හද ගී පොත හරහා සංවේදී සිත් ගොඩාක් අඳුනා ගන්න මට ලැබුනා... මට බාල සහෝදරයො, සහෝදරියෝ නෑ... හරිම පාලුවෙන් පුංචි කාලේ ගෙවුනේ... අදටත් මේ සංවේදී, ජවසම්පන්න, සොයුරු සොයුරියන් ඇසුරු කරන කොට මට සොයුරු පෙම බලවත්ව නැගෙනවා... ඒත් ඒ අතරින් කිහිප දෙනෙක් තමන්ගේ ප්‍රියයන්ගේ වෙන්වෙලා... ඔවුන්ගේ හිත් මට වඩා ශක්තිමත්... මම එක්කෙනෙකුට ඊයේ ලිව්වා මටනම් ඔහොමදෙයක් වුනොත් සියදිවි නසාගන්න හිතෙයි කියලා... ඔහු කියනවා "නෑ ඔබ ඒ තත්වයන් එක්ක ජීවත් වෙන්න පුරුදු විය යුතුයි " කියල... ඔවුන් සැබෑ වීරයො නේද..? ජීවිතයෙන් පලා නොයන...? තවත් සංවේදී සොයුරෙක් ලියනවා "හද මළගම දා මම වැලපෙන්... විදුලිය සේ යලි සිනහා නොවෙන් ..." යන්න, හදාගත් ඔහුගේ හිත ඉඳහිට පාරවනවලු... එතකොට අනෙක් සොයුරිය...අතිශය සංවේදී ඇයත් එලියට නොපෙන්නුවට අමාරුවෙන් හිතහදාගෙන ඉන්නේ... මගේ හිත කනස්සල්ලෙන්... සංවේදී හදවත් ඇත්තවුනට මෙහෙම වෙන්නේ ඇයි...? සමාවෙන්න, මම ඕගොල්ලෝ ඔක්කොටම වඩා දුර්වලයි... මට ඕගොල්ලන්ගේ හිත් හදන්න බැහැ... නමුත් මම ඔබට හිතාදර සොයුරෙක් වෙන්නම්... මිතුරෙක් වෙන්නම්... දුකක් කණගාටුවක් දැණුනු විටක ඒක ඒ විදිහටම තේරෙන සොයුරෙක් ඔබටත් ඉන්නවායැයි හිතන්න...හිත නිදහස් කරගන්න ඕන නම් මට කතාකරන්න... මම අහගෙන ඉන්නම්, ඔක්කෝම පැත්තක දාලා...
මට කළ හැකි එපමණයි...
බිඳුණු පෙමට නාඩන් මා නැගණියනේ...
මිහිළිය සේ...
නාඩන් මා නැගණියනේ...
අහසට බැන්ද පෙම නියඟෙන් නුඹ දෑවා..
පොළව නුඹයි ඒ නියගෙන් අලු වූවා...
නුඹ දුක් ඉහිලුවා බැරි බර ඇදලූවා...
අහසට හඬන්නට වෙනවා නුඹ ගාවා...
ගහ කොල සියක් මල් පිපිලා තියෙන විට...
අහසට සිනාසෙන්නට හැකි නේ නුඹට...
ඇති තෙක් විඳින්නම් කරදර දුක් ගැහැට...
ඉර හඳ පුරුදු සේ එනවා නුඹ ලඟට...
සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් සටහන් කරලම යන්න...
මට කළ හැකි එපමණයි...
බිඳුණු පෙමට නාඩන් මා නැගණියනේ...
මිහිළිය සේ...
නාඩන් මා නැගණියනේ...
අහසට බැන්ද පෙම නියඟෙන් නුඹ දෑවා..
පොළව නුඹයි ඒ නියගෙන් අලු වූවා...
නුඹ දුක් ඉහිලුවා බැරි බර ඇදලූවා...
අහසට හඬන්නට වෙනවා නුඹ ගාවා...
ගහ කොල සියක් මල් පිපිලා තියෙන විට...
අහසට සිනාසෙන්නට හැකි නේ නුඹට...
