ලංකා නම වෙනුයෙන් පුරසාරම් කියවා කියවා මෙදිනේ!

ඉදිරියටමැ යව් හෙළයනි
ඉදිරියටමැ යව්...

මරුට සිනා සෙව් හෙළයනි
මරුට සිනා සෙව්...

ඉදිරියටමැ යව් හෙළයනි
ඉදිරියටමැ යව්...

 
අපගේ රටෙහිම යැද යැද
ගැති වී තව තව හිඳිමුද
නිදහස නැති දිවි කුමටද
ඉදිරියටමැ යව්....
ඉදිරියටමැ යව් හෙළයනි
ඉදිරියටමැ යව්...
දෑ ගති සළකව් හෙළයනි
දෑ ගති සළකව්...

පෙර කලැ අපගේ මුත්තෝ
දිවි දී දැය රැක ගත්තෝ
වෙමුද ඉතින් අපි ගැත්තෝ
ඉදිරියටමැ යව්....
ඉදිරියටමැ යව් හෙළයනි
ඉදිරියටමැ යව්...
හෙළයට දිවි දෙව් හෙළයනි
හෙළයට දිවි දෙව්...

අප රට හෙළ
අප පෑ හෙළ
අප බස හෙළ
හෙළ හෙළ හෙළ
රුවනත් හෙළ
නිවනත් හෙළ
ඉදිරියටම යව්....
ඉදිරියටම යව් හෙළයනි
ඉදිරියටම යව්.... 

Read More!

දිනුවා..!!!

.
සුව පහසු නින්දෙන් චරකව අවදි කලේ අම්මාය.
"පුතේ පුතේ අද මෙන්ටිසෝරියෙ කොන්සට් එක දවස..
පුතාලගෙ ඉවෙන්ට් එකයි ඉස්සෙල්ලම තියෙන්නෙ
ඉක්මණට නැගිටලා ලෑස්තිවෙමු.."

හැන්දෑවේ රාජකාරියෙන් ගෙදර ඒමට ප්‍රථම තාත්තා අම්මාට ඇමතුමක් දුන්නා චරක අසාගෙනය.
"මොකද වුණේ..?"
"ගෙදර එන්නකො.. ආහම මම කියන්නම්.."
අම්මා මුහුණෙහි මන්දහාසයක් රඳවමින්ම පිළිතුරු දුන්නාය..

"ඔන්න මෙයාලගෙ ගෲප් එක ෆස්ට් ආවා...
මෙයා තමා බෙස්ට් පර්ෆෝමර්..."
තාත්තා චරකව බිම තැබුවේ ඉහටත් උඩින් ඔසවා වට දෙක තුනක් කරකැවීමෙන් අනතුරුවය...
----------------------------------------------------------------------------------------------
"චරකව මොන ඉස්කෝලෙටද අනෙ දාන්න හිතාගෙන ඉන්නෙ ඔයාලා...?
හස්බන්ඩ් අරකෙ ඕල්ඩ් බෝයි හින්දා අමාරු වෙන එකක් නෑ නේද...?"  
වින්ධ්‍යා නැන්දා අම්මාගෙන් විමසනු චරක අසා සිටියේය.

