සොඳුර මට සමු දෙන්න...

මේ ගීයට අ‍ටුවා ටීකා අවශ්‍ය නැත... ඩී ඩී ගුණසේන නම් සුන්දර කලාකරුවා විසින් ගායනා කරනලද මේ ගීය, මගේ බිරින්දෑ විසින් පුරා අවුරුදු දහයක් තිස්සේ, පාන්දර හතරට අවදිව, හැකි උපරිම අන්දමින් සකස් කර මල්ලට දැමූ උදේ ආහාර වේලත්, දවල් ආහාර වේලත් ‍රැගෙන, බස් රියක් එනතුරු පාරේ ‍රැක සිට, නැති තැන, පයින්ම හන්දියට ගාටද්දී, මගේ බොහෝ තැවුල් සමනය කලේය... දෝමනස්සයන් නිවාලීය... ගසල් ගීයට වෙසෙසින් පෙම් බැඳි ගුණසේනයන් ගේ හඬ, තවත් කුමක්දෝ විස්තර කල නොහැකි හැඟුමක්, හිත තුල ඇතිකරයි... ගී රචකයාටත් (නම නොදන්නා) මගේ හද පිරි ගෞරවාචාරය...

සොඳුර මට සමු දෙන්න... සමු දෙන්න...
ඈත ගමේ සරු පස පෙරලන්නට...
මා යනවා අද උදෑසනින්...
මා යනවා අද උදෑසනින්...

ගමේ තුරු හිස් අතර පාවී...
සවන වැකෙනා කුරුලු ගීතය...
ඔබේ මුදු පිය වදන් වාගේ...
නිවාලනු මැන මගේ සරතැස...

අස්වනු පීදී කරලින් බරවී...
මුලු රට ඉතිරේ ජය පානේ...
ඉර හඳ පායන වසන්තයේ...
අපි බොමු මංගල මදු පානේ...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් ලියලම යන්න...

29 comments :

  1. සුන්දර ගීයක්.මීට වසරකට පමණ පෙරදී මුල්වරට මේ ගීතය ඇසුව මතකය අලුත් උනා.
    ඩී.ඩී ගුණසේන මහත්මයා ගයපු වෙනත් ගීතත් තියනවද අයියේ මේ හැරුණුකොට?මෙතුමා ගයන හින්දි ගීත ඇරුණහම සිංහල ගීයකට මම අහල තියෙන්නෙ මේක විතරයි.

    ReplyDelete
  2. මා කැමතිම වාදකයා තමයි මොහු. මොකද මා ප්‍රියතම හා මට හොදින්ම වාදනය කරන්න පුලුවන් වාද්‍ය භාණ්ඩය ඔහුගේ දෑතට මැදිවී තිඛෙන නිසා.... මා දන්න විසිහට නම් ඔහු ගැයූ එකම ගීතය තමයි මෙය......

    ReplyDelete
  3. මේ ගීතයේ මා කැමතිම කොටස තමයි.... හා හහ හහ හහ හා හහ හා... හ්ම් හ්ම් හ්ම් හම් .......................

    ReplyDelete
  4. @ Raven: ඔහු ටිකක් නාට්‍ය ගී කියල තියනවා... "සීතා මා සිරියා ඉන්නේ ..." කියන එක හා තවත්... දහයක් දොලහක් වගේ....

    @Wath: ඔහ් හැබෑටම... වයලින්...? හ්ම්ම්ම්ම්ම්.... හා හහ හා...

    ReplyDelete
  5. ඔයා දාන එක සින්දුවක් වත් මම කලින් අහලා නැහැ.. එක හින්දා ලස්සනද කැතද කියලා කියන්න බැහැ.. කොහොම උනත් අර නැගෙනිය ගැන කියවෙන සින්දුවනම් අපුරුයි.. රැට කාල බුලත් විටකුත් කටෙ දාගෙන කමරෙ දොරවල් ජනෙල් ඇරගෙන අහන් ඉන්න නම් කියාප සින්දුව... ලස්සන සින්දු තව තවත් එකතුකරන්න...මම මෙවා download කරගන්නෙ ලබන මාසෙ 15 වෙනිදයින් පස්සෙ.

    ReplyDelete
  6. ශහ් බුලත් විට කිව්වහම ආසාවේ බෑ...මේ මගුල් එක පිට එන මීටිම් නැත්නම් විටක් කන්න තිවුන අපූරුවට...
    මොකද්ද කේස් එක... එදාට පස්සේ ...?

