නොනිදා පහන් කලේ...

‍රැවැට්‍ටුවා... මෙච්චර කාලයක්ම මාත් එක්ක හිටිය මගේ විශ්වාසදායී "ඉව" මාව ‍රැවට්‍ටුවා... මම වයසට ගිහිල්ලා.... නැත්නම් මොකද්ද හේතුව... ඉතාම අහිංසකව කල ඒ ඉල්ලීමේ හතර මායිම් හොයන්න හිත කිව්වේ එකනේ... ඒත් මම බයයි... කෙනෙක් මාව පරීක්ෂා කරන්න හදනවද...? හිත් එක්ක කරන සෙල්ලම් කරන්නේ නැහැ මම.... මගේ හිතත් එක්කත් සෙල්ලම් කරන්න දෙන්නෙත් නැහැ මම... මගේ "ඉව" තමයි මෙච්චර කල් මාව බේරුවේ... මෙදා උඹ ඇයි මාව පාවල දුන්නේ...? තව ඩිංගෙන් සුන්දර හදවතක ඇසුර අහිමි වෙනවා... එච්චර දරුණු වචන වලින් දමල ගහලත් ආයෙත් ඉවසිල්ලෙන් ලියන්න තරම් අහිංසක හිතක... තනියෙන් හිටිය හින්දම හොඳයි එක අතකට.... නැත්නම් මේ විස්සෝපයන් ඇයට කොහොම තේරුම් කරලා දෙන්නද...?

නොනිදා පහන් කලේ...
ඊයේ මුලු රෑ... කවුරු නිසාදෝ...

සොඳුරු අතීතයේ කඳුලින් ලියැවුනු....
මතක පොතේ රන්වන් පි‍ටු පෙරලා...
ඉවුරු තලා ගිය සතු‍ටු සිනා මැද...
නොනිදා පහන් කලේ...
ඊයේ මුලු රෑ... කවුරු නිසාදෝ...

සඳගිරි පව්වේ සඳ කිඳුරිය සේ...
ආශා සලුවෙන් සියොලඟ සරසා...
මියුරු නුරා රස මාසිත පොරවා...
නොනිදා පහන් කලේ...
ඊයේ මුලු රෑ... කවුරු නිසාදෝ...

මධු සඳ කිරණේ සිසිලෙන් නාවා...
සුදු මල් කැකුලක මුවරද පුරවා...
මුව ගොලුවුණු රෑ සිත දොඩමලු වී...
නොනිදා පහන් කලේ...
ඊයේ මුලු රෑ... කවුරු නිසාදෝ...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න...

62 comments :

  1. ඔන්න """සුදු අයියේ"""උණු උණු කමෙන්ට් එකක් දාන්න ලැබුණා. අද තියෙන්නෙ නම් මං අහල නැති එකකි. මීටරේට හරියට වැටුනේද නැත. ආයෙ දෙපාරක් විතර අහල එන්නම්. කවුරුහරි මට කළිං කමෙන්ට් එකක් දැම්මොත් හෙම!!! හපෝයි!!!

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්.... මං හිතන්නෙ මට තේරුණාද කොහෙද?
    තේරුණු විදියට නම් මුකුත් නොකිය ඉන්න තරමට හොඳයි වගේ!

    ReplyDelete
  3. නොනිදා පහන් කලේ...
    ඊයේ මුලු රෑ... කවුරු නිසාදෝ..?

    ReplyDelete
  4. ඇත්තමයි තිසා මහත්තයෝ......හරිම ලස්සන සිංදුවක්නේ....ඉන්ද්‍රාණි පෙරේරා මහත්මියගෙ ඔක්කොම සිංදු අහල තියෙනවා කියලයි හිතාන හිටියේ...තව දෙපාරක් තුන්පාරක්වත් රසවිඳින්න ඕනෑ....සිංහල භාශාවේ වචනවල තියෙන රසය උපරිමයි නේද????

    ඉතිං හැමදාම කියන දේ අදත් කියන්න ඕනෑද??
    හෙනං...වැඳගන්නව හොඳයි...පිං අනුමෝදන් කරගන්ට...

    සුලා...

    ReplyDelete
  5. මම ආස විදිහෙ මියුසික් එකක්. මට මතක් වෙනව ලස්සන පරණ පිල්ම් එකක නටන ලස්සන නිලියන් ටිකක්...
    මම අද වෙඩින් එකකට ලියා. අපොයි ඉන්න බැහැ .. කණ් අඩි දෙක පැලෙනව... ෂික් මේ වගේ සින්දුවක් දැම්මනම් කියල වැඩක් නැහැ....
    ලස්සන සින්දුව....
    ඇත්තටම නොනිදා පහන් කරේ කවුරු නිසාදෝ෴
    ඔලුව තාලෙට පද්ද පද්ද ඔන්න මම සින්කුද ඇහුව.
    තාලෙට පැද්දුනා..

    ReplyDelete
  6. # කන්න බැහැ (බඩගිනි නැහ්)
    # නින්ද යන්නෙ නැහැ ( මේ සින්දුවෙ වගේම)
    # මේ ලෝකෙ නෙමෙයි ඉන්නේ (ලොකු සර් කියන දේවල් අහන් ඉන්නෙ නැතිව .කියන දේ නෙමෙයි කරන් යන්නේ)
    # වෙලාවකට උන වගේ
    # වෙලාවකට මාර සීතලයි
    # වෙලාවකට තනියම සිනාසේ
    # පාරෙ යනව නෙමෙයි .. පාවෙනව

    ම් ම් ම් ...... ගීතය මේ 5වෙනි පාර෴

    ReplyDelete
  7. 'උරය පලා සැතකින් බලන් රුහිරූ එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරූ'
    අයියේ හොයලා දෙන්නකෝ.......................

