සඳයි තරුයි ‍රැයයි හිරුයි මගේ මේ ලොවේ ..

Angelina Jolie
මේ ගීය ක්ලැරන්ස් විසින් නිර්මාණය කරන ලද මං ආසම ගීය.... මේක ක්ලැරන්ස් විසින්මත් ගායනා කරනවා... හැබැයි අනිල් භාරතී ගායනා කරන මේ version එකට මම බොහොමත් කැමතියි... කලෙක උමතුවෙන් මෙන් මේ ගීය ගායනා කරපු කාලයක් තිබ්බ මම... ගෙදර හිටියත් එලියට බැස්සත් ... මගේ සොයුරියටත් මේක note වෙලා ''මඳ සිනහා රතු දෙතොලේ ආ...? හොඳයි හොඳයි..."කිය කියා මට වදේ ගැහුවා ඒ කාලේ... මට ආයෙමත් ඒ හැඟීමේ ගිලෙන්න පුලුවනි මේ ගීයත් එක්කම....

සඳයි තරුයි ‍රැයයි හිරුයි මගේ මේ ලොවේ ...
මමයි ඔබයි අපේ සිතයි සදා වෙන්නොවේ...
මද සිනහා රතු දෙතොලේ..
මට නොපෙනී හද හැකිලේ...

මා සොඳුරු මිහිරි සිහින ඔබ ගැන දුටිමි...
ඒ සිහින සැබෑ ලොවේ මියයනු දුටිමී...
කොවුල් ගීත මගේ සවණේ පිලි‍රැව් දුන්නා...
අවුල් වී මගේ ගත සිත මට දුක දුන්නා...

මද සිනහා රතු දෙතොලේ..
මට නොපෙනී හද හැකිලේ

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න..

18 comments :

  1. හහා..මේක මරු සින්දුව.
    මේ සින්දුව ගැන විෂ්මිටත් මම දවසක් කිවුව මොකද මේකෙ හරිම ජොලි ගතියක් තියනවා අර ගායිකාව ගායනා කරන කොටස අවසානයේ අනිල් භාරතී "මද සිනහා රතු දෙතොලේ" කියල වෙනමම රිද්මයකට අවතීර්ණ වෙද්දි.
    ක්ලැරන්ස් ගෙ වර්ෂන් එක අහල නැහැනෙ තියේනම් ඒකත් දෙන්න‍ අයියෙ.

    ReplyDelete
  2. නියම සින්දුව.... හි හි ....... වෙනස්ම තාල දෙහෙකට ගයන ගීතයක්..... සින්දු ගැන කතා කල දවසක රේවන් මේ සින්දුව කිවුවා...... එතකම් මම අහල තිබුනේ නෑ...... ඕන් අද අයිය පරාදයි... මම මේක කලින් අහල තියෙනවෝ........ :D

    ReplyDelete
  3. මෙන්න සින්දුවක් අ..හ..හ් අ.. අර වෙලාවට use කරන.. මුකුත් නැහැ වයින් කරපු බොනික්කො වගෙ පුටුවල ඉදන් ඉන්න වුනුත් කැරකෙනවා.. ලස්සන සින්දුවක් කියලා කියන්නෙ නැහැ.. එත් මෙක අපිට ගොඩාක් වටින සින්දුවක්....

    ReplyDelete
  4. තවත් මගේ ප්‍රියතම ගීයක්... කවුද මේ ගායිකාව?

    ReplyDelete
  5. මම නම් කැමති මේ සින්දුවේ music එකට...

    ReplyDelete
  6. මම අහල තියෙනවා මේ සින්දුවම වෙනස් විදියකට. සංගීත භාණ්ඩ නැතිව, මිනිස් කට හඬින් පමණක් ශබ්ද සපයමින් සුනිල් පෙරේරා, අනිල් භාරතී, ඇනස්ලි මාලේවන, රජිව් සෙබස්ටියන් ඇතුළු කිහිප දෙනෙක් එයට සහභාගි වුනා. ඒ සින්දුව නැවත අහන්න තියෙනවා නම් ඒක අලුත්ම අත් දැකීමක් වෙයි.

    මතකයන් අළුත් කලාට තුති!

    ReplyDelete
  7. ලොකු අයියගේ රසිකයෙක් උනාම හොඳ වගේ ම නරකත් කිව්වට කමන්නෑ නේද ?
    මටනං මේ සිංදුව ක්ලැරන්ස් කියනවා වගේ නෑ කවුරු කිව්වත්.. ඒ ගැම්ම එන්නෙ නෑ නේ.

    කොහොම උනත් ඔය පලාතේ ඉන්නකොට වැඩිය ඔය සිංදුව අහන්න එපා. ගෙදර එන්න හිතෙයි ඉක්මනට :)

    Raven මලයා කිව්වා වගේ මේ ගීතයේ තියෙන සු‍විශේෂත්වය වෙන්නේ වෙනස්වන රිද්මය නිසා වෙන්න ඇති..

    -ජය

    ReplyDelete
  8. මම ලඟ මේ සිංදු දෙකම තියෙනවා. අනිල් භාරතී එක්ක කියන්නේ ලාංකිකා පෙරේරා වෙන්න ඕනෑ. ක්ලැරන්ස් එක්ක කියන්නේ ලිලන්ති කියලා ගායිකාවක්.
    මතකයන් අලුත් කලාට බොහෝම පින්.

