වැස්ස ලඟයි බක් මාසේ....

ගැටවරයන්ගේ සිත්වල හැඟීම් තෙරපෙන්නේ අඹමල් පිපෙන කාලයට යැයි කියැවේ....
රෝහණ වීරසිංහයන් මෙසේ ගයයි...

  "හැන්දෑකරේ අඹමල් වට බඹරු නටන්නා
   නින්ද නැතත් මං තනියෙන් හීන දකින්නා..."


මල්සරගෙ උක්දණ්ඩෙන් සැදූ දුන්නෙන් හී සර ලත් අය මෙන්ම එයින් උපන් අයද සිටිති..

  "උක්දඬු දුන්නෙන් උපන්නෙමි
   මල් මල් උයනක වෙසෙන්නෙමි
   රෑ සඳ ලෙස හිනැහෙන්නෙමී
   මමයි අප්සරාවී... අප්සරාවී.... අප්සරාවී..."


මේ කොයි දේත් පහසු කරවන, සමනය කරවන, කවුරු කවුරුත් හමුවෙන කාලයක් බක්මාසේ උදාවේ...

බහුතරයකගේ ජීවිත ගෙවෙනුයේ උදෙන්ම මහමගට, රාජකාරියට, එකම මුහුණු, ආපසු පාරට යන චක්‍රයකය...
සමහරුන්ගේ ජීවිත ගරාජයෙන් ගරාජයට පමණය...
ඒ අතරේ ඔවුනගේ ජීවිත ඔවුනටත් නොදැනීම තාරුණ්‍යයේ සීමාවනුත් පහු කර ගොසිනි...
මෙබන්දන් සමාජ ජාල වල සිරකරුවන්, ගොදුරු හෝ මෙහෙයුම් බලකායන් බවට පත්වීම ඉතින් පුදුමයක් වේද?

රෝහණ බැද්දගේට අනුව පහතරට සම්ප්‍රදායේ "දෝං තකට" යන අත් පෙරැළුම් පදයේ තාල ස්වරූපය උකහා ගනිමින් ඔහු අතින්ම නිමැවූ අපූරු කාලානුරූප ගීයකි "මල්සරා බැල්ම හෙලා.."
ඔහුටම අනුව සිංහල ජන ගීයේ තැන් තැන් වලින් උකහාගත් නාද මාලා ඔහු මේ ගීයේ සංයෝජනය කොට ඇත.

  මල්සරා බැල්ම හෙලා මගේ හිතට කොඳුරනවා
  රන්මලී දැක්ක ගමන් මල් වාරම් කියවෙනවා
  හිත බැන්ද සෙනේ මම් පවසන්නෙම්ද කොයි ලෙසින්
  රන්මලී...

  තිස්සෙම ගම සුවඳ කරන් පිපුණා කිණිහිරිය මලී
  විස්තර දුටුවද බඹරුනි පිපිලා දොඹ මුතු කැකුළී
  ලස්සන හුරුබුහුටිකම‍ට දිලෙනා දෑතින් ළකලී
  ඉස්සර කළ පිනට මගේ පිපුණා බල ළඳ කොමලී

  ලස්සන ගුණ කනක බරණ සවන් පැලඳි පුල්ලි මලී
  ඇස් නිල්පුල් පෙති ගෝමර ගෙලවට දිලි රුවන් මලී
  කොස් උයනේ මගේ පැලට එළිය දෙන්ට පිපුණු මලී
  වැස්ස ළඟයි බක් මාසේ මා සනසාපන් කොමලී



 [ගීය උපුටා ගැනුම 'මියුරු ගී' වෙබ් අඩවිය]

ගීයට සවන් දුන් සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා "මලේ ඒ සින්දුව නම් උඹ කොහොම කළාද දන්නෙ නෑ. ඒකෙ මියුසික් කොම්පෝස් කරලා තියෙන විදිහ නම් අපූරුයි" යනුවෙන් අගැයීමක් කල බවද සඳහන්ය.

රෝහණ බැද්දගේ ශූරීන් විසින්ම රචනා කලද ගීයේ සාහිත්‍යමය ගුණ සොබාව ගැන යමක් ඒ හැටි සඳහන්ව නැත. එහෙත් අප කුහුල පත්තායමේ ලේකම් තුමා විසින් විරචිත "රතවතී කාව්‍යය" ලඟ මදක් නවතියි.

