බිලිඳු මුවින් මව් දෙතන උරා බිව්....

බැළලිය තැඹිලි ගහ වටා තිබූ පස් කන්දට බර දී ඇලවුනාය. කලින් දින රාත්‍රී පැටව් තිදෙනෙක් බිහිකල ඈ තාප්පයක් මතින් යාමට හෝ ගොස්, බඩ මැදින්ම දරුණු තුවාලයක් ඇතිකරගෙන සිටියාය. පැලුණු තැනින් බඩවැල් කොටස් එළියට ඇදෙමින් තිබිණ. ඉතා අමාරුවෙන් මාත් අප්පච්චීත් විසින් පෝර බෑගයකට රුවා ගත් බැළලිය, මාත් අපේ ගෙදර ඇත්තනුත් විසින් පශු වෛද්‍යවරයකු වෙත ගෙන ගියෙමු.

කාරුණික වෛද්‍යවරයා ඇයව සිහි නැති කොට, පරිස්සමින් පැලුණු තැන එක්කොට මසා, කෑමට දමා දෙන්නට යැයි බෙහෙත්ද නියම කලේය. පැටවුන්ගෙන් ටික දිනකට වෙන් කර තබන ලෙස උපදෙස් ලැබුණේ බෙහෙත් වල සැර නිසා විය හැක. අප ගෙදර ආවේ දිනක් වියැති අසරණ පැටවුන් තිදෙන බලාගන්නේ කෙළෙසකදැයි කල්පනා කරමිනි.

එවකට දෙවැනි දරුවා කුසට විත් ගෙදර ඇත්තන්ට මාස තුන හතරක් වන්නට ඇත. ලොකු දරුවා නාවන්නට ඇගේ පියා සාදවා දෙන ලද බංකුව කුස්සිය මුල්ලේ තියා වාඩිගත් ඈ, දියකර පිටිකිරි බඳුනක් සාදා කුඩා පහන් තිරයකින් වරකට එකා බැගින් ගෙන අර කුඩා පැටවුන්ට පෙවීය. දිනකට කිහිප වරක් බැගින් කල මේ කාරිය නිමවූයේ බැළලිය තරමක් සුවපත් වී කිරි දෙන්නට සුදුසු තත්වයට පැමිණුනු පසුවයි. ඉල්ලා හෝ කතාකොට කෑම ඉල්විය නොහැකි අසරණ සතුන්ට කෑම බීම ලබාදීම, ආත්ම සියයක් ආයු, වර්ණ, සැප, බල, ලැබෙන්නට හේතු වන බව "දක්ඛිණ විභංග" සූත්‍ර විග්‍රහයකදී මා අසා ඇත.

තම දෑතින් ඉතා අලංකාර ලෙස නිම කල සිවුරු ද්වය තෙවරක්ම බුදුන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ ප්‍රජාපතී ගෝතමිය බෙහෙවින් දුක්වූවාය. එම සිවුරු සංඝයා වහන්සේලා වෙත පූජා කල මැනවැයි වදාලේ, දානය වුවද ඇල්මක් හරහා සිදු නොකල මනා නිසා විය හැක. කිරිමවුන් ලෙස සිදුහත් කුමරා ‍රැක බලා ගත් අයුරු මෙනෙහි කරමින් ආනන්ද හිමියන් කල ඇවිටිල්ල නිසා ප්‍රජාපතී ගෝතමිය වෙනුවෙන් "දක්ඛිණ විභංග" සූත්‍රය දේශනා කල බව ප්‍රකටය. සිදුහත් කුමරාට පස් දිනක් බාල වූද, තම කුසින් වැදුවාවූද,  නන්ද කුමරුවන් කිරි මවුන්ට භාර දී, තමන්ගේම දරුවා සේ සිදුහත් කුමරුන් ‍රැක බලාගත් ප්‍රජාපතී ගෝතමිය අවසානයේ බුද්ධ ශාසනයේ පළමු භික්ෂූණී උපසම්පදා පදවියෙන් පිදුම් ලබන්නට වාසනාවන්ත වූවාය. අෂ්ට ගරුධර්ම පිලිගනිමැයි ප්‍රතිඥා දුන් පසු, ඇය ඒ ලැබුයේද සිදුහත් කුමරුන්ගේ කිරිමවුන් වූ පිනින්ම නොව, සෝතාපන්න වී සිටියද, යොදුන් ගනන් දුර ගෙවා ඉදිමුණු පාදයෙන්, දූවිලි වැකුණු දෙපයින් විත් කල ඉල්ලීම් දෙවරක්ම ප්‍රතික්ෂේප වුණු නිසා දොම්නස්ව කඳුලැල් සලා ඉදිමුණු දෑසින්ද යුතුව කල උත්සාහයන් නිසාය.

