ආලකමන්දා නාරිලතා සේ...

සනත් නන්දසිරි ගේ කොපමන නම් මනෝරම්‍ය ගී තියනවාද... මම එක සැරයකුත් කිව්වා වාගේ නාලිකාවල අහන්න ලැබෙන්නේම "මම නම් ආසයි අහන්න නයනා..." වගේ මෑත කාලයේ බිහිවුනු එතරම්ම මධුර නොවූ ගී... පැරණි ඒවා නොදන්නා කමද එහෙම නැත්නම් සොයා බලන්න ඇති නුවූමනාවද කියලා මට කියන්න අමාරුයි.... ඔහුගේ තවත් මම කැමතිම ගීයක් මට තවම සොයා ගන්න බැරිවුනා...
"රතු මල් ඔසරිය පාවී පාවී බස් නැවතුම ලඟ ලැගුම් ගනී...
යුවතිය ඔබ වට රතු මල් අතරින් ඔබ රූ සම අන් රුවක් මැවේ...
සැක හැර බලමි කෙසේ ...සැක හැර බලමි කෙසේ..."
තමයි ඒක... දන්නා කෙනෙක් ඇත්නම් තියන තැනක් ... කිව්වොත් පිං බොහොම.... මේ ගීයේත් පියානාව හා බොංගෝ වාදනයක් අපූරුවට මුහු කරලා තියනවා...

ආ... ආලකමන්දා... නාරිලතා සේ ...
සිතුවම් කල මැන පෙම් රේඛාවෙන්
ආදර අසිරිය මාහද කැටපත් පවුරේ...

රෑ... රෑ මනමාලිය...
මල් පිපි රෑකදි...
කනාමැදිරි එලි දල්වන රෑකදි...
පවන් සලනු මැන ඉහ ඉද්දර ඉඳ...
ඔබේ ආදරේ විජිනි පතින්..

සඳ වතුරේ රන් නෞකාවේ නැග...
පාවී අවුදින් නැවතී මාලඟ...
සිදංගනා සේ සිනා සලා...
පවන් සලනු මැන ඉහ ඉද්දර ඉඳ
ඔබේ ආදරේ විජිනි පතින්..

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න....

24 comments :

  1. මේ සිංදුවත් ගොඩක් ලස්සනයි . .
    ඒත් මම වැඩිපුරම කැමති
    "ආදර සැමරුම් කැටිවූන
    නෙතු කඳුලින් මුතු පබුලින්
    නිමා කලෙමි සිහිවටනය
    යමුනා තීරේ . . යමුනා තීරේ . .
    එවන් නිමල මැදුර බලා
    වඩින්න දෑදේවියේ . .
    මහද අඳුරු ලෙන අතහැර
    වඩින්න දේවියේ . . " ගීතයට . .

    ReplyDelete
  2. ඇයි අර වසන්තයේ දවසක් ෆිල්ම් එකේ දේදුන්නෙන් එන සමනලුනේ සිංදුව . . ඒකත් හරිම ලස්සනයි නේද තිසා . .

    ReplyDelete
  3. සනත් නන්දසිරි ගෙ සින්දුවක් කියල හිතන්නවත් බෑ.. මම අහපු සනත් නන්දසිරිගෙ සින්දුවල රටාව ට වඩා සම්පූරණයෙන්ම වෙනස්...
    "ඔබට වසඟ වූ දෑසක අභිමන්" වලටත් වඩා ගොඩක් වෙනස්..
    මම තාම 4 වෙනි සැරේට අහනවා..

    ReplyDelete
  4. ඈත්ත ඈත්ත... හිතන්නවත් බැහැ තමයි සනත් නන්දසිරි මහතාගේ සින්දුවක් කියල. ඒ තරමට කටහඩ වෙනස්.....

    ReplyDelete
  5. වත් අක්ක කිවුවා වගේ සනත් නන්දසිරි මහත්මාගේ කටහඬ අදුරගන්න අපහසු තරම් වෙනස් මේ ගීතයෙ. සෑහෙන පැරණි එකක් වෙන්න ඇති.

    ReplyDelete
  6. අදමයි ඇහුවේ..
    සනත් මහත්තයාගේ තරුණ කාලේ සිංදුවක් නේද?
    මම කැමතිම ගායකයෙක්...


    /බිඟුවා...!