    මේ ගීතයනම් අසා නැත.., දැන් එක පාරක් ඇසූ මුත් මීටර් වන්නේද නැත. අද මට මක් වෙලාද මන්දා හැබෑටම. :(

    ReplyDelete
  8. @freedom : කට්ටිය මොකද කියන්නේ කියලත් බලලම ඉමු නේ...?

    @මාරයාගේ හෝරාව: මොකද හිතන්නේ...?

    @සුලා: කියලා වැඩක් නෑ... අපට නම් ඒවා හිතෙන්නේ උඹේ ලිපි කියෙව්වහම....

    @wath: ම්ම්ම්... ඕක තමා ලෙඩේනං....

    @Ansh: වෙන්ට බෑ... හෙට බලමු එහෙම නම්...

    @යෝගී: accepted....

    ReplyDelete
  9. නොනිදා පහන් කලේ...
    ඊයේ මුලු රෑ... කවුරු නිසාදෝ ?

    (මගෙන් නෙමෙයි නේද අහන්නේ ?)

    හැබෑටම තිසා අයියේ මං මේ අහන්නේ...
    හැබෑටම තිසා අයියේ,

    නොනිදා පහන් කලේ...
    ඊයේ මුලු රෑ... කවුරු නිසාදෝ ?

    ReplyDelete
  10. මල්ලියේ ඒක තරමක් සංකීර්ණ කතාවක්...

    ReplyDelete
  11. ගීතය උපරිමයෙන් රස වින්ඳා. i reserve my other comments...

    පුලුවන්නම් "උපුල් නුවන් විදහා" සින්දුව හොයලා දෙන්න අයියේ.

    ReplyDelete
  12. මෙන්න නංගියෝ සින්දුව... මෙතනට ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න...
    http://www.divshare.com/download/11352998-c1b

    ReplyDelete
  13. දවල් ආවා, කියෙවුවා, මෙලෝ දෙයක් හිතට ගියෙ නෑ.. බාගයක් ගහලා මේ දැං ආවා, කියෙවුවා, තාමත් හරියටම මීටර්වුනේ නෑ.. එකක් විතරක්නං තේරුනා.. "මම වයසට ගිහිල්ලා...." ඕවා ඔහොම තමා තිස්ස අයියෙ, ඒකනෙ අනිත්‍යය කියන්නෙ.. :P

    ReplyDelete
  14. @Buratheno: මම හෙමින් විස්තරේ ලියන්නම්.... මොකද හැබෑටම ඔය තනියෙන් ඉන්නකොට ඔය "පෙම්බර මධූ" ඔච්චර ලංකරගන්නේ...?

    ReplyDelete
  15. මැණික්(සුළඟ)May 13, 2010 at 6:50 AM

    ලස්සන පද වැලක්. ඒත් මම මේ ගීය අහල තිබුනේ නැහැ. ගීතයට හරියන විදියට ලියල තියෙන විස්තරයත් ඔබ සිත් ගන්නා විදියට ලියල තියනවා.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  16. හපෝයි මොකෑ වුනේ සෑර්.

    සංකීර්ණ පුරස්නයක් තමා. මමත් ඔලුව කසලා කල්පනා කරලා බැලුවා, ටිකක් සක්මන් කොරලා බැලුවා, ම්හූ..මීටර් වෙන්නෙම නෑ. ඔහොම යනකොට , මට ඇහෙනවා" ‍තෝ නොදන්න දෙමෙලෙට ගිහින් වරිගෙ නහ ගන්නෙ නැතුව, අර අපූරු සිංදුව අහල නිකං හි‍ටු" කියලා. හුහ්, එහෙම නිකං ඉන්න පුළුවනෑ, මේ අපේ සිංදු සෑර්, නොනිදා පහන් කරන කොට. හැබැයි සෑර්, මට නං ඔහොම වුනාම, දවල්ට කට කපලා නින්ද යනවා.

    පොඩ්ඩක් කාලයට ඉඩ දෙන්න, එතකොට පුරස්නෙ ඉබේම විසදෙයි.

    ReplyDelete
  17. @Siribiris
    උඹටත් කොල්ලෝ අර Buratheno කරපු වැ‍ඩේ කළානං දෙකිං එකක් බේරගන්ඩ තිබ්බා...

    ReplyDelete
  18. @ යෝගි

    හැබෑටම මලේ මොකෑ මොකෑ බුරම්පියා උනේ. මම ඒකගෙ ලින්ක් එකට දාගෙන කෙ‍ටුවා... මොන, "පැටිකිරිය සොයා ගත නොහැක" කියලා කියනවා නොවැ. එක්කො ඌට හරි මට හරි තාම වෙරි...

    කොහොම උනත් මේ අපේ සිංදු කඩේ, තිස්ස මහත්තයා ගැනත් බලාපන් මලේ.

