Showing posts with label සෝමතිලක ජයමහ. Show all posts
Showing posts with label සෝමතිලක ජයමහ. Show all posts

ඔබ දැකුමෙන් යලි ජීවත් වන්නට...

අලුතින් නිවස සාදා නිමකල මා මිතුරාට යම් ත්‍යාගයක් ගන්නට මට ඕනෑ කලේ නිවාඩුවට ලංකාවට එන්නට පෙර සිටමය... ගෙදර ඇත්තන්ට පිඟන් බඩු අතපත ගාන්නට තිබු ආසාව යටින් තබා "අර සීබල් ඇවනියු එක ඉස්සරහ තියන දංකො‍ටුව ෂෝ රූම් එකේ නම් ඔයාට ඕනේ විදිහේ දෙයක් ගතහැකි...!" ලෙසින් කල යෝජනාවට මමද එකඟ වුනෙමි... තුන් හතර ගමනක් එහි උඩ පහල ඇවිද ගොස් එකඟතාවකට එන්නට අප දෙදෙනාට හැකිවිය... ගෙදර ඇත්තන් එක්ක මෙබඳු ගමන් යාමට මමද ප්‍රියකරමි.... යමක් මිලදී ගත්තත් නොගත්තත් ඈ ඒවා අතපත ගා රස විඳිනවා බලන්නට මා කැමතිය... බලාපොරොත්තු නැති අවස්ථාවක ඈ විස්මයට පත් කරන්නට මට ඉඩ ලැබෙන්නේ එලෙස පුරවා ගත් මතකය කැලැත්තීමෙනි....

මා ප්‍රිය කරන ඒ සොඳුරු ගායකයා, නිහතමානී සරල මිනිසා, ඒ ඒ සාප්පුවට ගොඩ වුනේ ඔය මොහොතේදීය... කථා කරන්නට ඉඩක් නොලැබුනත් "ඔහු දැකුමෙන්ම" මට ඔහුගේ ගී ගොන්නම මතක් වුණි... මා ‍තෝරා ගත් අයිතමය එකලස් කොට නිසි පරිදි අසුරන තෙක් මමත් ගෙදර ඇත්තනුත් ඒ කවුන්ටරයට වී දෙඩවමින් උන්නෙමු... සේවකයින් කාර්‍ය බහුලය... එය සුරුවමෙන් කල කටයුත්තකි... එවිට "සෝමතිලක ජයමහ" නම් වූ ඒ සොඳුරු මිනිසාද ඔහුගේ අයිතමය ඇනවුම් කර, එකලස් කරවාගන්නට එතනට පැමිණුනි... සේවකයින්ට ගනු දෙනු කරුවන්ගේ මුහුණු බල බලා ඉන්ට වෙලාවක් නැත... ඔහුට මා පි‍ටුපසින් පෝලිමේ ඉන්නට දෙන්න මටද සිත් නොදේ... කවුන්ටරයට ඔලුව ඔබා "මල්ලි මේ මහත්තයාගේ වැඩේ ඉස්සෙල්ල කරලා දෙන්න... " යයි කීවෙමි.... සේවකයා රොබෝවක් මෙනි... මගේ වැඩය එහෙමම් අතැරී ඔහු එතුමාගේ වැඩය කරන්නට පටන් ගත්තේය... ඔහු මා හට කාරුණික සිනහවකින් සංග්‍රහ කලේය... ගායකයින්, ගී නිර්මාපකයින් හෝල් සේල් සන්ෆ්ලවර් වන්දනාවේ යද්දී නිසොල්මන්ව වුන් අතලොස්සක් දෙනාගෙන් කෙනෙකි ඔහු...

සෝමතිලක ජයමහයන්ගේ පියාණන් ඔවුන් කුඩා කල නින්ද යනතුරු ලඟට වී ගී ගායනා කල බව මා පුවත් පතකින් කියවා ඇත්තෙමි... ගොර ගොර හඬකින් වුවද, මාද එය, මගේ වුන් කුඩා කාලයේදී කරන්නට පුරුදු වූයේ ඒ මතකය ඔස්සේ යැයි සිතමි... ලොකු හාදයා බහ ‍තෝරන වියේදීම "මුහුදු පතුල යට ඉඳලා..." ගීය මා කියනවා අසා "පාට පාට... " යන්න තාලයට කියන්න උත්සාහ කල හැටි මගේ සිතේ නොමැකී ඇඳී ඇත...

