ජන්ම භූමි වන්දනා...

අද හිතට යන්තමින් සැහැල්ලු දවසක්... ඔය කතිරයකින් ගොඩක් දේවල් කියන්න බෑ... මේ අවදානම්
අවස්ථාවේ අපේ මිනිස්සු යමක් තේරුවා... රට ගැන, මිනිස්සු ගැන යම් හැඟීමක් හිතෙන වෙලාවේ, ආර් ඒ චන්ද්‍රසේනයන්ගේ මධුරතම තනුවක්... වික්ටර් රත්නායක ගේ හඬින්... මගේ දේශපාලන මතය එක්ක ඔබ එකඟ නොවුනත් ගීතය රසවිඳින්න.. මට මගේ ජන්ම භූමිය උතුම්ය....

ජන්ම භූමි වන්දනා, පුණ්‍ය භූමි වූ...
මාතෘ භූමි වන්දනා, ස්වර්ණ භූමි වූ...ලොව රම්‍ය භූමි වූ...

සූර්‍ය රාජයා ඇදී, ‍රැස් විදා වඳී උදේ..
සිව් මහා ගඟුන් රිදී, ගී ගයා වයා ඇදේ...
හා... හා...හහා... ලංකා භූමියේ
මාතෘ භූමි වන්දනා, ස්වර්ණ භූමි වූ...ලොව රම්‍ය භූමි වූ...

මේ බිමේ පොලෝ තලේ, පෑගුනත් ලැබේ බලේ..
සියල්ලෝම ආසාවේ...ඉතීරේ...
හා... හා...හහා... ලංකා භූමියේ
මාතෘ භූමි වන්දනා, ස්වර්ණ භූමි වූ...ලොව රම්‍ය භූමි වූ...

ජන්ම භූමි වන්දනා, පුණ්‍ය භූමි වූ...
මාතෘ භූමි වන්දනා, ස්වර්ණ භූමි වූ...
ලොව රම්‍ය භූමි වූ...ලොව පුණ්‍ය භූමි වූ...

සිංදුව අහන්න... බාගන්න ඕන්නම්...

5 comments :

  1. සැරදේ...සැරදේ....සැරදේ ලක්මවුනි....සැරදේවා සව්සිරිනී

    ReplyDelete
  2. LANKAWATA JAYAWEWA !!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  3. ඊයේ මේ සිංදුව කාලෙකට පස්සෙ ඇහුනා.. මතක විදියට ITN channel එකේ.. නිදහස් උත්සවයෙන් පස්සෙ මේ සිංදුව දැම්මා.. හිතට මාර සුවයක්.. මොකද නැත්තෙ.. ඔබගෙ මතය හරි.. 100% නිවැරදි කවුරුත් මොනම ක්‍ෂේත්‍රයකවත් නැහැ.. වඩා හොඳ දෙයයි අප කළ යුත්තේ.. මධ්‍යම පාන්තිකයින් බහුතරයක් හොඳ දේ තේරුවා...

    ReplyDelete
  4. ඔය වගේ වචන ඇහෙනකොට සොයුරිය, මව් බිමෙන් එපිට අපි ලංකාව වෙනුවෙන් හෙලනා දාඩිය හැබෑම වටිනවා කියලා හිතෙනවා.. අපි එකතුවෙලා රට ගෙඩ නගමු.. ඔබට ජය...

    ReplyDelete

 
Blogger Wordpress Gadgets