මට ඇති තදියම නිසාම පළමු රැකියාවට හදිසියේ සමුදුන්නේ අවුරුදු එක හමාරක් තරම් කෙටි කලක් එතැන ගතකිරීමෙනි. ඒ තීරණය එදා වැරදිනි! එහෙත් යහපත් සිතක් විසින් මා පෙරකී සෙවාස්ථානයටම නැවත බඳවා ගැනුනි! ලතෙත් ගුණයක් නැත්තෙකු ලෙස පරසිදුව සිටි ඒ මහතා මා නැවත බඳවාගැනීමට "no objection" සටහනක් තැබීම මගේ ජීවිතයේ කොපමණ වෙනසක් කලාද?
නඩත්තු කටයුතුවලදීත් මෙහෙයුම් කටයුතුවලදීත් මුණගැසුණු යහපත් මිනිසුන් මට හැමදාම යමක් උගැන්වීය. වසර දෙකක්, එක දිගට නොකඩවා සෑම තත්පරයක් හරහාම දිවෙන යන්ත්‍රාගාරයක, මෙහෙයුම් කටයුතු සිදුකිරීම දෑතේ සවියෙන්ම පමණක් කල නොහැක්කකි. කුඩාම කුඩා හෝ වායු කාන්දුවක්, තෙල් කාන්දුවක් බරපතල ලෙස ගෙන, ඒවාට රැයක් දවාලක් නොබලා පිලියම් යෙදිය යුතුය. අවසන් නිෂ්පාදනයන්හි පිරිවිතරයන් නියමාකාරයෙන්ම තිබිය යුතුය. අලුතින් සේවයට එක්වන්නන් "babysit" කිරීමක් මෙහෙයුම් නිලධාරීන් ගෙන්, නඩත්තු නිලධාරීන්ගෙන් බලාපොරෙත්තු විය නොහැකිය. එහෙත් තම තමන්ගේ රාජකාරීන් කරණා ගමන්ම මා සමඟ දැනුම බෙදාගැනීමට තරම් ඔවුන් කාරුණික විය. අවුරුදු දහයකින් පසු ඒ සේවා ස්ථානය හැර යාමට සිදුවීමේදී දැනුණු බලවත්ම දුක නම් ඒ ' මිනිසුන් ' හැරයාමට සිදුවීමය.
"මූල්‍ය තත්ව" ශ්‍රිතයේ දෙවැනි ව්‍යුත්පන්නය බිංදුවට වඩා විශාල වන්නට දත කෑ අටෝරාසියක් අවස්ථාවලදී, ඒවායින් ආත්මාභිමානයට කැලලක් නොවී ගොඩ එන්නට මට දෑත් දිගුකල මිනිසුන් බොහෝය. අද ඒ කාලය දිහා හැරී බලනවිට එය එක්තරා ආකාරයක මැජික් එකකි! බාගයට නිමා කල නිවස නිම කරන්නේ කවදාදෝදැයි සිතමින් සිටි යුගයකදීද තවත් එවැනි යහපත් මිනිසෙක් ශක්තිමක් ඉනිමගක් මා අසලින් ගෙනවිත් තැබුවේය. එබඳුම තවත් දෙදෙනෙකු ඒ සෙලැවේයයි දෙපසින් අල්ලා සිටියේය. ඔවුනගේ ඒ සද්ක්‍රියාවන් මට තවත් බොහෝ දෙනෙක් වෙනුවෙන් ඉනිමං සාදා දීමට ඇවසි ඉඩ හසර සලසා දුනි.
