"සුභා කියා මා ඔබ අමතන්නද
ස්වර්ණමාලි ලෙස ඔබ අමතන්නද
මට නම් නොහැඟෙන්නේ
කොහොම ඇමතුවත්
ඒ හා සැසඳෙන ඔබේ රුවින්
භවය පුරා මා සුවපත් වන්නේ...."
පුන්සිරි සොයිසා ගයන්නේ නම් එහෙමයි...
භාෂණයේදී සියල්ලන්ම 100% විවෘත නොවූවත් පිරිමින් යමක් කීවම, ඒ කී දෑට සියයට පණහට එහාවත් බර ගතියක් තියනව කියලයි මට හිතෙන්නේ... පරිගණක ආධාරයෙන් මැන තීරණය දෙන තුන්වන විනිසුරුවෙක් හරහා නොකීවත් එදිනෙදා සංවාදයන්වලදී මේ ගතිය 'මොනවට පෙනේ' කීවොත් විරුද්ධ පාර්ශවය අවි අමෝරා ගනීවිද...??
මිතුරෙකුට දුරකථන ඇමතුමක් ගත්තම පසුබිමින් ඒ සංවාදයට මැදිහත් වන ඔහුගේ බිරින්දෑගේ හඬ නම් සවනප්‍රිය ඩෙසිබල් සමූහයක් නෙවේමය... අර අසරණයා කන් දෙකකින් දෙකක් අසා දෙපැත්තටම උත්තර දෙන්නේ කොහොමද....? "මම නැතිව එයාට මුකුත් කරගන්න බෑ..." කීවද එවන් බොහෝ අවස්ථාවක ගෙදර වැඩකටයුතු බොහොමයක් කෙරෙන්නේ පිරිමියා අතිනි...
බිරින්දෑවරු සෑමියන්ගේ ගුණ(?)දොස් වනන අවස්ථා නිතැතින්ම කණ වැටී ඇත්තේ දරුවන්ගේ ගුරු දෙගුරු හමුවීම් අතර වාරයේය... අතලොස්සක් හැර පිරිසකට 'එයාට නම් මොකද...!' යන්න 'ඕම් ශාන්තී..' බඳු මන්ත්‍රයකි.. ඇතැමෙකුට සැමියා ත්‍යාගයක් ගෙනැවිත් දුනහොත් ඒ යටි අරමුණකටය... එසේත් නැත්නම් ඒ කාර්‍යාලයේ ක්‍රීඩා තරඟයකට සති අන්තයේ යාමට අර ඇඳීමකි... මනඃකල්පිත සුපිරි සැමියෙකු, බිරිඳකට ගොතන කව් ගී පමණක් ඒ සාකච්ඡා වල රැව් පිළිරැව්දේ.... සාජහාන් රජ ඔවුනගේ වීරයාය... උතුරා පිරී යන ආදරය වෙනුවෙන්, විවිධ නම් වලින් ඈ ඇමතූ, කල හැකි සියල්ල ඈ වෙනුවෙන් කල අසරණයෙකුට ලැබුණ පිළිතුරකි මේ...
සමන් පොකුර, මැණික් කැටය, හංස ධේනුවේ...
මෙවන් වදන් වලින් මොටද මා අමතන්නේ...
මිනිස් ලඳකි ආදරයෙනි ඔබ ලඟ ඉන්නේ...
සුරංගනා කථා වලින් පලක් නැත ප්‍රියේ
බදුරු ඝටය කප් තුර අද උයන් තුල තියේ
අඳුර තරම් එළියක් ආදරෙන් පිරි ළයේ
තව කොතැනද කියනු මැනවි හැඟුම් ඉතිරියේ...
රතැඟිලි තුඩු රන් මුදු ලා මොටද සරසවා...
මහ මැදුරක දොරටු තුලින් පිවිසි රෑ දිවා
දන සම්පත් සිඳී ගියත් පලක් ලොව නැතේ
ආදරයෙන් අමතනු මට ඇතේ එයම මට ඇතේ
සින්දුව අහන්න...
Read More!