බඹර සිහිනයෙක....

නින්දෙන් අවදිවූයේ විසිලු සහගත සිහිනයක අවසානයේදීය..
දකුණු කකුලේ ඉහල ගැටිති පහක් හයක් මතුව ඇති අතර එය පෙන්වූ වෛද්‍යවරයා කීවේ එය ඔඩු දිවූ පිළිකාවක් බවය...
තරුණයන් මේවා කියූ විට කියන්නේ  "අයියට හීනෙන් ගොක්කොල පේනවද...?" කියාය

ගෙවුණු සතියේ 'කිලිටි වූ රෙදි' සෝදන යන්ත්‍රයට දමා අවුත් තේ එකක් සාදා ගෙන සුපුරුදු ලෙස 'start' බොත්තම එබීමි...

JP, Pinch Point නැමැති බ්ලොගය ලියන්නේ 2007 බඳු ඈත කාලයක සිටය - දීර්ඝ කාලයක් බ්ලොග් ලියන මා දන්නා අනෙකා පැතුම් හේරත්ය. මේ දෙකම නිසල විලක අසිරි මගේ සිත්හි මවයි...

JP මෙවර ලියා ඇති සටහන මගේ බොහෝ සිත් ගති. ඒ සටහන් පොත් ගැන සටහනෙකි. ඇතෑරුණු අතීත මතක සටහන් වලට එබීමට සටහන් පොත් කදිම ද්වාරයකි.. සෝදන යන්ත්‍රයෙන් ලැබෙන්නේ පිරිසිදු වූ රෙදි වුවද සටහන් පොතේ සටහන්ව ඇති මතකයන් ගෙන් සිත එසේ පිරිසිදු කරගත හැකිද???

ජනේලයෙන් එපිට පෙනෙන අහස්කුස දෙසැම්බරය ලංවන විට මණස්කාන්ත දසුන් මවයි...
අබුඩාබියේ  අහස  'වලාකුලක් නැති අහසක් ඈතින් දු‍ටුවා' ගීය නිතරම සිහි කැඳවයි....
උඳුවප් හීතල සමග වලාකුළු, ගෙවුණු වසරේ අහසේ පාළුව මකන්නට මෙන් හෙමින් හෙමින් එක් රොක් වේ..
තත්පරයෙන් තත්පරය වෙනස්වන පැහැයත් රූ රටාත් අහසේ මවන අනේක දසුන් ග්‍රහණය කරගැනීමට කැමරාවක් ලඟ නැත...ඒත් ඒ හදන්නේද ඒ දසුන ජීවත්වන හැමදා තමා සතු කරගැනීමට නොවේද?
ඒ සොඳුරු බව එලෙසින් විඳ, ඒ එතන දමා එන්නට, සිතක් සකස් කරගන්නේ කවදාද...??

'ලොවක් බලන්නට හිමිවූ දෙනෙතින්, දෙනයන..' හඳුනා ගත යුතුය.. නැවත සිතා බැලීමකට හොඳ දවසකි...
එලාමය හැඬවෙන්නේ කිලිටි රෙදි ටික පිරිසිදු වී ඇති බව දන්වන්නට විය යුතුය..
බඹර සිහිනයෙක, සුරංගනා වතක ගැලී ඉන්නට වෙලාවක් නැත...
කලයුතු වැඩ බොහෝ ඇත...

29 comments :

  1. ලස්සන සින්දුවක්.. ඊට වඩා අගෙයි සංගීතය..... ස්තූතියි තිස්ස අයියා....

    සුභ උපන් දිනයක් වේවා..........! දීර්ඝායු....!

    ReplyDelete
  2. ඇත්තටම අපේ සමාජේ කොයිතරංනං පිරිහිලාද නේද අයියේ..? මට අර අයියා කියපු මෙන්න මේ ටික...
    // "අයියට හීනෙන් ගොක්කොල පේනවද...?"//
    දැක්කම හිතුනේ කොයි තරං වැරදිද එහෙම අහන එක නේද..? ඕවා ඔහොම අහන සිරිතක් තියේද..?

    ඈ අයියේ... අයියට හීනෙන් අඩු සීනි ප්ලේන්ටි.. වීදුරුවෙන් බාගයක් පුරෝලා ගෙනත් දෙන ගෑල්ලමයි එහෙම පේනවද...?

    ReplyDelete
  3. සුභ උපන්දිනයක් වේවා තිස්ස අයියා!!!
    දීර්ඝායු ලැබේවා..!

    ReplyDelete
  4. අනිත් අයගේ කමෙන්ට් වලින් තමයි දැනගත්තේ අද උපන් දිනය කියලා......සුබ උපන් දිනයක් සහෝදරයා......

    ReplyDelete
  5. Agree with 'Maare'.. But when I see the picture why is it come in to my mind 'time is up'..?? :P

    Many happy returns Tissa ayya.!! Have a good one.!!

    Ps: No lyrics this time.!?

    ReplyDelete
  6. ලස්සන සිංදුවක්.

    සුබ උපන්දිනයක් තිස්ස අයියා.

