මගේ සෙනෙහස මෙතෙක් වේයැයි...


මගේ සෙනෙහස මෙතෙක් වේයැයි මනින්නට ඔබ උගෙන නැත තව..
මගේ අවසන් සුසුම පමණද, ඇවැසි ඔබ හට මා දකින්නට...

වසර ගණනක යොදුන් ගණනක, ගමන් මග අප ගෙවා ඇත්තෙමු...
තරු වියන් යට කුසුම් පෙති මත දෑත් පටලා ඇවිද ඇත්තෙමු...
එහෙත් සුහදිනි...

මිලින කුසුමෙක, මිලින සිහිනෙක මගේ සිහියද සැඟව ගත් කල...
සිතනු මැන ඔබ, ඔබට අවනත හදක් මිහිමත මෙතෙක් ‍රැඳි වග...
එහෙත් සුහදිනි....


සිංදුව අහන්න... ඕන්නම් බාගන්න...

බණ්ඩාර කේ විජේතුංග / සුනිල් එදිරිසිංහ
Mage Senehasa

97 comments :

  1. මේක දැක්කම හිත එක සැරේටම නැවතුනා වගෙ දැනුනා..අය්යේ.. මොනව ලියන්නද කියල මට හිතා ගන්න බෑ... හැමදම රෑට මගේ බ්ලොග් එක අප්ඩේට් නොකළත් මේක අප්ඩේට් වෙනකන් බලන් ඉන්න මම වගේ තව ගොඩක් දෙනෙක් ඉන්නවා..මේක අප්ඩේට් නොවෙන දාට අපිට බ්ලොග් ලියන්නත් එන්න බැරිව යාවි.. ඒ හින්දා මේ වගේ පූර්විකාවක් ආයෙ කවදාවත් එපා..

    ReplyDelete
  2. මං දැන් භූතයෙක් වෙලා සයිතමා නගරයට උඩින් පියාසර කරනවා... හරියටම තැන කියන්න...ඇසිල්ලයි යන්නේ....
    සමාවෙන්න නංගියේ හිත රිදෙව්වා නම්...
    මට ආසා හිතුනා මගෙ මරණ දැන්වීම එක සැරයක් හරි බලන්න ඇත්නම් කියලා....

    ReplyDelete
  3. අම්මෝ.. ඇති යාන්තම්.. මම රිප්ලයි එක දානකන්ම බලාගෙන හිටිය බය වුනු තරමටම..ආයෙ කිසිම දවසක ඔය වගේ පූර්විකාවක් එපාම එපා.

    ReplyDelete
  4. අපොයි මගේ නංගියේ... මට කඳුලු එනව බං....

    ReplyDelete
  5. මරණයත් සිනහාවෙන් විඳගන්න
    මාරයා පසුදිනක පැමිණෙන්න

    තිස්ස අයියා... මෙක දැක්ක ගමන් මට කල්පණා උනෙ තිස්ස අයියට හීනෙන් ගොක් කොළ, මල් වතුර වගෙ පෙනෙනවද... කියලා.. කොහොම උනත් මෙ වගෙ දෙයක් ඔයගෙ බිරිදට නම් දරා ගන්න අමාරුවෙයි. එකපාරටම දැක්කොත්.. ඉතින් එනිසා එයාට කියලා මෙක පොස්ට් කරානම් ගොඩාක් වටින මතක සටහනක් වෙවි.. මම හිතනව ඔයා එහෙම කරලා මෙක දැම්මෙ කියලා මම හරිද...?

    ReplyDelete
  6. මචං ,මේ පෝස්ට් එක සහ මේ සිංදුව ගැන මගේ කමෙන්ට් එක මම උඹට කෝල් කරලාම කියන්නම් . . .

    ReplyDelete
  7. එහෙම දෙයක් නම් කලේ නෑ මලයෝ...
    බලමු එහෙම දෙයක් එයා දරා ගන්නත් එපෑයෑ...

    ReplyDelete
  8. දුකා උඹ මට බනින්න නෙමෙයි නේද යන්නේ...?

    ReplyDelete
  9. මගේ ජීවිතයට ගොඩාක් සමීප ගීතයක්..

    ReplyDelete
  10. Is this the end of hada gee potha...? Oh no..

    ReplyDelete
  11. Ano

    ubata pissuda???
    meka vihiluwak . .. !!

    ReplyDelete
  12. මන් ඒත් බැළුවා මාව හම්බ උනේ කොහොමද කියලා...
    හොද දැක්මක්..
    දැන්ම නොවෙන්න කියලා පතන ගමන්ම ඔය හිතපු විදිය අගය කරනවා.
    ඇත්තටම අපි ඔය දේට මුහුණ දෙන්න වෙනවා කියන එක අමතක නොකර ජීවත් වෙනවානම් ජීවිතයට පුදුම වෙනසක් දැනෙනවා.

    ReplyDelete
  13. දැක්කද? මාරයා මල්ලිත් මවිත වුනා.

    අපි හැමෝටම සියලුම භේදයන්ගෙන් තොරව උරුම දෙවල් වලින් එකක්නෙ මරණය. ඒ වුනාට අපි කොයිතරම් නම් සිතන්න දකින්න අහන්න අකමැති දෙයක්ද? චේජනා නංගිගෙ හිත තිගැස්සුන එක ඉතිං පුදුමයක් නෙමෙයි.

    සමහරු නම් කියන්නේ මරණය තාවකාලික සමුගැනීමක් විතරයි කියලා. මමත් බොහෝදුරට ඒ හා එකඟයි.

    මාරයා මල්ලිට විතරක් නෙමේ මටත් හිතුනා උඹ අපිටත් හොරාම මාරයත් එක්ක පාටියට සෙට් වුනාද කියලා :)

    කිව්වත් වගේ අගේ ඇති අදහස. මරණානුස්සතිය නරක දෙයක් නෙමෙයිනෙ කොහොමත්.

    ReplyDelete
  14. බොක්කෙන්ම අහන්නෙ, ඇත්තටම වෙන කිසිම අදහසක් ආවෙම නැද්ද පෝස්ට් එකක් දාන්න? -

    ReplyDelete
  15. ලගපාතක උන්න නම් ඔයා අහගන්නවා මගෙන් හොදට තිස්ස අයියේ
    මොනාද මේ ලියන පූර්විකා?

    ReplyDelete
  16. මේක මමත් ගොඩක් කැමති ගීයක්. ඇත්තටම සුනිල් එදිරිසිංහයන්ගේ ‍ගොඩක් සිංදු වලට මම කැමතියි. තිස්ස අයියා, සිංහල ගීතාවලියේ කාලයේ දුහුවිල්ලෙන් වැසීගිය මිණි නැවත මතුකරන්නට ඔබ දරන ප්‍රයත්නයට මගේ සුභ පැතුම්.