ඇති තෙක් විඳින්නම් කරදර දුක් ගැහැට...
ඉර හඳ පුරුදු සේ එනවා නුඹ ලඟට...
සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් සටහන් කරලම යන්න...
මේක නම් මටම ලීව සින්දුවක් වගෙයි. මට අයියල නැහැ .අක්කල නැහැ. මල්ලිලත් නැහැ. මට ඉන්නේ අම්මයි නංගිලා දෙන්නයි විතරයි. නංගිලා දෙන්නගෙම හිත් හරි හයියයි. ඒ බව මට හොදට තේරුම් ගියේ මගේ රත්තරන් තාත්තා නැතිවුන දවසෙ...
ReplyDeleteඑදා ඉදල මම සෙවුවෙ තාත්තාගෙ ආදරේ කියලයි මට හිතෙන්නෙ..
මටත් අයිය කෙනෙක් හරි මල්ලි කෙනෙක්හරි හිටියනම් කියල හිතුන වාර අනන්තයි අප්‍රමාණයි.....
ඒත් සැබෑ ලෙස අපි මිනිසුන්ට බැදුනත් කීදෙනාද තමන්ගෙම අය වෙන්නෙ...
ආදරණිය අයියා .....හද ගී පොතේ මේ සින්දුව මගේ දෑස තෙත් කරා.... බොහොම පිං....
එහෙම තමයි තිස්ස අයියෙ.. කටුක අත්දැකිම් තියන මිනිස්සු සුව නොවෙන තුවාලෙ එක්ක ජිවත් වෙන්න කාලයෙන් ඉගෙන ගන්නවා. එතකම් එගොල්ලො පොඩ්ඩක් වැටෙනව, දණ ගානවා. එහෙම දෙයක් ජිවිතයකට තියෙද්දි තමයි වටිනා කමක් ඇති වෙන්නෙ. හැබැයි ඔයා සමහර විට දැකලත් ඇති සමහර වාසනාවන්ත මිනිස්සු ඉන්නවා, එ මිනිස්සුන්ට කිසි අඩුපාඩුවක් නැතිව ජිවත් වෙන්න පුළුවන් වෙනවා, එ එගොල්ලා සංසාරෙ පුරා ගෙනාපු දෙවල්, නමුත් එගොල්ලාන්ටත් පුංචි පුංචි අඩුපාඩුකම් දීලා ස්භාවධර්මයා විසින්.
ReplyDeleteසොදුරු සිතට,,.. ඉතින් මෙ අපි ඉන්නෙ... නැද්ද තිස්ස අයියා... කියන්න හිතෙ තියන ඔනා දුකක්..... මම හින්දි චිත්‍රපටියක දැකපු රුමෙනියන් කතාවක් කියන්නම්..... හිතෙ තියන සතුටක් බෙදා ගත්තහාම එක වැඩිවෙනවා..... හිතෙ තියන දුකක් බෙදා ගත්තහම එක අඩු වෙනවා..... මන් කියන්න බොරුද තිස්ස අයියා....
ReplyDeleteගීතය අසන්නටත් කළින් කියැවූ එහි පදවැලම සිත සසල කලා.
ReplyDelete@Wath: මට කියන්න දෙයක් නෑ සොයුරිය... කියන්න තියන දේ ඔක්කොම කිව්වා...
ReplyDelete@රවා: ඔව් මලේ ඇත්තටම උඹ්ල මේ ලොකේ හතර කොනේ ඉඳන් කරන්නේ මනෝ වෛද්‍ය වරුන්ගේ වැඩක්... මලයා... උඹේ මුදු සිතට, මගෙ ආචාරය...
@Raven: එහෙම වෙන්නේ නෑ හැමෝගෙම හිතවත.... එතන තමයි මනුස්සකම.... ඒක පරිස්සමින් රැකගන්න ඕනෑ... කොයි වෙලාවේ අනෙකාට ඕනෑ වෙයිද දන්නේ නෑ...
@රවා: මොකද්ද බං ඒ කතාව..."මම හින්දි චිත්‍රපටියක දැකපු රුමෙනියන් කතාවක්.."....?????
