දැන් කාලේ එහෙම තමන්ගේ partner ට සුදෝ මම ආදරෙයි.. කිව්වොත් කොහොමට හිටීද...? එදායිංම වැඩේ අහවර වෙයි නේද... නමුත් මේ කතාව මීට අවුරුදු 35 කට කලින් විතර සිළුමිණ පත්තරේට "වික්‍රම"කියල මහත්තයෙක් ලියපු කතාවක්... "මයුරිගේ කතාව" පස්සේ චිත්‍රපටියක් නිර්මාණය උනා ඒ ඇසුරෙන්... වීණා ජයකොඩි තමයි ප්‍රධාන චරිතය රඟපෑවේ... තමන් එක්ක සැප දුක බෙදාගෙන හිටපු මනුස්සයා හදිසියේ මියගිය මයුරිට සැබෑවටම ආදරය කරන හදවතක් මුණගැහෙනවා... අවසානය මට මතක නැහැ... ගීතය ලියලා තියෙන්නේ ගාමිණී ෆොන්සේකා... සුජාතා අත්තනායක ඉතාම හැඟුම් බරව මේ ගීය ගයනවා...මයුරිගේ හැඟුම් ඔබටත් දැනෙයිද බලන්න...
නැතිවුණු ආදරයක් වෙනුවෙන්... හෙලන සුසුම් අන් හදක වැදී...
පැරුණු හදවත් එකිනෙක අමතා... කියන කතාවයි මේ...
සුදෝ මම ආදරෙයි... සුදෝ මම ආදරෙයි..
හිතින් පලාගිය එක් ආදරයක්... දිහා කඳුලු පිරි නෙතින් බලා...
ඉන්නා අතරේ තව ආදරයක්... වෙත හදවත් දොර විවර කළා...
සුදෝ මම ආදරෙයි... සුදෝ මම ආදරෙයි..
ආයෙත් නොලැබෙන ආයෙත් නො එනා... ඒ ආදරයට ඉඩ දෙම්දෝ..
පාලු හදවතට සෙනෙහස පුදනා... මේ ආදරයට ඉඩ දෙම්දෝ...
සුදෝ මම ආදරෙයි... සුදෝ මම ආදරෙයි..
සෙනෙහස ඉතිරුණු ඒ ආදරයයි... සෙනෙහෙස අයදින මේ ආදරයයි...
කොහොම කෙලෙස තුරුලට ගම්දෝ...
ඔබට මම ආදරෙයි... ඔබටත් ආදරෙයි...
සිංදුව අහන්න.... ඕන්නම් බාගන්න.... ඔබේ සිතැඟිත් සටහන් කරලම යන්න
Read More!