    ReplyDelete
  17. බොරු කියන්නේ මොකද මම දැක්ක ගමන් කම්පනයකට වගේ පත් වුනා ආය කීපසැරයක් බැලුවා. මේවගේ ඒවා එකපාර දාන්න එපා

    ReplyDelete
  18. @ මාරයාගේ හෝරාව & පාලි:
    මම හැම දෙයක්ම සූදානම් කරලා තියෙන්නේ මචෝ මම නැති වුනොත් අනෙක් අයට ප්‍රස්නයක් නොවෙන්න... විහිලු නෙවෙයි... මට අයිති දෙපොලක් වෙනම් ඒවා, මුදල් හදල්, සියල්ල...හරිම නිදහසක් දැනෙන්නේ... මගේ ගෙදර මට කියලා තියෙන්නේ අප්පච්චි අරන් දීපු පොඩි අල්මාරියක් විතරයි... අනෙක් හැම දේම මම නීතියෙන්ම ලියා දීලා තියෙන්නේ...

    @ උවිඳු මලේ & දිල් නංගී:
    හිත රිද්දුවා නම් සමා වෙන්න... ඒක නෙමෙයි බලාපොරොත්තුව වුනේ...

    ReplyDelete
  19. තිස්ස, මොකද සද්දයක් නැත්තෙ? තාම අර අලුවා හදලා දෙන එක්කෙනාගෙන් බැනුම් අහලා ඉවර නැද්ද අද දාපු පූර්විකාවට??? :)

    ReplyDelete
  20. @මධුර විජයකොන්: බොහොම ස්තූතියි මල්ලෝ... ගීත එක්කම, ඒ ගී, එක් එක්කෙනාගේ ජීවිත වලට සම්බන්ධ වෙලා තියන හැටි අහනකොට ඊටත් වඩා රසවත්...

    ReplyDelete
  21. @ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය: ඕගොල්ලෝ සංවේදී මිනිස්සු.... සමාවෙන්න හිතට අනවශ්‍ය කම්පාවක් ගෙන දුන්නනම්... හැබැයි ඔයාගේ පිළිවෙලේ , ඒ කියන්නේ, ජීවිතය --> සොබාදහම --> මනුස්සකම --> ආදරය, කියන එකේ ජීවිතයට මුලින් එන්න ඕනේ මරණය නේද...?

    ReplyDelete
  22. @පාලි: කොල්ලන්ගේ නොනවතින දස වද නිසාත්, මට තියෙන විභාගයක් නිසාත් , උන්දෑ මේ දවස් වල log වෙන්නේ නෑ...
    උඹලගේ කතා අහනකොට, අහනකොට බයත් හිතෙනවා බං...
    මේක මකන්නත් බෑ දැං..

    ReplyDelete
  23. අයියෝ, මොනවා කරනවාද මන්දා. මිනිස්සුන් ව බය කරන්න වෙන විදිහක් ලැබුනෙම නැද්ද පැඟිරියෝ.............

    ReplyDelete
  24. ජීවිතයට කලින් එන්න ඕනෙ 'මරණය' ලියලා කිව්වෙ අකුරු දෙකක් මාරු කරලා ලියලා එහෙම නෙමෙයි නේද? :)

    ReplyDelete
  25. @RanDil:
    ha ha ha.... claasic Nick Name.... "පැඟිරියෝ" I love it... thanks RanDil
    ha ha ha...I am still laughing...
    සමාවෙන්න කියන්න වටින්න්නේ නෑ හැමෝටම මේවාගෙ මෝඩ ජෝක් දාලා නේ... ?

    ReplyDelete
  26. @ පාලි:
    හා හා හා..... එල....මගේ මරණය මෙච්චර සිනහ උපදවන්නක් නම් කොච්චර හොඳද..?
    උඹ නම් යක්ෂ පැටියෙක් බං... පිරිවෙණකද සිංහල ඉගෙන ගත්තේ...? මැක්සා.... දවසේ හොඳම කියමන...

    ReplyDelete
  27. "උඹලගේ කතා අහනකොට, අහනකොට බයත් හිතෙනවා බං..."

    නැහැ.....උඹ බය වෙන්න ඕනෙ නැහැ. මහ පොළොවෙ පය ගහගෙන ලොකෙ දිහා වලාකුලු අතරින් එබිලා බලන්න පුලුවන් සුන්දර මිනිස්සු බොහොම විරලයි. එහෙම කෙනෙකුට විතරයි, තමන්ගෙ මරණ දැන්වීම තමන්ගෙ ඇස් දෙකෙන් දකින්න ආසා හිතෙන්නෙ. ඇය අතිශයින් වාසනාවන්තයි එවන් දුර්ලභ කෙනෙක් ඇගේ සහකරු වීමට තරම්.....ඉතිං මම හිතන්නෙ එයා මොනතරම් කම්පා වුනත් උඹට බනින එකක් නැහැ මේ ගැන.

    ReplyDelete
  28. මට රෑට නිදිමරන්ඩ එපා කියලා මේකද උඹ කරපු වැඩේ ? හැමදාම උඹ බ්ලොග් අවකාශේ කරපු හැම වැඩක් ම අගේ කරා මම. හැබැයි තිසෝ අදනං උඹට දෙකක් කියන්ඩමයි හිතෙන්නේ..

    ආයි කවර කවම දාකවත් මේ විහිළුව කරන්ඩ එපා. ඒක සෙල්ලමක් නෙමේ බං. මගේ ඇඟ හිරිවැටිලා වගේ තාමත්. උඹ හොඳ වෙලාවට ළඟ පාතක නැත්තේ. නැත්තං මං නිවාඩුවක් දාලා එන්නේ හම්බෙලාම මේකේ ගුණ අගුන කියන්ඩ.

    අර කිව්ව වගේ මරණානුස්සතිය කරාට කමන් නෑ.ඒ උනාට බලං ඉන්න අපිටත් පෝස්ටර් ගහගෙන කරන්න එන්ඩ එපා හරිද?
    දැක්කනේ .මට තදට කේන්ති ගියා :)

    උඹට දීර්ඝායුෂ ලැ‍බේවා තිසා..

    ReplyDelete
  29. මට අද උදේ කෝච්චියේ එද්දි මේ සින්දුව මතක් උනා. මේක බණ්ඩාර කේ විජේතුංග ලියපු හොඳම සින්දු වලින් එකක්. මාලිනී ට මැරෙනකම්ම සින්දු ලියපු විජේතුංග ඉතා හොඳ දැන්වීම් නිර්මාණ කරුවෙක්. 'සොඳුර මා ඔබට ද්‍රෝහි වූවා නොවේ - පියෙක් නැති දරුවෙකුට පියෙකු වූවා පමණි', ඔවුන් දෙදෙන එක්ක් කළේද වෙන් කළේද සංගීතයයි (අභිමාන්) යුක්තිය රජයන ලොවකට මා රැගෙන යන්න උතුමාණෙනි (උතුමාණෙනි ) වගේ වෙළඳ පාඨ ඔහුගේ නිර්මාණ. සුළඟ වගේ ඇවිදින් ඔහුගේ මරණෙනින් පසුව නිකුත් වුනා. ඉතා නිර්මාණශීලී සින්හල හයිකු කවියෙක්..
    කෝච්චිය මම
    ඇයි ඔබ
    රේල් පීලි මත
    පිපුණේ ..!