    ReplyDelete
  9. මද සිනහා... රතු දෙතොලේ
    මට නොපෙනී... හද හැකිලේ....

    සමනලිගේ ආසම ගායකයා ක්ලැරන්ස් මහතා තමයි.... ස්තූතියි අයියේ එතුමාගේ ගීතයක් පළ කලාට.....

    ReplyDelete
  10. අනේ මංදා මේ සිංදු කොහෙ තිබුන ඒවද?? කියලා.
    මට කියනකෙනා නම් මතක හිටින්නේ නැහැ.
    ඒත් ඉතින් දැන් බලාගන ගියාම සිංදුත් මම දන්නේ නැහැ වගේයි මට නම් තේරෙන්නේ.
    බොහෝම ස්තූතියි!! මේ විදිය සිංදු නැවතත් මතක කරලා දෙන එකට

    ReplyDelete
  11. මගෙත් ගොඩක්ම ආස කරන සින්දුවක්...පුදුම ලස්සනක් තියෙන්නේ සංගීතයේ වගේම වචන වලත්.

    ReplyDelete
  12. ක්ලැරන්ස් විජේවර්ධනයන් ගේ හඬින් ගයන මේ අපූරු ගීතය කිහිප දෙනෙකුම ඉල්ලා තිබුණා.

    අපි ඉන්න දේශයේ ඉන්ටර්න්ට් වල පොඩි ප්‍රශ්ණයක මැරින් කේබල් වල හුටපටයකින්, ගීතය ලඟ තබාගෙන Upload කරන්න බැරිව හිටියා.

    ගීතය මෙතැනින් ගන්න පුලුවනි:

    http://www.mediafire.com/file/njzuonnjtmg/Sandai Tharui.MP3

    ReplyDelete
  13. @Raven: හරිම සතුටක් ගෙනදෙනව තමයි නේද..?
    @විශ්මි: හෙහ් හෙහ්.... good

    @රවා: මොකද බන් ලස්සන නැත්තේ ...ලස්සනම ලස්සනයි...

    @නිශාචරයා: ලාංකිකා පෙරේරා නේද මචෝ...පල්ලෙහා DJ Slash මහත්තයා කියලා තියන විදිහට...

    @wath : මමත් එහෙම්මමයි... සංගීතය හරිම ලස්සනයි...

    @මිගාර: ඔව් මචන් මමත් ඒක ඇහුවා දෙපාරක් ... තවත් ගොඩක් සිංදු එක්ක කියන්නේ නේ..නන් ස්ටොප්... හොයන්න ඕනෑ...

    @යෝගී: කියහං කියහං ඕන දෙයක් කියහං බං... කොයි වෙලාවෙත් ඉතින් ගෙදර එන්න හිතෙන එකා ආයේ සින්දු අහන්න ඕනාය...?

    @DJ Slash: බොහොම ස්තූතියි මහත්තයෝ මේ පැත්තේ ආවට... මම ඔබේ ගෙදර පැත්තෙත් ගියා... ඒක රස ආකරයක් නොවෑ....?

    @punchisamanalee: සමනලුනගේ ත‍ටු මුදු කුරුලු පිහාටූ....

    @නිමන්ති: මගේ ප්‍රියතම කිවිඳියට කොහොම ගී මග හැරුනද...?

    @Grey: ගති නේ මචං...?

    @ගල්මල්: ඕං ඉතිං අපේ අහැටියට පිං දුන්නා ඈ...

    ReplyDelete
  14. අපි නොදන්න කොයි තරම් දේවල් ඇතිද..අයියේ.
    මම හිතන හේතු ගොඩක් තියනවා..
    සිංදුවලට වඩා මම එකතු කරන්නේ පොත්.අනික හැම වෙලේම සිංදු හොයාගන්න තියන හැකියාව මට කාලෙක ඉදලම හරි අඩුයි.
    ඒගත්තත් මම අන්තිමේදි අරගෙන තියන්නේ විවිධත්වය අඩු සිංදු ගොඩාක්.
    ඉතින් බොහෝමත්ම ස්තූතියි!!! මේ විදිය සිංදු හොයලා අපිටත් දැන ගන්න කියන එකට.

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. අනේ අය්යෙ, මම මේ සින්දුවට ආස නෑ...
    ඉතින් බොරුවක් නැතිව මම ඇත්තම කිව්ව..

    ReplyDelete
  17. ඒත් ඕක අහද්දි මට මතක වුනේ ජෝතිපාල මහත්මය ගෙ " උන්මාදනීයේ වෙන් වී යන පි‍ටුපාලා" කියන සින්දුව , ඇයි දන්නෙ නෑ, (තියනව නම් ඒක දාන්නකො අය්යෙ..)

    ReplyDelete
  18. සමාවෙන්න කිප වතාවක් ඇසෙන විටදි මෙය මගෙත් කටින් නිතර පිටවන දෙයක් උනා.. අම්මා මගෙන් අහනවා "ඔය සින්දුව එපා වෙන්නෙ නැද්ද කියලා" මම අම්මට කිව්වා " අම්ම මම දන්නෙ මෙච්චරයි, සම්පුර්න සිංදුව මතක හිටිය දවසකට මම මෙක කියන්නෙ නැහැ" කියලා

    ReplyDelete

 
Blogger Wordpress Gadgets