    ReplyDelete
  7. රෑ නිදිමරද්දී තනියම වැඩ හින්දා
    හද ගී පොතේ පි‍ටු එකිනෙක රස වින්දා
    ගී මුතු වැලක් අමුනා ඔබ දුන් හින්දා
    ඒ ගැන ඔබට තුති ගී මම පද බැන්දා

    ReplyDelete
  8. තිස්ස අයියා.. සින්දුව අහලා කමෙන්ට් එකක් දාන්නම්.. දන්නවානෙ සින් එක.. 15 වෙනිදා එනකම් ඉන්න ඔනා...

    ReplyDelete
  9. සොයුරේ ඔබේ පූර්විකාවට වඩා යමක් ලියන්නට නැත...

    ඉලෙක්ට්‍රොනික මෙවලම් වලින් විනාශ නොකල සනත් නන්දසිරියන්ගේ අපූරු හඬ, ඉමිහිරිය අසන්න සැලස්වූවාට පින්.

    ReplyDelete
  10. චේජනා අක්ක කිවුවත් වගේ මේ සනත් නන්දසිරිද කියල හිතාගන්නවත් බැහැ... ගායකයගෙ නම නොකිවුවනම් හොයාගන්නත් බැරිවෙනව.....ලස්සන ගීතයක් තිස්ස අයියෙ...... දුකා අයිය මතක් කරපු 'දේදුන්නෙන් එන සමනලුනේ' මං ආසම කරන ගීතයක්.....

    ReplyDelete
  11. ඔබට බොහොම පිං අපට මේක අහන්නදුන්නාට.

    මං නම් වැඩියෙන්ම කැමති "බෝ මළුවේ මල්" ගීතයට.

    ReplyDelete
  12. ගීතය අහන්න බැරි උනා කියෙව්වා.
    ආයෙත් ඇවිත් අහනවා ගීත කීපයක් තියෙනවා මග හැරුනු ඒක සැරේම අල්ලන්න ඕන

    ReplyDelete
  13. හරිම අපූරු තනුවක් නේද? සනත් නන්දසිරි මහත්මයගෙ මම ඉතාම ආස කරපු ගීතයක් කුඩා කල සිටම. මතක ඇති කාලෙකට අහන්න ලැබුණෙ නම් නැහැ. ඉස්සර අපි පොඩි කාලෙ මතකයි රේඩියෝවෙ "පැරණි රසාංග" කියලා පරණ සින්දු ප්‍රචාරය කළා. අද එහෙම පැය භාගයක්වත් මේ වගේ ගීත ප්‍රචාරය කරන්න බැරි තරමට අපේ මාධ්‍යයන් වාණිජකරණය වෙලානෙ. :(

    ReplyDelete
  14. අයියේ මේක නම් මාර ම ගති සිංදුවක්.., මම පළමුවැනි සැරේට ඇහුවේ.
    [ ලැජ්ජාවෙන් උනත් ඇත්ත කියන්න එපැය. ]
    ස්තූතියි මේ වගේ සින්දු අපට අහන්න සලස්සනවාට.
    [ ගේම දීලා වැලිකඩින් පනින කතා කියන සිංදු වලට වඩා මේ සිංදු මොන තරම් හිත් නිවනවද..!! ]

    ReplyDelete
  15. පවන් සලනු මැන ඉහ ඉද්දර ඉඳ
    ඔබේ ආදරේ විජිනි පතින්..

    උපරිමයි. සනත් නන්දසිරි මහත්තයාගේ මම ආසම සින්දුව නම් "බෝ මලුවේ මල්"

    මට ඉතින් පෞද්ගලිකව ඒ ගැන අත්දැකීම තියෙන නිසා බොක්කටම වදිනව. බොහොම ස්තූතියි මේ වගේ පරණ සින්දු අපට හොයල දෙනවට.

    ReplyDelete
  16. marai...mama hithanhitiye Nandasiri ge okkoma sindu mama ahala thiyenawa kiyala...

    ReplyDelete
  17. තිසා......

    ෆොටෝ කොපි ජීවිතයෙන් මිදිලා ..සති අන්තය ගෙවා දමන්නේ අපමණ සතුටින්...ගතට වෙහෙසක් දැණුනත්...අපේ උන් වෙනුවෙන් ගෙවා දමන මේ හෝරා කිහිපය මා "මා ජීවත් කරවන" ඉන්ධනය බවට පත්වෙලා.....කොහොම උනත් දවස අවසානයේ මගේ සිත සිතිවිලි වලින් තොර රික්තකයක් බවට පත්වෙනවා...මම මේ හුදෙකලාවට මනාපයි.....

