රන්මිණි මුතුවැල්... මල්පෙති වන විල්..

අපේ වැප් නිශාන්ත මල්ලියා ලඟදී වැදගත් කථාවක් කියලා තිබුනා.... බ්ලොග් ලියන අයට පොඩ්ඩක් හිතලා බලන්න.... ඒකාකාරී මාතෘකා ඔස්සේම ලියන්නේ නැතිව ටිකක් වෙනස් දේ නිර්මාණශීලී දේ කරන්න හිතන්න පෙලඹවීමක් හැටියට මම ඒක භාරගත්තා... තමන්ගේම නිර්මාණයක් එහෙම නැත්නම් අලුත් විදිහේ ඉදිරිපත් කිරීමක්, වෙනස් විදිහේ හිතීමක් (ද්වේශ සහගත හා අපහාස මුඛයෙන් තොරව) හැම තිස්සේම මිනිස්සුන්ට යහපතක් කරනවා කියලයි මම හිතන්නේ... හාස්‍ය රසය පවා කොච්චර වෙනස් විදිහකට ඉදිරිපත් කරන්න පුලුවනිද නේද...? ඔහොම හිතාගෙන යනකොට මට ඇන්ජලීන් ගුණතිලකගේ මෙන්න මේ ගීය හමු වුණා...

පළමු පද පේලිය "රන්මිණි මුතුවැල්, මල්පෙති වන විල් නොදෙන හැඟීමක් දේ... "Mi5", ISI" හා "RAW" ආයතන වල සමහර හිටපු ඒජන්ත වරුන්ගේ ලිපි දැන් දැන් ප්‍රසිද්ධියේ පලවෙනවා... ප්‍රසිද්ධ CIA හෝ MOSAAD සේවාවන්ට වඩා ඔවුන්ගේ විධික්‍රම බොහෝ සෙයින් වෙනස්... එතකොට චීන ඔත්තු සේවය ගැන කවුරුවත් අහලා තියනවද...? මම නම් නැත... හැබැයි මේ කොයි කවුරුනුත් පාවිච්චි කරන පැරණිම උපක්‍රමයක් තියනවා... ඉංගිරිසියෙන් මේකට Honey Trap කියලා තියනවා... රන්මිණි මුතුවැල් පටලවාගත් නයනඟ බැල්මට වශීවී රටවල් පවා පාවා දුන්නන් කොපමණද...? ආගම් ප්‍රචාරය කරන්නත් අනෙක් ආගම් විනාස කරන්නත් සිංහ සෙයියාවෙන් සිටිනා මිනිසුන් අන්ත අසරණ කරන්නත් අපේ රටේ ඇතුලෙම මේ උපක්‍රම කොපමණ පාවිච්චි වෙනවද...? කට කැඩෙන කල් කිව්වත් "කිව්වා නාහන ගුරු" වෙලා රස්සාවත්, ව්‍යාපාරත්, පවුල් ජීවිතයත් නැතිකරගත් මා මිතුරා අද යන්තම් ජීවිතය ගැට ගහගන්නේ තම හිතමිතුරන්ගේ කරුණාවට පින්සිද්ධවෙන්න... ආලය, ඍංගාරය, රාගය, හා බාඳුරා මල හඳුනාගන්නට ඔබට පුලුවන්ද...?


රන්මිණි මුතුවැල්...
මල්පෙති වන විල්...
නොදෙන හැඟීමක් දේ....
නයනඟ බැල්මෙන්...
විහිදෙන කැල්මෙන්...
ආදර ගඟ කැලතෙයි....

නුහුරු හැඟීමකි...
නුපුරුදු රසයකි...
තොල්පෙති පොපියන්නේ....
මතුවණ රසයෙන්...
ඇතිවෙන සුවයෙන්...
හිත මත් වී යන්නේ...

රඟනා ‍රැඟුමෙන්...
සැලෙනා සළුවෙන්...
සැඟවෙයි දුක සෝකේ....
ඉතිරිය ආලය...
ඇති තැන මිහිරිය...
මල් යහනකි ලෝකේ....

ඔබෙ අත ගන්නෙමි...
මගේ හිත දෙන්නෙමි...
සිහිකල රෑ යාමේ...
සිතු ලොව සැතපෙයි...
අපි මෙහි නැලවෙයි..
මගුල් සක්වලයි මේ...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...

