වැයෙන කොට උපරිම රසවින්දනයක් ලැබෙනව...
එතකොට ... හින්දුස්ථානි සංගීතය ගැන හසල දැනුමක් ඇති දයාරත්න රණතුංගයන් මේ ගීතයට යොදාගෙන තියෙන්නෙ යමන් රාගය... යමන් රාගයේ ගාන සමය හැටියට ගන්නෙ රාත්‍රයේ පූර්ව භාගයයි( සැන්දෑව නොවේද )... බලන්න ශිල්ප දන්නා කෙනෙක් වැඩක් කලහම තියෙන අපූරුව... සැන්දෑව ගැන ගැයෙන ගීතය ..සැන්දෑව ගාන සමය ලෙස ඇති රාගයකින් නිර්මාණය කලා... දැන් මේ ගීතය සැන්දෑවක අහන කෙනෙකුට අර්ථ භාව පූර්ණව දැනෙන එක අරුමයක්ද...?
අර දැවැනි ගීතයෙත් එම තනුවම නිසා... එහි නිශාව ගැන කියවෙන නිසාත් එලෙසම රසවිඳිය හැකි නේද...
..........
මෙතැනට අනවශ්‍ය කතාවක් වුණත් අද ඇහෙන ගීත ගැන නිකමට හිතල බලන්න... ගිය මාසෙ ලංකාවට ගියා... එහේ ඇහෙන සිංදු වලට අවංකෙන්ම වචනාර්ථයෙන්ම ඔක්කාරෙට එනව...
පොස්ටුව කියවා ලහි ලහියේ පහළට රෝල් වුනේ සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට ගීතය මතක් කරන අදහසින්. ඇනෝ ඒ ගැන සඳහන් කරලා තියෙන්නේ.
ReplyDeleteසටහන හා මතක් කර ඇති ගීත ටික නම් සුපිරියි.
සපාගේ හරවත්, ගැඹුරු සටහන් ඉවුරේ ඉඳන් වින්ඳෙමි.
සැඳෑ මිහිරේ මා වඩාත් ප්‍රියතම දසුන සිතිජ සීමාවෙන් සැඳැ ඉර බැස යන්න ලං වූ විනාඩි පහ දහය කාලයේ දී ඈත මුහුදු ජල තීරය නෙක පාටින් දිලෙන අන්දම උසක ඉඳන් නැරඹීම. ඊට කියාපු තැන ගාලු කොටුපවුර. ඒ වගේම "සීතකාලයේ" දී අබුදාබියේ පරණ කාර්යාලයේ ඉඳන් ඈත පේන්නේත් එහෙම ලස්සනට (ඒ කාලෙදී වාසිය ගත්තේ ගොඩනැගිල්ලේ ග්ලාස් ක්ලීනර්ලා).
ඇයි තිස්ස ඒක වික්ටර් රත්නායකගේ සින්දුවක්නේ......
ReplyDeleteමේක අහන කොට තවත් පරණ සින්දුවක් මතක් වුනා
ReplyDelete...... රුවන් නිදන හෙළ බිමයි.......
වැඩියෙන්ම ගී පබැඳිලා තියෙන්නෙ..හැන්දෑව ගැනද මන්දා..පෙලට මතකෙට එන්නෙ.
ReplyDeleteසපා: ස්තූතියි මචෝ විස්තරේට.. මම නොදන්නා කරුණු මෙතනට එකතු කලාට... ඔක්කාරෙට එනව කියන එකනම් කියල වැඩක් නෑ.... නදීක ගුරුගේ / කසුන් කල්හාරලා පවා නිකං හිනායන වැඩනේ කරන්නේ... මම මගේ අවුලක් කියල හිතාගත්ත
ReplyDeleteගල්මල්: බොහොම අමාරුවෙන් සෑහෙන වෙලාවක් 'කෝනීෂ්' එකේ ඉඳල කරපු වීඩියෝවත් අපි බැලුව මතකයි..
මයියා: ඇත්තම කියන්න අහල නෑ මචං එහෙමනම්..
වී පොකුර වීයා: ඉස්සර සංගීත චින්තන කියල වැඩ සටහනක් ගීයා - මොකක් හරි නිමිත්තකට / තේමාවකට අනුව ගැයුනු ගී ඔවුන් වාදනය කලා. ඒව අහල වෙන්නෑති මෙව්ව මතක හිටියේ.
කතන්දර: කසූගේ ප්‍රෙහෙලිකා කතා ඉතින් තේරුම් ගන්න අමාරුයි :-)
http://www.infolanka.com/miyuru_gee/
ReplyDeleteමේකේ ආටිස්ට් යටතේ වික්ටර් රත්නායකගේ සින්දු ගොඩේ 389 සිංදුව
සැන්දෑව ගැන ලියවුන සෑම ගීතයක්ම හිතට පුදුම චමත්කාරයක් එක් කරනවා . මේ ගීතයනම් මම අහල තිබුනේ නෑ . ගීතයත් පදමාලාවත් දෙකම ලස්සනයි .