සේවකයා ඔහුගේ ඇණවුම නිම කර බාර දුන්නේය... "අපි ගිහිල්ල එන්නම්..." කියන්න තරම් ඔහු නිහතමානීය... මම පසෙකට වී දෑත් එකතු කොට ඔහුට ආචාර කළෙමි....

ඒ මතකය වෙනුවෙන් මා ප්‍රියකරනම ඔහුගේ ගීයක්...

ඔබ දැකුමෙන් යලි ජීවත් වන්නට...
සිත් විය කප් අග හිරු පායන තුරු...
යෞවන ප්‍රේමය නව දලු මල් ලා...
කුරුලු සරෙන් කන් කන් පියවයි සුමියුරු...

ආදර සෙනෙහස කිසි අඩුවක් නැත...
මා හැරදා ගිය නමුදු අතීතෙක...
පෑල දිගින් විත් මතකය පුබුදයි...
මහලු වියට පත් වසන්ත සඳවත...

ගම සතපාලන නින්ද ඇදෙන විට...
අන්ධකාර කඳු වැටියෙන් මෙපිටට...
අත ගත් පිය හිමි සමග ගයනු මැන...
මටද ඇසෙන්නට කුරහන් සී පද...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...
Read More!

සුනිල් වන් නුවන් යුග...

සියපත ලියන සන්සරනිඳු මල්ලි අන්තිම පෝස්ට් (හිත කම්පා වෙන) එකෙන් පස්සේ තාම වචනයක් නෑ... අනේ මන්දා ඒ කොලුවා පව් අප්පා... එයාගේ හිතවතුන් හිතවතියන් බොහෝ දෙනෙක් එයා වටේ රොක් වෙලා එතනින් මෙහාට එන්න අත දෙන්න සූදානමින් ඉන්නවා... මල්ලියාගේ සද්දයක් නෑ... අපිටත් දුකයි ඉතින්... එතන ඉන්න සමහර අය, ඔය වාගේ ප්‍රස්න වලට මූණ දීලා එතනින් ගොඩ ආපු ආය... ඒ නිසා ඒ අයගේ උපදෙස් වැඩක් වෙන්න පුලුවන්... කවදාවත් කසාද බඳින්නෙ නෑ කියල හිටපු මට, ඒ සුනිල් වන් නුවන් යුග, ඇස ගැ‍ටුන වෙලාවේ ඇති කරගත්තු අධිෂ්ඨානය, වරදක් කලේ නෑ... කවදාවත් විසදන්න බැරි ප්‍රස්න ගොඩක් නිසා "ඕක නවත්තන්න බැරිද.." කියලා අප්පච්චි ඇහුවහම "මොකටද..." කියල හිතින් කියලා බම්මන්නෙක් වාගේ හිටියා... වටිනා දේකට තිබ්බේ රස්සාව විතරයි... දෙන්නගේ විස්වාසයත් ආදරයත් අහස උසට තිබ්බා... අද වෙනතුරුත් පලුද්දක් නොවුනු.... ඇත්තටම එතකොට ප්‍රස්න වලට මූණ දෙන්න අමුතු ගැම්මක් එනවා නේ...? මාරයා මල්ලි කියන්න වාගේ අද වෙනකල් කිසි කෙනෙකුට අත පාලා නෑ... "චේතනා පරිශුද්ධ වේනම් පෙම් සටන් පරදින්නේ නෑ" කියන්නේ විහිලුවටම නෙමෙයි....

සුනිල් වන් නුවන් යුග වසා උතුර උතුරා...
ගැලූ කඳුලු ගං ගාවේ ඇය දැන් කිඳීලා....
ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා...
හැදූ මවුනි පියතුමනි කරුණාව පාලා...

මට මේක දඟ ගේකි දෙන වේදනාවන් ...
සතුටයි දුකයි කඳුල එක සේ දරා මම්...
සැනසී සිටින්නෙම්ද ඇගේ දුක බලා දැන්...
සුවසෙත පතා දෙන්න ආසිරි දයා වෙන්...

රජ දහන වැලි කතර වුව උරුම වේනම්..
මට ඈගේ පිලිසරණ මතු වාසනාවන්...
මගේ ජීවනේ ගීයේ ඇගේ හඬ නොවේනම්. ..
හද වෙණෙහි සත්සර සදා ගොලු වුණාදෙන්...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න..
Read More!
 
Blogger Wordpress Gadgets