"ඔව්.. හස්බන්ඩ්ගෙ කොලිෆිකේෂන් එක්ක ලිස්ට් එකේ උඩටම වගේ ඉන්න ඕන මගෙ කොල්ලා..."
අම්මා චරක දෙස බලමින්ම පිළිතුරු දුන්නාය.
එය එළෙසම ඉටුවිණි....
----------------------------------------------------------------------------------------------
"අනෙක් විභාග වගේ නෙමෙයි පුතේ මේක... මුල ඉඳලම වැඩේ අල්ලගෙන යන්න ඕන"
තාත්තා කීවේ සූරිච්හි ගුවන් යානය පහත් කරන්නට ඔන්න මෙන්න තියා කරමින් සිටි කථාව නවත්වමිනි.
ඒ සංචාරය, සාමාන්‍ය පෙළ ඉහලින්ම සමර්ථ වෙන බවට චරක තාත්තා සමග ඇල්ලූ ඔට්ටුවට ලැබුණකි.
----------------------------------------------------------------------------------------------
 "මොකද දැන් කරන්නෙ කරන්නෙ ලංකාවෙ යුනි යනවද එළියට යනවද?
ඔය රිසල්ට් එකෙන් ඕන දෙයක් කරන්න බැරියෑ..."
තාත්තා මහත් ආදරෙන් තමාගෙ හිස සිපගනු චරකට සිහිනයකින් මෙන් මතක තිබිණ.
----------------------------------------------------------------------------------------------
 චරකට තමා ලංකාවේ විශ්ව විද්‍යාලයට යන්නට ගත් තීරණය හරියැයි සිතෙන්නට වැඩිකලක් ගියේ නැත...
"මචං බලාගෙන.. බැච් එකේ ලස්සනම එක හරිද...
දැනටම හතර පහක් ඇනගෙන ඉන්නෙ... සින්නො දෙන්නෙකුත් එක්කම....
ඒ නිසා මිෂන් ෆේල් වුණොත් ඉතින් වහකෑම තමයි.."
මිතුරන් අමන්දා ගැන තමන්ට අනතුරු ඇඟවූහ.
චරකට පැරදුම නුහුරුය... නුපුරුදුය...
----------------------------------------------------------------------------------------------
"අමන්දා ජී එම් පෝස්ට් එකට ඔන්න මාව ප්‍රොපෝස් වෙලා අද..
අපි අර කථා වුණා වගේම...
අපි බලාපොරොත්තුව නොහිටිය දෙයක් නෙමෙයි වුණත් ඉතින් ඕක අතට ලැබුණම තව ටිකක් රෑ වෙයි ගෙදර එන්න.."
චරක පැවසුවේ මද ආඩම්බරය සඟවාගත් සිනහවකිනි...

"මගෙන්නම් අවුලක් නෑ...
එත් ඉතින් තාත්තා එනකල් රැකගෙන බලන් ඉන්න ජෝඩුව එක්ක විසඳාගන්න වෙයි..."
අමන්දාගේ මන්දහාසය චරකට සිහිකලේ තම මවගේ නිරතුරුවම සිනා රැඳී මුහුණය
----------------------------------------------------------------------------------------------
"මීට වඩා හොඳ දොස්තර කෙනෙක් නෑ අම්මෙ මේ වැඩේට..
අනිත් එක මම ටිකක් පර්සනලිත් දන්නවත් එක්ක ඒ සර්ජන්ව...
අපට වඩා  බැචස් තුනක් විතර උඩින් හිටියේ.... "
චරකගේ වැඩිමහලු දියණිය අමන්දාව අස්වැසුවාය

"තාත්තාව හොල්ලන්න එපා කියන නිසයි ප්‍රස්නෙ...
නැත්නම් මට හෙටම උනත් එහෙ එක්ක ගිය හැකි......"
බාල දියණිය ගුවන් තොටුපලෙන් ආ වෙලාවේ සිටම සිටියේ අමන්දාඅගෙ අත නෑරය....
----------------------------------------------------------------------------------------------
"ඩොක්ටර්ස්ලා කරන්න තියන හැමදේම ඉස්තරම්ම විදිහට කලා අම්මේ...
දැන් ඉතින් අපට තියෙන්නෙ බලන් ඉන්න...
අම්මත් දැන් ටිකක් රෙස්ට් කරන්න..
නංගියි මල්ලියිත් ඉන්නවනේ...
මම පොඩ්ඩක් දැන් ගෙදර යනවා...
හෙට පුනර්ජීවගෙ එලකියුෂන් කම්පිටිෂන් එක...
මම නැතුව මොකුත් කරන්නෑනෙ අම්ම එයා...
පුතාව හෙට ඒකට දාලා අනෙක් පැත්තට එන්නම්.."