20 comments :

  1. පද පෙළ නම් අපූරුයි..
    අහන්ට අමාරුයි කියලා දන්නවා නෙව මෙ ජාමෙට..

    හැබැයි අයියේ උඹ ලියන්ට පටන් ගත්ත දේ ගැනත් සවිස්තරාත්මක ලිපියක් ලිවුවා නම් අගෙයි කියලා මට හිතෙනවා..

    මම කැමති මාතෘකාවක් ඔය රහස් ඔත්තු සේවය..

    ReplyDelete
  2. කොහොමද මේ වැඩේ වෙන්නේ...?
    මං උඹට කොමෙන්ට් ලියන කොට උඹ මට කොමෙන්ට් ලියනවා...
    අපේ සිතුම් පැතුම් බොහොම සමයි මල්ලියේ...

    ReplyDelete
  3. අගේ වැඩක්, සින්දුව හා සිත්තම් සංකලනය අපූරුයි.

    ReplyDelete
  4. Mi5 ගැන කියෙව්වාම තවත් කතාවක් මතක් වුනා. දැනට වසර දෙකකට විතර පෙර බ්‍රිතාන්‍ය රජයේ අයෙකු හෝ BBC ආයතනය කියා තිබුනා, ඔවුන් බලාපොරොත්තුවූ කාර්යය වූ සෝවියට්/බොල්කන් රටවල වෙනස බොහෝ දුරට අවසන් නිසා BBC සේවය මැදපෙරදිග කලාපය ගැන උනන්දුවන බව. ඒ අනුව එම සේවාවට අනුබද්ධ අරාබි බසින්ම පවත්වාගෙන යන රූපවහිනී හා ගුවන් විදුලි නාලිකා පටන් ගත්තා. දැන් ඒවා බරටම වැඩ.

    බැලූ බැල්මට එය අපේ රටට අදාල නොවේ කියා සිතේවි. ඒත් අපේ මිනිසුන්ගේ විමුක්තියට කිඹුල් කඳුළු හලන අදිසි හස්ත ද මෙවා.

    But with Booby Traps.

    ReplyDelete
  5. හම්.... මෙක අපුරු අර්තයක් තියන සින්දුවක්..
    අදටත් හොදට ගෑලපෙනවා...
    යමක් ලියන්න හිතුනා...

    කාසි බාගේ යහමින් තියන අයගේ, සාක්කුවට තට්ටු කරන්න විතරක් නෙමෙයි..
    රාගයට ලොල් කාගෙත් තුට්ටු දෙකට විදින්න, අද කොලොම්පුරෙ බොහො උදවිය පාවිච්චි කරන උප්පරවෙට්ටියක් මේක...

    තරුණ, සුකුමාල තරුනියකගේ නෑටුම් බලන්න අකමති කවුද???
    මදු මිවිත ටිකක් තොල ගා ගත්තම, නතර වෙන්නේ සාක්කුව හිස් කරගෙනම තමයි...

    ඔතනින් නතර උනොත් ඈති!!!!

    මම,

    "මෙ මොහොත"
    "The Present Moment"

    ReplyDelete
  6. ඒක නේන්නම් බං අයියේ..
    දැන්නේ මෙක දැක්කේ..
    මම ගියා නෙව රෑට කන්ට රොටියක් පුළුස්සා ගන්ට..
    අද උදේ ඉඳලා පොල් රොටී බඩගින්නක් තිවුනා..
    ඔං දැන් තමයි ඒක හරි ගියේ..

    ReplyDelete
  7. thissa aiye, meka hadisiyen apu gamanak, comment ekak dala yanna ennam ayemath niwaduwa...

    ReplyDelete
  8. @ගල්මල්: නිසල විල් දකියි රූ සැඟවුනු අහසේ...

    @මේ මොහොත: අව්ධියෙන් නොහිටියොත් විනසේ තමා...

    @මාරයා: හපොයි කටට කෙල උනනවා... තනිකඩයන්ගේ කෑම රසයි කියලා මම කතාවක් අහලා තියනවා...

    @නෙතරා: Ohhh... what a surprise...!!! ආව එකම කොච්චර දෙයක්ද... එන්න එන්න ආපහු නොවැරදීම එන්න....

