සමන් පොකුර, මැණික් කැටය, හංස ධේනුවේ...

"සුභා කියා මා ඔබ අමතන්නද
ස්වර්ණමාලි ලෙස ඔබ අමතන්නද
මට නම් නොහැ‍ඟෙන්නේ
කොහොම ඇමතුවත්
ඒ හා සැස‍ඳෙන ඔබේ රුවින්
භවය පුරා මා සුවපත් වන්නේ...."

පුන්සිරි සොයිසා ගයන්නේ නම් එහෙමයි...

භාෂණයේදී සියල්ලන්ම 100% විවෘත නොවූවත් පිරිමින් යමක් කීවම, ඒ කී දෑට සියයට පණහට එහාවත් බර ගතියක් තියනව කියලයි මට හිතෙන්නේ... පරිගණක ආධාරයෙන් මැන තීරණය දෙන තුන්වන විනිසුරුවෙක් හරහා නොකීවත් එදිනෙදා සංවාදයන්වලදී මේ ගතිය 'මොනවට පෙනේ' කීවොත් විරුද්ධ පාර්ශවය අවි අමෝරා ගනීවිද...??

මිතුරෙකුට දුරකථන ඇමතුමක් ගත්තම පසුබිමින් ඒ සංවාදයට මැදිහත් වන ඔහුගේ බිරින්දෑගේ හඬ නම් සවනප්‍රිය ඩෙසිබල් සමූහයක් නෙවේමය... අර අසරණයා කන් දෙකකින් දෙකක් අසා දෙපැත්තටම උත්තර දෙන්නේ කොහොමද....? "මම නැතිව එයාට මුකුත් කරගන්න බෑ..." කීවද එවන් බොහෝ අවස්ථාවක ගෙදර වැඩකටයුතු බොහොමයක් කෙරෙන්නේ පිරිමියා අතිනි...

බිරින්දෑවරු සෑමියන්ගේ ගුණ(?)දොස් වනන අවස්ථා නිතැතින්ම කණ වැටී ඇත්තේ දරුවන්ගේ ගුරු දෙගුරු හමුවීම් අතර වාරයේය... අතලොස්සක් හැර පිරිසකට 'එයාට නම් මොකද...!' යන්න 'ඕම් ශාන්තී..' බඳු මන්ත්‍රයකි.. ඇතැමෙකුට සැමියා ත්‍යාගයක් ගෙනැවිත් දුනහොත් ඒ යටි අරමුණකටය... එසේත් නැත්නම් ඒ කාර්‍යාලයේ ක්‍රීඩා තරඟයකට සති අන්තයේ යාමට අර ඇඳීමකි... මනඃකල්පිත සුපිරි සැමියෙකු, බිරිඳකට ගොතන කව් ගී පමණක් ඒ සාකච්ඡා වල රැව් පිළිරැව්දේ.... සාජහාන් රජ ඔවුනගේ වීරයාය... උතුරා පිරී යන ආදරය වෙනුවෙන්, විවිධ නම් වලින් ඈ ඇමතූ, කල හැකි සියල්ල ඈ වෙනුවෙන් කල අසරණයෙකුට ලැබුණ පිළිතුරකි මේ...

සමන් පොකුර, මැණික් කැටය, හංස ධේනුවේ...
මෙවන් වදන් වලින් මොටද මා අමතන්නේ...
මිනිස් ලඳකි ආදරයෙනි ඔබ ලඟ ඉන්නේ...

සුරංගනා කථා වලින් පලක් නැත ප්‍රියේ
බදුරු ඝටය කප් තුර අද උයන් තුල තියේ
අඳුර තරම් එළියක් ආදරෙන් පිරි ළයේ
තව කොතැනද කියනු මැනවි හැඟුම් ඉතිරියේ...

රතැඟිලි තුඩු රන් මුදු ලා මොටද සරසවා...
මහ මැදුරක දොර‍ටු තුලින් පිවිසි රෑ දිවා
දන සම්පත් සිඳී ගියත් පලක් ලොව නැතේ
ආදරයෙන් අමතනු මට ඇතේ එයම මට ඇතේ

සින්දුව අහන්න...

32 comments :

  1. හි හී...බිරින්ඳෑවරුන්ට ඔච්චරම නෝක්කාඩු කියන එක හරිද මන්ද...සැමියන්ගේ ගුණ හැමදාම වැයුවට වැඩක් නෑ කියලා දන්න හන්දා එහෙම කොරනවාත් ඇති...( තාම බිරිඳක් නෙමේ නිසා දන්නෙත් නෑනෙ..)