මෙලොව එළිය සදහටම නිවී යන්නට කලින් චරකට අවසිහියෙන් මෙන් කන වැකුණු අවසාන වදන් පෙළ ඒ විය.
----------------------------------------------------------------------------------------------



දිනුවා.... බුදු ශ්‍රී බෝසතා
වෙසඟේහී පොහොය දිනේ.....
ශ්‍රී මහ බෝධී මූලෙහි පැහැදී
රම්‍ය වජ්‍රාසනේහී......
දිනුවා බුදු ශ්‍රී බෝසතා
වෙසඟේහී පොහොය දිනේ.....

ආ දස බිම්බර ඒ මර සේනා
ක්‍රෝධයනී දිලිහීයේ....
පරමිතා ශ්‍රී ධර්ම බලේ පා
මාරයා පරදා.......
දිනුවා බුදු ශ්‍රී බෝසතා
වෙසඟේහී පොහොය දිනේ

සුර බඹ සේනා සාධු නදේ පා
පුදකෙරුවා ජය ඝෝෂා
ලෝ දා කම්පාවීය විදා පා
ඒ සිදුහත් කුමරා........
දිනුවා බුදු ශ්‍රී බෝසතා
වෙසඟේහී පොහොය දිනේ....
Read More!

ජන සේනා...!

ජන ජන ජන සේනා
ජය ගොස එන්නා
රණ ගී මැද්දේ පෙරට ගලන්නා
ගොවි කම්කරු ගංගා... ගංගා... ගංගා...
ජන ජන ජන සේනා....

තප්පර පැය වී ගතවෙන දවසේ
වැඩපල වල ගොවි බිම්වල වෙහෙසී
සටන් පෙරමුණේ ඩා බිඳු වගුරා
ජය ගී මැද්දේ පෙරට ගලන්නා
ගොවි කම්කරු ගංගා... ගංගා.... ගංගා...

හෙට දවසක සුභ නිමිති දකින්නේ
තෙරපෙන දෑසක සතුට දකින්නේ
නොරටක දේ ගැන නැහැ වෙහෙසෙන්නේ
අහේනියක් නැත එළඹෙන්නේ....

ජන ජන ජන සේනා
ජය ගොස එන්නා
රණ ගී මැද්දේ පෙරට ගලන්නා
ගොවි කම්කරු ගංගා... ගංගා... ගංගා...
ජන ජන ජන සේනා......


Read More!

රසකාමිනියෝ....!

