Showing posts with label ගාමිණී ෆොන්සේකා. Show all posts
Showing posts with label ගාමිණී ෆොන්සේකා. Show all posts

සොඳුර නුඹ මට මව් වෙයන්...

කාල තරණය මාතෘකා කරගෙන බිහිවූ නිර්මාණ මෙතෙකැයි කිව නොහැක. මිනිසුන් වර්ථමානයට වඩා අතීතයටත් අනාගතයටත් පෙම් බඳිත්ද? වර්ථමානය එතරම්ම නීරසද? එසේත් නැත්නම් මිනිසුන්ගේ ඇති නොතිත් කුතුහලයද? වර්ථමානයේ සිදුවී ඇති දේ අතීතයට ගොස් නිවැරදි කරගැනීමේ උවමනාවක් ඇත්ද? එහෙත් හෙට වනදේ අද ක්‍රියාවෙහි ඵලයක් බව වුවමනාවෙන්ම අමතක කරත්ද?
මාමණ්ඩිය මගේ හිතවතකු, අනුශාසකයකු වූයේ මා ඈ විවාහ කරගැනීමට පෙර සිටය. "පුතේ මිනිහෙක් කසාද බඳිනවා කියන්නේ දෙවැනි පාරට උපදිනවා කියන එකයි..." ඔහු, මා ඈ විවාහ කරගැනීමට ලකලෑස්ති වන කාලයේ,  සංවාදයෙහි යෙදෙමින් අප ගතකල එක් අවස්ථාවක පැවසුවේ බොහොම නිස්කාංසුවේය. එහි තේරුම එදා නොතේරිණි. අතීතයට ගොස් ඔහුට මුවනොසෑහෙන ලෙස ස්තූති කරන්නට ඇත්නම්?
පුනරුප්පත්තිය, පුනර්භවය, මනෝකාය යන සංකල්පවල එල්බ සංවාදයෙහි, වාදයෙහි යෙදීමට මිනිසුන් බොහෝ කැමතිය. ඒත් මාමණ්ඩිය අපූරු වැකියකින් මට නැවත ඉපදීම ගැන කියාදුනි.  ඒ වචන වල ඇති ගුප්තාර්ථයන්, යථාර්තයන් පසෙකලා "මරණින් මතු උපදීම..." යන කියැවීම තුල භව සසර තුල අඛන්ඩ ගමන් කිරීමක් අප බලාපොරොත්තු වෙයි. එහෙත් අවුරුදු දහයකට පෙර සිටියේ මේ සිටිනා අපමද? බටහිර විදුඇසට අනුව දිනපතා බිඳී වැටෙමින් නැවත ගොඩනැගෙමින් ඇති සෛල සමූහයකුත් දිනපතා වැහැරෙන සෛල සමූහයකුත් ඇති අප, කාලයක් ඇවැමෙන් පංචිකාවත්තෙන් සම්පූර්ණයෙන්ම අමතර කොටස් සවිකොට ටින්කර් කොට ඇති වාහනයක් බවට පත්වේ. අලුත් කොටස් නැවත සවිකර ඇතද අප සිතන්නේ මේ ඇත්තේ එදා අපගත් වාහනයම කියාය. සිතුවිලි පරම්පරාව එයට කිසිසේත්ම නොදෙවෙනි නොවෙත්ද..?
"ආදරයේ සනාතනික සංකල්පය අම්මා..." සෝමරත්න පෙරේරා ගයයි. එය අත්විඳ උස්මහත්වූවාට ඒ පිලිබඳ හැබෑ වැටහීමක් ලබාගැනීමට නම් කාලතරණයක් කලයුතුමය. එහෙත් මාමණ්ඩියගේ වචන සැබෑකරමින් ඈ මට මවක් දරුවන් වෙනුවන් දයාභරිත වීම කාලතරණයක් නොමැතිවම පෙන්වූවාය. විටක එය මා ඉරිසියාවෙන් පුරවන්නට තරම් සමත් කම් දැක්වීය. එහි කොන්දේසි, කාල රාමු, ලාභාංශ පරමාර්ථ,  ඇත්තේම නැත. එහි බිඳක් හෝ ගිලෙන්නට සිතීම අසාධාරණ නැතැයි මට සිතේ...