    මරණ දැන්වීම ලස්සනයි. උඹේ ආත්ම ශක්තියට SALUTE..!

    ReplyDelete
  30. @යෝගි:
    අනෙක් ඒවුන් ලියපු ඒව කියවලා මම දෙයියන්ට කිය කිය හිටියේ මේක උඹට මග හැරේවා කියලා...මගේ ජීවිතේ තුන්වෙනි කාර්තුවේදී මට උඹලා වාගේ සහෝදරයෝ හම්බු වෙච්චි එක කොච්චර වාසනාවක්ද බං..

    @හෂිත: මචං මට "චාරුලතා" හොයාගන්න බැරි වුනානේ ...
    තවත් එකක් මට උඹගෙන් ගුරුහරු කම් ගොඩක් ඕනේ මේ සින්දු සීන් එක්ක සමාන්තරව යන දෙවල් ගැන.... මගේ ප්‍රියතම හතර දෙනා... ප්‍රේම් බණ්ඩාර, KDK, සපුතන්ත්‍රි...

    ReplyDelete
  31. තිස්ස දොඩන්ගොඩ - ජීවිතය --> සොබාදහම --> මනුස්සකම --> ආදරය, කියන එකේ ජීවිතයට මුලින් එන්න ඕනේ මරණය නේද...?

    මම හිතන විදියට "ජීවිතය" කියන එක ඇතුලේ ඔය මරණය පිළිබද සංකල්පය තියෙනවා.
    අපි මැරෙණ බව ඇත්ත නොමැරෙන මිනිසුන් ලෙස ජීවත් නොවිය යුතු යන්නතු ඇත්ත. ඒත් මරණයේ සෙවනැලි අපිට කම්පනයක් ගෙනදෙනවා ඒක මනුස්ස ස්වාභාවය.

    ReplyDelete
  32. උඹට ගුරුහරුකම් දෙන්න මට ටිකක් ඉගෙන ගෙන එන්න වෙයි :D.. මම ඉගෙන ගෙන හරි වැඩේට සපෝර්ට්..
    තොරතුරු උවමනා ඒවා මගෙ ළඟ නැත්තම් මම අහගන්නේ හෙෂාන් ගෙන්. හෙෂාන් මගෙ හයේ පන්තියේ ඉඳන් යාලුවෙක්. ලංකාවේ කලා/සංගීත පුස්තකාලයක්. කතන්දර සාගරයක්. කරුමෙට ඒකාව බ්ලොග් ලියන්න පොළඹවන්න අමාරුයි.

    ReplyDelete
  33. @ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය :
    ඇත්ත මලේ, අපි මෙහෙම කයිවාරු ගැහැව්වට ලමයෙක් අසනීප වුනහම පිස්සෝ වගේ දුවනවා... මටත් හිතවතකුගේ වියෝවකදී අනිවර්‍යයෙන්ම ඔය වාගෙම කම්පනය දැනෙයි... මාව පොලවට ගෙනාවට ස්තූතියි...

    @හෂිත:
    උඹේ සාහිත්‍ය, කලා, දැනුමට අලගු තියන්නවත් මට බෑ... විකාර විතරක් කියන්න එපා...
    අපිට ඌව (හෙෂාන්) සෙට් කරගන්න බැරි වෙයිද චැට් එකකට... ජූනි වල...?

    ReplyDelete
  34. මන් හිතුවා මන් කරන්න හිතාගෙන ඉන්න දේ වෙන කෙනෙක් මට කලින් කරලා කියලා.

    ෆොටො එක නියමයි, මරණ දැන්වීමටම ගැලපෙනවා. අරන් තියා ගන්න :-D

    ReplyDelete
  35. ෂිහ් මැරෙන එක හොඳයි අම්මපා මෙහෙම නව නින්දා විඳිනවට වඩා....
    ස්තූතියි ගොඩවුනාට... හත්දොහේ දානෙටත් එන්න....

    ReplyDelete
  36. හිටපං මං හැන්දෑවට ඇවිල්ලා බණත් කියලම යඤ්ඤං.

    ReplyDelete
  37. මදැයි.....ගිමන් හරින්න කියල ආවම මෙයා දාල තියෙන දේ... අනේ ඇත්තටම තිස්ස අයියෙ ලඟපාතක හිටියනම් අතට අහුවෙන එහෙකින් ගහනව මේ වගේ මෝඩ විහිළු කරනවට....... අර මනුස්සය ගව්ගානක් දුර ඉන්නෙ... නිකමට මේක දැක්කනම් මොනව නොහිතෙයිද?.... මේ නොදැක ලෙංගතු වෙච්චි අපිට මේක මෙහෙම දැනෙනවනම්...... ගහන දැන්වීමක් මැරුණට පස්සෙ ඒව කරන්න ඕන කට්ටිය කරගනියි... මරණය අපිකාටත් පොදුයි..... හැබැයි ඒගැන හිත හිත මරණානුස්සතිය වඩන්න ඕනෙ නෑ... මොකද අපි නිවන් දකින්න ඉපදිල නෑ.... දාල යන්න බැරි බැඳීම් වලින් අපි වෙලිල... කොටින්ම තිස්ස අයිය මේ දාල තියෙන ගීතයට පවා අපි බැඳිල.... රසවිඳින හැම දෙයක් ගානෙම, ආදරෙන් හිත පිරෙන මොහොතක් ගානෙම අපි නිවනින් ඈත් වෙනවා... මරණය ගැන හිතන්න ඕනෙ.... හැබැයි මෙහෙම නෙවෙයි තිස්ස අයියෙ... අපි කවුරුත් මැරෙන මිනිස්සුනෙ..... ඒ ගැන ආයෙ මොකට හිතනවද........ හෙට මැරෙයිද කවුද දන්නෙ...


    යෝගි අයිය කිවුව මරණානුස්සතිය කරාට කමක් නෑ........ ඒක අනිත් හිත් වලට ඇනල කියන්නෙ නැතුව...දීඝායු පතනවා.......

    ReplyDelete
  38. අනේ මගේ නංගියේ, උඹල වාගේ එක බාල සහෝදරියෙක් හරි සහෝදරයෙක් හරි මට හිටියනම්....
    දවස විනාස කරානම් සමාවෙන්න... (දවසෙම කළේ සමාව ඉල්ලන)

    ReplyDelete
  39. ආපුදෙන්කො මුණගැහෙන්න... එදාට මදි පාඩුවටත් එක්ක බනින්නම්.....

    අපෙන් නෙවෙයි මේක නිසා වැඩියෙන්ම හිත රිදෙන කෙනාගෙන් සමාව ඉල්ලන්න තිස්ස අයියෙ........