    ReplyDelete
  9. අනේ ඇත්තමයි තිස්ස අය්යේ හරිම ආසා හිතෙන මාතෘකාවක් 'රහස් ඔත්තු සේවය'..මාරයා කිව්වා වගේ ලියන්නකෝ පෝස්ට් දෙක තුනක් වත් ඒ ගැන දන්න දේවල්.
    අයියා කියවලා තියනවද?? "The Eagle Has Landed" WOW ...!!ෂෝක් පොතක් ඒක..:-))ලියලා තියන්නේ Jack Higgins.
    ඒකෙ තියන්නේ බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් පැහැරගෙන යන්න එංගලන්තයට ආපු ජර්මන් පැරෂුට් භට කණ්ඩායමක් ගැන කථාවක්..ඒකෙත් ඉන්නවා කාන්තාවක්. ඇය වයස අවුරුදු 60 ඉක්මවූ කාන්තාවක්..ඇය තමයි නෝපෝක් ප්‍රාන්තයේ නැවතිලා අගමැතිවරායා නෝපෝක්වලට එන ගමනේ විස්තර ජර්මනියට යවමින්,
    නෝපෝක් වෙත එන භට කණ්ඩායමට අවැසි සියලු පහසුකම් ගම් ප්‍රධානියා වෙතින්ම සලසාගන්නේ..කෙටියෙන්ම කිව්වොත් ගම් ප්‍රධානියාටම අයිති වතුයායකින් ඇය ජර්මන් පැරෂුට් භටයන්ට අවශ්‍ය නවාතැන් පහසුකමත් සපායාදෙනවා.ඇත්තටම එහෙම සිද්ධියක් සිද්ද උනාලු.කොහොමද නේ..
    ඇත්තටම නැහැ චීන ඔත්තු සේවය ගැන මමත් අහලා නැහැ.
    ඒත් ඉතිං ඉන්දියාව හම්බන්තොට තමන්ගේ කොන්සල් කාර්යාලයක් පටන් ගන්නවලු . ඉන්දියාව බොහෝමත්ම ඉදිරියෙන් ඉන්නවා රහස් ඔත්තු සේවාවන්ගෙන්.
    රහස් ඔත්තු සේවා ගැන කථාකරන්න ගියාම සිංදුව අමතක උනානේ :D
    සිංදුව සුපුරුදු පරිදි අසා නැත බොහෝමත්ම ස්තූතියි....!!! ඒනිසා

    ReplyDelete
  10. ඔහ් දැනුම බොහොමයි නෙව....!
    ලංකාවෙන් යුරෝපයට ගිය බොහොමයකුත් ඔය වගේ ලංකාවට එරෙහි කටයුතු වල නියැලෙනවා කියල දැනගන්න තියනවා නේ... ?
    ඩයස් මහත්තයා ඉක්මනටම ඒ ගැන බලාවි නේ...?