තම කුසෙන් වැදූ දරුවන් නොවූවාට දරුවන් කෙරෙහි වූ මහත්ම ආදරයෙන් දරුවන් රකිනා මව් වරුන්ද, ඔවුනට සෙනෙහසින් හරි මග කියාදී සිප් සතර බෙදා දෙන ගුරු මවුන්ද මා සිහිපත් කරන්නේ අප්‍රමාණ භක්තියකිනි. කුසල අකුසල කර්මයන් හෝ වෙන අන් යම් හේතුවක් නිසා උපතින් කායික හෝ මානසික වශයෙන් වෙනස් දරුවන් කිසිත් අඩුවක් නොකොට සිය ශක්ති ප්‍රමාණයෙන් ‍රැක ගන්නා මව්වරුන්  ගැන පුවත් පත් වාර්ථා තුලද, දන්නා අඳුනන මිනිසුන් අතරද දුලබ නොවේ. මේ කාරිය කොතරම් නම් දුෂ්කරද? එමෙන්ම ඒ කොපමණ ශ්‍රේෂ්ඨද? එය දයාර්ද්‍ර වූ ස්නේහයයෙන් පිරි සිතකටම කල හැකි කාරියක්ම බව පමණක් දකිමි. අවසන් විනිශ්චයේදී ගෲෂා දරුවා අතහැරියේද දරුවාටම ආදරයෙනි.

බිලිඳු මුවින් මව් දෙතන උරා බිව්
කිරි සයුරට කල ගුණ පිදුණේයා
  ප්‍රජාපතී මාතා දුන් සෙවණට
  මෙසඳ එමව් බුදු පුත් සෙවණේයා

මිණිමුතු මිරිවැඩි සළුපිළි බරණින්
එසඳ එමව් කුමරුන් සරසායා
  උතුම් මෙතුන් ලොව කසාවතින් යළි
  මෙසඳ එපුත් කිරි මව් සරසායා

සුමියුරු තෙපුලින් නැළවිලි කවකින්
එසඳ එමව් තම පුත් නලවායා
  මෙසඳ එමව්හට බුදුබණ පදයෙන්
  නිවන්පුරේ රන්දොර හැරුණේයා




bilindu muwin maw
සොයාගන්නට ඉතා අපහසු ගීතයක් වූ මෙය සොයා, සුමට ලෙස කැසට් පටියෙන් ඩිජිටල් තාක්ෂණයට නගා, අප හා බෙදා හදා ගත් ආචාර්‍ය නිමල් රත්නායක මහතාට ගෞරව පූර්වක ස්තූතිය.

25 comments :

  1. වෙනදා වගේම තිස්සගේ නිධාන කතාව ගීය තරමටම වටිනවා.

    "ප්‍රජාපතී මාතා දුන් සෙවණට - මෙ සඳ එ මව් බුදු පුත් සෙවණේයා"
    කියන කොටස ගීයේ මුල් ගායනයේ තියෙන්නේ
    "එ සඳ එ මව් සෙවණේ දුන් සෙවණට - මෙ සඳ එ මව් බුදු පුත් සෙවණේයා"
    කියලයි. ජෙම්ටෝන් කැසට් පටයට ගායනා කරද්දී තමයි මේ වෙනස කරලා තියෙන්නේ.

    ReplyDelete
  2. ඔබ කෙතරම් යහපත්ද? මගේ නෙත් කඳුලින් පිරුනා. මගේ මුලු ජීවිතයම පිරී ඇත්තේ මෙවැනි සිදුවීම් වලින්.මගේත් මගේ අම්මාගේත් දෑත් වලින් සතුන්ගේ ජීවිත කීයක් බේරා ගන්නට ඇත්ද? කීයක් නම් සතුන් ඔවුන්ගේ මුලු ජීවිත කාලය තුලම සතුටින් තබන්නට ඇත්ද? අපව පිස්සන් සේ සලකන්නටත් මේ විදග්ධ සමාජය ඇතැම් විට පසු බට වුනේ නැහැ.මුලු ලෝකයේ සියලු ශුද්ධ වූ දෙයෙහි සහ රත්නත්‍රයේ පිහිට ඔබටත් ඔබෙ යහපත් පවුලටත් ලැබේවා!අන්ධකාරයට ශාප නොකර අපේ ශක්ති ප්‍රමානයෙන් එක පහනක් හෝ දල්වමු..!