    ගිය නුවණ ඇත්තු ලවා වත් ඇද්දවිය නොහැක කියල හිතෙයි අර එන්න තිබ්බ අලුවා ටික අවේ නැති වුනාම.....ඒ වෙනුවට එයි හොඳ ලුණු දෙහි පාර්සලයක්.....

    ReplyDelete
  40. මේ....! බඩ පපුව රත් කරන්න එපා හලෝ...! නිකං මොකද්ද උනා ඒක දැකලා...! වෙනදට මම සයිට් එකේදිමයි සිංදුව අහන්නේ, අද මේ කොරොපු වැඩේ නිසා බාගෙන අහනවා. ඔය මූණත්තහඩුව දිහා බලාගෙන මේක අහන්න අමාරුයි.
    [ඒකෙන් පේන්නේ මේක [දැන්වීම] හදපු එකාගේ නිර්මාණශීලීත්වය. හිකිස් ]

    ReplyDelete
  41. වැඩේ දුර දිග ගියා මල්ලියා... මං ඇත්තටම හිතුවේ මිනිස්සු කොමඩියකට ගනී කියල... අපේ මිනිස්සු හරි සංවේදී අප්පා... ඔය පොඩි පොඩි දේ වලට අම්බානක ඔරොප්පු වෙන්නෙත් ඒකම වෙන්නෑති...

    මම මයි හැදුවේ මගෙ මලයෝ...

    ReplyDelete
  42. So it seems to me that you are having a :RAMANEEYA MARANAYAK..

    ReplyDelete
  43. තිස්ස ඔයාට මම මෙ දැන්වීම ගැන ලග හිටියා නම් කියනවා ......

    ඔයාට බ්ලොග්ස් ලියලාම පිස්සු හැදීගෙන එනවා වගේ මට පෙන්නේ. එනිසා ඔය ලියවිල්ල ටික කාලෙකට නතර කරල බෙහෙත් ටිකක් ගනිමු ඉක්මනින්ම.

    පාඩම් කරන්න තියෙනවා කියලා මටත් කතා කරන්න එපා කියලා ඔවා තමයි නේද කරන්නෙ. ඔයා ඕකෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නෙ? සතුටක්ද. .....එහෙනම් සතු‍ටුවෙන්න ..... ඇති තරම්.

    හැබැයි ආයිත් මෙහෙම වඩ කරලා තිබුනොත් එතනම මගේ මරන දැන්වීමත් ගහනවා.

    ReplyDelete
  44. තිස්ස අයියා...
    මං ඔයාගේ අඩවියට‍ ගොඩ වැදුනෙ දෙවෙනි සැරේට...
    ඒත්.... මගේ හදවත මොහොතකට නැවතුණා වගේ දැනුණා..
    ටික වේලාවක් යනකම් හිත කිව්ව දේ මොළේ පිළිගත්තේ නෑ …
    මොළේ කිව්ව දේ හිත පිළිගත්තෙත් නෑ...
    මට හිතුනෙම දෙයියනේ මේ තිස්ස අයිය නේද කියල විතරයි ..
    ඔයා ගැන කිසිම දෙයක් නොදන්න මගෙ හද ගැස්ම මොහොතකට හරි නතර වෙන්න තරම් ඔයාගේ මේ විහිළුව සමත් වුණා නම් ඔයාව හොඳින් ම දන්න අයට ඇතිවුණු හැඟීම් ගැන මට හිතාගතහැකි.
    අයියේ ඔබට චිරං ජයතු …
    (තිස්ස අයියට රහසින් ..අයියේ ඔයා Raven ගෙ සිතැඟි ගැන මං දාපු අදහස් වරදවා තේරුම් නොගන්න ඇති කියල හිතනව.. අනික මට සන්සරසිදු කියල අමතන්න පුළුවන්නම් මං වඩාත් කැමතියි.)

    ReplyDelete
  45. දුකාගේ පෝස්ට් එකක් දැකලා මේකට ආවේ. මම බිලොග් කියවන්නේ නැති තරම්.

    මොනා කියනවද මන්දා මේ ලොක්කා? වෙන විහිළුවක් නැත්ත කරන්න? මුලින් නම් මට පුදුම හිතුණේ මැරුණා නම් කොහොමද පෝසට් එකත් දාලා චේජනාගේ ක්මේන්ට් එකට උත්තර දුන්නේ කියලා.

    මේ වැඩ කරලා නිකං පව් පුරවා ගන්න එපා මචං.

    ReplyDelete
  46. Hi Tissa,
    Saw your comment on Suminda's photos and yes had seen this - I think almost immediately after you put it , there were no comments then -and read the comments many times after that. I thought no one else could put something like that on another person's blog - pardon my ignorance as I am not an IT person - so assumed it was your work :)
    But have done it sometime back myself - not a blog post! - and got pretty much the same reactions from those who saw it. Having lived through many uncertainties in life over the last two decades and seen life being snuffed out like a candle right in front of my eyes (all in a day's work so to speak) I know that our presence here in this world is so transient - "පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ"
    I think that if all are aware of it, we would probably live our lives a lot better and then this would be a better place to live.

    And who is this "Ma'am"???? lol

    ReplyDelete
  47. මචං හෙෂාන් ඉන්නේ මාකුඹුරේ (හයිලෙවල් පාරෙන් හැතැම්මක් විතර ඇතුළේ) කලින් කතාකරගෙන සෙට් වෙමු.

    ReplyDelete
  48. ආ.. ගොඩිගමුව අපිට ළගයි. 3 වෙද්දි කනත්තට එන්නම්.

    මේක දැකල මට හිතිච්ච එව්වා ඔක්කොම අනිත් එව්වො කියලා තියන නිසා මම අමුතුවෙන් වචන නාස්ති කරන්න කැමති නැහැ ලොක්කගෙ මේ ජෝක් එක ගැන අදහස් දක්වල.

    ReplyDelete
  49. අනේ මචන් තිස්සයෝ..නිකමට ගොඩ වැදුනා මේ බ්ලොගය මොකක්ද කියලා බලන්න..උඹම අඩ්වටය්ස් කරලා තිබ්බ හින්දා....තරහා වෙන්න නම් එපා...මට දැනුනේ මල් පත්තරයක් කියවනවා වගෙය්.....සරල බොලන්ද සම්පප්‍රලාප.....

    කොහොම වුනත් ගොඩ වැදුනු එකේ මොනවා හරි වැඩකට ඇති දෙයක් ලියන්න බලන්නම්....මේ කවි කෑලි දෙක මට මතක විදියට සේකරගේ..අවුරුදු විස්සකට විතර කලින් කියවපුවා..වැරදෙන්නත් පුලුවන්......

    *1*
    සුදු වැලි අතුල මග සුදු පාවාට පිට...
    පිරිවර නෑ සියන් මැද මුල් තැනට හිට...
    සන්සුන් ගමන් යන මල බෙර පෙර‍ටු කොට...
    මරණය ජයග්ග්‍රහණයකැය් සිතෙය් මට......

