අපට යමක් හරියට තේරුම් ගියාදයැයි යන්න විසඳාගත හැකි එක් මගක් නම් එය තමන්ගේ මිත්තනියට අවබෝධ කරදෙන්නට උත්සාහ කිරීම යැයි කව්දෝ විද්වතෙකු කියා තිබිණ.
බොහෝ කලා මාධ්‍යයන්ගේ උන්නතිය සඳහා යහපත් විචාර කලාවක් අත්‍යාවශ්‍යම වන්නේ එබැවිණි. යම් යම් මතිමතාන්තර, සංකල්ප, පංචේන්ද්‍රියන් හරහා ඔප්පුකරලීමට තැත්කිරීම හා ඒවාට අභියෝග කිරීම, ".... සාක්ෂාත් වෙත්වා.." යැයි නිතර අසනා, අප ඉන්නා වටපිටාවෙහි, නොසැලකිලිමත් මනසකට හෝ අවියත් මනසකට හැර අනෙකෙකුට නොකල හැක්කකයි සිතේ. ආදරය යනු රසායනික ක්‍රියාවලියක ප්‍රථිඵලයක් නම් එහි ප්‍රභේද ඇත්තේ කෙසේද යන්න කදිම පැණයකි. "වදාරන්න පෙර හදාරන්න ඕනේ" යැයි වික්ටර් රත්නායක මහතා වරෙක කියා තිබිණ. ඩෝල්ටන් අල්විස් මහතා විසින් රචිත මේ ගීය "නුපුබුදු තැඹිලි මල් ඇගෙ දඟ යුගට මනකල් " කව පන්නයේ ගීයකි. සඟවා කියනා සෘංගාරය බෝහෝ කල් රසවිඳිය හැකි යැයි මට සිතේ. ඝණකාභයක් අතපත් කුඩා දරුවෙකු එය හරව හරවා විවිධ මානයන් දක්නා සේ ඒ රස විඳිය හැක.. කිසියම්ම රසයකින් තොරව එයින් බල්ලකුට දමා ගසන්නට සැරසෙන කල බාලාංස ගුරුවරිය හේ ලඟට ගෙන එයින් කල හැකි, ඒ දැකිය හැකි අපූරු මානයන් කියාදෙන්නාසේ යහපත් විචාරයෙන් ඔප්ණැංවෙන රසවින්දනය නැවුම් රසවත් නිර්මාණයටම මග පාදයි. ඒ වගත් මෙසේම....
සැලෙන ලෙලෙන උකුලු තලේ..
ලිඳට යනෙන වතුරු කළේ...
කල මහ පින පෙනෙන වෙලේ...
ඇහැල ගහෙන් පායන හඳ
ලඳුනි මටයි විහිලු කලේ....
ලඳුනි මටයි විහිලු කලේ....නාඹර මැණිකේ....
නාඹර මැණිකේ මැණිකේ නාමල් මැණිකේ...
උකුලේ නැඟැ නැලැවි නැලැවි
ලිඳට යනෙන වතුරු කළේ...
හොවා රැගෙන මම එන්නම්....නොයන්න මැණිකේ...
නාදළු මැණිකේ නාමල් මැණිකේ...
ගීතය අහන්න... ඕන්නම් බාගන්න...
ඔව්වා ඔක්කොම කලාට පසු මෙතෙන්ට ගිහිල්ලා මේ සින්දුවත් අහන්න...
එතැනට පාර පෙන්නුවේ මේවා ගැන විමසුමෙන් ඉන්නා වැම්පයර්...
ඒ සින්දුව කියන්නේ මේ දරුවෝ දෙන්නා...
අපි වෘතයක යනවද, නැත්නම් වෘතයක යනවා කියලා හිතාන සර්පිලාකාරව පහලට යනවාද කියා ඔබම තීරණය කරන්න...