    සින්දුව නම් ඇහුවේ අදමයි...

    //සමන් පොකුර, මැණික් කැටය, හංස ධේනුවේ...
    මෙවන් වදන් වලින් මොටද මා අමතන්නේ...
    මිනිස් ලඳකි ආදරයෙනි ඔබ ලඟ ඉන්නේ...//

    ඇත්ත නේන්නම්...ඔච්චරම බටර් ගාන්නෙ මොකටද...හි හී

    ReplyDelete
  2. තිස්ස අයියා බිරින්දැ සමග ආරොවක් උනාද මුකුත්

    ReplyDelete
  3. "මම නැතිව එයාට මුකුත් කරගන්න බෑ..." කීවද එවන් බොහෝ අවස්ථාවක ගෙදර වැඩකටයුතු බොහොමයක් කෙරෙන්නේ පිරිමියා අතිනි...

    ඒකනං ඇත්ත වෙන්න පුලුවං.

    ReplyDelete
  4. ඒකත් ඇත්ත කතාව.., ඒත් බටර් වලින් යථාර්තයෙන් ඔබ්බට තියෙන ගොඩාක් දේවල් කරගන්න පුලුවන්.., යථාර්තයෙන් ඔබ්බට කිව්වේ සාමාන්‍ය වදනක් තෙපලා කල නොහැකි යයි සම්මතයේ පවතින එනමුත් කල හැකි දේවල් වල එකතුවකට.., යන්ත්‍රයක් දුවන්නට ලිහිසි තෙල් අවැසි සේ ප්‍රේමයක් දුවන්නට බටර්ද අවැසිය..! ඒ මගේ මතයයි.., බටර් ඇප්ලයි කර කිසිවක් කරගන්නට බැරි ජාතියේ පාදපරිචාරිකාවෝ ද මේ සිරිලක සිටිත්.., ඒත් බහුතරය බටර් හි ලිස්සන්නට කැමැත්තියෝ ය.
    ගීය ඇසුවේ පළමු වරට ය. මනරම් ය.

    ReplyDelete

  5. :)



    කියන්න බොහෝ දෑ හිතට ආවත් ඔය ඇති මයෙ හිතේ........!

    ReplyDelete
  6. අපූරු ගීතයක්, ඔයා ලියා ඇති දේවල් නම් සෑහෙන දිනක් මගේ හිතේ පිළිරැව් දේවි.

    ReplyDelete
  7. ෂික්.. මේකට මොනවා කිව්වත් “බිරින්දෑවරැන්ගේ” කමෙන්ට් ගොඩට නොවැටී බේරෙන්න බෑ...

    කොච්චර දේවල් කළත්, ගෙනත් දුන්නත්, බකමූණෙක්, නැත්තම් හෙවනැල්ලක් වගේ පෙනී නොපෙනි යන සැමියෙක්ගෙන් බිරිඳකට සතුටු වෙන්න පුළුවන්ද... හි හි...

    මම එක දෙයක් අත්දෑකීමෙන් දන්නවා.... ගෑහැණු සුරංගනා ලෝක වල ජීවත් වෙන්න ආසයි... මොකද වැඩි හරියක් පිරිමි සුරංගනා ලෝක වල කතා මවලා පෙන්නලා, ගෙනත් දෙන්නම් කියලා කියන නිසා....

    ඔව් ඔව්...

    “ මට එච්චර සල්ලි නෑ... ගෙවල් දොරවල් හදා ගන්න පුළුවන් වෙයිද දන්නේත් නෑ.. හැබැයි මම ඔයාට ගොඩක් ආදරෙයි.. ඔයාව සතුටින් තියන්න මට පුළුවන් හැම දේම කරනවා ” කියන්නෙත් සුරංගනා කතාවක් තමා...

    “සමන් පොකුර, මැණික් කැටය, හංස ධේනුවේ...
    මෙවන් වදන් වලින් මොටද මා අමතන්නේ...
    මිනිස් ලඳකි ආදරයෙනි ඔබ ලඟ ඉන්නේ...”

    මේක ගොඩක් පිරිමි ගැහැණු ගැන තේරුම් අරං තියෙන විදියේ තියෙන වැරැද්ද පෙන්නුම් කරන එක උදාහරණයක් තමා.... ලස්සනට ගලපලා තියෙනවා...

