පෙම් සුවඳයි මංගල සිරිදෙයි
සිරි බර පෙම් මල් උයනේ
සැලළිහිණි ගිරා කැල ප්‍රේම කථාවෙන්
නැලවෙති තුරු සෙවණේ....
පෙම් ගඟුලේ දිය බුං ගසලා
අපි කිමිදෙමු නාමු ප්‍රියේ....
මුළු ලොව ඇති හොඳ පාට එකට ගෙන
මම ඔබෙ රුව අඳිමි හඳේ
ඕ මම ඔබෙ රුව අඳිමි හඳේ....
පෙම් සුවඳයි....
අර සමනළයයි රතුරෝස මලයි
වගෙ පෙම් කඳ අපි දෙන්නා.....
පැණි බොන්න හිතයි ඉල්ලන්න ගොතයි
එය දෙනතුරු ඉවසන්නා
එය දෙන තුරු ඉවසන්නා...
පෙම් සුවඳයි....
[පසු සටහන: මේ ගීය 1955 මාර්තු 04 තිරගත වූ අසෝකා චිත්‍රපටියෙනි... දැන් මේ ගීතයට අඩ සියවසකට ආසන්නය... රසය තවමත් නොඅඩුව තිබේ... තනුව හින්දි හෝ ද්‍රවිඩ තණුවක් බවත්, ගී පද රචකයා අසෝකා චිත්‍රපටියට ගී ලියූ කරුණාරත්න අබේසේකර, හර්බට් එම් සෙනෙවිරත්න හෝ පියසේන කොස්තා යන අයගෙන් කෙනෙකු විය හැකි බවත් මහාචාර්‍ය සුනිල් ආරියරත්නයක්නේ මතයයි. ප්‍රවීන ගුවන් විදුලි නිලදරුවකු වූ අශෝක තිලකරත්නයන්ට අනුව මේ කරුණාරත්න අබේසේකරයන්ගේය. පී එල් ඒ සෝමපාලයන්ගේ මධුර සංගීතය සංයෝජනයත් මේ ගීය අපේ ගීයක් බවට හැරවීමට ඉවහල් වී ඇත. ගීත දොලහක් අඩංගු වූ අසෝකා චිත්‍රපටියේ, 'පෙම් ගීතේ සංගීතේ නාදේ නගී....' (සත්‍යවතී), 'පෙම් පහන නිවී පෙම් මල් පරවී....' (ජී එස් බී රාණී / මොහිදීන් බෙග්), 'තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ....' (මොහිදීන් බෙග්) ගීතත් අදද එකසේ ජනප්‍රියය. අවුරුදු 13 දී පාසලේදී මේ ගිය ගයා විශාරද සනත් නන්දසිරියනට වූ හදිය මෙතැනිනුත්, අසෝකාට රඟපෑ පුෂ්පා ජෙනට්ගේ අද දවසේ විස්තර මෙතැනිනුත් කියවා දැනගත හැක.
"කන්තොරුවෙ බ්ලොග් බලන අපි වගේ උන්ට උඹේ මේ සින්දු කොහෙ බාන් අහන්නද. ඒ නිසා කතා නැතිව සින්දුව විතරක් දාන එකා කොටියම කාපිය." - ලෙස කලින් ගීයක් පමණත් දැමූ සටහනක, හෘදයංගම ප්‍රතිචාරයක් යෙදූ ඉන්දික උපශාන්ත වියුණු සටහන් කරුට උපහාරයක් පිණිස ඉහත පසු සටහන එකතු කරන ලදී. ]
Read More!