දෑතින් අල්ලාගෙන සිටි දියණියත් පුතනුවනුත් ඈ වම් පසට ගත්තේ වේගයෙන් විත් ලඟින්ම නැවතුණු වාහනයක් නිසාය...
-------------------------------------------------------
"හලෝ සචිත්‍රා....... ඔයා කොහෙද මෙහේ...?"
-------------------------------------------------------
මානව සම්පත් කළමණාකරණයේ  තම දක්ෂතා මැනවින් ප්‍රගුණ කර, අන්තර්ජාතික මට්ටමින්ම ඒවා තම ආදායමට සරිකරගත් සචිත්‍රාගේ සැමියා ඇයට හමුවන්නේ ඇය ගුරු විද්‍යාලයේ පුහුණුවන කාලයේදීය. ගුරුවිද්‍යාලය තම නිවස අසලම පිහිටි හෙයින් සචිත්‍රා ඒ දුර ගෙවා දැමුවේ පා ගමනිනි. මිහිකත නොනැලවූවද, මග මල් නොගැන්වූවද ඇගේ දිගූ කේෂ කල්‍යාණිය පිට මැද කෙළිදෙලෙන් කල් ගතකලේ ආයාචනත්මකවය. දිනක් සචිත්‍රා එසේ විද්‍යාලයට යන මග මෝටර් සයිකලයක ටයරයක් සිදුරුවී ඇගේ දෛවයත් කැටුව ඈ එන මග බලා සිටියේය.
------------------------------------------------------------------------------------------------------------
"කොච්චර කාලෙකින්ද මුණගැහුණෙ.... ඉතින් ඉතින් සචිත්‍රා කෙට්ටු වෙලා ටිකක්... කොණ්ඩෙට මොකද වුණේ... හරි ඔක්කොටම ඉස්සෙල්ල පොඩි දෙන්නටත් එක්ක බොන්න යමක් ගමු..."
------------------------------------------------------------------------------------------------------------
තම පළමු උසස්වීම සඳහා සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙනදා සුමිත් පාරට බැස්සේ වෙනදාටත් වඩා කලිනි. නුවුමණාදේම වන්නාසේම, ටයරය සිදුරුව ගියේ අලුත්වැඩියාව කරගත යුතු ස්ථානයට බොහෝ දුරිනි. දාඩිය මුගුරු දමමින් බයිසිකලය තල්ලු කල සුමිත් මදක් විඩාහරිනූ පිණිස නැවත්වූයේ ඒ අපුරු රුසිරිය නෙත ගැටිණි. මදක් ගෙල හරවා බැලු බැල්මෙන්ම ඔහු හද සිදුරුව ගියේ මුහුණ දුන් අබග්ගයද අමතකවය.
------------------------------------------------------------------------------------------------------------
"කොයි කාලෙද ලංකාවට ආවෙ...  ලොකු දුව හම්බවෙච්චි ගමං නේද ගියේ ඔයාලා...?"
------------------------------------------------------------------------------------------------------------
 "සියලු සතුට දෙන දෑ දිනක නිමවේ" යන්න සුමිත් අල්ලගෙන සිටියේ වැරදි අන්තයෙනි.  සචිත්‍රා තම මන තුටු කරනා විෂයක් නොවීම, සිඟිති පුතුගේ ආගමනයත් සමග තවත් සීග්‍රවනු සුමිත්ට ඉවසිය හැකි කාරණයක් නොවිණි. සිතෙහි සංහිඳියාව බිදීයාමට ඒ හැටි වෙලාවක් යන්නේ නැත.  සුමිත්‍ ව්‍යාපෘති සහායිකාවට ලංවන්නේ පිටතින් සතුට සෙවීමටය. තම සිත් ගත් මියුලැසිය හැරපියා ඒ කහ පැහැයෙන් යුතු ඡවී කල්‍යාණියට කිට්ටුවන්නේද තම ලෙයින් මසින් වැදූ දරුවන්ද අමතක කරලමිනි. කාලයේ අභියෝගයනට මුහුණ දුන්නද සචිත්‍රා පෙර මෙන්ම ප්‍රියමනාප ලෙසින් සිටින්නට උත්සාහ ගත්තද, සුමුදු සයනයන්හි සිනිදු ඇතිරිළිවලින් පලා ආ සිතුම් සියොතුන් ඈ පසුකර ඉගිලුණි.
-------------------------------------------------------------------------------------------------------------
"ඔයාගෙ හිත මෙච්චර හයියයි කියල ටියුෂන් යන කාලෙ මම නම් හීනෙකින්වත් හිතුවෙ නෑ...!"
------------------------------------------------------------------------------------------------------------
වනස්පතියක් බදා එහි වෙලී ඇති ලතාවෙක් මෙන් උන් සචිත්‍රා රූපාන්තරනය වුණාද, එසේ නැතිනම් කලාද යන්න හරි හැටි දන්නේ සුමිත්ම පමණකි. ඈ තිරණයක් ගත්තාය.
------------------------------------------------------------------------------------------------------------
"දැන් ඉතින් මේ කඩිමුඩියේ කොහෙද යන්නේ....."
------------------------------------------------------------------------------------------------------------
සුමිත් අහසින් පොළවට එනවිට පළිඟුව බිඳී තිබුණි. එහෙත් ඔහුට සචිත්‍රාගේ නවාතැන්පලෙහි තවමත් දොර විවෘතව ඇත. එහෙත් ඒ බදු ඔප්පුවකට යටත්ව ඉන්නා නිවැසියකුට හිමි වරප්‍රසාද මත පමණි. ඇගේ සිත එතරම්ම කාරුණික වීම ගැන දරුවන් දෙදෙනා මතු දිනකදී ඇයට බෙහෙවින්ම ස්තුතිවන්ත වනු ඇත.
------------------------------------------------------------------------------------------------------------
"හොඳයි හොඳයි එහෙමනම් යන්න... ගෙදර කට්ටියට කෑම ලෑස්ති කරන්නත් එපායෑ නේද?.... ඉස්සරනම් මෙහෙම යමක් බොන්න එන්න කියන්නවත් අපි බයයිනෙ.... ඔයා මෙහෙම කථා කල එක ගැන සතුටුයි... සුමිත්ව මතක් කලා කියන්න...!
--------------------------------------------------------------------------------------------------------------

