මේ ගීයට අටුවා ටීකා අවශ්‍ය නැත... ඩී ඩී ගුණසේන නම් සුන්දර කලාකරුවා විසින් ගායනා කරනලද මේ ගීය, මගේ බිරින්දෑ විසින් පුරා අවුරුදු දහයක් තිස්සේ, පාන්දර හතරට අවදිව, හැකි උපරිම අන්දමින් සකස් කර මල්ලට දැමූ උදේ ආහාර වේලත්, දවල් ආහාර වේලත් රැගෙන, බස් රියක් එනතුරු පාරේ රැක සිට, නැති තැන, පයින්ම හන්දියට ගාටද්දී, මගේ බොහෝ තැවුල් සමනය කලේය... දෝමනස්සයන් නිවාලීය... ගසල් ගීයට වෙසෙසින් පෙම් බැඳි ගුණසේනයන් ගේ හඬ, තවත් කුමක්දෝ විස්තර කල නොහැකි හැඟුමක්, හිත තුල ඇතිකරයි... ගී රචකයාටත් (නම නොදන්නා) මගේ හද පිරි ගෞරවාචාරය...
සොඳුර මට සමු දෙන්න... සමු දෙන්න...
ඈත ගමේ සරු පස පෙරලන්නට...
මා යනවා අද උදෑසනින්...
මා යනවා අද උදෑසනින්...
ගමේ තුරු හිස් අතර පාවී...
සවන වැකෙනා කුරුලු ගීතය...
ඔබේ මුදු පිය වදන් වාගේ...
නිවාලනු මැන මගේ සරතැස...
අස්වනු පීදී කරලින් බරවී...
මුලු රට ඉතිරේ ජය පානේ...
ඉර හඳ පායන වසන්තයේ...
අපි බොමු මංගල මදු පානේ...
සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් ලියලම යන්න...
Read More!
සොඳුර මට සමු දෙන්න... සමු දෙන්න...
ඈත ගමේ සරු පස පෙරලන්නට...
මා යනවා අද උදෑසනින්...
මා යනවා අද උදෑසනින්...
ගමේ තුරු හිස් අතර පාවී...
සවන වැකෙනා කුරුලු ගීතය...
ඔබේ මුදු පිය වදන් වාගේ...
නිවාලනු මැන මගේ සරතැස...
අස්වනු පීදී කරලින් බරවී...
මුලු රට ඉතිරේ ජය පානේ...
ඉර හඳ පායන වසන්තයේ...
අපි බොමු මංගල මදු පානේ...
සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් ලියලම යන්න...