    ReplyDelete
  7. මෙන්න වැඩක් ... මාත් බුලත් විට කනවා... හැබැයි office එකේදි කවුරුහරි කනව දැක්කොත් හරි ,මලගෙදරකදි හරි තමයි. දුන්කොළ සහ හුණු නොකමි. ඉස්සර අපේ ගෙදර ලොකු බුලත් මැස්සක් තිබුනා. ඉතින් අහල පහල අය එනව බුලත් ගෙනියන්න. අපි පොඩි කාලේ බුලත් කන කොට අම්ම කියනව ''කන්න එපා ළමයෝ අකුරු කියවන්න බැරි වෙයි'' කියල. ඉතින් මම කරන වැඩේ ඉක්මනටම කටෙි තියන විටේ අහක දාලා හයියෙන් අ ආ කියල බලනව. අවුලක් නැහැනේ අයෙත් කනව....
    ඒ වුනාට අම්ම හරි තාත්තා හරි කපල දෙන විට කොටේ තරම් මම කන විට රහ නැහැ.පස්සෙ කාලෙ ගමේ එන්න ගත්තම සීයට වටේ කොටල දෙන්නෙ මම. විට කොටල දුන්නම ඉතින් ඒ කාලේ හැටියට සීය මොන මොනා හරි දීල මාව රවටනව.... සීය අඩුම කුඩුම දාලා දුන්නම විට කොටන්නෙ මම. හැබැයි බොලේ කොටල ඉවර වුනාම සීයා ළගට ඇවිත් අහනව ඈ බොල ළමයො මෙච්චරද විටේ කියල... ඇයි බාගයක් මගෙ බඩේ නෙව ...

    ReplyDelete
  8. අම්මහරි තාත්තා හරි කපල දෙන නෙමේ හපල දෙන.

    ReplyDelete
  9. ඉස්සර ගැමි ජීවිතේ තුල ආදරේක මහිම හරි අපූරුවට ගී පදවලට පෙරලිල..... සුන්දර ගීතයක්..

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. අඩේ . . . මේක ත් මගේ අසම සිංදුවක් බං . . . මාරයි. . උඹ කොහොමෙයි බං අපේ ටේස්ට් එක හරියටම අඳුර ගත්තේ. . . . පිස්සු හැදෙනවා. . . .

    ReplyDelete
  12. @දුකා: හරියන්නේ නෑ...ඉක්මනටම උඹව හම්බු වෙන්න එන්න වෙනවා....

    @Wath: පිස්සුම පිස්සු....

    ශහ් කට්ටිය එකතු කරගෙන ගෙට්‍ටුවක් දාන්න ආසාවේ බෑ අප්පා...

    ReplyDelete
  13. dialog බට්ටෙක් තමයි මට මෙහෙම එන්න ඉඩ දෙන්නෙ. ඌ 5 gb 1 Mbps දිලා ඉවර උන ගමන් 8 Kbps unlimited වෙනවා. වෙලා තියන්නෙ. එක හින්දා සින්දුවක් බාන්න ගොඩක් වෙලා යනවා. 15 වැනිදා ආපහු පටන්ගන්න වා 5 Gb දෙන්න.සින්දු ඔක්කොම එක පාර බාලා දාලා අහනවා.

    ReplyDelete
  14. අම්මට සිරි ...උඹ ආවා ගියත් සැපයි මලේ...

    ReplyDelete
  15. හැමදාම වගේ ඉතිං අදත් තිසා දීල තියෙනවා කුඩු වෙන්ඩම සිංදුවක්.ඩී ඩී ගුණසේන කි‍යන්නේ යෝගිය‍ට නං හැමදාමත් වීරයෙක්. ගුණසේනගේ ගී අනුවාදන අඩංගු සී ඩී තැටියක් එළිදැක්වුනා දැනට වසර දෙක තුනකට කලින් ජෝන් ද සිල්වා එකේ. ‍(හරිම ආඩම්බරෙන් කියන‍්නේ)යෝගියත් එදා ඒ audience එක අස්සේ රිංගුවා ගුණසේනගේ වයලීන් එක හඩනවා බලන්න.ඇස් වලට කදුළු එනවා ඒ දෑතේ විශ්මිත හැකියාවට.
    එදා ඔහු මේ ගීතයත් තවත් ගීත කීපයකුත් ගායනා කලා.

    අපි අද මහන්සියෙන් අමාරුවෙන් වැඩකරන්නේ හෙට ලස්සන දවසක් දකින්න. තිසා කිව්ව වගේ දුක් විඳගෙන ජීවිතේ ඉස්සරහට යද්දී මේ වගේ පදවැල් අපිට ලොකු ශක්තියක් සපයනවා.