උම්මග්ග ජාතකයෙහි රාගයේ අසදෘශ ස්වභාවය දක්වා ගිරා පණ්ඩිතයින් විසින් සැළලිහිණි ධේනුව පොළඹවා ගත් කථාව එයින් විස්තර කෙරෙයි.

"රථාවතී කිම්‍පුරිසී - සාපි වච්‍ඡං අකාමයී
මනුස්සා මිගියා සඬිං -  නත්‍ථි කාමෙ අසාදිසා"


යනාදී ලෙසින් හැර දක්වමින් ගිරා පෝතකයින් විමසන්නේ අතීතයෙහි පංචකාම සම්පත්තිය හැරපියා වනගතවූ බමුණෙක් අස්වාමික කින්නරාවියක් හා රාගයෙන් බැඳී දූ දරුවන් ලැබ වසත්නම් පක්‍ෂීන්ම වූ අප දෙපාර්ශවය සරණය ප්‍රමාද මන්ද යන්නයි.

කවි අට්ඨාරසකින් සමන්විත රතවතී කාව්‍යයෙහි එකාදසය මෙසේය;

දිගු  නිල්   මුහුලස   කොඳමල්  කිණිහිරි     මලී   ලෙලී
මන කල්  දෙසවන   දොඹමල්  කැකුළෙන් එලී      දිලී
සපු  මල්   දම් අත්       හිරියල්   තිලකෙව්   ඇලී   සැලී
සුවි  සල්   පුලුලුර       මුතුදැල්    නලඹල    මලී ලොලී

 
කවිකුලතිලකාය මාන දොන් සාංචි ද සිල්වා අභය ගුණවර්ධන සමරජීව පත්තායමේ ලේකම්තුමා වර්ණනාවෙහි දක්ෂ බැව් අප කවුරුත් දනිමු...!



19 comments :

  1. මල්සරා සින්දුව මාත් ආසම සින්දුවක්. අවුරුදු කාලෙට තමයි දැන් බැද්දගේ මහත්තය කළේලි බහින්නෙත්.

    තිස්ස අයියටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. ඔබ සැමටත් එසේම වේවා මල්ලී...

      Delete
  2. ඕක සංගීතුත් කියනවා... :-D

    ReplyDelete
    Replies
    1. හපොයි මල්සරා නෙමෙයි එයා මල්-සංගීත් ;-)

      Delete
  3. හැන්දෑකරේ සින්දුවත්,මල්සරා සින්දුවත් බොහෝම ප්‍රිය කරන ගිත දෙකක්.ඒ ගිත දෙක අතරින් වඩා කැමති ගිතය නම් "හැන්දෑකරේ"
    තිස්ස අයියා උඩින් කියලා තියෙන බහුතර කුලකයට තමයි අපි අහුවෙන්නෙත්.ඉතින් මේ වසන්ත කාලයේ තමයි ඔය කුලකයෙන් පිට පනින්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ් මල්ලි...
      බහුතර කුලකයේ ඉන්න එක හොඳා නේද? ;-)

      Delete
  4. සුපුරුදු පරිදි පරණි පත පොත් අතට අහුනොවන දේවලුත් එක්ක අපූරු ලිපියක් තිසා . . !

    බොහෝම ස්තූතියි

    ReplyDelete
  5. කුහුල පත්තායමේ ලේඛම්තුමා කියන්නේ කාට ද?
    හැන්දෑ කරේ සිංදුව නම් ඇහුවේ පුදුම කාලෙකින්.. රෝහණ වීරසිංහගේ මම කැමතිම සිංදුව මුතුකුඩ ඉහලන තමා..

    සුබ අලුත් අවුරුද්දක් වේවා තිස්ස අයියා ඇතුළු පවුලේ සැමට

    ReplyDelete
    Replies
    1. පත්තායමේ ලේකම්ගෙ සම්පුර්ණ නම නම් ඔය උඩ දමා තියෙනවා
      විස්තර තව ටිකක් සොයමු නේද?

      දෙන්නා (තුන්දෙනා?) ටම සුබ අලුත් අවුරුද්දක් වේවා...