සොඳුර නුඹ මට මව් වෙයන්
මතු උපදිනා දින බව කුසේ
බිරිඳ වී මගේ වින්ද දුක් ගිනි
නිවාලන්නට පව් ගෙවන්නට

දුකේ සැපතේ එක ලෙසේ
පණනල ලෙසේ මා ලඟ ‍රැදී
සොඳුර නුඹ මට මව් වෙයන්
මතු උපදිනා දින බව කුසේ

හදට දුක් ගිනි කිසිත් නොමදී
නුඹ රකින්නට ණය ගෙවන්නට
සොඳුර නුඹ මට මව් වෙයන්
මතු උපදිනා දින බව කුසේ


සින්දුව අහන්න... ඕන්නම් බාගන්න....
Read More!

සුදෝ මම ආදරෙයි...

දැන් කාලේ එහෙම තමන්ගේ partner ට සුදෝ මම ආදරෙයි.. කිව්වොත් කොහොමට හිටීද...? එදායිංම වැඩේ අහවර වෙයි නේද... නමුත් මේ කතාව මීට අවුරුදු 35 කට කලින් විතර සිළුමිණ පත්තරේට "වික්‍රම"කියල මහත්තයෙක් ලියපු කතාවක්... "මයුරිගේ කතාව" පස්සේ චිත්‍රපටියක් නිර්මාණය උනා ඒ ඇසුරෙන්... වීණා ජයකොඩි තමයි ප්‍රධාන චරිතය රඟපෑවේ... තමන් එක්ක සැප දුක බෙදාගෙන හිටපු මනුස්සයා හදිසියේ මියගිය මයුරිට සැබෑවටම ආදරය කරන හදවතක් මුණගැහෙනවා... අවසානය මට මතක නැහැ... ගීතය ලියලා තියෙන්නේ ගාමිණී ෆොන්සේකා... සුජාතා අත්තනායක ඉතාම හැඟුම් බරව මේ ගීය ගයනවා...මයුරිගේ හැඟුම් ඔබටත් දැනෙයිද බලන්න...

නැතිවුණු ආදරයක් වෙනුවෙන්... හෙලන සුසුම් අන් හදක වැදී...
පැරුණු හදවත් එකිනෙක අමතා... කියන කතාවයි මේ...
සුදෝ මම ආදරෙයි... සුදෝ මම ආදරෙයි..

හිතින් පලාගිය එක් ආදරයක්... දිහා කඳුලු පිරි නෙතින් බලා...
ඉන්නා අතරේ තව ආදරයක්... වෙත හදවත් දොර විවර කළා...
සුදෝ මම ආදරෙයි... සුදෝ මම ආදරෙයි..

ආයෙත් නොලැබෙන ආයෙත් නො එනා... ඒ ආදරයට ඉඩ දෙම්දෝ..
පාලු හදවතට සෙනෙහස පුදනා... මේ ආදරයට ඉඩ දෙම්දෝ...
සුදෝ මම ආදරෙයි... සුදෝ මම ආදරෙයි..

සෙනෙහස ඉතිරුණු ඒ ආදරයයි... සෙනෙහෙස අයදින මේ ආදරයයි...
කොහොම කෙලෙස තුරුලට ගම්දෝ...
ඔබට මම ආදරෙයි... ඔබටත් ආදරෙයි...

සිංදුව අහන්න.... ඕන්නම් බාගන්න.... ඔබේ සිතැඟිත් සටහන් කරලම යන්න
Read More!
 
Blogger Wordpress Gadgets