    ReplyDelete
  7. අපි නම් අහන්නේ... නෙක්ටෝ බෝතල් ක්‍රීම් සෝඩා බෝතල් එහෙම පේනවද කියල.. මොඩ්න් විදියට.. එතකොට කාට වුණත් අමුතු කික් එකක් එනවනේ..

    ඔයාගේ උපන්දිනේ අද කියන එක මේ සිංදුවෙන් හරි කතාවෙන් හරි තේරුම් ගන්නේ කොහොම ද? මම ටක් ගාල එෆ්.බී එක බලල තමා මේ විෂ් කරන්නේ..

    සුභ උපන්දිනයක් වේවා!! මේ වසරේදීවත් ලංකාවේ නතර වී පාන් කෑල්ලක් කා ජීවත් වීමට සිත් පහළ වේවා!!!!

    ReplyDelete
  8. මම දෙතුන් පාරක් කියවලත් කිසිම ක්ලු එකක් නෑ ඒකේ උපන් දිනයක් ගැන. ඇත්තටම උපන් දිනය නම් මෙන්න සුභපැතුම්.. අබුඩාමි අහස දෙබෑ කර ළගදීම එන්න වාසනාව ලැබේවා!!!

    ReplyDelete
  9. මගේ හිත ගියේ...දකුනේ තොයිල් බෙරය උපයෝගීකරගෙන හැදූ තනුවටයි..!
    උතුම් ප්‍රාර්ථනාවක්..!

    ReplyDelete
  10. "... තිසරණ සරණින් දුක් දුරුවේවා!
    මගෙ රට වැඩුමට සවිය ලැබේවා!"

    ඔබගේ උපන්දිනය දා මාගේ පැතුම එයයි.. :)

    ReplyDelete
  11. ආවඩා ආයුබෝ වේවා .

    වෙන කතාවක් ...බෙර හඬක් ඇහෙනකොට , පපුව ගැහෙන්න ගන්නේ ..ඒ අපේ හද ගැහෙන රිද්මය හින්දද ?

    ReplyDelete
  12. ''ඒත් ඒ හදන්නේද ඒ දසුන ජීවත්වන හැමදා තමා සතු කරගැනීමට නොවේද?
    ඒ සොඳුරු බව එලෙසින් විඳ, ඒ එතන දමා එන්නට, සිතක් සකස් කරගන්නේ කවදාද...??''මෙ වචන ටික නම් හදවතටම දැනුනා.


    පදවැල් අරුත් බර වී
    තාලය යසට මුසු වී
    ගැයේවා ජිවිතේ ගීතය
    ඔබට සුපුරුදු පරිදී

    ReplyDelete
  13. අපූරු ගීයක් හැමදාම වගේ..
    තිස්සට සුභම සුභ උපන්දිනක්..යහපත් බලාපොරොත්තු එලෙසම ඉටුවේවා..

    “ගොක්කොල“ සිහිනෙන් නොපෙනේවා..:)

    ReplyDelete
  14. ගොක් කොළ සොහොන් කොත් නොපෙනෙන කාලයක් උදාවේවා අයියා :D

    ReplyDelete
  15. සුබ උපන්දිනයක් වේවා! ඉදිරි ජීවිතය වාසනාව සතුට ඉතිරේවා! තිස්ස මල්ලී කියල සෙනෙහසින්ම සුබ පතනවා.
    ගීය අසන්නට ඉඩක් නැත. ඒ නිසා දුකක් ඉතිරියි.

    ReplyDelete
  16. සුභ උපන් දිනයක්.ආයුබෝවන්.

    ReplyDelete
  17. අභීත: ස්තූතියි අභීත...

    මාහෝ: ඇඬෙනව ;-(

    ලකී: ස්තූතියි ලකියෝ

    Mayya: ස්තූතියි මචං...

    Bura: එහෙම හිතාගත්තම 'අප්පමාදේන සම්පාදේථ' නිතරම මතක් වේවි නේද..
    සුභ පැතුමට ස්තූතියි මචෝ... lyrics are as above ;-)

    Praසන්ன : ස්තූතියි ප්‍රසන්න..

    පැතුම්: මේක කියවල අම්මප සැහෙන්න හිනා වුණා තනියම... :-)

    දේශක: ස්තූතියි සහෝ... උපන්දිනය ඉතින් එක පැත්තකින් තවත් එක දවසක් නේ... ඒත් ආපහු හැරිල බලන්න අවස්ථාවක් කරගන්න හොඳ වෙලාවක්..

    වීපොකුරෙ වීයා: යක් බෙරේ ඉතින් අපේ හඬ නෙවැ...

    හිතමිතුරු: ම්ම්ම් බොහොම හෘදයංගම පැතුමක් වාගෙයි... ස්තූතියි හිත මිතුර..

    JP: ස්තූතියි - අනේ මන්ද බෙරයක් වදින තැනකින් අහක් වෙන්නේ මමත් කලාතුරකින් - ඒක හදල තියෙන්නේ හෘදය වස්තුව ගැහෙන රිද්මයට කියල මටත් හිතෙනව - රුධිරය පම්ප් වෙන වාරයක් පාසා ඒක වදින කොට අනුනාදයක් එනවද මන්ද ජේ පී...