    ReplyDelete
  19. කනප්පුව මත වූ හෝරා යන්ත්‍රය බෙරිහන් දෙන්නට විය...අචෙතණිකවම ඒ කරා දිව ගිය වමතේ දබරගිල්ල මතින් එය නවත්වාලීමි..."ඊයේ රාත්‍රීය මුළුල්ලේම මා සමඟ නිදිවර්ජිතව සිටි බැව් හෝරා යන්ත්‍රයට අමතකව ගිය හැටි...."
    සයනය අසල වූ විදුලි ලාම්පුවෙන් විහිදුණු මන්දාලෝකයෙන්, මා වටා වූ හිස්වූ අවකාශයේත්,මා වට කොට සිටි බිත්ති හතරේත් පහුගිය කාලයක් පුරා ඇගෙන් ලද සියුම් ආරාධනාවන්ගෙන් පිරුණු නිර්මාණ තුලින් දුටු සුන්දර සිහින රූ රටා මැව්වෙමි...ඒ රූ රටාවන් පණ ගසා මා වටා දැවටෙන්නට වූයෙන් මුළු රෑම ගත සිත අවදියෙන් තබා සිහින සාගරයේ ගිලීමි...
    විදේශගත වී වසරක් ගතවෙත්ම පාළුව කාන්සියෙන් හිත ගිලං වන්නට ආසන්න වුයෙන් අන්තර්ජාලයේ පුංචි ඉඩම් කැබැල්ලක් මා වෙනුවෙන් වෙන්කරවා ගතිමි...එදා මෙදාතුර මා හට තනි රකිණුයේ ඒ තුලින් දැන හඳුණාගත් සුන්දර හදවත් සමූහයයි...මගේ මතකය හරිනම් මීට වසර දෙකකට පෙර ඇය තබා ගිය සුන්දර සටහනක් අදද හොඳින් මතක තියේ..තනිකම උරුම වූ හදවතක ශෝකාලාපයක් ලෙසින් ලියා තිබූ එම සටහන මෙහිදී සටහන් කිරීමට මැලිවෙමි...මන්ද එය මා පමණක් දැන සිටිය යුතු,රස විඳිය යුතු දෙයක් යැයි මගේ තෘෂ්නාධික හදවත කෑ ගසා කියන බැවිනි...එවක් පටන් ඇතිවූ අපගේ ආධ්‍යාත්මීය බැඳීම විස්තර කිරීමට අපහසු බවක් හැඟේ...මන්ද විටෙක සොයුරියක් විටෙක මවක්,විටෙක යෙහෙලියක්,විටෙක ආඥාදායක වරියක් ලෙස මගේ හිතේ අස්සක් මුල්ලක් නෑර විජරාමාණ වූ ඈ පසුගිය සතියේ ආරාධනා සහගත නිර්මාණයක සටහනක් තබා දින කිහිපයක් සැඟව ගොස් තිබුණි..
    ජීවිතයේ මැදිවයසට එළබෙමින් සිටි මා හා ඇය අතර එවන් වූ බැඳීමක් ඇතිකර ගැනීමට මම බිය වීමි...ඒ තවමත් ජීවිතයේ සුන්දර තරුණවියේ සිටින ඇයත් මාත් අතර වයස් පරතතරය සහ ගෙවුණු අතීතයේදී අප අතර වූ සොඳුරු නිර්මාණ ගණු දෙණු තුළ කිසිවිටෙකවත් එවැනි බැඳීමක් සේයාවකුදු හඳුණා ගැනීමට නොහැකි වීමත් නිසාවෙනි...
    අවසන සිතේ මතුවූ ලෙංගතුකම අවුරා දමා ඇයට නුසුදුසු වචනයෙන් පරිභව කෙළෙමි...අප අතරවන නොගැලපීම් උළුප්පා දැක්වූයෙමි...ඇය ඒ කිසිවකට උත්තර බඳින්නට ආවේවත් බියෙන් පලා ගියේවත් නැත...සුන්දර වචන සමූහයක් සියුම් රිදවීම් රිද්වීම් මුහුකොට නිර්මාණයන් ලෙසින් දමා ගැසුවාය...සියළු දේ අවසන ඊයේ රාත්‍රීයේ මා පරාජය භාරගතීමි...ඇය සීමා මායිං අභිබවා මගේ ආත්මය සොරාගෙන තිවුණි... ගෙවුණු වේදනාකාරී අතීතයත්...එළබෙමින් තිබූ පමා වූ වසන්තයත් ගැන සිහින මවමින් හදවත පුරාවටම ඇයගේ සුන්දර සිතිවිලි අතුරවමින් ඊයේ රාත්‍රීය මුළුල්ලේම ඇයගේ හදවත සමඟ ප්‍රේම විජිතයේ සැරි සැරීමි..

    නොනිදා පහන් කලේ...
    ඊයේ මුලු රෑ... කවුරු නිසාදෝ...

    සොඳුරු අතීතයේ කඳුලින් ලියැවුනු....
    මතක පොතේ රන්වන් පි‍ටු පෙරලා...
    ඉවුරු තලා ගිය සතු‍ටු සිනා මැද...
    නොනිදා පහන් කලේ...
    ඊයේ මුලු රෑ... කවුරු නිසාදෝ...

    සඳගිරි පව්වේ සඳ කිඳුරිය සේ...
    ආශා සලුවෙන් සියොලඟ සරසා...
    මියුරු නුරා රස මාසිත පොරවා...
    නොනිදා පහන් කලේ...
    ඊයේ මුලු රෑ... කවුරු නිසාදෝ...