    *2*

    තිබිරි ගෙය නොවේ ඇරබුම...
    සුසානය නොවේ නැවතුම...
    මරණය.....
    දිගු ගමනක....
    එක නවාතැන් පොලක් පමණය.........

    *3*
    මේක අර මන් කලින් කිව්වා වගේ ෆැකල්ටියේ පලවෙනි අවුරුද්දේ මා විසින්ම විරචිත සරල කවි පෙලක එක කවියක්...

    අද කලුවරය හෙට නෑ වෙනසක් වෙන්නේ.....
    මද සැනසුමක් හෝ කොතැනද හමු වෙන්නේ....
    ලෙද හිත මිතුරු මරනය මේ අහපන්නේ.....
    සෙද ගමනින් ඇවිත් මා සනසාපන්නේ........

    මම උඹේ හිත මිතුරු...සුXXX වෙලXXX

    ප:ලි:
    අපේ මැඩම් චන්දනීත් සෙට් වෙලා ඉන්නේ...මරණය ගැන අපේ ලන්කාවේ මිනිස්සුන්ගේ ආකල්පත් මෙහේ බටහිර මිනිස්සුන්ගේ ආකල්පත් සන්සන්දන්ය කරන්න වටිනවා...මට හිතෙන්නේ ඇත්ත බෞද්දයෝ ඉන්නේ මෙහෙ කියලය්....

    ReplyDelete
  50. nice to see you have so many friends around you who value you and your work...

    chiran jayathu

    nayomi

    ReplyDelete
  51. @Anonymous: නෝ කතා නෝ සිනා...

    @සන්සරසිදු: නෑ නෑ මල්ලියා ... ඒකත් විහිලුවක්...

    @~බිன்කු~ : හරි මචං හරි... පාඩමක් ඉගෙන ගත්තා..

    @Chandanie: Yes Ma'am... it is my work... Yes you must be having hell of an experience with "Death " than us who just simulate it only... But still it seems that you have not got work hardnend like most people... still you are sensitive to a small comment or a simple song... I personnally adore that nature of appreciating and enjoying simple things in life rather than going so deep into things...
    සමාජයේ ගරු බුහුමන් ලබන අයට ඒ විදිහට කථා කල යුතුය...

    @හෂිත: අනිවා...

    @Raven: කෝ කැවුම්....?

    ReplyDelete
  52. තිස්ස අයියා- පැණි බේරෙන කැවුම් ගෙඩි දෙකක් එවුවා. මේල්ස් චෙක් කොරහන් අයියේ.

    ReplyDelete
  53. @සුමින්ද: මචෝ බ්ලොග් එකනම් සින්දු සඳහාය... උඹට මල් පත්තරයක් වගේ දැනෙන්න ඇත්තේ කොමෙන්ට්ස්ද...? හොඳා මචෝ මේක ගොඩක් කියවන්නේ අපිට වඩා ගොඩක් තරුණ ලමයි... ඇඟට දැනෙන අපේ පරන සිංදු ඉවකරන තරුණ ලමයි මේක හොයාගෙන ඇවිත් රස විඳලා යනවා...
    මම කුඩා කල ඉඳන් කල්ලියකට කුලකයකට ගොනුවෙන්න තිබ්බ අකමැත්ත හින්දා විසාල පරාසයක මිනිසුන් ඇසුරු කරන්න ලැබුනා... උපන් තේකට ඉස්කෝලේ ගිහිල්ලා නැති උදවිය, සමාජ සාලා වලා බොඩි ගාඩ් ලා, කිසිම උගත්කමක් නැතිව ඉහලටම ගිය වියාපාරිකයෝ වගේ නනාප්‍රකාර උදවිය... මෙතන ඉන්න පොඩි එවුන් කොමෙන්ට් එකක් දාලා යන්නෙත් - හිතට එන දේ එහෙම්මම කියලා - එදා මට කිට්‍ටු වුන අර මිනිස්සු අදටත් මම වෙන රටක හිටියත් කෝල් එකක් දාලා දුක සැප අහන්නේත්, උඹ් ඔය කියන මල් පත්තර මානසිකත්වයම නිසා තමයි.. ඒ කියන්නේ බොහෝ මිනිස්සු තුල තියන පපුව උණුවෙන මනුස්සකම කම නිසා... සමහරු අමාරුවෙන් යටපත් කරගෙන ඉන්නවා...හැබැයි ෂොට් එකක් දැම්මම මතුවෙනවා...සමහරු වෙන මොනවා හරි තමුන් සිරා කියල හිතන දේකින් අර ගතියට බර තියලා තියනවා... මම මේ කියන්නේ උඹ ගැන නෙමෙයි කියලා හිතන්න උඹෙ මනස දියුනුයි නේ...

    මේ බ්ලොග් කෙරුවාවේදී බොහෝ මිනිස්සු සමාන්‍යයෙන් එලියට පෙනෙනවාට අකමැති තමන්ගේ බොලඳ සිතුවිලි එලියට දානවා... දේශපාලන, ආගමික බ්ලොග් හා ටෙක් බ්ලොග් හරුනහම... පුද්ගලිකව මම ඒ බොලඳ අදහස් වලට කැමතියි... මොලේ හත‍රැස් වෙන දවස් දෙක තුනක් කල්පනා කරලා ගොඩ දාන්න ඕනේ නිර්මාණ තියන අහලකවත් මම යන්නේ නෑ... සරල වින්දනයකට හුරු වෙලා මම නැතිවෙන්න තියන දේවල් අවම කරගත්තා... මෙතනට එකතු වෙන බොහොමයක් දෙනා අර සන්නි යකුම නටන කොට දාන මූණු ගොඩක් තියන තනි මූණ වගේ එක සරල තෘප්තියක් හරහා (මල් පත්තර මානසිකත්වය) සෙට් වෙලා ඉන්නවා...

    මට ඇත්තටම මහගම සේකර ගේ බොහොමයක් නිර්මානවලට ඇල්මක් නෑ... හේතුවක් කියන්නත් බෑ... අමරදේවට, ගුනදාස කපුගේට වඩා මම අතුල සෝමසිරිට ආසයි...

    අපේ රටේ තියෙන්නේ සිංහල බෞද්ධ කම... ඒක තවත් රටක බෞද්ධ කම එක්ක කවදාවත් සංසංදනය කරන්න බෑ මචෝ...බෞද්ධකමේ විශේෂයත් ඒකයි..ඒ ඒ රටවල බොදු දහමට ගැලපෙන මහා සම්ප්‍රදායවල් එක්ක මුහුවෙලා මතුපිටින් වෙනස්ම නිර්මානයක් කරගන්නවා... බහුතරයක් මිනිස්සු ඒකට ඇතුලුවෙන්නේ ඒ බාහිර පොත්ත හරහා... සර්‍වබලධාරත්වය හෝ universal theorems වාගේ ඊනියා සංකල්ප එහි නැත්තෙත් ඒකයි...එහෙම දෙයක් තිබුනානම් ඕන තැනක කිලෝ ග්‍රෑම් එක කිලෝ එකමයි කියල වගේ සසඳන්න තිබුනා...