    ReplyDelete
  3. තිස්ස අයියගේ මේ සිංදු නම් අපි කවදාවත් අහල නෑ.. ලියපු කතාවේ තියෙන සංවේදී කම හිතට හොඳටම දැනුනා.. සංවේදී මිනිසුන් ගොඩක් දුක් විඳිනවා මම දැකල තියෙන නිසා මම බොහෝ දේවල් වලට සංවේදී වීම දැන් ටික ටික අඩු කරලා තියෙනවා. ඒක හරි ද වැරදිද කියල හිතා ගන්න බෑ.. :)

    ReplyDelete
  4. හරිම සංවේදී කතාවක්.

    ReplyDelete
  5. ගොඩාක් පින් තිස්ස, මම හරිම ආදරය කරන ගීයක්. කිසිම වෙලාවක එපා නොවන ගීයක්. මේ තරම් සෙවනක් ලැබූ මවක් මේ ලොව කොහිද?
    මගේත් ,මහත්තයාගෙත් දෑතින් බේරාගත් ජීවිත අපමණයි. දැනටත් දරුවෙක් සේ හදා වඩාගත් බලු පැටියා මරණාසන්නව දුක් විඳිනවා. බෙහෙත් කරමින් බලා ගන්නවා.

    ReplyDelete
  6. ජීවිතයකින් තවත් ජීවිතයට හුස්ම පිඹින්න හැකි වීම කෙතරම් අගනේද? එයින් ලැබෙන තෘප්තිය නිවන හා සමාන කිරීම අරුමයක් නොවේ මැයි... ස්තුතියි තිස්ස...අනෙක් අතට ඉතා හොඳ ගුණත්වයෙන් යුතු ගීයක් තිළිණ කල සහෘදයාටත් බොහෝ පින්..

    ReplyDelete
  7. හරිම අපුරු සටහනක්. ගීතය අසා තිබුණෙත් නැහැ,..තමන්ගෙ නොවෙන දරුවන්ට අම්මා වෙන්න පුලුවන් අයගෙ හදවත ඉතාම විශාල වෙන්න ඕන. ත්මන්ගෙ ලමයින්ට ආදරේ කරන්න ලේසියි. ..අපෙ දරුවන්ගෙ පාසලේ හුඟක් අවිවාහක ගුරුවරියන් ඉන්නව මෙහෙ ළමයි අරන් හදා ගන්න. ඒ අයටත් ප්‍රසුත නිවාඩුව ලැබෙනව. හරි ආදරයෙන් එ ළමයි හදා ගන්න හැටි දැක්කම පුදුම හිතෙනවා. ..

    ReplyDelete
  8. We were alerted about 7 pups in danger ! They are by the road with no Momma Dog to be found with no food, water or shelter People passing by are feeding them with biscuits but they need more attention that that.

    Do we have kind volunteers to foster at least one of them? We can bring them to anywhere you say and we PROMISE to find them permanent homes as soon as we could. Its just a matter of keeping them for few weeks.

    Please spread the word around and help us help these little babies.

    Call us on 0777314727 or 0777410017

    ReplyDelete
  9. මේ ගීතය කලින් අහලා තිබ්බෙත් නෑ . මම ඒ මනරම් ගීයට කැමතියි. ඒ වගේම ඉතාම සුලලිත විදිහට සරල සිද්දියකින් මනුස්සකම මවන්ට ඔබ දක්ෂ වෙලා තියෙනවා .

    ReplyDelete
  10. මේ ග්තයේ පද ටික කියවලා එහි සාහිත්‍ය රසය සෑහෙන කාලෙක ඉඳලා වි්ඳගෙන තිබුණා. මුල්වරට මමත් ඇහුවේ අදයි. මාරම විදියට හිතට දැනුන ගීයක්.මාස්ටර්ගෙ වැඩ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ

    ReplyDelete
  11. ලස්සණ සිංදුවක් ඇහුවා වගේම අලුත් 'සූත්‍රයක්' ඉගෙන ගත්තා...ගීයට කලින් ලියලා තියෙන කතාවත් හරියට හිතට වදිනවා තිස්ස.

    ReplyDelete
  12. ගීතය බාගත්තා නිවී හැනහිල්ලේ අහන්න
    කතාකරල ඉල්ලන්න බැරි සත්තුන්ට අර විදිහට සලකනවා වගේම කතාකරලා දුක කියන්න බෑරි තමුන් වෙනුවෙන් තර්ක කරන්න සටන් කරන්න බැරි සතුන්ට අනුකම්පාව ආදරය දෙන්න ඕනෙ..මං ඒ පාඩම ඉගෙනගත්තෙ අම්මගෙන් ..අපිත් අර වගෙ පාන්තිරෙන් කිරිපොවපු සත්තු අනන්තයි..