ReplyDeleteහින්දි එවුන් කරන්නෙ කොහෙවත් තියන ලස්සන එවා කොපි කරලා උන්ගෙ බාසාවෙන් උන්ගෙ කරගන්නවා. හින්දි චිත්‍රපටි බලන එවුන් හිතන්නෙ මෙ උන්ගෙ දෙවල් කියලා. ටිකක් නෙට් එකෙ හොයපුහාම ඔක රුමෙනියන් ප්‍රොවර්බ් එකක් කියලා ආවෙ. මම ආසම චිත්‍රපටි තමයි ප්‍රංශ, කියන මුකුත් තෙරුනෙ නැති උනාට හදවතට හොදට දැනෙනවා...
ReplyDeleteමා ඉතින් කුමක් කියන්නද?
ReplyDeleteදෙන්න බැරිද මා වෙනුවෙනුත් ගීතයක්..
වසන්තයේ මල් පොකුරු දරා
ඔබ මා දෝතට ගෙනෙන තුරා
මග බලමින් මා සිටියා
සොදුරු වසන්තේ ගෙවෙන තුරා
සොදුරු වසන්තේ ගෙවෙන තුරා...(W.D.අමරදේව)
අනිවර්‍යයෙන්ම... බොහොම ස්තූතියි ගොඩවැදුනට....
ReplyDeleteමෙක මහගම සේකර ලියපු ගිතයක්... හරිම ලස්සනයි... පුළුවන්නම් හොයලා දෙන්න... මා ගාව තියනවා කැස්ට් එකකින් ගත්තු එකක්. සද්ද ටිකක් දුර්වලයි.....
ReplyDelete@රවා...@මාරයා... සිංදුව දැම්මා...
ReplyDeleteමචන් දනන්වද?? රෝහණ වීරසිංහ මේ දශක ගනනාවක සංගීත දිවියෙදි ගායනා කරපු ගීත තියෙන්නේ මම හිතන්නේ 15යි නැතිනම් 16යි. ඔය එයින් එකක්. මගේ ලඟ තියෙනව ඒ ගීත 16 තියෙන කැසට් එකක්. හැබැයි හොයන්න ඕන කොහේද කියලා. ඉස්සර නම් මම නිතර නිතර ඇහුවා. නියමයි, හරිම ලයාන්විත ගීතයක්.
ReplyDeletemenna wedak... Mama Oya sinduwa soyala soyala Anthimata Soyagaththa. FB aketh add kara .. meyalath balagena giyama a sinduwata kemathi... Aka aththe aka Kurullo . ... Kathawa Aththa wage Nedda Thissa Ayya... Api hoda Akathuwak...
ReplyDelete@දුකා: මාලඟ CD එක තියනවා මචෝ... මුණගැහුණු වෙලාවට දෙන්නම්....
ReplyDeleteඋඹත් නිකම් මිනි සින්ඩියක් වගේ නේ... උඹ ලඟ මේ පෝස්ට් එක දැම්මම පොරවල් හෝ ගාලා එනවා... බලපන් උඹ කරන සේවය...
@of course wath අපි එකම රෑනේ කුරුල්ලෝ... මේ පරාදීසේ....
ඔව් අප්පා මේ එක අත්තේ වහන එක වර්ගයේ කුරුල්ලෝ දැක්කම මාර සතුටක් එන්නේ. . ..
ReplyDeleteපොළව නුඹයි ඒ නියගෙන් අලු වූවා...
ReplyDeleteඅහසට හඬන්නට වෙනවා නුඹ ගාවා...
harima lassana padha peli dekak..eka
loke hema thenama visirila inna sanwedi sith athi boho denek sahodara sahodariyo wena thenak thamai hada gee potha kiyanneth ithin..
සසරේ පුරුදු බව ඉවකට මෙන් දැනුනා
ReplyDeleteඑක්සිත් ඇත්තවුන් ඇති තැන දුක නැසුනා
වත් සොයුරියගෙ සටහන වෙත නෙත රැඳුනා
ඔබ්බට ගියේ ඉන් කඳුලක් පිරි නෙතිනා
@චේජනා: ස්තූතියි සොයුරිය...
