මංගල කසී සළු මාලා
දෑතේ රන් වළලූ
හැඳ පැලැඳ මා
සිටියා ඔබගේ
අතිනත ගත් දිනයේ
අතිනත ගත් දිනයේ
මල්සර මිණි බුබුළු දිලිසී
සිහිනෙන් නොදුටු රැයේ
නීල තරු පොකුරූ මා දුටුවා
නීල තරු පොකුරූ මා දුටුවා
ජීවන ගීය ලොවේ මියුරූ
සවනට නොදී සැලේ
සියොතුන්ගේ ගීතේ මා ඇසුවා
සියොතුන්ගේ ගීතේ මා ඇසුවා