    ReplyDelete
  13. වහින්නට හැකිනම් ගිගුම් දී වියලි ගම් බිම් වලට ඉහලින්................

    ReplyDelete
  14. තිස්ස අය්යා අඩුම තරමින් සතියකට සැරයක්වත් පොස්ට් එකක් නොදැම්මොත් හරිම අසාධාරණයක් කරන්නේ...

    ජය වේවා....!

    ReplyDelete
  15. අපුරු සහෘදයෙක් නේද මුණගැහුනෙ තිස්ස.මම මේ කියන්නෙ ‍නෝබොඩිී ගැන.ඒ පැත්තෙ ගිහින් සැරිසරල හිතට ගොඩවදින දේවල් වමාරන්ට මමක් කැමතියි.ඒකට Name/URL විදියටත් අවස්තාව සැලසුව නම් තමයි හොඳ.මේ ටික කියන්න තිස්සගෙ ඉඩකඩ පාවිච්චි කලාට සමා වෙන්ට.

    ReplyDelete
  16. ස්තුතියි.ඔන්න දැන් හරි...

    ReplyDelete
  17. වෙනදා වගෙම. අම්මපා නිදහසේ හම්බු වෙලා කතාබහ කරන්න තිබුනා නම් .. ඔබ අමද්‍යප නොදනිමි., ඒත් ශොට් එකකුත් දා ගෙනම.
    ඒත් සමහර විට ලියන පාරේ, කතාව නොයාවි

    ReplyDelete
  18. හිතවත් තිසා,

    ජිවිතේ මහා පුදුමයි බං අයියෙ. කිසිම ඉසිබුවක් දෙන්නේ නැතිවම හැල්මේ දුවනව.මේ අනවරත ප්‍රවාහයට අහුවෙලා සංසාරෙ දික්වෙනව. පහුගිය දවස්වල මේ අඩවියට අව ගියා.එත් තොරතුරක් හොයාගන්න බැරිවුණා.අසුවලාට කතා කරලා තොරතුරක් හොයන්න හිතුවත් පස්සේ අමතකවුනා. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්ය යනදේ දුක්ඛ සත්‍යයට අයත්වුවක්.අප කැමති උනත් නොවුනත් අපට මුහුණ දෙන්න වෙනවා.හිත ශක්තිමත් කරගන්න කාලය හරි.
    කොහොමවුනත් අයෙත් මේ සින්ඩියෙන් පරණ සිංදු අලුතෙන් අහන්න ලැබීමත් සතුටක්.

    මේ

    සුලා..

    ReplyDelete
  19. අද ආයෙත් නිදහසේ ගීතය ඇහුව තිස්ස. හිත නිවුනා. මගෙ බල්ලා අපිව දාලා හොඳ ලෝකෙකට ගියා. දින ගානක් වෙහෙසුනා අපි දෙන්නාම එයාව බේරා ගන්න. ඒත්! ? .....පැතුවේ හොද ආත්මයක් ලැබෙන්න මයි. කිසිම වරදක් නොකර අපිත් එක්කම හිටිය පිනම ඇති තිරිසන් අපායෙන් මිදෙන්නට.

    ReplyDelete
  20. අද ආයෙත් නිදහසේ ගීතය ඇහුව තිස්ස. හිත නිවුනා. මගෙ බල්ලා අපිව දාලා හොඳ ලෝකෙකට ගියා. දින ගානක් වෙහෙසුනා අපි දෙන්නාම එයාව බේරා ගන්න. ඒත්! ? .....පැතුවේ හොද ආත්මයක් ලැබෙන්න මයි. කිසිම වරදක් නොකර අපිත් එක්කම හිටිය පිනම ඇති තිරිසන් අපායෙන් මිදෙන්නට.

    ReplyDelete
  21. තිස්ස.....මේ ගීතයේ ගායිකාව කවුද? දයා කියන පරිදි මේ කේමදාසයන්ගේ සංගීතයද? තිස්ස අපූරු ගීතනේ මතක් කරන්නේ. නුඹට ස්තූතියි!!

    ReplyDelete
  22. Many thanks Tissa and Nimal
    I have been looking for this song for quite some time. Even Infolanka - Miyuru Gee does not have this song.

    ReplyDelete
  23. did not working link.please give the download link

    ReplyDelete

 
Blogger Wordpress Gadgets