    ReplyDelete
  11. මම සීමැදුරු කවුළුව විවරකර බැලුවෙමි..වාහල් දොරටු ගිනිගනිමින් තිබුණි...අසුපිට නැඟි මකළන්තිස්සයන්ගේ රණකාමී අසිපත් පහරින් මහසෙනවිගේ ගෙළ සිඳීයනුද තවමත් උණු ලේ වෑහෙන අසිපත ලෙලවමින් මකළන්තිස්සයන් මා දෙස බලමින් නියවනු ත්‍රාසයෙන් බලා සිටියෙමි...දැන් ඉතින් මාගේ අවසානය එළඹ ඇතිබව සක්සුදක් සේ පැහැදිළිවූයෙන් කවුළුව වසාපියා නැවත ශ්‍රී යහන් ගැබට වන්නෙමි...වාසල එපිටින් නැගෙන කටෝර කෝළාහලයන් දෙසවන් සිසාරාගොස් මරණීය වේදනාව ඇතිකෙලෙන් තදින් දෙකන් වසා දෙනෙත් පියාගතිමි...
    තදින් දෙකන් වසා..දෙනෙත් පියා සිටියද මා ගෙවූ අතීත දිවියේ රූප රාමු එකිනෙක සිතුවම්පටක් සේ මා ඉදිරියේ දිගහැරෙන්නට විය..
    එසමය මා යව්වනයට පියමංකළ අවදිය විය...අනුලා කුමරිය ලෙසින් කිරෙන් කා තෙලෙන් අත සෝදමින් ගෙවූ ඒ දිවියේ මගේ රූ සොභාව රටතොට පතල වූ බැව් දනිමි...රණහන්සයන් මෙන් දිය අභිමුව පිහිනීමට සැරසෙන මෙන් ඉදිරියට නෙරා ආ පිරිපුන් පයෝදරත්...නා දළුවලට සමාන පැහැයෙන් යුත් රතදරත්...ඇත්දළ පැහැයට සමාන ජවි වර්ණයත් නිසාවෙන් බෝහෝ තරුණන් මා කෙරෙහි සිහින මැවූ බව දන්නෙමි...නමුදු ඔවුන් එකෙකු හෝ එළි පිට මා දෙස නෙතගින් හෝ බැලීමට වුවද බිය වූහ..ඒ හේතුවෙන් මහත් චිත්තපීඩාවන්ට පත් වූ මා ඉඩලද හෑම අවස්ථාවකදීම උන් රවටා ගැනීමට වෙහෙසුනෙමි...බෝහෝවිට නෙළුම් පොකුණෙහි මා දිය කෙළිමින් සිටින විටදී රැකවලෙහි හුන් රැකවලා පවා වසඟයට ගැනීමට සිතා සෘංගාරය ඇතිවන පරිදි රහස්‍යතැන් නිරාවරණය කළද වරක් මා දෙස බලනවුන් නැවත මා දෙස නොබලනුයේ රාජබිය නිසාවෙන් වුවද මගේ කාමාග්ණිය දළුලා වැඩෙන්නට විය..
    චොරනාගයන්ගේ මවුලි මංගල්‍යය දා ඔහුගේ හැදිදැඩි ඒත් කාළ වර්ණවූ සිරුරට ආශාක්තව ශින මැවීම කෙළවර වූයේ මා ඔහුගේ භාර්‍යාව ලෙසින් සිංහලද්වීපයේ අගරැජිණිය ලෙස කිරුළු පැලඳීමෙනි..මේ සිරියහන් ගර්භයේ ඔහුගේ හැඩිදැඩි සිරුරෙන් පළමුවරට රතිසුව ලැබ ගත්තෙමි...නමුදු ටික කලක් ගත වෙත්දී ඔහුගෙන් ලැබෙන පහසද මාගේ කාමාධික සිතට මෙන්ම ගතටද මද වූයෙන් රජුට හොරෙන් අන් පුරුෂයන් කෙරෙහි ඇදී යන්නට විය...එදා රජ මිදුල පසුකර ගමන් කරන කසළ ශෝදකයාගේ සිත්ගන්නාසුළු සිරුර හාගමන් විලාශය කෙට්ය්හරම් මාගේ සිත පැහැර ගත්තේදැය් කියතොත් උන් හිටිතැන් අමතකව ඔහුට මා හමුවන ලෙස හස්ත මුද්‍රාවෙන් සන් කෙළෙමි..මේ දුටු රජතෙමේ...උදහස්වූයෙන් අප අතර වූ වාග් සංග්‍රාමයේදී මා රජුකෙරෙන් සතුටු නොවන බවත් රට තොට පතළ පරිදි මා කාමදේනුවක් බවත් පවසමින් රජු ඉදිරියේ නොසැලුනෙමි..
    "මා වැනි රූප සොභා ඇති යව්වනියකගේ සිතැඟි දැන ගෙන රති සැප දීමටතරම් උඹ වැනි තක්කඩි සොරෙකුට හැකිද..??"

    පහර කිහිපයක් මගේ කොපුල්තල මත පතිතවූයෙන් මතුවූ සළකුණු දකින වාරයක් වාරයක් පාසා වෛරී සිත ඉදිරියට පැමිණි හෙයින් මාගේ අදහස කෙසේ හෝ මුදුන් පමුණුවාගනිමියි අදිටන් කර ගතිමි.. කෙසේ හෝ ඉහත කී කශල සෝදකයා වසඟකොට ගත් මම ඔහුගෙන් ඇතිපදම් කම්සුවවිඳින අතර උග්‍ර විෂ බඳුනක් ගෙන්වාගතිමි..
    එක් රාත්‍රී යාමයක රාජකීය වාද්‍යය වෘන්දයේ සිහින් ස්වරයෙන් එහෙත් සෘංගාරාත්මක වාදනයන් අභිමුව මාගේ කාමාග්ණිය හිත් මඬළ බුරබුරා නැගෙන්නට වූයෙන් චෝරනාගයන් මායම් යොදා රවටා විෂ එක්කළ මිදියුෂ පෙව්වෙමි...