    මධු සඳ කිරණේ සිසිලෙන් නාවා...
    සුදු මල් කැකුලක මුවරද පුරවා...
    මුව ගොලුවුණු රෑ සිත දොඩමලු වී...
    නොනිදා පහන් කලේ...
    ඊයේ මුලු රෑ... කවුරු නිසාදෝ...

    සුලා...

    ------------------------------------------------
    තිසා මහත්තයෝ ...මම හරිද???

    ReplyDelete
  20. හප්පොච්චියේ!!!!
    සුලා මහත්තය ගැහුව නේද පරාල ඇණේ ඔළුව මැද්දෑවටම?
    :-O

    ReplyDelete
  21. @Siribiris
    කියල වැඩක් නෑ සිරිබිරිස් අයියා.. බුරම්පියට මං කලිනුත් කිව්වා.. කොහෙද ඉතිං.. බලාමුකො ටිකක් කල් යනකොටවත් මොකුත් ලියන්ට පටං ගනී ද කියලා..

    සිංදුකඩේ මහත්තයා ගැන මං බලාගන්නං ඕං. ඊයෙ පෙරේයිදා කාටත් නොකියා ම මොකක් හරි විගඩමක් නටන්ඩ ගෙහුං තියෙන වගක් තමයි ආයිබෝන්ඩ මටනං පේන්නේ..
    පැංසොං ගිය පොලිස් නිලදරුවෙක් වගේ හොරු අල්ලන්ට ගෙහුං මොකද්දෝ ගිනි විජ්ජුම්බරයක් නටපු කතාවක් නෙව මේ පූර්විකාවෙ තියෙන්නේ.. අර පිංතූරෙත් එච්චර ඇල්ලුවෙනෑ මට.

    බලාන ඉම්මුකො මෙව්වට උත්තර දෙන්ට උන්දෑ එයිදැ කියලා මේ පැත්තේ..

    ReplyDelete
  22. හඃ හඃ හා . . .. සුලා . .. . උඹ නම් ඉන්ද්‍රජාලිකයෙක් . . .

    ReplyDelete
  23. දනන්වද . .. මම දැං හදගීපොතට ගොඩවෙන්නේ තිසා පෝස්ට් එකක් දාලා පැය ගානක් ගියාට පස්සේයි . . . දන්නවදා රහස . . මම තිසා දාන ගීතයට වගේම මේ අපේ කස්ටියගේ සංවාදයට වහ වැටිලා . . . දැං ඒක අබිං කෑමක් වගේ . . . ගීතය අහලා කමනෙට් ටික කියෝලා ආයේ අයේ ඇවිත් බලනවා අලුත්ම කමනෙට්ස් මොනාද කියලා . .. මාරයි තිසා උඹේ හිත නිවන, හද කුල්මත් කරවන හද ගී පොත . . . . !

    ReplyDelete
  24. හහ් හහ් හහ් සුලා මල්ලී... මට උඹ ඒ කියපු දේ ඒ විදිහටම වුනානම් කියලා හිතෙන තරමට ලස්සනට ලියලා තියනවා මලේ... හැබැයි අදාල කෙනාට නම් බොහොම ලැජ්ජා හිතෙයි මේක දැක්කම... මේකට ඔය කියන විදිහේ ප්‍රේමයක් නම් ගෑවිලාවත් නෑ මල්ලියේ... කාටවත් දෙන්න ආයේ මොකුත් මාගාව ඉතිරි වෙලාත් නෑ...

    මාත් එක්ක මේ රස විඳින කට්ටිය අඩමානේ තියන්නේ නැතිවෙන්න මෙහෙම කියන්නම් කෝ...

    දවසක් මට කෙනෙකු ඉතාමත් අහිංසක ඉල්ලීමක් කරලා තිබුනා ඇගේ නිර්මාන රසවිඳින්න, හැබැයි නිර්ණාමිකව... ඇයගේ නිර්මාණ හේතු ප්‍රත්‍ය රහිතව මම බෙහෙවින් රසවින්දා... එක් එක් කෙනාට රස දැනෙන ආකාරය වෙනස්නේ...? නමුත් මේ නිර්ණාමිකත්වය මට දැනුනේ මාව හොඳින්ම දන්න කෙනෙක් මාව පරීක්ෂා කරන්න හදනවා වාගේ... ඒක හිතට වදයක් වුනා ඒ පාර...
    ඒ නිසා මම ඇයට බලකලා ඇයව කව්ද කියලා කියන්න කියලා... තරමක අවලාදයකුත් එක්ක (උපන් ගෙයි මූලග්ගින්න...) වෙන කෙනෙක් නම් ආයේ මගේ මූණ දිහා බලන්නේ නෑ... නමුත් ඇය ඉතා ඉවසිලිවන්තව මට කරුණු පැහැදිලි කලා... ඒ අතරම මට ඇය කව්ද කියා තේරුම් ගියා... හිතන්න ඒ වෙලාවට දැනෙන පසු තැවිල්ල...?

    ඒ වෙලාවට ප‍ටු කල්පනාවකින් යුතු බිරිඳක් තමන්ට හිටියානම් ඇය මොනවා හිතාවිද...?
    සමහර විට මේ සින්දුවෙන් කියන විදිහට... නේද...?

    ReplyDelete
  25. සිරිබිරිස් අය්යා, බුරතීනෝ, මාරයා, යෝගී, සුලා, දුකා, සන්සරනිඳු, (සහ මගේ පවුල කැඩෙයි කියා කෝල් එකක් දුන්නු කෙනාට...)
    අපි ඔක්කොටම පිරිමි හැටියට අඩු වැඩි අත්දැකීම් ඇති නේ... මෙයට කිට්‍ටු... ?