    “දන සම්පත් සිඳී ගියත් පලක් ලොව නැතේ
    ආදරයෙන් අමතනු මට ඇතේ එයම මට ඇතේ”

    සිඳී ගියොත් නම් වැඩේ හබක්... ඒත් ආදරයෙන් අමතන්නේ නැත්තම් වැඩේ ඉවරෙටම ඉවර වෙන්න චාන්ස් එක වැඩියි... හි හි.. ඕක දෙපැත්තටම එහෙමයි....

    අද තමා සින්දුව නම් ඇහුවේ...

    ආ...... අමතක උනා....

    ////ඇතැමෙකුට සැමියා ත්‍යාගයක් ගෙනැවිත් දුනහොත් ඒ යටි අරමුණකටය...///

    95% විතර මේක තමා ඇත්ත වෙන්නේ.... හි හි

    ReplyDelete
  8. ළිහිණි: ඔය කීවට ලිහිණි ඔහොම ආදර වචනයක් වත් නොකියනව කියල කොච්චර අය මා එක්කම කියා තියනවද? ඒකනේ වැඩේ..

    නුවන් තිලංග: මේන් පද හදනව ;-)

    ප්‍රසන්න: අපි කීවොත් ඉතිං >50% තමා...

    ලීෂාන්: පස්ට කමෙන්ට් එක ඈ...
    "බටර් ඇප්ලයි කර කිසිවක් කරගන්නට බැරි ජාතියේ පාදපාරිචාරිකාවෝ ද මේ සිරිලක සිටිත්.." ඔන්න ගැහැණු :-)

    නිශ්: දැන් ඉඟි බිඟියෙන්මයි සංවාදය ඈ?

    හිරු: මම මේ හිරුව දන්නේ නෑ... ඒ වුණාට ගොඩක් බ්ලොග්ස් කියවල මම කොමෙන්ට් එකක් දාන්න හදනකොට මට හිතුණ දේම හිරු කියල තියේ.. ඉතින් මම කොමෙන්ට් නොදා එනව... ඉතින් මේ කොමෙන්‍ටුවට තුති... 95% මදෑ දෙය්යනේ..

    ReplyDelete
  9. නිලන්ත: හෙහ් හෙහ් හෙහ්... මේ මොනව කියනවද :-)

    ReplyDelete
  10. සින්දුව කලින් අහල තිබුනා . අද මොකද මේ සින්දුව මතක් උනේ කියන එක තමා ප්‍රශ්නේ .. කොහොම උනත් හැමදාමත් අමතකව තියෙන ගීත මතක් කරන එක ගැන ප්‍රණාමය !

    ReplyDelete
  11. මේකට නම් කමෙන්ටුවක් දමා මදිය . '' ගෙදර වැඩ වැඩිහරියක් කෙරෙන්නේ පිරිමින් අතින්'' ..මොනවගේ වැඩද අප්පේ .

    තිස්ස අය්යා හින්දා ඉතින් මුකුත් කියන්නත් බැහැ .

    ReplyDelete
  12. මේ දවස් වල රාජකාරි බහුලයි බන් අයියේ.

    කොහොම උනත් බෙල්ල බේර ගනින් ඔන්න දැනටම දෙන්නෙක්
    අවි අමෝරලා :)

    ReplyDelete
  13. ගිම්හානී: ස්තූතියි නංගී...

    බින්දි: අනේ ඉතින් ඔය අනෙක් අය කියන 'වැඩම'තමා...

    නිශ්: හරි හරි මල්ලියේ නෝ ප්‍රස් බං..
    [රහසින් - ඔය දැන් අන්තිමට ආපු ඇත්ති ගැන තමා බයෙන් උන්නේ - ලොකු අවුලක් නෑ වාගේ :-) ]

    ReplyDelete
  14. හුස්මක් කටක් ගන්නවත් වෙලාවක් නෑ මේ දවස්වල.. ලස්සන සින්දුවක්.
    කියන්න කවුරුත් දැනට නැති උනත්...කලින් අයට නම් කිව්වොත් ඔහොමම තමා..

    ReplyDelete
  15. මේකට තිස්ස මල්ලී මොකක් ලියන්ටද?........... අනේ මන්දා, මෙහෙමත් ඈයො. ඒ ඇත්ති බලන විදිහ තමා ඉතින්.

    ReplyDelete
  16. ආදරේ තමා ඉතින් මේ වෑහෙන්නේ...
    සොදුර ජීවිතයේ - ලගම හිත මිතුරියයි

    ReplyDelete
  17. ජයලත් මනෝරත්නයන්ගේ අන්දරේලා නාට්‍යයේ මෙහෙම තියෙනවා... රජතුමාට කවටයෙක් අවශ්‍ය වෙලා අන්දරේ රුහුණු පුරේ ඉදන් කදුරටට යද්දි අන්දරේගේ බිරිඳයි අන්දරේයි අතර සංවාදයක් ඇතිවෙනවා.. රජ වාසලට ගියාම යහමින් මුදල් ගැවසෙන බව පෙන්වන අන්දරේ ඒ සම්භන්ධ සංවාදයේදි බිරිඳට මෙහෙම පද දෙකක් කියනවා...

