බඳුන් පිරී ඉතිරෙන මී...

චිත්‍රපටි ගීයකින් මම ආසම ගීයක් තියනවනම් මේ ඒක තමා...චිත්‍රපටය රන්සළු... රඟපෑවේ මගේ ප්‍රියතම නිලිය වන පුන්‍යා හීන්දෙනිය සමග අනුලා කරුනාතිලක, ටෝනි රනසිංහ... නාට්‍ය ලෝකයේ පතාකයෙක් වන දයානන්ද ගුණවර්ධනයන් ද මෙහි රඟපැවා... හරි අමුතු කතාවක් චිත්‍රපටියෙත් තිවුනේ...ඒකේ රන්සලු කියලා අදහස් කලේ දසසිල් මෙහෙණියන් පලඳින කසාවත් වලට... (මගේ මිත්තණියත් සියලු යුතුකම් ඉ‍ටුකොට, දරුවන්ට උගන්වා, ඉඩම් කඩම් අරන්දී, ඔවුන් එකලාසයක් කරලා දසසිල් වුනා... වයසට යනතුරුම එතරම් රෝගයක් නොතිබූ ඈ එක් දිනක් ඇතුලත අසනීප වී දුකක් නොවිඳාම මිය පරළොව ගියා..අනේ එහෙමත් වාසනාවන්ත ජීවිතයක්...!) කොහොම හරි මේ ගීතය චිත්‍රපටිය අතුලත අනුලායි ටෝනීයි චිත්‍රපටියක් බලන්න යනවා...එතකොට යන ගීතය තමා මේ....ඒ චිත්‍රපටියේ ඉන්නෙත් දයානන්ද ගුණවර්ධනයන්... ඔහු මූලික චිත්‍රපටයෙත් භූමිකාවක් දරනවා... සංගීතය අමරදේවයන්ගෙන්...(අමරදේවයන්ද මේ ගීය සමිතා හෝ නිරෝෂා සමග ගයනවා)... ගායනය අසහාය, ආදරණීය ගායක නෙවිල් ෆර්නැන්ඩු ගෙන්... අර "මැණිකේ ඔබේ සිනාවේ..." ගීය කියන්නේ රුක්මණී එක්ක...අන්න එතුමා තමා...

බඳුන් පිරී ඉතිරෙන මී... ලඳුන ළවන් නුරා...
නැගෙන ගීතේ ‍රැඟුම කෙරේ...අවර බිඟුන් නුරා...

සැන්දෑ වලා පෙළින් මිදී... පහන් සිලේ ‍රැඳී...
පාන මියුරු ලීලා...
පාන මියුරු ලීලා... මැවේ ‍රැඟුම් අපේ...

ගීත නළු කලා පෙරපර යා නොවී බැඳී...
සිතුම් පැතුම් මැදුම් මගෙහී... ‍රැඳී රසින් වැඩී....

නෑර සිතු නොලා තම සතු ආර සුරකිමී...
දිගන්තයන් ලෙසින් වෙන්වී සදා බැතින් වැඩී...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියෙන දෙයක් ලියලම යන්න....
Read More!

ආදරයෙන් මා හද වට එතෙන ලතා...

නැති බැරිකම මුතුමාල හතක් වී කඩුල්ල පැන එයි නුඹ අත කර ලන දා, කියල සිංදුවක තියනවා... ඒ වාගේමයි නිර්මාණකරනයේදී... පහසුකම් අඩුවෙන්න අඩුවෙන්න මිනිස්සු අතින් සාර්ථක නිර්මාණබිහි වෙනවා... නගර බද ඉස්කෝල වලට ශිෂ්‍යත්වය සමත් වෙලා එන බහුතරයක්, පහසුකම් වල පල්ල සිඹින දරුවන්... මටත් එහෙමයි පොඩි කාලය... අම්මා පොලේ ගිහින් රටකජු ගේන ගොට්ට පවා, පරිස්සමින් දිගහැර කියවනවා... ඉතාමත් සුගායනීය වදන් වැලකුයි, රබානකුයි, තාලම්පටකුයි අබේවර්ධන බාලසූරියයන්ගේ මනෝරම්‍ය කටහඬයි මුසු කරලා, මේ කරල තියන නිර්මාණය මොනතරම් සුන්දරද....?

ආදරයෙන් මා හද වට එතෙන ලතා...
ගම්මානෙට එළිය නුඹයි ස්වර්ණලතා...

දිගින් දිගට නිල් වරළස මුදන්නියා...නෙතින් නෙතට ඔමරි බැලුම් හෙලන්නියා...
රුවින් රුවට දිලි නෙත් සිත් බඳින්නියා... දුරින් දුරට මා සිත ගෙන, මටත් හොරා ඇදෙන්නියා...

