රි ග ම ග රි ස නි ධ ම ධ ස නි
හිනැහී ඉමු මිතුරෝ...
අපි හිනැහී ඉමු මිතුරෝ...
මලක් වගේ පිණි සලා පිපී එන
දොලක් වගේ රැළි නගා සිනාසෙන
හිනැහී ඉමු මිතුරෝ...
අපි හිනැහී ඉමු මිතුරෝ...
රි ග ම රි ස නි ධ ප ම ග නි ග 
රි ග ම ග රි ස නි ධ ම ධ ස නි
නෙතින් නෙතට තුටු කඳුලු ගලායන
හදින් හදට මෙත් හැඟුම් උදාවෙන
පියෙන් පියට මල් කැකුලු පිපී එන
දිනක් එතේ මිතු දමින් සිනාසෙන
විසල් ලොවේ සමණලුන් නියාවෙන
සුපුල් පැතුම් ගගනතට පියාඹන
කුසුම් සමේ ජීවිතය සිනාසෙන
ලොවක් එතේ සුව සිහින සෑබෑවන
හිනැහී ඉමු මිතුරෝ...
අපි හිනැහී ඉමු මිතුරෝ...
මලක් වගේ පිණි සලා පිපී එන
දොලක් වගේ රැළි නගා සිනාසෙන
හිනැහී ඉමු මිතුරෝ...
අපි හිනැහී ඉමු මිතුරෝ...

 
 
 
 
 
 
 
 
 Posts
Posts
 
 
 
 
අනේ මන්දා.. අපට software engineering වලදි නම් උගන්නලා තියෙන්නෙ loose coupling තමා වඩා හොඳ කියලා.. එතකොට modules අතර interdependency එක අඩු වෙනවය කියලා තමා කියන්නෙ.. :-D
ReplyDeleteපලි: ලොක්කා බිසී වගේ මේ දවස්සොල..
සොෆ්ට්වෙයා වලට ලූස් කප්ලින්ග් හොඳ වුණාට හාඩ්වෙයා වලට හරියන්නෙ රිජිඩ් එව්වම තමා... ඉන්ටඩෙපෙන්ඩන්සිම තමා හාමනි එක ;-)
Deleteලියැවෙන එව්ව කියවලම බිසි ;-)
හිනැහී ඉන්නනං බැරියැ ඊට කලින් මිතුරො කතා කරන්න එපැයි.
ReplyDeleteකතා නොකලත් මොකෝ එකට එක්කහු වෙලා වැඩ කරන්න ඇහැකිනම් නේද?
Deleteකවුද අයියේ මේ සින්දුව කියන්නේ, කවදාවත් අහල නැහැ.. අද වෙනදා වගේ කතාවක් නැත්තේ වැඩ වැඩි හින්දා වෙන්න ඇති මේ දවස් වල..මේ වගේ හිනා වෙලාම ඉන්න දිනක් තියනවා නම් කොච්චර හොඳ ද ....
ReplyDeleteමේකේ තනුවත් ගායනයත් (මේජර්) විජේසුන්දර වේරගොඩගේ...
Delete'අපි එකම රෑනෙ කුරුල්ලෝ' ගයන්නෙත් ඔහුමයි
තිස්ස අයියා හොයන් එන දේවල්. දැන් ඇහුවෙ.
ReplyDeleteඈත ගව් ගනන් දුරින්, සිරි ලකේ නොයෙක් දෙසින් :-)
Deleteස්තූතියි නගේ...
අපිට අලුත් එත් පරණ සින්දුවක් නම් තිස්ස අයියාම තමයි.
ReplyDeleteNiyamayi....
ReplyDeleteමම ඔබේ පිටුව සොයා ගත්තේ වැහි පොද වැටිලා බිම්මල් පිපිලා ගීතය නිසා. එනිසා හමුවූ ළමා ගී පොත වටිනාකම අපමනයි . අද ම පුතු එහි අපමණ රස විඳි. අද ඇසෙන පැරණි මෙන්ම වර්තමාන ළමා ගී හඬ සකස් කර හෝ හඬ පරයා නැගෙන සංගීතය රසය හීන වේ. එවන් කලෙක ගී රසය මෙයය කියන්නට ඔබ දරන උත්සාහයට පිං අසා ඇත්නම් බන්දුල විජේවීර ගයන පොත්ගුල ඇතුලේ පත් ඉරු අතරේ නිදාසිටිය මා අවදි වුනා . . දෙසාබීමන ගීය පලකරන්න . ස්තුති මම තුලසී දිසාසේකර
ReplyDeleteඅලුත් පරණ සිංදු......
ReplyDeleteආයේ ලියන්න කලියෙන් බ්ලොග් ටිකක්ආයෙ කියවන්ඩ හිතුනා.. :3
ReplyDeleteහිනැහී ඉමු මිතුරෝ කියලා සින්දු දැම්මට කෝල් කලාට අන්සර් නෑ . . ෆේස්බුක් එකට උඹ කොහේද කියලා අහපු ඒවට උත්තර නෑ . . තරහින්ද ඉන්නේ එහෙනම් ඇයි ඒ කියලා අහපු ඒවට උත්තර නෑ . . හෙ හෙ හේ . . කමක් නෑ කමක් නෑ . . මෙහෙම ලියලා දාන එකෙන් තේරෙනවා හොඳින් ඉන්නේ කියලා . . ජය
ReplyDeleteඉස්සර අහපු ලස්සන ගීතයක් .ඔබට බොහොමත්ම ස්තුතියි ..
ReplyDelete