    අපි ඇයගේ ඉවසිලිවන්තකමට ස්තූතිවන්ත වෙමු...
    සම්බන්ධකම් පවත්වාගෙන යන මූලිකම දේ... යහලුවෙක් යෙහෙලියක් වේවා, බිරිඳ සැමියා වේවා, සහෝදර සහෝදරියන් අතර වේවා... ඇය මට ආයේ සැරයක් මතක් කලා...

    ReplyDelete
  26. හප්පේ....මේ අඩවිය හිමිකාර මහත්මයා ගැන හිතලා නෙවෙයි මං මේ අකුරු කලේ.....මං හිතුවා මේ සංවාදයේදී අතරමඟ තිබුණු එක්තරා සටහනක්...මට හිතුනා ඒ සටහන හිමිකාර හිතවතාටදෝ..මේ වගේ අත්දැකීමක් වෙන්න ඇත්තේ කියලා...මොකද අපේ තිසා ගොයියා දුකා ගොයියා වාගේම දුක් ගන්නා රාළ කෙනෙක් නෙව....
    අනෙ අම්මේ.....මේ මහත්මයාගේ අර ලස්සන දෑස හිමිකාර ඇඹේණියන්දෑ ඇරෙන්න වෙන වලාමකට ඒ හිතේ ඉඩ නැති බැවි හද ගී පොත පුරාවටම තියෙන සටහන් සාක්ෂියි නොවැ...

    සුලා..

    ReplyDelete
  27. කිරි අප්පට බල්ලො පැනපි.. මේකනං සෑහෙන්න බොන්ට ඕන පුරස්නයක් නොවැ.. බාගයක්නං මදි, බෝතලයක්ම අරං එන්ට වෙයි වගේ..

    ReplyDelete
  28. බුරතීනුවො, අනේ මාවත් සෙට් කර ගනින් කොල්ලො වැඩේට. පූර්විකාවයි, සින්දුවයි, කමෙන්ට්ස් ටිකයි කියවලා මොලේ කොලොප්පම් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි තිස්සයා යන්තම් අවුල ලිහලා දුන්නා. දැන්නම් බොන්නම ඕනෙ :)

    ReplyDelete
  29. සින්දුව කිහිප වරක්ම ඇහුවා...
    අන්තෝ ජඨාහ්, බහිජඨාහ්, ජඨා හේ ජඨාහ් කියැවුනා.
    දැන් නම් කල්පනා කරන්න දෙයක් නැහැ.

    "සොඳුරු සිත" ටික දිනකට පෙර නියම කර ඔසුව "කාළය" ම උත්තර බැඳලා බව මතක් වුනා. ස්තුතියි වෙද හාමිනේට.

    ReplyDelete
  30. සුලා මහත්තයාගේ ලියවිල්ල කවදත් වගේ පංකාදුයි. හිත් කියවන් උපරිමයි. ලියන්න වචන නැහැ සොයුරේ.

    ReplyDelete
  31. You all are in a different world (In mind)...
    wake up guys...

    Its so beautiful but not real..
    try to balance your thoughts...

    have fun!

    ReplyDelete
  32. Thanks for the advice, but I see it from a different point of view. For example, we know most of the movies and fiction are not real, yet that doesn't stop us from enjoying them. If it does, then the world will be a really boring place to live.

    ReplyDelete
  33. මේ මනුස්සකමයි , සහොදරකමයි බලාගෙන ඉන්ඩ ම බැරිවුනාද හැබෑට ඈ ?

    ReplyDelete
  34. Hmmm... only two replys to my comment to your comments

    @ Siribiris... You are right. But how you select the movie the important thing, and how far you need them...

    Tissa... Very nice song, I enjoyed it, thanks..

    About my comment... I think, we all are playing with our energies, we must be very careful where we are focusing on..

    ReplyDelete
  35. @Ano: Most of the notes that in my blog are my own experiences... none of them are fabricated stories... at the same time I like people to dream and be imaginative... it is so wrong to dream and imagine things Ano...? please share your thoughts...
    This incident almost cost me a good friend... so I decided to post it and let others think that what would they do or think if they face such an incident...
    Sometimes real life stories are far more fascinating than fiction... people like Sula and Siribiris will tell tons of real life stories if people would like to listen...
    At least for the sake of waking up we should sleep....
    I am nothing against you sir but simple could not understand what you said... take it easy ok...?

    ReplyDelete
  36. well well!!
    now that's sooo interesting.
    I like this style!

    ReplyDelete
  37. It is good that you share your life experience with others. Most of them are very interesting, also it is good to hv people like Sula and Siribiris with lot of interesting life stories.

    About dreaming and imagining... I think we should enjoy the present, rather than dreaming and imagining. That is why I said "wake up".
    Also, there are lot of addictions, many kinds of addictions. Dreaming is one of them, Isn't it? That will loose your energy.

    ReplyDelete
  38. @Ano,
    අපේ රසවින්දනය හුදෙක් සංගීතය පමණක්ම නෙවි සහෝ...පසුබිම රසවිඳිනවා.....සාමාන්‍යය ලෝකයේදී අපට මේ කියන සිද්ධීන් වලට අදාල ඕන පදම් තෙත් වියළි ජීවිත එමට හමුවෙලා...ගැටිලා තියෙනවා....ඔය කියන විදිහට මේ දේවල් හුදෙක් හිතළු පමණක්ම කියල හිතනවානම් ...එන්න ..මම උඹට පෙන්නන්නම් මේ ජීවිතවල තියෙන සුන්දරත්වය,අසුන්දරත්වය..මා ගාව වාගේම මේ එකතුවෙලා ඉන්න සියළුම දෙනාගාව අනන්තවත් අත්දැකීම් එමටයි..දිගටම එන්න අපිත් එක්ක...