පාන්දරින් මල් පිපුනා බඹරු දනී... සීන් තුෂර පිණි වැ‍ටුණා අහස දනී...
සෙමින් විහඟ ගී ගැයුනා පවන දනී... නුඹට බැඳුනු සිත හන්ඳා, මා විඳි දුක කවුරු දනී...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... හිතෙන දේත් ලියලම යන්න...
Read More!

රන් දොරින් එන්න ආදරේ...

හරිම සරල ගීයක්...පද වැලට වඩා සංගීතය අනර්ඝයි කියලයි මට හිතෙන්නේ....මුල් සංගීතයේ නොතිබිච්ච බොන්ගෝ වාදනයක් පසුබිමින් යසට මුහු කරල තියනවා... කී බෝඩ් වාදනයත් අනර්‍ගයි.... වික්ටර් දළුගම මහත්මයාගේ සංගීතය... අමිතා (දළුගම) වැදිසිංහ මහත්මියගේ මියුරු කටහඬින්....

රන් දොරින් එන්න ආදරේ...
කැඳවලා මල්සරා...
නිල් නුවන් ඔබ මා කෙරේ...
දෙන්න සතුටින් පුරා...

මිහිරි සමීරෙකි... මාගේ උදානයේ...
සීතල යාමේ ජීවේ.. සිහින විමානයේ...

මා හදේ ආශා, නිවි නිවී යාදෝ...
සහන් සුවේ දිදී ඒ... නුරා උතුරාදෝ...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... හිතෙන දෙයක් ලියලත් යන්න, වෙලා තියෙනම්...
Read More!

මිහිළිය නළලේ...

මේ ගීය ලියා ඇත්තේ සුනිල් ආරියරත්නයන්. තනු හා සංගීත ණිර්මාණය වික්ටර් රත්නායකයන්ගෙන්. ගායනය අමරදේවයන් ගෙන්. විශිෂ්ඨ කලාකරුවන් තිදෙනෙකුගේ විශිෂ්ඨ නිර්මාණයක්


මිහිළිය නළලේ අංජන තිලකේ...සිරි ලංකා දෙරනේ...
තිසරණ සරණින් භූ පාලනා... ජනතා දිනේ දිනේ... ජනතා දිනේ දිනේ...

දන පිනන සතර සඟරා වතින්, සත ගත සිත සැනසේවා...
සඟ වෙද ගුරු ගොවි කම්කරු බල ඇණියෙන්, සිව් දිග සැරසේවා... සිව්දිග සැරසේවා

භුජ බල පල කල සුරු නර විරු කැළ යලි හෙලබිම ඉපදේවා...
මුදු ගුණෙන් සුපුන් සන නැණින් ගුරුන් ලෙස... රන් දිව දිළිහේවා...රන් දිව දිළිහේවා...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් ලියලම යන්න...
Read More!

සඳ කිණිති නැමී, විල් දියට එබී...

ලක්ෂ්මන් විජේසේකර ගේ හඬේ තියෙන්නේ හරිම ආකර්ශණීය ගතියක්... රේඛා ටෙලි නාට්‍යයේ චන්ද්‍රලේඛා සමග ගැයූ ගී බොහොම ජනප්‍රිය වුනා ඒ කාලේ...මට හිතෙන්නේ තවමත් ජනප්‍රියයි... මම ඔහුගේ තවත් කැමතිම ගීයක් තමයි රත්නාවලී නාටකයේ ගීයක් වන "ඇයි තරහින් මානක්කාරී..." ගීතය... මම පොඩි කාලේ ඕකේ තියන "අල්ලා ස්වාමිනි දකුණත ඈගේ..." කියන කොටස ගැන හිතාගෙන හිටියේ හරියට "එයා මගේ දකුණු අත..." කියන්න වාගේ අර්‍ථයෙන්... මේ ගීයත් වැඩිපුර නොයන ඔහුගේ මියුරුම ගීයක්... මගේ බිරින්දෑත් ඉතාම කැමතියි මේ ගීයට.... මම ආසම කොටස තමා "සසර පුරා සැරි සරන තුරා, බලමි ලොව ඔබේ නෙතින්..." කියන කොටස...

සඳ කිණිති නැමී, විල් දියට එබී, සොයයි සේයාව සඳේ...
ඔබෙ නෙතට එබී, මගේ නෙතද සදා, සොයයි සේයාව මගේ...

සසල නොවී විල තිබෙන තුරා, දිලෙයි සඳ දියට යටින්...
සසල දිය වෙලා දිය කැලඹුණු දා, බි‍ඳෙයි සඳ කැබිලි පිටින්...

සසල නොවී ඔබ හිඳින තුරා, පෙනෙයි මා ඔබේ නෙතින්...
සසර පුරා සැරි සරන තුරා, බලමි ලොව ඔබේ නෙතින්...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් ලියලම යන්න...
Read More!
 
Blogger Wordpress Gadgets