    අස්වනු පීදී කරලින් බරවී...
    මුලු රට ඉතිරේ ජය පානේ...
    ඉර හඳ පායන වසන්තයේ...
    අපි බොමු මංගල මදු පානේ...

    (මේ තව එකක්. අ‍පේ රවාලා තිසාලා ඔක්කොම බුලත්විට සංස්කෘතිය ඉස්සරහට ගෙනියන සාමාජිකයෝ කියලා දැනගත්තහම මාර ත්‍රිලක් නේ ආවේ. යෝගියත් ඉතිං ඒ සංගමේ ප්‍රබල සාමාජිකයෙක් !
    අර කිව්වත් වගේ , ♫ අපි එකම රෑනේ කුරුල්ලෝ... )
    -ජය

    ReplyDelete
  16. මේ ඇත්තමයි කියන්නේ යෝගියෝ... උඹේ comment එක කියවලා මගේ ඇස් වලට කඳුලු ආවා බං... මේ තනියෙන් ඉන්න මට උඹලා මාර සහනයක් ගෙනත් දෙන්නේ බං...

    ReplyDelete
  17. දවසක් පණ්ඩිත කමට දුම්කොලයි හුණුයි යහමින් දාලා විටක් හපලා එලොව පොල් පෙනුණා මතකයි. හප්පේ එහෙමත් දුකක්. මධ්‍යසාර බීලවත් එහෙම අමාරුවක් දැනිලා නැහැ. පස්සෙනම් ඉතිං පදම තෙරුම් ගත්තම අවුලක් වුනේ නැහැ.

    ඩී.ඩී ගුණසේනට ඔය සින්දුව කියන්න ලැබුනෙ අහම්බෙන් කියලා මම අහලා තියෙනවා. ඔය ගීය ගායනා කරන්න හිටපු ගායකයා පටිගත කිරීමට ආපු නැති නිසා, එදා වයලීනයෙන් ඊට සම්මාදම් වෙන්න හිටපු මෙතුමාට ගීය ගයන්න කියලා සංගීතඥයා කිව්වා කියලා දවසක් රූපවහිනී වැඩසටහනකදි ඩී.ඩී. කිව්වා. මොනතරම් අපූරුවට ඔහු ඒක ගායනා කරනවද?

    ReplyDelete
  18. හරියට හරි පාලි එහෙම වෙන්නේ පදම වැරදුනහම... බුලත්, පුවක්, දුන්කල, එකිනෙක උදාසීන කරනවා...හුණු තමයි indicator එක...ඒකයි හුණු ඩිංග ඩිංග නිය පිටින් දදා බලන්නේ, හරි පාට ආවද කියලා...අර ‍ෆිනොප්තලින් දාලා titration කරනවා වගේ... නියපොත්තේ ඉතිරි හුණු ඉතින් පු‍ටු, මේස, ලයිට් කණු, වල ගෑවෙන්නේ එහෙමයි.... දන්නැති වුනත් ඒක හම්බ සිරා අනුමාපනයක් කටේම කරන...

    සමහර අහම්බයන් රටක් ලෝකයක් වටින ප්‍රතිපල ගේනවා

    ReplyDelete
  19. මේකත් මම ගොඩක් කැමති සින්දුවක්. "කහවන් ගොයමට" ව‍ගේම මේකත් හැමදාම ඒ දවස්වල ස්වදේශීය සේවයෙ උදේට යනවා. රිද්මයත් ලස්සනයි.

    ReplyDelete
  20. wath අක්කට, තිස්ස අයියට
    වත් අක්කෙ... මෙන්න වැඩක් තිස්ස අයියත් හිමිට හිමිට හොරෙන් වැඩ පටන් අරාන් ප්‍රැක්ටිස් කරනවා.... අපෙ බ්ලොග් වල නෙමෙ.... වෙන වෙන බ්ලොග් වල....

    හරි හරි අපිත් දැක්කා... අපි දැක්කා... කවියක් නෙමෙලු එත් තාලෙට කියවන්න පුළුවන්...

    raven ගෙ බ්ලොග් එකෙ තිස්ස අයියා කවියක් දාලා....

    ReplyDelete
  21. ඩී ඩී එක්ක පටිගත් කිරීමකදි (රෑ 12 ට 1 ට විතර ) ඔහු කිරා වැටෙමින් එක පාරට ම ඇහැරිලා ඊ වයර් එකේ පුංචි පාට්ස් ගහනවා අහගෙන ඉඳලා තියෙනවා මම. ඒකත් එක ජොලි වැඩක්.