    ඉබේ කෙඳිරි ගෑවෙනකොට බඩගින්නේ.....
    නුඹේ කට තමයි මට ඉස්සර වෙන්නේ.....

    ඕකත් හරියට එහා ඉවුරේ තියෙන තණකොළ වගේ... ස්වාමි පුරුශායාටයි බිරිඳටයි නොහොද නෝක්කඩු ඇති නොවී ඉන්න ටිකක් අමාරුයි.. ඒත් දක්ශයා එයට අනන්තවත් පිලියම් යොදනවා.... නේද තිස්ස අයියේ... මම පුද්ගලිකව දන්නවා තිස්ස අයියා වුනත් ලංකාවට ආවහම හැසිරෙන්නේ වෙනත් රට ඉඳන් ආපු ස්වාමි පුරුශයෝඅ හැසිරෙන විදිහට නෙවෙයි.. ඒ සීමිත කාලය තුල තමන් අතින් විය යුතු යුතුකම් සියල්ල මැනවින් ඉටු කරනවා නොවැ... එවන් හිමියන් ලඳ බිරියන් වාසනාවන්තියෝමය...

    ReplyDelete
  18. අද නම් සින්දුව වගේම සිත්තරෙත් අපූරුයි...හික්ස්..කොහෙන්ද හොයාගත්තෙ..

    අමරා රණතුංගගෙ කටහඬ නේද? සින්දුව තව විශ්ලේෂනය කරන්න නම් ලිව්වෙ කවුද කියලයි සංගීතය කාගේ දැයි හොයා බලන්න ඕන..ලියලා තියෙන්නෙත් ස්වාමි පුරුෂයෙක් නම් කියන්න තියෙන්න ඉතින් මේකත් බටර් පාරක් තමයි කියලා තමයි..

    //පිරිමින් යමක් කීවම, ඒ කී දෑට සියයට පණහට එහාවත් බර ගතියක් තියනව කියලයි මට හිතෙන්නේ//
    ඒකනෙ අනේ කියන්නෙ..ආදරණිය ස්වාමි පුරුෂයා යමක් කීවම බිරින්දෑවරු ඒක සීරියස් ගන්නවා..කෝ එකට මේ මහත්තුරු අපි කියන දේවල් මේ කනින් අහලා එහා කනින් පිට කරනවා නොවැ..ඕව ඉතින් කාට කියන්නද?..!!හික්ස්..

    ReplyDelete
  19. මොකක් හරි සිද්ද වෙලා!

    ReplyDelete
  20. තිෂ්ෂ භයියා තාමත් යහතින්ද..?? :)

    ReplyDelete
  21. තිසා බළලට මිණි ගෙඩිය බැන්ද වත්ද...
    මේ තිසා ලියපු පෝස්ට් වලින් කවුරුත්ම සිංදුව ගැන කොමෙන්ට් නොදා කතන්දරේ ගැනම කතා කරපු එකම පෝස්ට් එකද කොහෙද...?

    ReplyDelete
  22. // "මම නැතිව එයාට මුකුත් කරගන්න බෑ..." කීවද එවන් බොහෝ අවස්ථාවක ගෙදර වැඩකටයුතු බොහොමයක් කෙරෙන්නේ පිරිමියා අතිනි...//

    මේක නම් වෙන්ටම බැරි දෙයක්...උඩ පින්තූරේ හැටියට නම් භයානක දෙයක් සිද්ධ වෙලා වගේ.

    මේ ලඟදි Aung San Suu Kyi චරිතය ගැන ලියවුනු 'The Lady' කියන ෆිල්ම් එක බැලුවා. එයාගේ සැමියාගේ කරලා තියන දේවල් දැක්කාම හිතුනේ 'මෙන්න නියම පිරිමි' කියලා. ඒ වගේ හොඳ පිරිමිත් ඉතින් 2% විතර ඇති. :D

    ReplyDelete
  23. Grey: ඕ ඕ... ඉවර කරන්ට ඉවර කරන්ට ඉස්මණ්ට වැඩ ටික - දිවිය ලොකේ ලඟයි පෙන මානේ....