    සුලා..

    ReplyDelete
  39. @Ano,

    ජීවිතය විඳවන්න එපා....විඳින්න එන්න...

    සුලා...

    ReplyDelete
  40. Thanks Sula for the invitation. For sure, I will join when ever I can.

    I see, you not only enjoy the song.
    I too have lot of life experience, I too hv seen the beauty and the sorrow of life. but...

    Lets enjoy the present! Including this moment.

    ReplyDelete
  41. Ano,
    "අපි ඉන්න ලෝකය ලස්සනයි, නමුත් අතාත්විකයි සහ අපි සිහින මවන්නන්."
    මට තේරෙන්නෑ ඇයි ඔබ එහෙම කියන්නෙ කියල.
    "වර්ථමානය රස විඳින්න හීන මැවීමෙන් තොරව" - අපි එහෙම නොවේ නැත්නම් අපි දුක් කරදර කරේ තියාගෙන විඳවන අය වගේ ඔයාට පේනවද?
    ජීවිතේම හීනයක් නම් තමා වැරදි. ඔබ ධනාත්මක චින්තනය ගැන දන්නවනම් ඒකෙදි යමක් සාර්ථකව ලබා ගැනීමේ මූලික පියවරක් තමයි හීන මැවීම. අත්තනෝමතිකව හීන මැවීම ගැන නොවෙයි මා කියන්නෙ.
    හොඳයි, තිත්ත ඇත්ත ගැන කතා කළොත් ඔබ කවමදාවත් හීන මැව්වෙ නෑ කියන්න පුළුවන්ද? ඔබ ගෙයක් දොරක් හදා ගන්න හැටි, නැත්නම් ඔබ තවත් වරප්‍රසාදයක් ලබන හැටි ගැන ඔබ හීන මැව්වෙ නෑ කියනවද? තණ්හාව තියෙන කවුරුත්, වඩා සැපක් උදෙසා හීන මවනව. හදවතට තට්ටු කරළ අහන්න නැද්ද කියල. ඔබ එසේ හීන මැව්වෙ නැත්නම් ඇත්තටම ඔබ අර්හත් වගේ තත්වයක ඉන්න ඕනෙ!!!!
    මේ ලියන අතරෙයි ඔයාගෙ අන්තිම කමෙන්ට් එක දැක්කෙ. පාර වෙනස් උනා එයින්.
    හොඳයි, වර්ථමානය රස විඳීම මාත් කරන දෙයක්. නමුත් ඔබ අපිට එය කියන්නෙ ඇයි කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ. මොකෝ එහෙම කියන්නෙ අපි ඒ වගේ නොවේ කියල ඔයාට පෙනිල තියෙනවා.
    එහෙම පෙනුනෙ තමන්ගෙ ජීවන අත්දැකීම් අනෙක් අය සමඟ බෙදා ගන්න නිසානම් ඒක වැරදි පෙනීමක්.
    අපි මෙහෙම කියමු. ඔබත් මමත් දෙන්නම ඉහත කාරණය සම්බන්දයෙන් එකඟයි. නමුත් තමන්ගෙ අත්දැකීම තවත්
    කෙනෙකුට ඉගෙන ගන්න යමක් බවට මම පත්කරද්දි ඒ ගැන කතිකාවතක් ඉදිරිපත් කරද්දි ඔබ ඔබේ අත්දැකීම් ඔබටම තියාගෙන නිසොල්මනේ ඉන්නව. ඒ ඔබ දකින විදිය - මේ මම දකින විදිය. අපි දෙන්නම හිතනව දෙන්නම හරි කියල. නේද? ඒක උදාහරණයක්.
    මගේ පෞද්ගලික හැඟීමත්; තමන් දන්න හූණු බිජුවක් තරම් දේ හරි තව කෙනෙකුට කියල දුන්නෙ නැත්නම් මේ ලෝකෙ ඉස්සරහට යන්නෙ නෑ.
    ඔබේ අදහස් දැක්වීම ගැන මම නම් බොහොම මනාපයි. එකඟ වෙන අදහස් වලට වඩා විරුද්ධ අදහස් තමයි බුද්ධිමත් කතිකාවතක් වඩා හරවත් සහ ලස්සන කරන්නෙ.

    ReplyDelete
  42. @Ano,

    හ්ම්...ස්තූතියි...ඉතින් ඒ අත්දැකීම් අපටත් කියල දෙන්න...තිසා මහත්තයා නිමිත්ත දේවි...අපි කතා කරමු...

    සුලා..