      Delete
  6. නියම පෝස්ට් එකක් තිස්ස අයියා..
    අර කවි පොත කොහෙං හොයාගන්න පුලුවන් වෙයිද
    ඒක මරු වගේ

    ReplyDelete
    Replies
    1. පොත ගොඩගේ මරදානෙ සාප්පුවෙ තිබේ..
      යන්න එන්න අපහසු නම් කියන්න ස්කෑන් කරලා එවන්නම්

      Delete
  7. Dear Tissa

    Welcome back and my belated wishes for the New Year. Your reference to “Rathawathie Kawaya” together with Rohana Baddage reminds me of the scene in “Madhura Javanika” were “Gurunnanse” (Rohana Baddage) becomes disgusted about the lurid interpretation of his song on his better half by the Portuguese soldier (Jackson Anthony). So refined yet so titillating.

    ReplyDelete
    Replies
    1. Hello Sir, thank you very much..
      In fact I was thinking of you yesterday... :-) thinking who is this person encouraging me throughout... couldn't figure out yet - wish you a very happy new year too.
      You have brought up a nice analogy between two scenarios... thank you for that.
      I am trying to hard to get video copies of these two dramas and not successful yet. If you happen to come across any clue about them, please let me know.

      Delete
    2. Hello Tissa

      I have been trying for a long time to find a video clip of Madhura Javanika but without success. There are clips of some of the songs including the one I referred to at https://www.youtube.com/watch?v=EozvmlbDCF4&list=PL6Gl5saQ8SO4JNmH-ld1t7B1Y0tMs--ki&index=5 If you can find the complete drama, I will personally express my appreciations when I am in SL in July. Pra Jay (who happens to be an old friend) has promised to set up a meeting.

      Delete
    3. Oh so this is YOU - who PraJay was talking about..
      We will definitely meet.
      I will find a copy one way or the other...

      Delete
  8. ඇත්තටම රතවතී යෙහි කවියේහි පැහැයන් ගීතයේ තියනවා නේනනම්.. ස්තුතියි තිස්ස..
    සුභ අළුත් අවුරුද්ද්ක්..

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි රූ නොනේ දැක්ක කල්..!!
      සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

      Delete
  9. රෝහණ බැද්දගේ නම් සවන් පළඳන්නේ “ලස්සන ගුණ කණක බරණ - පුල්ලි මලී”

    විභාවි විජය ශ්‍රී වර්ධනගේ සිංහල සැහැලි පොතේ (1957-2009 පිට 112) "ඔංචිලි වාරම්" "මල් වාරම්" අතර එන පහත කවියේත් කණේ දමන පුල්ලි මලී ගැන සඳහන්.

    වැල්ල දිගට රිල්ල මලී
    මා දොඩවන් දොඩන්මලී
    [කනේ දමන පුල්ලි මලී]
    මා නළවා ගන් කො මලී

    ශකිල රාජකරුණා ඉදිරිපත් කරන නුවර කලාවියෙන් හමු වුණු පුස්කොළ ලේඛනයක තිබුණු මදන යක් උපත පිළිබඳ කවි පංතියක වඩිග රජුගේ පුතා තපස් රකින විට ඔහුගේ ශීලය පරීක්ෂා කිරීමට ශක්‍රයා කාන්තා වෙස් ගෙන ආ විට කෙරෙන කාන්තා රූප වර්ණනාවේ ඇතුළත් වෙන්නේ “පුල්ලි මල් කූරු” කණට දමාලා ලෙස.

    ඉසත් වරල මොණරිඳු පිල් ලීලා
    [කනට පුල්ලි මල් කූරු දමාලා]
    කර වටකර මුතු මාල ද බැඳලා
    ලැම පිට පියයුරු රණ හස ලීලා

    1887 දී (p. 84) හියු නෙවිල් රොඩී නොහොත් ගාඩි කතුන්ගේ කර්ණාභරණ ගැන සඳහන් කරමින් කියන්නේ ඔවුන් කොළ (පුස්කොළ තෝඩු විය යුතුයි), "කූර” සහ "පුල්ලි මල” ඔවුන් පළඳින බව.

    ReplyDelete

 
Blogger Wordpress Gadgets