ReplyDelete@Pali: ඔව් පාලියො...
මේ කැසට් එක එළියට දාපු දවසේ අපි ඔක්කෝම ගියා.. රංග, මාධව, මෙන්දක, චන්දන ඇතුළුව.. එදා අපේ යාලුවෙක් හොඳටෝම ඇඬුවා එක වයලීනයක් නිසා.. වයලීනය දැන් නාකියි. අඬපු යාලුවා දෙදරු යි... කාලය යන ඉක්මන..
ReplyDeleteසිතුවිලිත් සංස්කාරක උනත් වයසට යන්නේ හෙමින් නේද...? සරීර කූඩුව දිරාපත් වුනාට අතීතාවර්ජනයන් ඒ magnitude එකට කිට්‍ටුවෙන්ම, හෝ ඒ විදිහටම විඳින්න පුලුවන් නේද...?
ReplyDelete"මම අහගෙන ඉන්නම්, ඔක්කෝම පැත්තක දාලා...මට කළ හැකි එපමණයි..." උඹ ඊට වැඩිය ගොඩක් දේ කරනවා තිසා.මං හිතන්නේ තව කරන්නත් පුළුවං. මේ ගී පොතම ඒකට එක උදාහරනයක් නෙවීද?.
ReplyDeleteඇත්තටම උඹේ ගී පොත මගේ දියචරියාවේ එක අංගයක් වෙලා.දවස පුරා computer එක ඉස්සරහා ජීවිතේ ගෙවන අපිට පුංචි ඉසිඹුවක් ලැබුණු ඇසිල්ලක ජීවිතේ ආපහු ප්‍රාණවත් කරගන්න මේ වගේ දේවල් ලොකු අස්වැසිල්ලක්.
උඹට බොහොම ස්තුතී මගේ අරුන්දතී ගීතය දැම්මට.
මේ සංවේදී හිත් ඔක්කොම එකතුකරගෙන දවසක අපිට එකට එකතුවෙලා මේ ගීතය කියන්න පුළුවන් වේවා කියල ප්‍රාර්ථනා කරනව මං ..
-ජය
කියලා වැඩක් නෑ මචෝ.... මට කවුරු හරි සහෝදර සහෝදරියො ටිකක් ගෙනැල්ල දුන්න වාගේ... සෙට් වෙන්නම ඕනෑ මචෝ... ජූනි වල ලංකාවට එනවා... උඹත් ලංකාවෙද ඉන්නේ...? අනිවාර්‍යයෙන්ම හම්බු වෙන්න ඕනෑ
ReplyDeleteatheethawarjanaya karaddi ....jeewithe dushkarakama kaleka me sinduwa mage pana rakka...thanks for giving a chance to listen to it again
ReplyDeletethank you sisiter for dropping in... we all are here to share your grievances...even today...
ReplyDeleteහිතට දැනෙන පද පෙලක්... කවදාවත් අහල තිබ්බෙ නැහැ මීට කලින්.... බොහොම ස්තුතියි තිස්ස අයියෙ මේ වගේ සින්දු අපි එක්ක බෙදා ගන්නවට.......
ReplyDelete@විශ්මි: නංගිටත් බොහොම ස්තූතියි ගොඩවෙලා සටහනක් තියල ගියාට...
ReplyDeleteඅම්බේ... මටම කිව්ව වගේය.....
ReplyDeleteමේකට තව වතාවක් කමෙන්ට් කරමි මම...
ReplyDeleteසංවේදී මිනිසුන් තුල 'මිනිසුන්' ජීවත් වේ සොයුර.
නුඹ වැනි සොයුරෙකු
සිටින අප ද
සැබෑම වාසනාවන්තයන් නේදෝයි සිතේ...
හිත හයිය වෙන කොට
ජීවිතේ ගල් නොවෙයි...
ඒත් හිත දුකෙ පුපුරු ගසන කොට
මට මම ජීවත් වෙනවා
දැනෙයි....
එහෙම හිතලා හිත හදා ගන්නම්
ස්තූතියි සොයුර...