සොයාගන්නට බොහෝ අපහසු පොතක් සොයාගැනීමට මා එක් අධ්‍යාපන ආයතනයක පුස්තකාලයකට ගොඩවැදුනේ වෙනත් විකල්පයක් නොමැති තැනය. "පුස්තකාලයාධිපති" මගේ විශ්ව විද්‍යාල ජේෂ්ඨයකු වූයේ අහම්බයකින්දැයි නොදනිමි! අවුරුදු දහදොලහකින් පමණ පසුව අලුත් වූ ඒ මිතුරුදම, තමාතින්ම මුදල් ගෙවා ඒ පොතෙහි පිටපතක් මා වෙත 'පිරිනැමීමට' තරම් කාරුණික විය. ඔවනගේ දරුවනුත් එපරිද්දෙන්ම යහගුණැතිව සැදෙනවා ඇසූ මා ඉමහත් ප්‍රීතියට පත්වීමි! මුං වපුරා මුංම ලැබෙනබව අමතක වන්නේ ඇයි??
ආසන්නයේම දිනක මා තවත් මිතුරෙකු සමග අබුඩාබියේ බස් රථයකට නැගුනද, කොන්දොස්තරවරු නැති මේ බස් රියේ ගාස්තුව ලෙස පෙට්ටියට දැමිය යුතු මාරු කාසි අප අත නොවිනි. ගාස්තුව එක් අයකුට ඕනෑම ගමනාන්තයක් සඳහා දිරාම් දෙකකි; දෙදෙනෙක් සඳහා දිරාම් හතරකි. කරන්නට දෙයක් නැති හෙයින් දිරාම් පහක කොලයක් නමා පෙට්ටියට දැමීමි. මා පසුපසින් බස්රියට නැගි නන්නාඳුනන්නා මා උරහිසට සන් කර ඔහු අත තිබූ කාසි දෙකින් එක් කාසියක් පෙට්ටියට දමා අනෙක් කාසිය මා අත තැබීය! ඒ කාසිය කොපමණ වටිනවාදැයි ඔබට තක්සේරු කල හැකිද?
සේවා ස්ථානයේ තවත් බැරෑරුම්ම තීරණයක් ගැනීමට සිදුවන්නේ කාලයත් සමගමය. පවරාතිබෙන වගකීම් මැද වුවද පෞද්ගලික කාරණා නිසා සමහර තීරණ ගතයුතුම වේ. දෙපසට නොවැනී ප්‍රධානියා හමුවේ මගේ කාරණය පැහැදිලිව දැනුම් දුන්නද සිතෙහි සුලු වරදකාරී සිතිවිල්ලක් ඉතිරිවිය. යම් සකච්ඡා වටයකින් අනතුරුව ප්‍රධානීයා කිවේ "ඔව්... හැමදෙයක්ම වෙනස් වන බව දහමේ සඳහන් නේ! එයට මුහුණ දීමට නිරතුරුව සුදානම්ව සිටිය යුතු" බවය. මගේ වරදකාරී හැඟුම හිරු දුටු කදෝපැණියන් මේ දූරිභූත විය. මට ආර් ප්‍රේමදාස ශූරීන් රන් මිණි මුතු පොතේ ලියූ තිබූ කවක කොටසක් මතක් විය. "මිනිසුන් තරම් මගේ මේ මව් පොළව මත - වටිනා වස්තුවක් වෙන මා දුටුවේ නැත.."
වෙනදා වගේම හිත් ගන්නා විදියට ලියලා තිස්ස. කතාව නම් බයිලාවක් නෙමේ. බයිලා එකෙත් වරදක් නෑ.:)
ReplyDelete//"මිනිසුන් තරම් මගේ මේ මව් පොළව මත - වටිනා වස්තුවක් වෙන මා දුටුවේ නැත.." //
මේ කතාව නම් සහතික ඇත්ත
ඇත්තම කියඤ්ඤං අයියා.. අර බස් එකේ කතාව තමා හිතට වැදුනේ... අනිත් හරිය අර දැදිගම වී රුද්රිගූ පරිවර්ථනය කරන රුසියන් පොත්වල මුල් පිටු හතර කියවනවා වගේ තමා කියෙව්වේ... :D
ReplyDeleteපලි/
උඹ හෙළ හවුලට බැදුනා කියලා නිකමටවත් කියලා එව්වේ නැති එක හරි වැරදිය...