    ReplyDelete
  54. හ්ම්ම්....... ක්ලියෝපැට්‍රා නේද තිස්ස අයියෙ......... :( හොඳා හොඳා....

    මේ ඒක නෙවෙයි.... මොකො මේ හද ගී පොත හිස් වෙලා...... සින්දුවක් නෑ දැන් දවස් 3කින්....

    ReplyDelete
  55. නංගි මේ... මේ... මේ... මොනවද කියන්නේ....?
    මේ Raven එක්ක බෑ අප්පා....

    මරණ ගෙයක් වුනහම දරුවෝ හත්දොහක් යනකල් රේඩියෝ, ටී වී, සින්දු එහෙම දාන්නේ නෑ...

    ReplyDelete
  56. ඔය සිංහල බෞද්ධ කම වගේ දෙවල් ගැන වැඩිය තර්ක විතර්ක වලට සෙට් වෙන්න මම එච්චර කැමති නැහැ. වතාවක් ඕවා ගැන අපේ ඉස්කෝලෙ ඊමේල් ගෲප් එකක වාදයකට ගිහින් එකට ශිල්ප කරපු මිත්‍රයෙකුත් මට අහිමි වුනා. අන්තිමට මම උගෙන් සමාව ඉල්ලලා යවපු ඊමේල් එකටත් ඌ මට 'ජාතිවාදියා' ය කියා බැනලා එවලා තිබුණා. ඒ තමයි උගෙන් මට මේ වනතුරුත් ලැබුණ අන්තිම ඊමේල් එක :(

    හැබැයි අර සුමින්ද හිතවතාගෙ අන්තිම වාක්‍ය කීපයෙන් බෞද්ධ කම ගැන කියපු කතාව ගැන මගෙ අදහස නොකියම බැහැ වගේ. අද ලෝකයෙ මානව හිතවාදය, සමාජ සාධාරණත්වය, ආදී දේවල් පමණක් නෙමෙයි, බුදු දහමෙත් නිර්මල හිමි කරුවො වේගෙන යන්නෙ බටහිර ජාතීන්. අපේ රටවල් වල මහ රහතන් වහන්සේලා ජීවමානව වැඩ සිටි කාලෙ, සතර බ්‍රහ්ම විහරණයන් සහිතව අටලෝදහමින් කම්පා නොවී මනුෂ්‍යයාට පමණක් නෙමෙයි, මුලු මහත් විශ්වයේ සිටින සියලු ජීවීන් වෙත මෙත් පැතිරවූ මිනිසුන් ජීවත් වූ කාලෙ, අද ඔය ඒ සියල්ලේ සින්නක්කර අයිතිකාරයින් විතරක් නෙමේ ඒවා පිළිබඳ විශේෂඥයින් ලෙස පෙනී සිටින ජාතීන් වහල් වෙළඳාම කරමින් තම වර්ගයාම තමන්ගේ වහලුන් ලෙස තබා ගත් දීනයින් ලෙස ජීවත් වූ බව අද උන්ටත් මතක නැහැ, අපිටත් මතක නැහැ.

    සුද්දා අපිට තේ කෝපි දීලා ලොව තිබූ අන්ර්ඝතම මුතු මැණික් උන්ගෙ රටවලට අරන් ගියාවගේ, උන්ගෙ තිබිච්ච දීන කම අපිට දීලා, මුතු මැණික් වලටත් වඩා වටින අපේ දේවලුත් අද උන් අයිති කරගෙන. තව ටික කාලෙකින් අපේ රටේ බෞද්ධයො හරියට බොදු පිළිවෙත් රකින කල් ජී.එස්.පී. සහනය දෙන්නෙ නැහැ කියලා යුරෝපයෙන් ගර්ජන තර්ජන අවොත් මටනම් ඒකත් පුදුමයක් නෙමෙයි.

    ReplyDelete
  57. අනේ අනේ ..... මම නැති දවස් 5 ට මුන් සේරම මාරි කාලා බීම බීලා නේද..... හරි තිස්ස අයියා මම බලාගන්නම්. මම නැති අතරේ කට්ටියට මාරි & බීම පාටි දුන්න නේද. මැරිලවත් ඉන්න දෙන්නෙ නැහැ සොයා ගෙන එනව මට කරපු අසාධාරණයට.... හෙටම මාරි ලොකු පෙට්ටියයි , බීම කේස් එකකුයි එවන්න. ඇයි මමත් මැරිලා කියල හිතුවද දවස් 6 ක් ආවේ නැති ටිකට

    ReplyDelete
  58. තිස්ස අය්යේ, බැනුම් අහල වැඩිකමටම අපිට සින්දු නැද්ද?
    එහෙම නැත්නම් දැන් බලධාරියා අනුමත කරන තුරු පොස්ට්ස් දාන්න බැරිද?

    ReplyDelete
  59. @ චේජනා: දැක්ක නේද දාලා තිබුනු තර්ජනය...?
    නංගි මම කමෙන්ට් එකක් දානකං බයවෙලා හිටිය එක ගැන එයාටත් දුකයි... ජම්බෝල ගොඩට තවත් එකතු උනා...

    මේ හත් දවසේ දානේ කටයුතු ඉවර වෙලා බලමුකෝ මගේ නගේ....

    ReplyDelete
  60. @වත්: අපි උන්නා කොලඹටම බින්න බැස්සා කියලා...
    @පාලි: සුමින්දයත් Aussie වල ඩොකෙක් මචං... උඹ කියන කාරනාව හෙමි හෙමින් වෙනවා කියලා මටත් දැනෙනවා... අර දේවල් ගැන වාද කරන එක මටත් අපුලයි... මම නිකන් කරුනු දැක්කුවා විතරයි... සුමින්දයා එහෙම කලබල වන පොරක් නෙමෙයි උඹලා වාගේ සොමිම සොමි කකුලක්...පිස්සුම පිස්සු පපුව හොඳ එකෙක් බං

    ReplyDelete
  61. ඒකට නම් සමාවෙන්න, මට පස්සෙත් හිතුන මම කලබල උනා වැඩි නිසා මම නොහිතුව තරම් ඒක සීරියස් වෙලා අය්ය බනුම් ඇහුවද කියල කාගෙනුත්, ඒක වුනේ මම ආව වෙලාව වැරදි නිසා, එක කමෙන්ට් එකක්වත් දාල තියෙද්දි මම ඒක දැක්ක නම් මගෙ ප්‍රතිචාරය ඔච්චරම නරක් වෙන එකක් නෑ, ඔයාගෙ අක්කව නම් මට දැන් දකින්න ආසයි, සමහර වෙලාවට මම ලංකාවෙ හිටිය නම් ඔයා නැතත් ගිහින් එයාව බලල ඒවි.