    ReplyDelete
  43. තවත් දෙයක්, තිස්ස අයියගෙ "Sometimes real life stories are far more fascinating than fiction..." අදහසටත් මං සම්පූර්ණයෙන්ම එකඟයි. කවුරුහරි ලියන හරවත් යමක් දිහා නෙමෙයි වැඩි දෙනා බලන්නෙ ඕපාදූපයක් දිහා, නැත්නම් කාගෙ හරි පරණ, අවුස්සපු කුණු ගොඩක් දිහා. ඉතින් එහෙව් ලෝකෙක තව කෙනෙකුට පණිවිඩයක් දෙන්න ඕනෙ නම් කරන්න තියෙන හොඳම දේ ඕපාදූපයක් නැත්නම් ජීවිත අත්දැකීමක් ඇතුලෙ අපිට ඕනෙ කරන පණිවිඩේ හෙමීට ඔතල දෙන එක.
    පිට කවරෙ ගිලින කොට ඉබේම ඇතුලෙ තියෙන දේත් ගිලෙනව. වැඩි දෙනෙක් අතරට හරවත් පණිවිඩයක් යැවීමේ හොඳම ක්‍රමය.

    ReplyDelete
  44. Thanks Freedom... Lot of questions and thoughts.

    But, I hv to go now, for sure, I will write my thoughts later...

    ReplyDelete
  45. @ Anon

    You seems to be a nice guy, but sorry to burst your bubble, mate.Seems you mixed up "day dreaming" and the power of imagination. Dreaming is a essential part of our existence. All our great scientists, philosophers are dreamers. The facts and theories we know, all are in the state of flux --nothing is written on a stone wall,constantly changing.So, we need more dreamers. besides, remember the good old saying " all work, no play made Jack a dull boy"

    ReplyDelete
  46. Thanks for lively interaction.

    Through ones experience he/she can worldly enlighten many others life to live and help escape many booby traps.

    By imagination one can fit into others shoe, but mostly it is a gambling. That may work out or mostly not. Or force others to step into his or her shoes, that may be a dirty game.

    We flock here as olden day’s villagers gathered under “Nuga Sevana”. That provides shade, cool and openness. Our intention is not only listen to a song which Tissa unveil by cleaning up multiple layers of dust or taken from a corner for decades. That shares beauty of our literacy, poetry and environment. This is an attempt soothe pain that sucking out goodness from our young veins, bones and save social fabric with miraculous cure – harmless words formed by golden literacy, by pen.

    Every individual in this wide shade walk in themselves and ‘cause they are able to distinguish.

    ReplyDelete
  47. ශිහ්!!!
    මේ මොනව කතා කළත් තිස්ස අයියෙ මේක අහපු දා ඉඳළ හරි කරදරේ. මොන විකාරයක්ද මන්දා? අර "ඊයෙ මුළු රෑ" ටික කියන්නෙ ටිකක් වේගයෙන් අමුතු විදියටනෙ. ඒකෙ මොකක්දෝ එකක් තියෙනවා.
    කොයි වෙලෙත් මට ඕක කියවෙනවා??? තව පොඩ්ඩෙන් මනුස්සයෙක්ගෙන් ගුටිත් කනවා.
    :'(

    ReplyDelete
  48. Please note: here imagination I discussed is only “common dream” I guess was mentioned by Anoy. Not constructive “imagination” push globe into new horizons of advancements.

    ReplyDelete
  49. ජීවිතය විඳවන්න එපා....විඳින්න එන්න...

    Golden words of Sula

    (I have to go for a meeting)

    ReplyDelete
  50. @ Ano, සිරිබිරිස්, freedom, සුලා, ගල්මල්: ෂහ් මේක කදිම සංවාදයක් වුනා... අතීතයේ විඳපු දුක් කන්දරා අමතක කරන්න මමත් හරිම මනාපයි... හැබැයි තවත් කාටවත් දුකක් නොදී මගේ හීන ඒ දුක් වේදනා වලින් ගොඩ එන්න උදව් වුනු හැටි මතක් වෙනකොට මට හීන දැකීමෙන් මිදෙන්න හිතෙන්නේ නෑ ඇත්තම කියනවනං... සිරිබිරිස් අයියා අපට අමතක වුනු දෙයක් මතක් කලා... ඒනම් "දවල් හීන " දැකීමයි... ඒක වෙනස් නේ...? සිරිබිරිස් අය්යා මේ පැත්තට නිතර ඇවිත් මොනවා හරි කියලා යනවානම් මම බොහොම මනාපයි... මම ඔබතුමාගෙන් මගේ ජීවිතයට යමක් එකතුකරගන්නවා.... ජීවිතයේ කරදර කන්දරාවකට මූණ දීලා මනුස්සකම නොසිඳාගත් ගල්මල්ටත් සුලාටත් මේවා ගැන සාධාරනව කථාකල හැකියි... පුද්ගලිකව නොදන්නා වුනත් Anoත් අපි සමගව ඉඳීවි.... මම අත්දැකීම් ඇති, ව්‍යවහාර ඥාණය ඇති, ඇසූ පිරූ තැන් ඇති, අයට ගරු කරන්නෙක්... ඒ හින්දා මෙතන වෙන සංවාද වලට පි‍ටුපස ඇති මා දන්නා මිනිසුන්ගේ වචන වල "බර" මට හොඳින් තේරෙනවා...

    ReplyDelete
  51. @freedom: ඒක හැබෑව... ඒ කෑල්ල කියන්නේ අමුතු විදිහට තමා... මේ සින්දුවේ music එහෙමත් ටිකක් අමුතුයි... අසාමාන්‍ය සිංදුවක්... මොකද එහෙම සිංදුවක් ඇහුවහම දවස් ගානක් ඔලුවේ ඒ සිංදුව තියෙන්නේ...? මට හරියට වෙන වැඩක්... මොකද අප්පේ ගුටි කන්ට ගියේ... ?