බොහොම සංවේදී සටහනක් තිස්ස අය්යා . ඔබ වැනි අයට කොහේ ගියත් අත හිත දෙන්න කවුරු හෝ ඉන්නවා :)
ReplyDeleteකෙටි යැයි කිවහැකි මේ ජීවිතේදී මිනිසුන් ගැන අමිහිරි යැයි කිවහැකි මතක ඇත්තේ අතලොස්සකි.
ReplyDeleteඑනිසා මිණි මුතු පොතේ තිබූ කියමනෙහි අරුත් තවමත් මට එසේමයි.
තවත් කල්පනා කරද්දී සිතෙන්නේ අමිහිරි මතක කටුගා සොඳුරු මිනිසුන්ගේ මතක පමණක් මම සිත්හි තබා ගත්තාද කියා සිතේ..
අද පෝස්ටුවට නම් ලකුණු දහයෙන් විස්සක්ම...
//"මූල්‍ය තත්ව" ශ්‍රිතයේ දෙවැනි ව්‍යුත්පන්නය බිංදුවට වඩා විශාල වන්නට දත කෑ අටෝරාසියක් අවස්ථාවලදී// - සීවරං දෙවියනේ....වනේ වන සතෙකුටවත් සිද්ධවෙන්න එපා එහෙම විපත්තියක්....
ReplyDeleteබස් එකේ සිද්ධිය නම් හරිම වටිනවා.... තමන් කරපු දේ ගැන ලොකු තෘප්තියක් ඇති වෙනවා. ඒ වගේ සිද්ධි අපේ ජීවිත හැඩගස්වන්න සෑහෙන බලපානවා.
මොනව කියන්නද මන්ද....උඹේ ඔය යන්තර,වායු කාන්දු, තෙල් කාන්දු,පිරිවිතර,වගකීම්,ප්‍රධානියා ,පුස්තකාලයාධිපති,මිතුරුදම,මුං වපුරා මුංම ලැබෙනබව,බස්එක,මිනිස්සු.......මේ ඔක්කොම වචන අස්සෙ මට මතක් වුනේ සෝන්‍යා ව. මොකද මෙලෝ දෙයක් නොතේරෙන මැටි, රස්කොල්නිකව් ට වඩා ඒ කෙල්ල ට මං කැමතියි. ඒ කෙල්ල ඔක්කොම හැල හැප්පීම් මැද්දෙ සුන්දර විදියට ආදරෙත් කලා........
ReplyDeleteඋඹ කොහොමද බං ඔය යකඩ ගොඩක් අස්සෙ ඉඳගෙන මෙහෙම පපුවට වදින්න ලියන්නෙ.
"බොහෝ දුක් මහන්සියෙන් උස් මහත් කර හදාවඩා ගත් කෙන්තියද මුල්ලකට වී නිදයි. වතුර බාල්දියක් දමා හෝ දැන්ම නැගිටින පාටක් නැත."
ReplyDeleteමේ වගේ ඒවා දකින විට බොහෝ දුක් මහන්සියෙන් හදාවඩාගත් මගේ ලියන්නට කම්මැලීකම නින්දෙන් ඇහැරෙයි...
heh...
හරිම ආසාවෙන් කියෙව්වා. මේ නපුරැ ලෝකෙයේ කොතරම් නම් කාරැණික අපූරැ මිනිස්සු ඉන්නවද? මගෙනම් ලොකු විශ්වාසයක් තියෙනවා අපි කාටවත් වරදක් නොකර ජීවත් වෙනවනම් අපිටත් වරදින්නේ නෑ. ඔබට ජය!!
ReplyDeleteහැම මනුස්සයෙක්ගෙම ජීවිතයේ අඩු වැඩියෙන් කියන්න පුළුවන් කතාවක් තිසා කියලා තියන්නෙ...මිනිස්සුන්ට වඩා වටින දෙයක් තවත් කොහෙද ?
ReplyDeleteතිසා උඹත් යනවද....
ReplyDeleteඑනවද? :D
ReplyDeleteඉදිරියෙදිත් යහපත් මිනිසුන් මැද්දෙම ජීවත් වෙන්නට ලැබේවා.
