නැති බැරිකම මුතුමාල හතක් වී කඩුල්ල පැන එයි නුඹ අත කර ලන දා, කියල සිංදුවක තියනවා... ඒ වාගේමයි නිර්මාණකරනයේදී... පහසුකම් අඩුවෙන්න අඩුවෙන්න මිනිස්සු අතින් සාර්ථක නිර්මාණබිහි වෙනවා... නගර බද ඉස්කෝල වලට ශිෂ්‍යත්වය සමත් වෙලා එන බහුතරයක්, පහසුකම් වල පල්ල සිඹින දරුවන්... මටත් එහෙමයි පොඩි කාලය... අම්මා පොලේ ගිහින් රටකජු ගේන ගොට්ට පවා, පරිස්සමින් දිගහැර කියවනවා... ඉතාමත් සුගායනීය වදන් වැලකුයි, රබානකුයි, තාලම්පටකුයි අබේවර්ධන බාලසූරියයන්ගේ මනෝරම්‍ය කටහඬයි මුසු කරලා, මේ කරල තියන නිර්මාණය මොනතරම් සුන්දරද....?
ආදරයෙන් මා හද වට එතෙන ලතා...
ගම්මානෙට එළිය නුඹයි ස්වර්ණලතා...
දිගින් දිගට නිල් වරළස මුදන්නියා...නෙතින් නෙතට ඔමරි බැලුම් හෙලන්නියා...
රුවින් රුවට දිලි නෙත් සිත් බඳින්නියා... දුරින් දුරට මා සිත ගෙන, මටත් හොරා ඇදෙන්නියා...
පාන්දරින් මල් පිපුනා බඹරු දනී... සීන් තුෂර පිණි වැටුණා අහස දනී...
සෙමින් විහඟ ගී ගැයුනා පවන දනී... නුඹට බැඳුනු සිත හන්ඳා, මා විඳි දුක කවුරු දනී...
සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... හිතෙන දේත් ලියලම යන්න...
Read More!