    ReplyDelete
  52. i saw the recent comments and would like to let you know that it was me tissa ayya was talking about here and would like to let you know it meant so much to me. further i would like to say this is not a fiction but something real which happened just 2 days ago...so ANO,
    Its so beautiful AND IT IS REAL..
    AND IT HELPS ME balance MY thoughts...

    i feel pity for this anonymous guy who keep saying that we should wake up and start living in the present. he's forgetting that we are what we are because of what we dreamt in our past. i was like him before; i put aside everything so dear to me once, which can only be touched by my heart and soul. most of the time i tried to stop imagining and dreaming and things looked so practical. The results, i have forgotten the books i have read, the movies i've watched, the songs i grew up listening. i was still reading, on a purpose but simple pleasure.. i was doing ok and fine, but inside i was unhappy most of the time. and felt that i haven't used my energy in a productive way.
    that's why i value this blog this much. it just doesn't give us a link to listen to a song while doing other chores in a daily routine. it gives us a break and stops us from this race in life and let us think.. imagine... and dream....to become someone who can relate to another person with a sensitive heart.. wheather it is a love song or a song about some other subject it doesn't matter... i find each and every song and the background are equally fascinating and it really calms my soul.

    ReplyDelete
  53. @ freedom... We can't judge others, we know who we are. I wrote, what I saw, it may be a different way of enjoying...

    About dreaming, There are many kinds of dreaming. Hmmm.. "Day dreaming", that is something else. You can dream when you are at your computer as well. But... the real world is some where else..

    Another example.. You hv your family and you are enjoying with them. You dream about another, your energy moves there, that may create many problems, specially the things you hv to force will be lost.

    @... "ජීවිතය විඳවන්න එපා....විඳින්න එන්න"... You said so, Why you said that, because...
    One way or the other, most of us are "විඳවනවා".

    @ Siribiris.. "All our great scientists, philosophers are dreamers.....", You see any greatness in them.. All they have discovered are wrong or will be wrong in the future..
    But, the Buddha... Is he a dreamer too???...

    Tissa, thanks agian for your lovely songs and thougths.. Keep going...

    Hv fun!

    ReplyDelete
  54. @ Nethu.... hmmmm. so it was you....

    Very long comment and too strong..
    and you said you were like me... well, you may be right...

    So, you don't agree with me about enjoying the present and still think the dreaming and imagination is the path...
    well, look around, you will see the beauty and the present..

    Another thought...
    Many ways of enjoying, sharing, past time, dreaming, imagining... But, Hv we gone too far?

    The real beauty is here in the present...

    ReplyDelete
  55. මෙතන පොඩි පහේ සංකලනයක් කරගත යුතුයි...
    අර "මේ ලෝකේ නෙමෙයි ඉන්නේ...." කියන තත්වයට නොයා තමන් ගේ රුචි අරුචි කම් වල මානයන් පුලුල් කරගන්න, නිර්මාණශීලිත්වයට අතපය දිගහරින්න, යම් හිත් සනහන ගීයක රසයේ කිමිදෙන්න, හීන දකිමු...
    කණස්සලු අවස්ථාවක අප ප්‍රියකරන කෙනෙකුට කථාකරලා දුක කියන්නා වාගේ...
    මා තේරුම් ගත් පටිච්ච සමුප්පාදයට අනුව සියල්ලම මණසේ නිර්මානයන්ය (සංස්කාර...), මනස විසින් සකස් කර ගත්තු ඒවාය... සම්මුතියක් ලෙස දකින (සංවේදන හා ඒවා තේරුම් ගැනීම්) හැබෑ ලෝකයද ඇතුලුව...

    මා නිසා එක් සැරයක් රිදවුනු නෙතු නංගීගේ හිත ආයේ රිදවන්න එපා කියලා ඉල්ලා හිටිනවා හැමෝගෙන්ම..

    ReplyDelete
  56. @ Anonymous
    gr8 **** such a down to earth man!!!

    සිහින වල සැරිසරන හිත් වල දුක වැඩිවෙනව සිහින වලින් සැබෑ ලෝනෙට ආවාම...
    එහෙමයි කියල සිහින දකින්න කැමති අයට සිහින දකින්න එපා කියන්න අපිට බැහැ...
    ඒත් ඇස් ඇරල සැබෑ ලෝකේ රස විඳින්න පුලුවන් නම් නියම ලස්සන ඈත්තටම කියනව නම් නියම සොඳුරු බව අපිට දකින්න පුලුවන්....

    සිහින දකින්නෝ සිහින දකිත්වා
    නමුත් දෙනුවක් කඳුලින් නොතමේවා
    මගේ පැතුම එයයි ෴

    මම
    සොඳුරු සිත
    වත්

    ReplyDelete
  57. Tissa... you got all comments mixed and balanced in a beautiful way. That is pure talent.. I like your style.. but the message is there..

    @ Wath.. you are right...

    සිහින දකින්නෝ සිහින දකිත්වා
    නමුත් දෙනුවක් කඳුලින් නොතමේවා
    මගේ පැතුම එයයි ෴

    ReplyDelete
  58. @ Ansh Lucky Sri Jay

    "උරය පලා සැතකින් බලන් රුහිරූ එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරූ"

    නන්දා මාලිනී ගේ පවන ඇල්බම් එකේ පළමු සින්දුව.

    ReplyDelete
  59. මේ ගීයට මමත් ආසයි

    ReplyDelete

 
Blogger Wordpress Gadgets