    ----ඉදිරියට--------->

    සුලා

    ReplyDelete
  12. අනතුරුව මාගේද අනුග්‍රහයෙන් රජකරවූ කුඩාතිස්ස සමඟින්ද වසරතුනක් කාමභෝගී රජසැප සමඟ රති සැප විඳිමුත් මාගේ රාගාධික සිත කුඩාතිස්සයන්ද ප්‍රතික්ෂ්‍යප කලෙන් අඳුරු රාත්‍රියකදී විෂ පොවා විනාශකර දැමුවෙමි..
    මා රතිසැප විඳි පුරුෂයන් අතර සුවිශේෂ වූ සිව රජමාලිගයට ගෙන්වාගෙන තවත් වසරක් පමණ ඔහුව රජ තනතුරේ නාමිකව තබාගෙන රිසි සේ රති සැප විඳෙමි...එහෙත් අවසන මේ ශ්‍රීයහන් ගැබ තුළදීම ඔහුද පෙර කී ඉරණමට ගොදුරුවිය..
    අනතුරුව ජාතිය වෙනස්කොට සැපයෙහි ගිලෙමියි සිතමින් මනා ආරෝහ පරිනාහ දේහයක් හිමි "වටුක"නම් වූ දමිළයා රවටා රජකම පැවරූවෙමි..නමුදු මාස දහතරක කාළවකවානුව අවසානයේදී ඔහුගේ පහසද කෙළවර කර දැමූවෙමි..
    හදිසියේ දිනක රජවාසල මුළුතැන්ගේ ඉසව්වේ දර පළමින් සිටි දර කැටියාගේ දහදිය බේරෙන ගතට වශීකෘත වීමි...අවසන "දරකැටි තිස්ස"නමින් රජකරවා ඔහුගෙන් වීන්දි රතිසැපද මාස දහතුනකදී කෙළවර කෙළෙමි..
    නා නා තරා තිරමේ අයවලුන්ගේන් රති කාම සැප සොයමින් දුවන මාගේ බැල්මට මීළඟට හසුවූයේ "නිලිය"නම් බමුනෙකි..නමුදු ටික කළෙකින්ම ඌතුමූගේ පහසද ගෝචර නොවූයෙන් අන් අයට අත් කළ ඉරණමටම ගොදුරු කෙළෙමි.. අනතුරුව කිසිවෙකුත් රජකමට නොපමුණුවා ම විසින්ම රාජ්‍යය විචාරන්නට වීමි..ඒ අතරතුරයි වෙස්වලා වහංගුව හුන් මේ මකළන්තිස්ස මට එදිරිව නැගී ආයේ...

    මරබියෙන් වෙව්ලමින් දෑස් හා දෙකන් වසා අතීතාවර්ජනයක යෙදන මා හට මාළිගය පිළිස්සෙමින් නිකුත්වන ගිණිදැල් දැන් දැන් මා සොයා එතියි හඟිමින් මුහුණ දෙදන මත හුවා ගතීමි..ඉහත මා ඉදිරියේ පෙනී සිටි පුරුෂයන් හැරෙන්නට මා සමඟ රති සුව විඳි අනෙක් සොරසැමියන් විසි හහදෙනාගේද මුහුණු එකිනෙක පර යමින් විකාර රූපීව මතුව ආ හෙයින උගුරෙන් පටන් ගත් ඉකිය කඳුළු ගංගා ලෙස දෙනෙතින් රූරා යන්නට විය...මා හට අනේක රතිසුව දුන් මේ සිරියහන මගේ චිතකයවනු බලා සිටිය නොහැකිව සිහිය විකල් වුනෙන් ගිනිදැල් බුර බුරා මා වෙලා ගනිත්ම අප්‍රමාන වේදනාවෙන් කෑගැසීමි...

    සුලා..