    Binidi : ඔබත් ඉතින් ඔව්වට සංවේදී නෙව.....

    රූ: ස්තූතියි රූ නෝනේ...!!!

    Hasitha: :-) ගොක් කොල වලට මම කැමතියි මොකවුණත් මල්ලියේ...

    Chandi බොහොම ස්තූතියි චාන්දි අක්කේ - මම දන්නවා ඔබේ පතුමේ බර...

    කිනිර; බොහොම ස්තූතියි මහත්තයෝ... හද ගී පොත හරහා හඳුනාගත් ඔබ හා ඔබේ සහෘද බවට..

    ReplyDelete
  18. සුබ උපන්දිනයක් වේවා.ලස්සන හෘදයාංගම ගීතයක් දුන්නට ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  19. සුබ උපන්දිනයක් වේවා තිස්ස.
    ගීතය මටත් අමතක වෙලා තිබ්බේ.
    ඉස්සර මේවා හැමදාම උදේට ගුවන්විදුලියේ ගියා.
    JP ගේ ලිපිය මමත් කියෙව්වා. මං හිතන්නේ ඔය වගේ ජීවිත සටහන් තියන්න පෙළඹෙන්නේ තුන්කල්හි ජීවත් වෙන අය.
    අද දවස විතරක් ගෙවා දමන කෙනෙකුට ඒක වැදගත් නැහැ.

    ReplyDelete
  20. හැලප කඩේ: සතූතියි - අපත් ඒ පැත්තට ගොඩ වුණෙමු :-)

    සුසර: ස්තූතී සුසර මහත්තයෝ - 'තුන්කල් ජීවිතය' මරු :-)

    ReplyDelete
  21. උපන් දිනේ කියලා දැන ගත්තෙ ආවට පස්සේ.සුභ උපන් දිනයක් කියලා පතන ගමන් ඔබ ‍මෙලොවට දායාද කළ දෙමාපියන්ටත් මේ සුභාශීංසන වලින් කොටසක් දෙමි.

    ReplyDelete
  22. උපන් දිනේ කියලා දැන ගත්තෙ ආවට පස්සේ.සුභ උපන් දිනයක් කියලා පතන ගමන් ඔබ ‍මෙලොවට දායාද කළ දෙමාපියන්ටත් මේ සුභාශීංසන වලින් කොටසක් දෙමි.

    ReplyDelete
  23. පහුනු උපන්දිනේට සුබ පැතුම්.....
    සමා වෙයන් දැක්කෙ අද
    ගොක්කොල කතාව කියවද්දි නිකමට හිතුනා
    වයස අවුරුද්දකින් වැඩි වෙලා වත් දෝ කියලා

    ReplyDelete
  24. ඔන්න තිස්ස මං දැන් මෙතෙන්ට ආවෙත් ලිංකුවක් හරහා.තැනකට එන්න පහසුම විදිය තමා ලිංකුව.

    ReplyDelete
  25. හිතවත් තිසා ,
    මොකෑ බං අයියේ අර පූර්විකාවේ මුලින්ම ලියල තියෙන හරුපෙ තේරුම...?
    ඔය දාල තියෙන වැලි කාළ ඝණකය අනෙක්පැත්ත හරවාපන් කරුණාකරල.

    මේ..

    සුලා...

    ReplyDelete
  26. අප්පට සිරි - මෙන්න සුලා!!!!!!!!!!!!!!

    හැමෙකාම හැමෙකීම අහනවෝ.....

    එන්ඩෝ ලියන්ඩෝ...

    ReplyDelete
  27. අ‍ඩේ... මං හිතුවා "සුලා මලා‍‍"... ද? කියලා... ඇති යන්තං..ඉන්නවා තාම නේද..?

    ReplyDelete
  28. ඉස්සර අපි ඉස්කෝලෙ යන්න සූදානම් වෙනකොට ගුවන් විදුලියෙ වෙළඳ සේවයේ උදා ගී වැඩ සටහනේ නිතර අහන්නට ලැබුණු සින්දුවක් මේ... ඒ වගේම නිතර ඇසුනු තවත් සින්දුවක් තමයි ඩී. ගුණසේනයන්ගෙ 'සොඳුර මට සමුදෙන්න සමුදෙන්න... ඈත ගමේ සරු පස පෙරලන්නට.... මා යනවා හෙට උදෑසනින්...' කියන සින්දුව.. බොහොම ස්තුතියි තිස්ස පරණ මතකයක් අවදි කළාට...

    පරක්කු වෙලා හරි උපන් දිනයටත් සුභ පතනව ඔන්න හොඳේ.... :D

    ReplyDelete
  29. ස්තූතියි මියුරු..

    'සොඳුර මට සමු දෙන්න..' ගැන කලින් ලියා තියේ...

    මෙතැනින් බලන්න...

    ReplyDelete

 
Blogger Wordpress Gadgets