  ඉද්ද මල් දෙනිය වත්තෙන් ඉද්ද මල් නෙලා
  පිච්ච මල් කඩා කන්දෙන් මාලයක් හදා
  හැන්දෑවේ මං එනකොට දූට ගේනවා
  ඉන්න නාඬලා එනකල් ඉන්න නාඬලා....

  පුංචි දුවේ බලන්න බිම් තඹුරු පිපීලා
  රූං කියනවා බඹරුන් රොනට ඇවිල්ලා
  පුංචි දූට අහන් ඉන්න සින්දු කියනවා
  පුංචි දූට අහන් ඉන්න සින්දු කියනවා....

  ආං ඉගිලුනා ඈතට කොණ්ඩ කුරුල්ලා
  පේර අත්ත උඩ ඉඳගෙන කොණ්ඩෙ බඳිනවා
  පුංචි දූට බලන් ඉන්න කොණ්ඩෙ බඳිනවා
  පුංචි දූට බලන් ඉන්න කොණ්ඩෙ බඳිනවා....

Read More!

වැස්ස ලඟයි බක් මාසේ....

ගැටවරයන්ගේ සිත්වල හැඟීම් තෙරපෙන්නේ අඹමල් පිපෙන කාලයට යැයි කියැවේ....
රෝහණ වීරසිංහයන් මෙසේ ගයයි...

  "හැන්දෑකරේ අඹමල් වට බඹරු නටන්නා
   නින්ද නැතත් මං තනියෙන් හීන දකින්නා..."


මල්සරගෙ උක්දණ්ඩෙන් සැදූ දුන්නෙන් හී සර ලත් අය මෙන්ම එයින් උපන් අයද සිටිති..

  "උක්දඬු දුන්නෙන් උපන්නෙමි
   මල් මල් උයනක වෙසෙන්නෙමි
   රෑ සඳ ලෙස හිනැහෙන්නෙමී
   මමයි අප්සරාවී... අප්සරාවී.... අප්සරාවී..."


මේ කොයි දේත් පහසු කරවන, සමනය කරවන, කවුරු කවුරුත් හමුවෙන කාලයක් බක්මාසේ උදාවේ...

බහුතරයකගේ ජීවිත ගෙවෙනුයේ උදෙන්ම මහමගට, රාජකාරියට, එකම මුහුණු, ආපසු පාරට යන චක්‍රයකය...
සමහරුන්ගේ ජීවිත ගරාජයෙන් ගරාජයට පමණය...
ඒ අතරේ ඔවුනගේ ජීවිත ඔවුනටත් නොදැනීම තාරුණ්‍යයේ සීමාවනුත් පහු කර ගොසිනි...
මෙබන්දන් සමාජ ජාල වල සිරකරුවන්, ගොදුරු හෝ මෙහෙයුම් බලකායන් බවට පත්වීම ඉතින් පුදුමයක් වේද?

රෝහණ බැද්දගේට අනුව පහතරට සම්ප්‍රදායේ "දෝං තකට" යන අත් පෙරැළුම් පදයේ තාල ස්වරූපය උකහා ගනිමින් ඔහු අතින්ම නිමැවූ අපූරු කාලානුරූප ගීයකි "මල්සරා බැල්ම හෙලා.."
ඔහුටම අනුව සිංහල ජන ගීයේ තැන් තැන් වලින් උකහාගත් නාද මාලා ඔහු මේ ගීයේ සංයෝජනය කොට ඇත.