    මේ සින්දුව සම්බන්ද වගා සංග්‍රාමේට වඩා අපි ඉස්කෝලෙ ගිය එකට. 5.30 සිට 6 දක්වා උදා ගී, එහෙම නැත්තන් 'අරුණ කිරණ'
    (අරුණු රැසක්///
    රන් තරුවක් රුවක්//
    රිදී ලොවක් /// උදා උනා උදා උනා..
    ඒ උදාර උදානයේ ගතද පිබිදුනා..)
    හද ගී පොතට ජය...!
    මාත් එනවා විට කන්න.. (
    මචන් පුවක් පැළ 15 හිටවලා ලොකු වෙනකම් වතුර දානවා මේ දවස් වල..)

    ReplyDelete
  22. මමත් පුදුම විදියට කැමති හොඳින් රසවිඳින්න පුළුවන් ගීතයක්. මේ ගීතයේ Tempo තව පොඩ්ඩක් විතර අඩු උනානම් ගීතයේ රසය තවත් තියුනු වෙන්න ඉඩ තිබුනා කියලයි මට හිතෙන්නේ. ඉස්සර උදේ 5ට 5.30ට විතර පාසල් යන්න සූදානම් වෙන වෙලාවට නිතර නිතර ගුවන් විදුලියෙන් ඇහුනු මට මතක තියෙන ගීත කීපයෙන් මේකත් එකක් (මම මේ කතා කරන්නේ 70 දශකය ගැන නම් නෙමෙයි 90 දශකය ගැන :)) ඒ වගේම W.D. අමරදෙවයන්ගේ "පිරිත් පැන් පොදක්.." , අමරසිරි පීරිස් ගයන "මට ගමට එන්න.." ඒ අතරින් තවත් ලේසියෙන්ම මතක් වෙන ගීත දෙකක්. ඒක නෙමෙයි තිස්ස අයියේ ඔයාට කොහොමද "ස්වර්ණලතා කවීශ්වර" කියන සුන්දර ගායිකාව අමතක උනේ...?

    ReplyDelete
  23. @තමීර: මේ වචනයක් ගානේ උඹට පින් මළේ: උඹ හින්ද තමා මේ වැඩේට මූලික අඩුතාලම වැ‍ටුනේ...උඹ වගේ හම්බ සිරා මීටරයකට හොඳ ටේස්ට් එකක් තියන එක අදා කාලේ හරි පුදුමයක්...

    @රවා: ශිහ් උඹලට හොරෙන් මොකුත් වත් කරන්න බෑනේ... උඹල කොචොක් දායි කියලා මම ඒකේ දාලා කඩේ වහලා හිටියේ... කොහෙද මේ රවා කරක් ගහන්නේ නැති තැනක් නෑනේ... ශිහ්...

    @හෂිත: ඔයාට මාර රසවත් අත්දැකීම් නේ තියෙන්නේ... සුනිල් සරත් ආයේ ආපු දවස් වල ඔය අරුණ කිරණ ආයේ පටන් ගත්තා... දේශපාලන මගුල් එක්ක ආයෙම නැතිවුනා... එල බුලත් විට පාටියට ජයවේවා....

    @Nishacharaya: ආයුබෝවන්... ඔව් මල්ලියෙ අතරින් පතර තමා ඔය සින්දු යන්නේ...සංගීතය ගැන මගේ දැනුම බොහොම අල්පයි මලේ... රස විඳිල්ල විතරයි කරන්නේ.... ඔය වගේ ලස්සන සිංදු මට් මතක් කරන්න... ස්වර්ණලතාවත් කැන්දාගෙන එමු ඉක්මනටම...

    ReplyDelete
  24. තිස්ස මම උඹෙන් ඉල්ලුවා මතකයි ස්වර්ණලතාගෙ සින්දුවක්. "තොටියෝ....තොටියෝ"

    ReplyDelete
  25. දාමු මචං...පොඩි විභාගයක් සෙට් වෙලා ටිකක් වැඩ...අනිවා දානවා...

    ReplyDelete
  26. විභාගයට මගෙන් සුභ පැතුම් !!

    ReplyDelete
  27. ඉර හඳ පායන වසන්තයේ...
    අපි බොමු මංගල මදු පානේ..

    ReplyDelete
  28. සෑහෙන කාලෙකට පස්සේ හරි ඔන්න අද මාත් මේක ඇහැවුයි කියමුකෝ..ගීතය ගැනවත් ඒ හරහා හිතට එන දේවල් ගැනවත් මම කියන්නට ඕන නැහැ...

    ReplyDelete

 
Blogger Wordpress Gadgets