    Muthu Paba : මොකදෑ අප්පේ කළු කුමාරයා දැක්ක වාගේ :-)

    Chandi: ඒක නෙවෙන්නම් මේ කට්ටිය පෙනී හිටිනවනේ ඔය වාගේ ඈයෝ වෙනුවෙන් අක්කේ... :-)

    රතී: ආයිබෝං මේ පැත්තට ආවට - අන්න යටි පෙළ තේරුම් ගත්ත

    අභීත: නැතිව නැතිව ;-)

    රූ: ඔන්න රූ නෝනා පින්තූරෙයි කථාවයි අල්ලගත්ත එකට අපූරුවට - මේ ත්‍යාගා එන් එඩ්වඩ් රූ නෝනේ - නෝනෙට කියන්ට ඉතින් ප්‍රේමකීර්ති තමා ලියා ඇත්තේ - ඉතින් මොකේදැයි දන් වළඳන්නේ - අපි ඉතින් කසල 5S ක්‍රමය යටතේ බැහැර කරනවා නෙවැ :-)

    Bandula - බන්දුල : නැතිව නැතිව - බ්ලොග් පෝස්ට් එකක් ලීව නෙව මචෝ :-)

    බුරා: හිතූ තරම් අවුලක් නැ වාගේ බුරා...

    සපා: කියන්නේ කාටද මෙව්ව සපා - අච්චර ලක්සන සින්දුව

    පළිපාන මැතිනිය: මොකද අනේ අනන්තවත් වෙනව - පින්තූරේ ඉන්නෙ නම් සද්දන්ත ඒත් හරක් ඔලුවක් ඇත්තෙක් ;-)
    ප්‍රතිසතය බොහොම මදි - මේක ඉස්සරහට නමයක් ඇවිත් 92% වෙන්ට ඕන...

    ReplyDelete
  24. Ane manda ithin, "Bindi" kiyala thiyenawa wage..

    Thissa Ayiya hinda mukuth kiyanna hithenneth naha.. :P

    ReplyDelete
  25. ඔක්කොම කියවලා සින්දුවත් ඇහුවට පස්සෙත් මට මෙන්න මෙහෙම හිතුනා. "අනේ පවු තිස්සයාට !"

    ReplyDelete
  26. කමෙන්ට් වලට ලයික් කරන්න පුළුවන් උනා නං මම ලයික් මේකට උඩින් තියෙන සරත් අය්යගෙ කමෙන්ට් එකට...

    ReplyDelete
  27. මෙදා සැරේ නම් "අනේ මේ ඔයාගේ බටර් ඕන නෑ, ඔය බොරු නාඩගම් නැතුව එනවනම් එනව මෙන්න මෙහේ" වගේ දෙයක් අහගෙනද කොහේද කන් දෙක පිරෙන්න :D

    hik hik hik

    ReplyDelete
  28. ලස්සන ගීතයක්. අර අදහසටනම් මමත් එකඟයි.
    //....පිරිමින් යමක් කීවම, ඒ කී දෑට සියයට පණහට එහාවත් බර ගතියක් තියනව ....//

    පණහ නෙමෙයි තිස්ස අයියේ 75න් එහා.

    ReplyDelete
  29. තාම නම් කටට එන ඕනේම වචනයක් පොඩ්ඩක් රොමෑන්ටික් තාලෙට කියල කතා කලාම "හුම්ම්" එකක් එනවා ඇහෙන තැනක හිටියොත්... ඒව බටර් නෙවෙයි නෙ...

    ආපහු යන්නෙ එහෙම නෑ මේ සැරේ ආවට පස්සේ වගේ ඇඩ්වයිස් එකක් හම්බ වෙලා ද කොහෙද මේ සැරේ නම්... හොඳ වැඩේ..

    ReplyDelete
  30. Muthu : මෙන්න වැඩක් - :-)

    සරත් අයියා: 'තිස්සයා ඇඳ නැත...' කියල කීවලු ගැමුණු කුමාරයාට හාංදුරුවරු... :-)

    චේජනා: මේ චේතනා, මේ වේදනා විඳිනා...!

    දුකා: මෙන්න දුකා...මෙයැයිත් අඩු පාඩු පුරවනවා...

    AKM: ජයවේවා... මේං මිනිස්සු..!!!

    පැතුම්: හනේ අප්පේ - මේ බ්ලොග් පෝස්ට් එකක් ලමයිනේ.. ;-)

    ReplyDelete
  31. සැඟවුණු ගීත අසන්නට සැලැස්විම අගය කරමි.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete

 
Blogger Wordpress Gadgets