  මල්සරා බැල්ම හෙලා මගේ හිතට කොඳුරනවා
  රන්මලී දැක්ක ගමන් මල් වාරම් කියවෙනවා
  හිත බැන්ද සෙනේ මම් පවසන්නෙම්ද කොයි ලෙසින්
  රන්මලී...

  තිස්සෙම ගම සුවඳ කරන් පිපුණා කිණිහිරිය මලී
  විස්තර දුටුවද බඹරුනි පිපිලා දොඹ මුතු කැකුළී
  ලස්සන හුරුබුහුටිකම‍ට දිලෙනා දෑතින් ළකලී
  ඉස්සර කළ පිනට මගේ පිපුණා බල ළඳ කොමලී

  ලස්සන ගුණ කනක බරණ සවන් පැලඳි පුල්ලි මලී
  ඇස් නිල්පුල් පෙති ගෝමර ගෙලවට දිලි රුවන් මලී
  කොස් උයනේ මගේ පැලට එළිය දෙන්ට පිපුණු මලී
  වැස්ස ළඟයි බක් මාසේ මා සනසාපන් කොමලී



 [ගීය උපුටා ගැනුම 'මියුරු ගී' වෙබ් අඩවිය]

ගීයට සවන් දුන් සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා "මලේ ඒ සින්දුව නම් උඹ කොහොම කළාද දන්නෙ නෑ. ඒකෙ මියුසික් කොම්පෝස් කරලා තියෙන විදිහ නම් අපූරුයි" යනුවෙන් අගැයීමක් කල බවද සඳහන්ය.

රෝහණ බැද්දගේ ශූරීන් විසින්ම රචනා කලද ගීයේ සාහිත්‍යමය ගුණ සොබාව ගැන යමක් ඒ හැටි සඳහන්ව නැත. එහෙත් අප කුහුල පත්තායමේ ලේකම් තුමා විසින් විරචිත "රතවතී කාව්‍යය" ලඟ මදක් නවතියි.

උම්මග්ග ජාතකයෙහි රාගයේ අසදෘශ ස්වභාවය දක්වා ගිරා පණ්ඩිතයින් විසින් සැළලිහිණි ධේනුව පොළඹවා ගත් කථාව එයින් විස්තර කෙරෙයි.

"රථාවතී කිම්‍පුරිසී - සාපි වච්‍ඡං අකාමයී
මනුස්සා මිගියා සඬිං -  නත්‍ථි කාමෙ අසාදිසා"


යනාදී ලෙසින් හැර දක්වමින් ගිරා පෝතකයින් විමසන්නේ අතීතයෙහි පංචකාම සම්පත්තිය හැරපියා වනගතවූ බමුණෙක් අස්වාමික කින්නරාවියක් හා රාගයෙන් බැඳී දූ දරුවන් ලැබ වසත්නම් පක්‍ෂීන්ම වූ අප දෙපාර්ශවය සරණය ප්‍රමාද මන්ද යන්නයි.

කවි අට්ඨාරසකින් සමන්විත රතවතී කාව්‍යයෙහි එකාදසය මෙසේය;

දිගු  නිල්   මුහුලස   කොඳමල්  කිණිහිරි     මලී   ලෙලී
මන කල්  දෙසවන   දොඹමල්  කැකුළෙන් එලී      දිලී
සපු  මල්   දම් අත්       හිරියල්   තිලකෙව්   ඇලී   සැලී
සුවි  සල්   පුලුලුර       මුතුදැල්    නලඹල    මලී ලොලී

 
කවිකුලතිලකාය මාන දොන් සාංචි ද සිල්වා අභය ගුණවර්ධන සමරජීව පත්තායමේ ලේකම්තුමා වර්ණනාවෙහි දක්ෂ බැව් අප කවුරුත් දනිමු...!



Read More!
 
Blogger Wordpress Gadgets