මිනිසුන් මල් වගේ ..සුවඳ අඩු වැඩි , නොයෙක් පාට , නෙක හැඩ ඇති.. බාඳුරා නැතුව සමන් පිච්ච මල් ගේ දොරකඩ පිපේවා ..
ReplyDeleteමටත් තියෙනවා ජිවිතේ මම ස්තුතිවන්ත වෙන මිනිසුන්ගේ ලැයිස්තුවක් ...
හොඳ හදවතක් තියෙන මිනිහෙකුට කොහේ ගියත් වරදින්නෙ නෑ තිස්ස අයියා.
ReplyDeleteතිස්ස අයියා කාලෙකට ඉස්සර අතේ සතේ නැති දවසක කෙනෙක් දුන් රුපියල් සීයක් මතක් විය.
ReplyDeleteරස්සාවෙන් අයින් වෙනවද?
ReplyDeleteහොඳ මිතුරන් සම්පතක්, හොඳ මිතුරන් "අඳුනා ගන්න" හැකිවීම දක්ෂකමට වඩා එහා ගිය වාසනාවක්.
එකම එකවරක් හමුවුන ඇතැම් නාඳුනන මිනිසකු වුවත් අත්‍යවශ්‍යම වෙලාවක පිහිට වුණාම ඔහු /ඇය සදාකාලිකව හිතේ ඉන්නවා.
ReplyDeleteඑම්.එස්.ගේ බයිලාව මේ කතාවේ කොතැනටද සම්බන්ධ වෙන්නෙ කියලයි මම කල්පනා කළේ.
අවුරුදු දහයකින් පසු ඒ සේවා ස්ථානය හැර යාමට සිදුවීමේදී දැනුණු බලවත්ම දුක නම් ඒ ' මිනිසුන් ' හැරයාමට සිදුවීමය. -ඒ කියමන මටත් එහෙමමයි.. මා හැරගිය හැම සේවාස්ථානයකදීම
ReplyDeleteහ්ම්..... කාලෙකට පස්සේ අයියා. සංවේදි කථාවක්.
ReplyDelete//"මිනිසුන් තරම් මගේ මේ මව් පොළව මත - වටිනා වස්තුවක් වෙන මා දුටුවේ නැත.."//
මම හැමදාමත් විශ්වාස කරන දෙයක් තියෙනවා.......ඔබ කාටවත් කරදරයක්....රැවටිල්ලක් නොකරන තාක් ඔබට කොහෙන් හෝ පිහිටක් ලැබෙන බවය.
ReplyDelete""බොහෝ දුක් මහන්සියෙන් උස් මහත් කර හදාවඩා ගත් කෙන්තියද මුල්ලකට වී නිදයි.""-
ReplyDeleteපුදුමයි :-)
ඔය මනුස්ස කම ගැන කියවෙන බොහෝ කතා මේ දවස් ටිකේ කියෙව්වා.. තිස්ස අයියත් කාලෙකට පස්සේ ඇවිත් හිතට වදින දෙයක් දාල.. අර ෆොටෝ එකේ දාල තියෙන ඇඟිලි අයිති වෙන්නේ ස්ටාර් ට්‍රැක් එකේ වල්කන් (Vulcan) ලට ...එයාල ආචාර කරන්නේ ඔහොම.. :D.. මාතෘකාවයි පින්තුරෙයි කතාවටයි සින්දුවටයි කොහොමද මැච් කරන්නේ කියල මම මේ හිතන්නේ..
ReplyDeleteසංවේදී කතාවක්. මනුස්සකම උපයනවා කියන්නේ ඕකට. සුබ නව වසරක් වේවා!!
ReplyDeleteඇත්තෙන්ම අපි දන්නේ නෑනේ උඹට මෙහෙම අත්දැකීම් ලැබුන බව පහුගිය කාලේ. ඇත්තෙන්ම මට උඹේ බ්ලොග් එකට එන්නත් බැරිවුනා කාලෙකින්.
ReplyDelete