Showing posts with label අමිතා දළුගම. Show all posts
Showing posts with label අමිතා දළුගම. Show all posts

සැඳෑ මිහිර....

හැන්දෑව : දවසේ මෙහෙවර නිමවන්නන්ට ක්ෂේම භූමියකි. තවකෙකුට ගොදුරු සොයන කණිසම ඇරඹෙන වෙලාවය. රාත්‍රී වැඩමුරයට පිටත්වන්නන්ට එලියට බහින්නට කාලයයි. ස්වාමීන් වහන්සේලාට 'විකාල භෝජනය' නවන්වන්නට සුදුසු කාලයයි.

'සැන්දෑවේ රන් වලා - සයුරේ ගිලී පාවෙලා
අඳුරේ පහන් දැල්වෙනා මොහොතේ - ඔබ ඇයි මග තනිවෙලා....'

ගෙවල් මායිම්, උස් තාප්ප වලින් වෙන් නොවුණු මා කුඩා කල, සැඳෑ ඉරු ‍රැස් බොහෝ වෙලාවක් යනතුරුම ගෙයි ජනෙල් වලින් ඇතුල්ව, බිත්ති වල බොඳවුනු හෙවණැලි මතුකලා මතකය. සෙමින් සෙමින් කහපැහැයෙන් තැඹිලි පාටටත් එයින් රත් පැහැයටත් හරෙමින් ඒවා බිත්ති දිගේ ඉහලට යනු මා බලා සිටියේ දුකිනි. දවස තිස්සේ අප හා උන් හිතවතා අප හැරයනවා නේදෝ වැනි හැඟීමක් මා පෙලීය. අදද ඒ හැඟීම හිතේ කොණක නැතිවාම නොවේ.  එහෙත් ඔහුටද විවේකයක් ඇවැසිය...

"හිරු දිය ගොඩ ගිනියම් කරලා
ලොව වටේම රවුමක් දුවලා
හති අරිවී මුහුදේ ගිලිලා හැන්දෑවේ"

බලාපොරොත්තු, අලුත් අරමුණු, සැලසුම්, සමග නැගෙන උදා  හිරු‍ රැස්, දහවලේ සටනේ යෙදෙන චණ්ඩ හිරු‍ රැස්, හැමදාමත්  මට සුවපහසු හැඟීමක් ඇති කරයි. දවස පුරා විඳි බලාපොරොත්තු කඩවීම්, නින්දා, අසාර්ථක සැලසුම්,  සැඳෑ හිරු ‍රැස් සංකේතවත් කලාවත්ද?

'... වෙහෙස වෙලා ගෙයි හිමියෙක් ගෙදරට එන්නා
ඒ බව දු‍ටු සොඳුර ඇවිත් ඔහු පිලිගන්නා
ඔහු දරු දෙන්නා ගත එල්ලෙන්නා
ආදර පෙන්නා සිඹ සනසන්නා...'

හිතවතුන්, හුරු පුරුදු පරිසරය සියල්ලන්ගෙන් ඇත්ව වාසය කරනා ඇත්තන්ට පසුතැවිල්ලට, කන්ද කෙන්ද කර සිතීමට රත් පැහැ සැන්දෑ අහස නොමද රුකුල් සපයයි...

'ඇන්ද රතු වලා සිතුවම් හකුළුවා තියා - සිතරු තෙම සැඳෑ අඳුරට ඉඩ තබා ගියා
සීත සඳ නැගේ පෙරඹර කව්ළු දොර අයා - ඔබ තාම නෑ දයාවියේ මට ආදරෙයි කියා...'

නිදා ගන්නට කාලය ඇවිත් නැත. අනෙක් අතට නැවත ක්‍රියාශීලී වන්නට බැරි තරමටම දෛනික රාජකාරි වලින් ගතෙහි ජවය පිරිහී ඇත. දවස පුරා දු‍ටු විසූක දස්සන වලට තවත් ඒවා එකතු කිරීමට නම් හැන්දෑව කවුලුවක් නොවේ... රන්වන් වලා හිත රිදවමින්ම නේක රටා මවයි....

'... හැන්දෑකරේ අඹ මල් වට බඹරු නටන්නා
නින්ද නැතත් මං තනියෙන් හීන දකින්නා...'

අද ඉ‍ටු කරන්නට බැරි වූ දෑ සිතට පෙලගැසී එන්නේ දියෙහි එබූ රබර් බෝලයක් මෙනි. මා මෙන්ම, මගෙන් රිදුම් ලැබූ අයද, හෙට දිනයේ ඒ පෑරුණු තුවාල වලට සහනයක් ලැබේදෝයි බලා සිටිනු ඇත...

'...සැන්දෑ අහස වගේ - සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ - මා රිදවන්නද සිතුවේ...'

සිත් රිදවී දෙනෙත් වල මතුව ආ රත්පැහැ අතුරුදන්ව, කාන්තිය විහිදෙන කාල සීමාව, හැන්දෑවේම, නොපමාව මතුව ඒනම් කොපමණ අපූරුද?

කිරණින් සොමි සඳ බබලන - මවමින් රස සිතුවම්
සැනසුම් සුවයෙන - සිතු පොබයන - සැඳෑ මිහිර මනරම්

රන් තරු කැට මාලයයි - නිල් තරු කැට මාලයයි
සඳ කොමලිගේ බඳ වට දිලි - රුවන් වලා සේලයයි
රන් ස්වරයෙන කන් පිනවන - කීර කොවුල් රාවයයි

කිරණින් සොමි සඳ බබලන - මවමින් රස සිතුවම්
සැනසුම් සුවයෙන -  සිතු පොබයන - සැඳෑ මිහිර මනරම්

සිත් නලවන - මත් කරවන - පත් අසිරිය - දෙන හැඟුම්
නෙත් අලවන - අත්  ලෙළවන - ලක් මිහිරිය - වන ‍රැඟුම්
සිඳු රළ පෙළ දෙන ගිගුම් - බමන බඹර නගනගුම්
හඬ පසතුරු - දෙන නිරතුරු - ලෙස විසිතුරු - ලොව ‍රැඳී

කිරණින් සොමි සඳ බබලන - මවමින් රස සිතුවම්
සැනසුම් සුවයෙන -  සිතු පොබයන - සැඳෑ මිහිර මනරම්


Read More!

සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා...

සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා...
ආදරයේ බිඟු යාද එමල හැර දාලා...
දුකදී ආදරයේ බිඟු යාද එමල හැර දාලා...

වනේ මලකට ලංවෙලා...
රහස් හෙමිහිට කොඳුරලා...
සීත සුලඟේ සැරි සරා...
පාමි පෙම් රැඟුමක් නුරා...

වැල්ල සිපගෙන ආදරේ..
රැල්ල පෙරැලේ සාගරේ...
නැද්ද බඹරෝ මාකෙරේ...
මුලදි පිදු ඒ ආදරේ...?

Read More!

රන් දොරින් එන්න ආදරේ...

හරිම සරල ගීයක්...පද වැලට වඩා සංගීතය අනර්ඝයි කියලයි මට හිතෙන්නේ....මුල් සංගීතයේ නොතිබිච්ච බොන්ගෝ වාදනයක් පසුබිමින් යසට මුහු කරල තියනවා... කී බෝඩ් වාදනයත් අනර්‍ගයි.... වික්ටර් දළුගම මහත්මයාගේ සංගීතය... අමිතා (දළුගම) වැදිසිංහ මහත්මියගේ මියුරු කටහඬින්....

රන් දොරින් එන්න ආදරේ...
කැඳවලා මල්සරා...
නිල් නුවන් ඔබ මා කෙරේ...
දෙන්න සතුටින් පුරා...

මිහිරි සමීරෙකි... මාගේ උදානයේ...
සීතල යාමේ ජීවේ.. සිහින විමානයේ...

මා හදේ ආශා, නිවි නිවී යාදෝ...
සහන් සුවේ දිදී ඒ... නුරා උතුරාදෝ...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... හිතෙන දෙයක් ලියලත් යන්න, වෙලා තියෙනම්...
Read More!

පින්න මල් පිපී පින්නේ ලන්ද ලස්සනයි...

අපි පැට්ටො කාලේ ලෝකෙට අපිට විවරවෙන්න තිබුනේ දොරවල් දෙකයි... එකක් රේඩියෝව... අනික පත්තරේ... රේඩියෝවෙ හොඳම ගුණය තමා ඒක අහ අහා තවත් වැඩක් කරන්න පුලුවන්... සමහර වෙලාවට පාඩම් කරන්න උනත්... ඒ කාලේ ගීත, නාටක රචකයොත් අවිඥාණකව හෝ මේ දේ තේරුම් අරගෙන තිවුනා...ජීවිතයට පසුබිම් සංගීතයක් වුනා මිසක් ඔවුන් කවදාවත් ගෙඩියක් කඩාගන්න අත්තක් නවනවා වාගේ මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන්න ඔවුන්ගේ උත්සාහයක් තිවුනේ නෑ... මේ පරණ ගීත සැහෙන කාලයක් අපේ මිනිස්සුන්ගේ හිතේ අනායාසයෙන්ම තැන්පත් වෙලා ඇත්තේ ඒක වෙන්න ඇති... උදේ ඉස්කෝලේ යනකොට, ගෙදරත් මගතොටේදිත් ඇහුණු සින්දු තමා මේ බොහොමයක්... මේ සින්දුවේ අලුත් මොකවත්ම නෑ...වඩු කුරුල්ලෙක් වාගේ වට පිටාවෙ අසිරිය ලස්සනට වියල ගීතයක් ගොතලා... කියන්නේ අමිතා වැදිසිංහ... ඉස්සර අමිතා දළුගම... ඇයගේ සින්දු බොහොමයකට සංගීත නිමැවුම වික්ටර් දළුගම... ඒකාලේ සැමියා ගෙන්... මම හරිම ආස තනු ඒවා... "රන් දොරින් එන්න ආදරේ කැඳවලා මල් සරා....නිල් නුවන් යුග මා කෙරේ දෙන්න සතුටින් පුරා..." ඒ වගේ තවත් එකක්... ලංකාවෙන් බැහැර රට රාජ්ජ වල ඉන්න අය ඇස් දෙක පියාගෙන විනාඩි තුනක් විතර ලංකාවෙ අසිරිය විඳලා එන්න....

පින්න මල් පිපී පින්නේ ලන්ද ලස්සනයි...
පින්න මුතු වගේ මල් මත නටනු ලස්සනයි

ලන්ද කොනේ වෙල අයිනේ කැන්ද ගහේ ගහ මුදුනේ
සිංදු කියන කුරුලු රෑන ගම නලවනවා... ගම නලවනවා...

බිංඳු බිංඳු රන් පිණි මුතු පුංචි පුංචි කරල් සැදී...
ගොයම් ගසේ අග ඇමිණී සුල‍ඟේ නටනවා... සුල‍ඟේ නටනවා...

සිංදු සිංදු හතර අතේ වෙල් එලියෙම එක ගීයයි...
‍රැන්ඳුනු සිනහා මැද්දෙන් ගම නැලවෙනවා...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් සටහන් කරලම යන්න...
Read More!
 
Blogger Wordpress Gadgets