Showing posts with label ඇන්ජලීන් ගුණතිලක. Show all posts
Showing posts with label ඇන්ජලීන් ගුණතිලක. Show all posts

අඹරේ අද නැත පුන්සඳ....

"ඕ... අද එන්න පරක්කු වුනා නේ...?, අද ඇප්‍රේසල් එකක් කරන්න තියන හින්ද රෑ වෙනකල්ම ඔ‍ෆිස් එකේ... එපා වෙලා හිටියේ..."
"අයියෝ මේ චූටියාට සනීප නැති වෙලානේ... එයත් එක්කම නින්ද යනකල් ගොඩක් වෙලා ඉන්න වුනා ඇඳටම වෙලා... මොකද අද අනෙක් යාලුවෝ නැද්ද..."
"ඒ මොකද්ද ඒ කතාව... චූටියාට දැන් කොහොමද..."
"හ්ම්ම්... එයාටනම් සනීප වෙයී....."
"මොකද අද හරහටම කථාව... "
" මගේ මොන හරහක් ද... ඒක නෙවෙයි කවදද ඉතින් ගම් පලාතේ යන්නේ...."
"ඇයි මොකටද අහන්නේ....?"
"නෑ ඉතින් ඔයා යන්නේ ඔයාගේ සුදු මැණිකේ බලන්නනේ..."
"ඔව් ඉතින්....?"
"හරි හරි අපෝ මම විහිලුවක් කළේ....මේ අද වැල් වටාරම් ගොඩක් බෑ හරිද... මට ඉස්සරහට නිතර ඔන්ලයින් එන්නත් බැරිවෙයි...."
"එහෙනම් අද මොකද ආවේ...."
"හපෝ.... මොකද ඔය මූලග්ගින්න...?"
"මම ඉතින් එහෙම තමයි..."
"හරි හරි එහෙනම් මම යනවා අදට... ඕන වෙලාවක මට ලියන්නකෝ.... අමනාප නෑනේ...?"
"හ්ම්ම්..."

අඹරේ අද නැත පුන්සඳ.... කෑලි කැපෙන ගනඳුර මැද....
එන්න සොඳුර පාලුව බිඳ පැල් කවි කියමු...
සඳය කියන කොමළ අඟන තරු දරුවන් සමඟ නිදන...
අමාවකේ පොහොය මෙදින පාලුව ඒකයි...
පාලුව ඒකයි....

ඇල් හාලේ බතක් උයා... කිරි හොද්දක් ලිපේ තියා....
මුලුතැන්ගෙයි දොරග තියා එන්න මිහිරියේ....
එන්න මිහිරියේ....
සිරි පොද ටික ටික වැටෙනව... චිරි චිරි චිරි හඬ ඇහෙනව...
සුලඟ කවුලුවෙන් එබෙනවා.... හොඳටම සීතයි...
හොඳටම සීතයි....

ඈත කොවුල් දූතිකාව.... ගයයි ඇගේ ගීතිකාව....
එන්න මගේ රූපිකාව... ඉන්න මා ලඟින්....
ඉන්න මා ලඟින්....
අහස යකින්නියක වගේ... ඈ විදුලිය දත් නියවයි...
ගොරහැඩි ලෙස හෙණ හඬ දෙයි.... හද ගැස්සෙනවා...
හද ගැස්සෙනවා...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...
Read More!

රන්මිණි මුතුවැල්... මල්පෙති වන විල්..

අපේ වැප් නිශාන්ත මල්ලියා ලඟදී වැදගත් කථාවක් කියලා තිබුනා.... බ්ලොග් ලියන අයට පොඩ්ඩක් හිතලා බලන්න.... ඒකාකාරී මාතෘකා ඔස්සේම ලියන්නේ නැතිව ටිකක් වෙනස් දේ නිර්මාණශීලී දේ කරන්න හිතන්න පෙලඹවීමක් හැටියට මම ඒක භාරගත්තා... තමන්ගේම නිර්මාණයක් එහෙම නැත්නම් අලුත් විදිහේ ඉදිරිපත් කිරීමක්, වෙනස් විදිහේ හිතීමක් (ද්වේශ සහගත හා අපහාස මුඛයෙන් තොරව) හැම තිස්සේම මිනිස්සුන්ට යහපතක් කරනවා කියලයි මම හිතන්නේ... හාස්‍ය රසය පවා කොච්චර වෙනස් විදිහකට ඉදිරිපත් කරන්න පුලුවනිද නේද...? ඔහොම හිතාගෙන යනකොට මට ඇන්ජලීන් ගුණතිලකගේ මෙන්න මේ ගීය හමු වුණා...

පළමු පද පේලිය "රන්මිණි මුතුවැල්, මල්පෙති වන විල් නොදෙන හැඟීමක් දේ... "Mi5", ISI" හා "RAW" ආයතන වල සමහර හිටපු ඒජන්ත වරුන්ගේ ලිපි දැන් දැන් ප්‍රසිද්ධියේ පලවෙනවා... ප්‍රසිද්ධ CIA හෝ MOSAAD සේවාවන්ට වඩා ඔවුන්ගේ විධික්‍රම බොහෝ සෙයින් වෙනස්... එතකොට චීන ඔත්තු සේවය ගැන කවුරුවත් අහලා තියනවද...? මම නම් නැත... හැබැයි මේ කොයි කවුරුනුත් පාවිච්චි කරන පැරණිම උපක්‍රමයක් තියනවා... ඉංගිරිසියෙන් මේකට Honey Trap කියලා තියනවා... රන්මිණි මුතුවැල් පටලවාගත් නයනඟ බැල්මට වශීවී රටවල් පවා පාවා දුන්නන් කොපමණද...? ආගම් ප්‍රචාරය කරන්නත් අනෙක් ආගම් විනාස කරන්නත් සිංහ සෙයියාවෙන් සිටිනා මිනිසුන් අන්ත අසරණ කරන්නත් අපේ රටේ ඇතුලෙම මේ උපක්‍රම කොපමණ පාවිච්චි වෙනවද...? කට කැඩෙන කල් කිව්වත් "කිව්වා නාහන ගුරු" වෙලා රස්සාවත්, ව්‍යාපාරත්, පවුල් ජීවිතයත් නැතිකරගත් මා මිතුරා අද යන්තම් ජීවිතය ගැට ගහගන්නේ තම හිතමිතුරන්ගේ කරුණාවට පින්සිද්ධවෙන්න... ආලය, ඍංගාරය, රාගය, හා බාඳුරා මල හඳුනාගන්නට ඔබට පුලුවන්ද...?


රන්මිණි මුතුවැල්...
මල්පෙති වන විල්...
නොදෙන හැඟීමක් දේ....
නයනඟ බැල්මෙන්...
විහිදෙන කැල්මෙන්...
ආදර ගඟ කැලතෙයි....

නුහුරු හැඟීමකි...
නුපුරුදු රසයකි...
තොල්පෙති පොපියන්නේ....
මතුවණ රසයෙන්...
ඇතිවෙන සුවයෙන්...
හිත මත් වී යන්නේ...

රඟනා ‍රැඟුමෙන්...
සැලෙනා සළුවෙන්...
සැඟවෙයි දුක සෝකේ....
ඉතිරිය ආලය...
ඇති තැන මිහිරිය...
මල් යහනකි ලෝකේ....

ඔබෙ අත ගන්නෙමි...
මගේ හිත දෙන්නෙමි...
සිහිකල රෑ යාමේ...
සිතු ලොව සැතපෙයි...
අපි මෙහි නැලවෙයි..
මගුල් සක්වලයි මේ...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...
Read More!
 
Blogger Wordpress Gadgets