    සුව නින්දකට සයනය ආරාධනා කරත්දිත් පුරුද්දට වගේ තිසාගෙ වැයික්කියට ගොඩවෙනවා ඒ සොඳුරු හිතත් එක්ක කතාකරන්න...

    සනත් නන්දසිරි කියන්නේ අපේ කාලයේ බොහොම විරල ගැඹුරු හඬක් තියෙන ගායකයෙක්..ඉහත සඳහන් ගීතය අහල තියෙනව කියල නිච්චියක් තිව්නත් උඹට පිoසිද්ධ වෙන්න ආයෙත් හිත් පුරා රසවින්දා...

    ඉතින්...උඹට පින්.....


    මේ....

    සුලා..

    ReplyDelete
  18. @LishWish කියලා වැඩක් නෑ මල්ලියා... "ගේම දීලා වැලිකඩින් පනින..."හෙහ් හෙහ් හෙහ්...පිස්සුම තමා නේ...?

    @තරිඳු: මම මල්ලිගේ බොහොමයක් සටහන් හා බොහෝ කමෙන්ට්‍ටුත් කියවනවා... මම ඔබේ රසිකයෙක්... බොහොම ස්තූතියි මේ පැත්තේ ගොඩවුනාට...

    @Yasela Sumanasinghe ඔහුගේ තවත් පරන සිංදු මෙකේම ඇති... වෙලා තියනවෙලාවට පි‍ටු පෙරලන්න... බොහොම ස්තූතියි ආවට...

    @සුලා: මෙන්න ඇවිත්.... ආශ්වාදනීය සුලඟ... මොකෝ මෙච්චර දවසක් වෙලා උන්නේ...? කෝ ඉතින් සැප දුක අහන්නවත් ඉන්න තැනක් දන්නවායෑ...! මදෑ ඉතින් ආවා එක අතකට...! හැබෑටම මේක අහලා තියෙන්නේ සුලා, මගේ හිතේ අඩු ගනනේ 35න් වත් උඩ කට්ටිය...

    ReplyDelete
  19. රතු මල් ඔසරිය පාවී පාවී බස් නැවතුම ලඟ ලැගුම් ගනී...
    යුවතිය ඔබ වට රතු මල් අතරින් ඔබ රූ සම අන් රුවක් මැවේ...
    සැක හැර බලමි කෙසේ ...සැක හැර බලමි කෙසේ
    මට යන්තමට වගෙ සැක හැර බලමි කෑල්ල මතකයි. කොහොමහරි හොයාගන්න බලන්න. මාත් උත්සාහ කරන්නම්. කණ අවුස්සලා නිකන් ඉන්නවා නෙමේ ඕන්. මේ සින්දු අහපු ඒවාට වඩා ඇහුන ඒවා. මොකද අපි ඒ කාලෙ පොඩි උන් නිසා. නැවත ලබා දුන් අවස්ථාවට පින්.

    නයෝමි

    ReplyDelete
  20. @නයෝමි: ලංකාවේ හිටියා නම් මල්වත්ත පාරේ කොහොම හරි කරක් ගහලා මේක හොයා ගන්නවා... බලමු ලංකාවට ගිය වෙලාවක...

    ReplyDelete
  21. හෙහ්....හෙහ්.....අපුරු නම....."ආශ්වාදනීය සුලඟ"


    මේ..

    සුලා......

    ReplyDelete
  22. මචං ලස්සන සින්දුව. උඹ ලියන වේගයට මටත් මගේ බ්ලොග් එක ලියන්න පුලුවන්නම් කියලා හිතෙනවා - මුදිත යාපා

    ReplyDelete
  23. එතකොට උඹ මේ ඈ.... ෂහ් මට අඳුනා ගන්න බැරි වුනානේ මෙච්චර කාලයක්....

    ReplyDelete
  24. තිස්ස,

    රතුමල් ඔසරිය සින්දුව මමත් කාලයක් තිස්සේ හොයනවා - තාම බැරිඋනා
    මම ආසම සින්දුවක්
    ඔබේ මේ වෙබ් අඩවියට මම ගොඩ උනේ අහම්බයකින් - මේ සේවාව අති විශිෂ්ටයි
    දැන් මම හැමදාම අනිවාර්යයෙන් බලන පිටුවක්.
    ඔබට පින්.

    ReplyDelete

 
Blogger Wordpress Gadgets