    ReplyDelete
  13. අහෝ අනුලාවෙනි...! සියලු "තිස්ස"යන්ගේ සම්මිශ්‍රනයක් වූ මම, ඔබට ඔබේ අවසන් මෙහොතෙහි සමාව දෙමි...!!!

    ReplyDelete
  14. අයියා මට පුද්ගලිකව සතුටුයි ... මං ඒ ලිව්ව ලිපියෙන් වැඩක් උනා කියලා ...

    [ මම හිතනවා .. ඒ ලිපිය ගොඩක් දෙනෙකුට බලපායි කියලා ... නමුත් ඉතින් ඒක හැමදෙනාම, උබ කිව්වා වගේ ප්‍රසිද්ධියේ කියන එකක් නැහැ ... හිකිස් ]

    සුබ පැතුම් අයියා ....

    ReplyDelete
  15. මල්ලී... උඹලා වාගේ වෙනස්ව හිතන හා (කියවා කියවාම නො ඉඳ) රටට ලෝකෙට ශ්‍රමය යොදවලා යමක් බිහිකරන්නේ කිහිප දෙනයි... ඉතින් ඒක මොකා කරත් හිතේ කහටක් නැතිව අගය කල යුතුමයි.... උඹලට තව තවත් ශක්තිය ධෛර්‍යය ලැබේවා...

    ReplyDelete
  16. කොහොමද තිසා මහත්තයෝ...???

    හහ්...
    ඔබතුමා හිතුව මදි...ලියැවිල්ල වෙනස්කරලා මාව අමාරුවේ දාන්න...රාගය,ආදරය ලෝකය ගමන්කරන දිසානතිය වගේම ලංකාවේ දිසාන්තියත් වෙනස්කළ බවට ඕනතරම් සාධක තියෙනවා නෙව...

    කොහොහොම උනත් ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ මේ ගීතය නම් මා අසා තිබුණේ නැහැ....එකම ගීතාවලියක්නෙ හෑම නාලිකාවකම වාදනය කරන්නෙ..බලන්න මේ ගීතය කොතරම් අපූරුද කියලා...ලඟදි මම දැක්ක කවුදෝ රසිකාවියක් මෙතුමියගේ ගීත ගායනය "හූ" කියවිල්ලක් නැත්නම් විලාප නැඟිල්ලක් ලෙසට හඳුන්වලා තිබුණා..මං ආරාධනා කරනවා ඒ ඇත්තිට මේ ගීතය රසවිඳින්න කියලා...

    සුලා..

    ReplyDelete
  17. නියම ගීතය ලොක්ක.. පින්තුරේ ඊට එහා.. නිකම් ඇඟ කිලි පොලා ගියා... ඇන්ජලීන් ගේ රාගය ඇවිස්සෙන ගීත් ගොඩක් තෙයෙනව මේ වෙලාවේ ටියුන් මතක් උනාට සින්දු මතක් වෙන්නෙ නෑ...

    මෙහෙම බලනකොට ආලයද අන්ධ.. රාගයද අන්ධ.... අනේ මට තේරෙන්නෙ නෑ අනේ...

    බොරු කියන්නෙ මක්කටෙයි ඔය සබ්ජෙක්ට් එකට මම ටිකක් බරයි... ඕමාර් කයියාම් එකසිය ගානට අදහන්නේ....

    ReplyDelete
  18. හනේ ආයුබෝවංඩ කව්ද බර නැත්තේ... ඒකනේ ඔය Honey Traps එච්චරම සාර්ථක වෙන්නෙ... මවාපෑම අනුපිලිවෙලින් එනවා... අහිංසක කම --> අනුකම්පාව --> සෙනෙහස --> රාගය --> Trap... Point of No Return...

    ReplyDelete
  19. හි හි හී.. අපි ඔක්කෝම ඉතිං පෘතග්ජන මිනිස්සු නොවැ.. එළැඹ සිටි සිහියෙන් කටයුතු කොරන්න හැමවෙලාවෙම අමාරුයි නොවැ.. රහස්ඔත්තු සේවය කියන්නෙනං ඉතිං මගෙත් ආසම මාතෘකාවක් තමා ඕං.. ඒ දවස්වල Fedrick Forsyth ගෙ පොත් එහෙම හොයහොයා කියෙවුවෙ.. :)

    ReplyDelete

 
Blogger Wordpress Gadgets