Showing posts with label සරත් දසනායක. Show all posts
Showing posts with label සරත් දසනායක. Show all posts

නිල් වන ලන්දේ මල් මකරන්දේ...

නිල් වන ලන්දේ මල් මකරන්දේ
අසිරි හිමව් පෙත හොබවමිනා
කිඳුරු සමින්දේ මෙසඳ නිබන්දේ
නුරා මුකුලු ලොබ උපදවනා

කින්නර ලන්දූ දැක හද බැන්දූ
ආලමතින් මන්තොස වඩනා

ගිරිකුළු උරමඩලින්ද
තෙදබල නෙතු කැල්මෙන්ද
නුඹ හිමි කිඳුරු සමින්ද - මට ඔබිනා

දේදුනු බැම සඟලින්ද
රෑන වලා මුහුලින්ද
දියපිට පියුමක් මෙන්ද - නුඹ දිලෙනා

මේ වන පුෂ්ප සුගන්දේ
නේක තැවුල් හද සින්දේ
පෙම්බර කිඳුරු රජින්දේ - මගෙ සරණා

රාග හැඟුම් කළඹාලා
පියොයුරු වටකුරු ලීලා
සැනහෙමු පෙම් සිතුලෝලා
වන අරණේ...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...

අජන්තා රණසිංහ / සරත් දසනායක / වික්ටර් - නන්දා මාලිනී / 'මුවන් පැලැස්ස 2'
Read More!

රාන් කුරුල්ලයි රාන් කිරිල්ලයි සණ්ඩු දබර කරතෙයි...

ඩැල්රීන් සුබී (ඉස්සර ඩැල්රීන් ආනෝල්ඩා) හැත්තැවේ දශකයේ ලංකාවේ පොප් සංගීතයක් එක්ක නිතරම ගැවසුනු නමක්... ඇයගේ නුහුරු සිංහල උච්චාරනය ගීත වලට අගතියක් වුනු බවක් මටනම් දැනිලා නෑ... ඇය නන්දා මාලනී සමග චිත්‍රපටියකට ඉංග්‍රීසියෙන් හා සිංහලෙන් ගැයූ "No East - No West" ගීයත් හරිම අපූරුයි... ටෙලි නාට්‍යය එකකට හෝ දෙකකට මගේ මතකයේ හැටියට ඇය රඟපෑමෙන්ද සම්මාදම් වෙලා තියනවා... මේ ගීයත් සරලයි අපූරුයි... කඨෝර බවින් තොරව සාදයකදී වුනත් ගයා විනෝද විය හැකියි... මගේ මිත්‍ර හෂිත අපි සෙට් වුණු සොඳුරු, පැදුරේදී මිල්ටන් ගේ ගීයක් සැවොම ගායනා කලාට පසු කීවේ "මේ ලයින් වෙනවෙනම ඉස්සරහට ගියේ නෑ නෙවෙද...?" කියා... ඒ කථාව මසුරන්වටී... පැදුරක පන් වැල් මුල සිට අගට ගෙතී පැදුරේ නෙයෙක් රූ රටා මැවුවා වාගේ මේ දහරාද වෙන වෙනම දියුණුවක් ලබා සිංහල ගී කෙත පෝෂණය කරන්නට ඕනෑතරම් ඉඩ තිබුණා... කුමක් හෝ අවාසනාවකට ප්‍රධාන ගායකයන් කිහිප දෙනෙක් බිහිකල සම්මත "ප්‍රබුද්ධ" ධාරාවන්ට එව්වා වැහිලා ගියා... මක් කරන්නද... මෙහෙමවත් රස විඳිමු...

රාන් කුරුල්ලයි රාන් කිරිල්ලයි සණ්ඩු දබර කරතෙයි ...
රාන් කිරිල්ලි පුංචි කැදැල්ලේ හීන් හඬින් අඬතෙයි...
ආන් බලන් සකි දෙන්න දෙපැත්තේ මුහුණු බකුසු කරතෙයි...
හිරි මල් ජෝඩුව හිත් අමනාපෙන්දැයි...

ලස්සන පෙත්තප්පු... දවසක් හැංගි හොරා
කිරිල්ලි ගාව ඉඳන්... මොනවාදෝ කියලා...

විහිලු කොලොප්පම වෙයි... කුරුල්ලටත් වැදිලා
ඌටත් අපට වගේ... ආදර හිත රිදිලා....

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න...
Read More!
 
Blogger Wordpress Gadgets