    ReplyDelete
  62. හපොච්චියේ කොච්චර දෙයක්ද... !!

    අර බින්කු ලමය කියල තිබ්බනේ "පව් සිද්ධ වෙන වැඩ.."කියලා එතකොට නං මේක මෝඩම මෝඩ ජෝක් එකක් කියල හිතුනා...

    ඔය හැම දේම වෙන්නේ අපේ මිනිස්සුන්ගේ හෘදයන්ගම සංවේදී බව නිසයි... සමහරු ඒක බොලඳ වැඩක් කිව්වට මටනම් උදේ තේ එක වාගේ ...නැතුවම බෑ

    ReplyDelete
  63. තමන්ගේම මරණය සුන්දර අත්දැකීමක් ලෙස දුටු ඔබේ විවෘත මනසට මගේ ආචාරය !!

    කෙටි සසර චාරිකාවක් ලැබේවා !!!

    ReplyDelete
  64. "කෙටි සසර චාරිකාවක් ලැබේවා"
    ගැඹුරුම දෙයක් ඔබ කෙටියෙන් සරලව කිව්ව නේ...?
    බොහොම ස්තූතියි මනුසත්

    ReplyDelete
  65. තිස්ස දොඩන්ගොඩ

    මේ වගේ පදවැල් ලියන අයගෙ හිත් ගැන අයියා දන්නෙ නැහැ වගේ..... දෙස් කීව නෙමෙයි.. මරන්න තරම් දුකයි. අනේ ඉක්මනට වෙන ගිතයක් ලියන්නකො. ... ඒ පැත්ත පලාතෙ එන්න බැහැ දුකයි...

    හද ගී පොතේ පිටු ගැලවී සුළගෙ ගියා
    සුවදයි සිනාවයි දෙවියන් අරන් ගියා
    ඇස් අග රැදුන කදුලේ උණුසුමක් තියා
    සොදුරු සිතත් අරගෙන නොකියාම ගියා

    දැන් සතුටුද..... හොදා හොදා ...ඔයාට නම් මොකද....

    ආදරේ කරන මිනිස්සු ගොඩක් ඉන්න අය මැරෙන්න බයයි. ඇයි දන්නවද .. තමන් ගැන හිතල නෙමෙයි.... තමා වටේ ඉන්න අය දුක් වෙනව බලා ඉන්න බැරි නිසා...

    අයියා ඔයා සියක් ආයු ලැබ .. මගෙත් ආයු ගෙන... මටත් වඩා කල් ..ඔබ ජීවත් වේවා....

    ReplyDelete
  66. mama dakka dukage blog eken mee pintuure

    ReplyDelete
  67. කොහෙද තිස්ස අයියෙ මළ ගෙයක් වුනේ හත් දොහක් යනකන් ටී.වී රේඩියෝ නොදා ඉන්න....

    ReplyDelete
  68. @වත්: ඇත්තටම කේන්ති ගියා නේ... ආයේ කරන්නේ නැ‍තෝ... අක්කල නංගිලා අය්යලා මල්ලිලා සේරෝම ගෙන් ඇහුවා ඇති අප්පා...
    @බිඟුවා: මොකෝ වෙන මුකුත් නොකියම ගියේ..
    @විෂ්මි: ඇයි ඔය උඩ තියෙන්නේ ලොකු දැන්වීමක්...

    ReplyDelete
  69. ඒක දිහා අපි බලන්නෙ නෑ දැන්...... විභාගෙ අවසන් වූ සැනින් අපිට සින්දු ඕනේ හොඳේ තිස්ස අයියෙ..... :)

    ReplyDelete
  70. වැඩක් තියනවනම් කෙලින්ම කිව්වානම් ඉවරයිනේ නේ...?
    මෝඩ ජෝක් දාන්නේ නැතිව...නේ..? මම හරි කපටියි නේද...?

    ReplyDelete
  71. හදවත නැවතුනි ද මන්දා...
    සංවේදී සිත් ඇත්තන්ගේ සංවේදීත්වය...
    මනින්නට සිතුනේ කිමද නුඹට...?
    නොදනිත්ද නුඹ...
    දිවියෙන් ආදර්ශමත් වූ සේම...
    ප්‍රකාශනයෙන්ද ආදර්මත් විය යුතු බව...?

    ReplyDelete
  72. "සංවේදී සිත් ඇත්තන්ගේ සංවේදීත්වය...
    මනින්නට සිතුනේ කිමද නුඹට..."
    මගේ පලවෙනි රසිකයා... හීනෙකින්වත් නෑ මල්ලියේ... දුර දිග නොබලා කරපු අමන වැඩක්....

    ReplyDelete
  73. මේ වගේ දේවල් කරන එක නම් ටිකක් නරකයි යාළුවා. මං මීට කලින් මේ බ්ලොග් එකට ඇවිල්ලා නෑ. ඒත් මුලින්ම ආවේ අද ම වුණත් එක පාරටම පොඩ්ඩක් හදවත ගැස්සුනා වගේ වුණා. මොකද ඔබ ලොකු සේවයක් කරපු කෙනෙක් බව පේනවා. මට ඔබට කියන්න තියෙන්නේ නිකං දුක දෙන්න එපා කියලා. ඔබ කරලා තියෙන සේවයට හිස නමා ආචාර කරනවා.... මං මෙතන්ට ආවේ දුකා ගේ ලින්ක් එකකින්...

    ReplyDelete
  74. කියල වැඩක් නෑ මල්ලියෝ.... ආයේ නම් හිතන්නේ වත් නැ‍තෝ...

    ReplyDelete
  75. මම මේකට එන්නෙ නැහැ කියලයි හිතාගෙන හිටියේ.ඒත් තාමත් මේක පොස්ට් වල පේන්න තියන නිසා ඔන්න ලියලා යන්නේ.මේ වගේ වැඩ නම්....??එපා.ඕනෙම නම් අර දුකාගේ එකේ වගේ.. සොහොනක් දාන්න..?

    ReplyDelete
  76. සොහොනේ පොටෝ එකක් නෑ නෙව...අදාහනය කලා නෙවැ...හරි අප්පේ හරි

    ReplyDelete
  77. වස් දොස් යන්නත් එක්ක පොඩ්ඩක් බැනුම් අහපං ;)

    ReplyDelete
  78. "කුම්බලා කරවඩි කෑවානම් තුක විඳපන් පලලෝ"

    කියලා අර මුස්ලිම් මනුස්සයෙක් කියලා තියෙන්නෙ මේ වගේ සීන් එකකට වෙන්න අති . . හික් හික්

    ReplyDelete
  79. හත් දොහනම් ඉතිං ගෙවුණා. තුන් මාසෙත් අහවර වෙලාම ඊළඟ සින්දුව දාන්න ඉන්නවද දන්නෙ නැහැ.