ReplyDeleteසැන්දැ වලාවන් පා..වුනාවේ
වැල්ලේ මා තනිවු වේලේ
ඇය එන්නේ දෝ
මග එන්නේ දෝ
සිතහි නම් සැකයක් ඇතේ.........
හැන්දෑකරේ අඹ මල් වට බඹරු නටන්නා
නින්ද නැතත් මං තනියෙන් හීන දකින්නා...'
මගේ ආසම සිංදුවක් අයියා.
මේ ගීතය මුලින් ගයා ඇත්තේ අමරදේවයන්
ReplyDeletehttp://www.mediafire.com/?2mecns9rqpaag47
මඩවල එස්. රත්නායකයන් ලියූ, අමරදේවයන් සංගීතවත් කර ගයන තවත් ගීතයක සැඳෑ කාලය ගැන විතරක් නෙමෙයි, සැඳෑ, රාත්‍රී, අලුයම් සහ දිවා යන සියලුම කාලයන් ගැන කියැවෙනවා
සැඳෑ අඳුර තුල - හිරු මිය යනවා
සොයමින් එනවා - ඔබ සොයමින් එනවා
http://www.mediafire.com/?8qzntckhowom1oo
මේ ගීත අතරින් මමත් වැඩියෙන්ම කැමති දයාරත්න රණතුංගයන්ගේ සැන්දෑ අහසේ ගීයටයි.
ඇත්තටම රාත්‍රිය, සැන්දැව ගැන ලියල තියෙන ගීත කොයිතරම්ද කියල බැලුවොත් පුදුමත් හිතෙනවා. එකම දේ ගැන වුණත් එක් එක් නිර්මාණකරුවා තමන්ගේ අනුභූතිය සපයාගන්න සහ විඳගන්න හැටි හරිම වෙනස්.
ReplyDeleteපස්ට ! කලින් අහල තිබුනේ නෑ :(
ReplyDeleteසැන්දෑ අහසේ
ReplyDeleteඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා
ඈත අතීතෙන්
පියවර නඟමින්
කණ වැල අල්ලන්
කවුදෝ එනවා - ------
මේ ගීතය හා
මංගල මධු සමය පතා කුලගෙට ආ රූපිකාව....... ගීත දෙකම මා ඉතාම ප්‍රියකරන ගීත දෙකක් තිස්ස මල්ලි. සන්දයාව එක එක් කෙනා දකින විදිහයි විඳගන්න හැටියි වෙනස්.
තිස්සගෙ ලිපිය කියවල් ගීතයටත් සවන් දුන්නා. ඒක මාව අරන් ගියේ අම්ම තාත්තා එක්ක හිටි කාලෙට.. ගීතයේ අරුත වෙනුවට මට දැනුනේ ඒ උණුසුම..
ReplyDeleteකමෙන්ට් කියෙවුව හින්ද නොලියා බෑ. දායරත්න රණතුංග උන්නැහේ ගම කාගත්ත හින්දා මම දැන් නම ඇහුනත් සින්දුව වෙනස් කරනවා. රැප් කරපු එකක් අහලා මගෙ බඩ දැඟලුවා.
// දවස පුරා දුටු විසූක දස්සන වලට තවත් ඒවා එකතු කිරීමට නම් හැන්දෑව කවුලුවක් නොවේ.//
ReplyDeleteමේක කියවද්දී නම් හිනාවක් ආවේ දැන් කාලේ විසූක දස්සන දෙගුන තෙගුන වන්නේ සැඳෑ අඳුරේ වීම නිසයි..
බොහෝ අයට සැඳෑව වෙහෙසකර දිනයක අවසානය වුවද ප්‍රේමවන්තයින් ඇඟිලි ගනිමින් සිටින්නේ ඒ එනතුරායි.
..සැන්දෑ වලාවන් පා උනාවේ වැල්ලේ මා තනිවූ වේලේ..
ඇය එන්නේ දෝ මඟ එන්නේ දෝ මට නම් දැන් සැකයක් ඇතේ..
තවෙකෙකුට ආදරෙය් වේදනාවෙන් හිත හිරි වැටෙන වෙලාවයි..
...සැන්දෑ අහස වගේ සැරසී මට එන්න කියා
කියන්න ඇයි නුඹ නාවේ..මා රිදවන්නද සිතුවේ..
තවකෙකුට වැට කඩුල්ලෙන් ප්‍රියමනාප මුහුණක් මතුවනතුරු බලා සිටින වෙලාවයි..
..රුක අත්තන මල මුදුනේ බඹරු නටන හැන්දෑවේ
හැන්දෑවේ සැදෑ අඳුර පියමන් කර කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන් කවුරුද එන්නේ....
දවසක එකම කාලය එක් එක් කලාකරුවාට ගෝචර වන අපූරුව..
කොහෙන් හොයා ගන්නවද මන්ද? ඒ කාලෙ ඇහුවට පස්සෙ ඇහවමයි.
ReplyDelete