    ReplyDelete
  80. Hebetama Ko Me Thissa Ayya ....... ah Exam aka 20 nisa Baratama Pothata Oluwa Obagena Doi athi.....

    ReplyDelete
  81. හපොය් මේක දැක්ක ගමන් මම හිර වුනා නිකන් කොම් එකක් වගේ. තව පොඩ්ඩෙන් FB එකටයි SBU එකටයි ලාංකීය සිතුවිලි වලටයි මේ මරන දැන්වීම දානව. එත් විස්වාසම කලේ නැති හන්ද ආයේ පොඩ්ක් බැලුවෙ. හ්ම් කරලා තියෙන වැඩේ යසයි අපි ආයේ එන්නේ නෑ මේ පැත්තේ ...........................

    ReplyDelete
  82. මෙ පැත්තෙ ආවෙ කො, මොකද සද්දයක් බද්දයක් නැත්තෙ කියලා බලන්න..... උත්තරෙ උඩින් හම්බ උනා.... මම යනවා....

    ReplyDelete
  83. අනේ හැබෑට කෝ මේ අයියා... Exam ඇනගෙනද දන්නෙ නැහැ. අන්තිමට දාපු post එකත් හරි නැහැ... ඇහට දකිනකම් මට නම් හිතට හරි නැහැ. කොහෙහරි ඉන්න තැනක ඉදන් කතා කරහන්කො අයියෙ.....

    ReplyDelete
  84. රයිට් වැඩෙ ගොඩනෙ.. දැන් ඉතින් අපිට සින්දු ඔනා....වන් මොර් තිස්ස... මම මුවා....

    ReplyDelete
  85. මේක දැක්කහම මට මතක් උනේ දැනට අවු‍රැදු 18කට විතර කලියෙන් මම කෙල්ලෙකුට මේ වගේ මරන දැන්වීමක් හදල උන්දැගෙ යාලුවන්ගෙන් නොමැරි බේ‍රැනු හැටියි. දැන්වීමෙ අයිතිකාරය නම් හිනාඋනා ඇර මොකුත්ම කිව්වෙ නෑ! (හැබැයි ඕක අද වුනානම් මොනව වෙයිද දන්නෙ නෑ, උන්දැ දැන් මගෙ භාර්යාව!)

    ReplyDelete
  86. හහ් හහ් හහ්... මම මේ හිත හිතා හිටියේ රෝහිත මේක දැක්කම මොකක් කියාදෝ කියා... ඒක හරියටම හරි ගියා... හ්ඩැන්වීමේ අයිති කාරයා ඒ කාළේ ඉඳන්ම ඔබේ හිත හොඳින් ඇඳිනුවා විය හැකියි නේද...?

    ReplyDelete
  87. මරු සීන් එක මට උනේ.. අලුත් අවුරුද්දේ ඉස්සෙල්ලාම ඇවිත් බලනකොට දැක්කේ මේක...(මම බ්ලොග් එකේ නම ගූග්ල් එකෙන් හොයල දුන්න පළවෙනි ලින්ක් එක ඔබලනේ ආවේ hadageepotha කියල ගහල බලන්නකෝ... ) ඔෆිස් එකේදී දැකල මොකුත් නොදා ආවා හොඳ කොමෙන්ට් එකක් ගෙදර ගිහිල්ලම දානව කියල. දැන් ඇවිල්ල බලපුවහම හද්ද පරණ පෝස්ට් එකක් නේ.. සැක්... අපරාදේ කියල හිතුණ.. දානේ

    ReplyDelete
  88. සින්දුවනං එලම තමා. ඒත් මේ පින්තූරේ බුකුයෙ දැක්කම මාව උඩ ගියා. තිස්ස අයියත් මාර වැඩනෙ කරන්නේ..

    ReplyDelete
  89. හෙහ් හෙහ් හෙහ් පරණ ජෝක් එකකට පණදෙන්න හිතුනා ආයේ මල්ලී...

    ReplyDelete
  90. මේක මොකක්ද තිස්ස අයියා මාත් පණ පිටිං ඉන්න එහෙකුට මරණ දැන්වීමක් ගැහැව්වනෙ. හොඳ වෙලාවට ගෙදර අනික් උං අඳුරන හින්ද ගුටි නොකා බේරුනේ.

    ReplyDelete
  91. අඩේ වෙන එකෙකුට ප්‍රෙස් එකෙන්ම ගැහුවද...!!???
    හප්පා....!!

    ReplyDelete
  92. මේ මොකෑ තිස්සයියේ.. මේක දැක්ක ගමන් හඳුනපොත කී ගෑවා... දෙය්හාන්දුරුනේ මේක බොරුවක්නේ බැලින්නම් :(

    ReplyDelete
  93. හපොයි දැන් අවුරුදු දෙකක්ම වෙලා නොවැ මේ පෝස්ටුවට..

    ඔයි වගේ විහිළුවක් දුර දිග ගිහින් අපි හැමෝගෙම පන්ති සති දෙකක් තහනම් වෙන දක්වා රණ්ඩුව දුර ගියා..ඒක නම් ඇස් රතුවෙන විහිළුවක්..

    ReplyDelete
  94. නරකම විහිළුවක් . අය්යාගේ හිත හරිම හය්යයි වගේ . ඒත් මේක අක්කටවත් පොඩ්ඩන්ට වත් පෙන්නුවේ නැහැ නේද . මගේ බලවත් විරෝදය මේ පින්තුරේට . සින්දුව නම් ලස්සනයි . මුණු පොතෙන් දැකලයි ආවේ මේක බලන්න .

    ReplyDelete
  95. සින්දුවටනම් මම හරි ආසයි.ඒත් මේ පින්තූරෙ.මාව හීතල වෙලා ගියා මේ මොකෝ කියලා.

    ReplyDelete
  96. ඔයාට අමතක වුනු ,කරන්න ඕන තව දෙයක් තීනව , මැරිල දවස් දෙකකින් කුනුවෙලා යන ඔයාගේ චෛතසික වලට පන පොවපු ඔය කුණු සරීරය වෛද්‍ය විද්‍යාලයකට බාර දීම සහ ,ඇස් , වකුගඩු ,අක්මා සෙට් එක කාටහරි අසරණයෙක්ට දෙන්න කියල ලිපියක් ලියන එක.

    අපෙ පව්ලේ අම්ම තාත්තා සහෝදරයො ඔක්කොම අපෙ මරණයන් මේ විදියට විය යුතුයි කියල කතිකා කරගෙනත් අහවරයි.බොරු කියන්නෙ මොකටද අපි තාම බැන්දලවත් නැත් එවුන් ,මට 27 ,මල්ලිල 21, සහ 18 .දෙමාපියන් පනස් ගනන් වල.අපේ පවුලේ මතය තමයි ඔය විදියට අවසන් කටයුතු වෙන එක.

    ReplyDelete

 
Blogger Wordpress Gadgets